Sri Sirirathana Daham Pasala

Sri Sirirathana Daham Pasala "ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාතී" �ධර්මයෙහි හැසිරීම සැපයට හේතු වේ�

10/02/2023
☸️ උතුම් වෙසක් පුර පසළොස්වක පෝය (මැයි මාසය) වැදගත්කම.--------------------------------------------🍀 සිද්ධාර්ථ කුමාරයාගේ ඉ...
15/05/2022

☸️ උතුම් වෙසක් පුර පසළොස්වක පෝය (මැයි මාසය) වැදගත්කම.
--------------------------------------------

🍀 සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේ බුදුවීම, සහ බුදුන් වහන්සේ ගේ පරිනිර්වානය යන අසිරිමත් මංගල කරුණු රැසකින් පූජනීයත්වයටත්,ඓතිහාසිකත්වයටත් පත් වූ වෙසක් දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනයකි.

🍀 කිඹුල්වත් නුවර දී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම.

🍀 බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම, එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම.

🍀අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම.

🍀දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.
කිසාගෝතමී දේවිය විසින් “නිබ්බුතා නූන සා මාතා”යන නිබ්බුත පද පැවසීම.
පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රජුට ලංකාවත් සිංහල ජාතියත් රක්නා ලෙස පැවරීම.

🍀ආනන්ද හිමියන් පිරිනිවන් පෑම.

🍀දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම.

🍀මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම.

🍀ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම.

🍀සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝය වීම.

________________________________________🔯 සෑම වසරකම බක් මාසයේ සූර්යය සංක්‍රාන්තියත් සමග එනම් සූර්යයා මීන රාශියෙන් මේශ රා...
14/04/2022

________________________________________

🔯 සෑම වසරකම බක් මාසයේ සූර්යය සංක්‍රාන්තියත් සමග එනම් සූර්යයා මීන රාශියෙන් මේශ රාශියට ගමන් කිරීමත් සමග නව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි. මෙම සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පැවති මහා සංස්කෘතික කලා මංගල්‍යයකි.

කෘෂිකාර්මික කටයුතු හා බැදුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික කටයුතු අවුරුද්දත් සමග බැදී පවතී. අලුත් අවුරුද්දේ බෞද්ධයින් සිය ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් අවුරුද්ද සමරන
අතර, හින්දු භක්තිකයින්ද ඔවුන්ගේ ආගමට අනූව අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරති.

මෙවර ලෝකයටම අභියෝගයක්ව පවතින කොවිඩ් වසංගතයත් සමග ගියවසරේ මෙන්ම යම් යම් සීමාවන්ට යටත්ව අවුරුදු සැමරීමට වීම ශ්‍රී ලාංකිකයන් වන අපද මුහුණපා සිටින අභියෝගයකි.

කෙසේ වුවද සෞඛ්‍යාරක්ෂාවට මුල්තැන දෙමින් සෞඛ්‍ය නීති රීතීන් නිරන්තරයෙන් පිළිපදිමින් උදාවූ අලුත් අවුරුද්ද සැමරීමට අප සියලු දෙනා කටයුතු කරමු.
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට මෙන්ම නීරෝගීභාවයද සපිරි සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!
_________________________________________

මාධ්‍ය ඒක්කය
ශ්‍රී සිරිරතන දහම්පාසල
දේවගොඩ

Address

Galle
Ambalangoda

Opening Hours

07:00 - 12:00

Alerts

Be the first to know and let us send you an email when Sri Sirirathana Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Sirirathana Daham Pasala:

Shortcuts

Share

Category