Andun Karunakalage - Physics

Andun Karunakalage - Physics භෞතික විද්‍යාවෙන් සන්නද්ධ කොට සරසවිය වෙත පියමං වෙන්නට පාර කියන......

ජ්‍යේෂ්ඨ ගුරුවරු, පරණ ගුරුවරු, අපේ කාලේ ලෙජෙන්ඩ්ස්ලා පොඩි පොඩි අලුත් සෙට් එකට හොඳටම පහුගිය ටිකේ දෙහි කපනවා මන් දැක්කා..ප...
15/07/2025

ජ්‍යේෂ්ඨ ගුරුවරු, පරණ ගුරුවරු, අපේ කාලේ ලෙජෙන්ඩ්ස්ලා පොඩි පොඩි අලුත් සෙට් එකට හොඳටම පහුගිය ටිකේ දෙහි කපනවා මන් දැක්කා..
පැංචෝ ටික ඔය රඟන රැගිල්ලේ එක් දිගුවක් තමයි මේ..අලුත් පැංචෝ ටික හදානොගත්තොත් විඝනනයක් කරල බදු පිට බදු ගහලයි ආණ්ඩුව නතර වෙන්නේ..

තමන්ගේ වාහන, ඉඩම්, ගෙවල්, අපාට්මන්ට්,ජුවෙලරි, පංතිවල ළමයි පෙන්න පෙන්න රගපු රැගිල්ලේ එක් කූටප්ප්‍රාප්තියක් තමයි මේක..
ටික දෙනෙක්ගේ ගොන් පාට් නිසා හැමෝටම කෙලවෙනවා කියන්නේ මේවට..

මේ එන්නේ කසකාරයෝ..මල් බයිසිකල්, පෙරහැර එන්නේ පස්සේ..
එතකොට කරන්න දෙයක් ඉතිරි වෙන්නෑ..කට බලියගෙන බලන් ඉන්නයි වෙන්නේ..

මේකේ බිහිවුන ලෙජෙන්ඩ්ලා සෙට් එකට, වගේම බොහෝ පරණ ගුරුවරුන්ට වාහන යාඩ් ගනන්, සමහරු වාහන සේල් අයිතිකරුවන්, අක්කර 50-100 ඉඩම්,වතුයායවල්, හෝටල්, පිටරට ගෙවල්, ව්‍යාපාර..මුදල් ඕන තරම් තියෙනවා..
හැබැයි එදත් රැගුවේ නෑ අද රගන්නෙත් නෑ..
මොකුත් නැති ගානට තමයි ජීවත් වෙන්නේ..

ඒ ගුරුවරු එක්ක ඉරිසියාවක් තරහක් මිනිස්සු තුළ, සමාජය තුළ ගොඩ නැගුනේ නෑ, මොඅද අනවශ්‍ය රංගනයට ගියේ නෑ..පෙන්න පෙන්න දැගලුවේ නෑ..
ඒ මිනිස්සුන්ට අදටත් ළමයි සමාජය ආදරෙයි..වෛරයක් ගොඩ නැගෙන ලෙස වැඩ කලේ නෑ..
ඒ පරණ ගුරුවරයෙක් මතක් කලොත් මතක් වෙන්නේ පැදපු වාහනේ වත්, වෙනත් භෞතික වස්තු වත් දීපු පොර ටෝක් වත් නොවෙයි,

පිළිවෙළට ඇදන් ආව බව,
හොඳට උගන්නපු බව,
ප්‍රතිඵල දාපු විදිය,
ගුණධර්ම හදපු විදිය,
වැරැද්දට දඬුවම් දුන් විදිය, විනය,
නිහතමානි කම, කැපවීම,
පරමාදර්ශී බව, වගවීම,
මුදල් පළමු කොටසේ නොසලකපු බව,

අද තත්වය වෙනස්, දැන් ඉන්න සමහරුන්ගෙන් ලමයෙක්ට ගන්න තියෙන්නේ මොනවද..?? අඩුම තරමේ ඇදුමක්වත් හරියට අදින්න දන්නවද ? තමන් ගුරුවරයෙක් බව බහුතරයකට අමතකයි..

මමනම් කියන්නේ හැමෝටම තමන්ට උපදෙස් ගන්න පුලුවන් වැඩිහිටි ගුරුවරයෙක් දෙන්නෙක් වත් ඉන්නෝන..

හැමෝටම ඇවිත් ටියුශන් කරන්න, ටියුශන් කියලා ෆීල්ඩ් එකක් නිර්මාණය කරපු, ඒක කොලිටියට කරන් ආපු ගුරුවරු සෙට් එකක් මේකේ තවම ඉන්නවා..
තව සෙට් එකක් මොකක්ද වෙන්නේ කියලා බලන් ඉන්නවා..

ඔවුන්ට මේකේ වෙන දේවල් ගැන කතාකරන්න, තීරණ ගන්න, බනින්න, බැනලා හදාගන්න අයිතියක් තියෙනවා..
ක්‍රිකට් ටීම් එක පිස්සු කෙලිනකොට, සනත්ට, අරවින්දට, අර්ජුනට මිනිස්සු මේක හදලා ගන්න විනාස වෙන්න දෙන්නෙපා කිව්ව මතකද? ඒ මිනිස්සු දැන් මේක ගොඩ දාන් යනවනේ ආයිත්..
අන්න ඒ වගේ තමයි,
ඒක පුංචි පැංචෝ අවබෝධ කරගන්නෝන..

පරන ගුරුවරුන්ට වසර ගානකින් ලගාකරගන්න බැරි උන සාර්තකත්වය පුංචි පැංචෝ ඉක්මනින් කරගත්තා වගේ ඒවා, ඔය ඉරිසියාවට කියන කතානේ..වගේ ඒවා කියලා තමන්ගේ ඇතුලේ ඉන්නේ පැංචව සනසගන්න පුලුවන්..

ඉන්න ළමයි ගානින් පොරක්ද නැද්ද යනවග තීරණය වෙන්නෑ..දැන් ඉන්න සෙට් එක පොරක් කියලා හිතන්නේ ළමයි ගානින්..
පොර වෙන්න ඊට වඩා ගොඩක් දේවල් ගුරුවරයෙක් උපයගන්නෝන..භෞතික සම්පත් තියෙන්නේ එතනදි අන්තිම හරියේ..

ඒ මිනිස්සුන්ට ගරු කරලවත් උගත් බූරුවන් ලෙස හැසිරෙන් නැතුව, ඉන්න ඕන බව පැංචන්ට මතක් කරනවා..

උපුටා ගැනීමක් ලෙස සලකන්න..

😉
22/06/2025

😉

❤️
05/05/2025

❤️

13/04/2025

මේ මතුගම ශාන්ත මරියාවේ ක්‍රීඩයෙක් තරඟයකින් පසුව ආබාධයකට ලක්වූ අවස්ථාවක්. ඔහුට ප්‍රථමාධාර දෙන්න ඔහුගේ සහෝදර ක්‍රීඩකයන් උත්සාහ කලත් ඒ මොහොතේ ඇදවැටුනු වර්ෂාවත් සමග ඔවුන්ට ඒක කරන්න බැරි වෙනවා.

මේ සිදුවීම ක්‍රීඩා මණ්ඩපයේ සිටින ශිෂ්‍ය නායකයෙක් දකිනවා. ඔහු ඒ අවස්ථාවෙම ක්‍රියාත්මක වෙලා මහ වැසිමැද ක්‍රීඩාපිටියේ ආබාධයට ලක්වූ ක්‍රීඩකයා වෙත දුවගෙන ගිහින් ඔහුව ඔසවාගෙන ක්‍රීඩා මණ්ඩපය වෙත රැගෙන එනවා.

අනෙකුත් ක්‍රීඩකයන් කුඩයක් ගෙනැත් මේ ශිෂ්‍ය නායකයාට ආවරණය ලබාදෙන්න උත්සාහ කලත් ඔහු කරන්නෙ ආබාධයට ලක්වූ පාසල් සොයුරාව කුඩේ යටින් ගෙනඒමයි. ඒ වනවිට මේ ශිෂ්‍ය නායකයා ඇඳසිටි ශිෂ්‍ය නායක නිල ඇඳුම (blazer එක ) සහ සපත්තු දෙක වැසි ජලයෙන් තෙතබරිත වෙලා.

හැබැයි මේ පුතා ඒ කිසිවක් නොසලකා තමන්ගේ පාසලේ සහෝදරයාව ආරක්ෂිත ස්ථානයකට ගෙනැත් නිසි ප්‍රථමාධාර ලබාදී ඔහුට සුවය ලබාදෙනවා.

මේ සිදුවීම ලොකු දෙයක් නොවෙන්න පුළුවන් වුනත් එම සිදුවීම ඇසින් දුටු කෙනෙක් විදිහට මම ඒ ශිෂ්‍ය නායකයාගෙන් විශිෂ්ඨ නායකයෙකුගේ ලක්ෂණ දැක්කා.

අගෙයි පුතේ. උඹලා වගේ අය තමයි අපේ රටේ අනාගතයට ඕනෙ. මෙවැනි විශිෂ්ඨයන් තව තවත් බිහිකරන්න ශාන්ත මරියාවට ශක්තිය ලැබෙන්නත් ,ඒ පුතාගේ අනාගතය යහපත් වෙන්නත් හදවතින්ම සුබ පතනවා.

Respect පුතා .❤️

28/03/2025

2020 වර්ෂයෙන් ඇරඹුණු ගමනක, කණ්‌ඩායම් 5ක් ඔවුනගේ අරමුණ වෙත Physics ලොවින් සන්නද්ධ කොට අවසන්....
මේ.... ඔබ ඒ විශ්වාසවන්තව ගොඩ වූ භෞතික විද්‍යා පාඨමාලාවේ නව කණ්‌ඩායමේ ඇරඹුමයි....
😍😍😍😍
2027 A/L Physics- Theory
#2025

භෞතික විද්‍යාවෙන් සන්නද්ධ කොට සරසවිය වෙත පියමං වෙන්නට පාර කියන......

06/07/2024
12/06/2024

Address

Aluthgama

Telephone

+94706099895

Website

Alerts

Be the first to know and let us send you an email when Andun Karunakalage - Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Andun Karunakalage - Physics:

Shortcuts

Share

Category