Kathaluwa central college

Kathaluwa central college Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kathaluwa central college, High School, Vidyala Mawatha, Kathaluwa, Ahangama.

ඉතා කෙටි කාලයක් තුල සංවිධානය කල, ආපදාවට ලක් වූ සහෝදර ජනතාව වෙනුවෙන් සහය  ලබාදීම  සදහා එම යෝජනාව ඉදිරිපත් කල පෑලැස්සේ සුද...
07/12/2025

ඉතා කෙටි කාලයක් තුල සංවිධානය කල, ආපදාවට ලක් වූ සහෝදර ජනතාව වෙනුවෙන් සහය ලබාදීම සදහා එම යෝජනාව ඉදිරිපත් කල පෑලැස්සේ සුදම්ම හිමියන්ටද, මෙම වැඩ සටහන සාර්ථක කිරීමට විශාල කැපවීමක් කල ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරී මණ්ඩලයේ සාමාජික -සාමාජිකාවන් ,ආදී සිසුන්,විද්‍යාලයිය විදුහල්පතිතුමිය,ආචාර්‍ය මණඩලයේ සාමාජිකයන් ,දෙමව්පියන් සහ විද්‍යාලයිය සිසු දරුවන්ට ගෞරවණීය ස්තුතිය පුද කරමි.

එසේම අප කෙරෙහි විශ්වාය තබමින් පරිත්‍යායන් කල ආදි සිසුන් ,පාසලේ දෙමව්පියන් ,
ප්‍රදේවාසීන් ,
විදේශිකයන් ඇතුළු සියලු පරිත්‍යාගශීලින්ට ද ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්නෙමු .

එසේම අපට ශබ්ද විකාශන යන්ත්‍ර ,ටෙන්ට් පුටු ,ප්‍රවාහන සේවා සදහා වාහන ,ආහාර සහ අනෙකුත් සංග්‍රහ සදහා අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටත් අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්නෙමු .

අප එක්කල ද්‍රව්‍ය විධිමත්ව බාරගෙන එකී ආධාර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය වෙත යැවීමට කටයුතු කල හබරාදූව ප්‍රාදේශිය ලේකම්තුමිය සහ හබරාදූව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ කාර්‍යමණ්ඩලයටද අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්නෙමු .

ඉදිරියේදීත් අපගේම සහෝදර ජනතාව වෙනුවෙන් සිදු කිරීමට අපේෂිත වැඩසටහන් තවත් සාර්ථකව කිරීමට ඔඹ සැමගේ දිරිය සහ ශක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

මනුෂ්‍යත්වයේ පවුරට එක්වෙමු. ගාල්ලෙන් පිටත් වන මානුෂීය කණ්ඩායමට ඔබටත් ආරාධනා.අපේම සහෝදර ජනතාව වෙත පහත සේවාවන් සැපයීමේ අරම...
07/12/2025

මනුෂ්‍යත්වයේ පවුරට එක්වෙමු.

ගාල්ලෙන් පිටත් වන මානුෂීය කණ්ඩායමට ඔබටත් ආරාධනා.

අපේම සහෝදර ජනතාව වෙත පහත සේවාවන් සැපයීමේ අරමුණින්,

- අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලබාදීම

- මානසික සෞඛ්‍යය ඔප් නැංවීම

- පානීය ජල පහසුකම් සඳහා ළිං පිරිසිදු කිරීම

- තාවකාලික ජල සැපයුම් සහ ජල නළ අලුත්වැඩියාවන්

- ගෙවල් සේදීම සහ සුද්ධ පවිත්‍ර කිරීම්

- විදුලිය සඳහා තාවකාලික ප්‍රවේශය, වයරින්

- සුලු පරිමාණ වඩු,මේසන් වැඩ

ස්වේච්ඡා ශ්‍රම කණ්ඩායමක්

2025 දෙසැම්බර් 12 (සිකුරාදා ) දින සවස 5.00 ට ගාල්ල නගරයේ සිට පිටත් වෙයි.

මෙම කණ්ඩායම විසින් මූලික වශයෙන් සිදු කරන්නේ,ආපදාවට ලක් වූ අදාල ප්‍රදේශවල රාජ්‍ය නිළධාරීන්/ ආරක්ෂක අංශ විසින්, ජන්තාවට තමන්ගේ නිවෙස්වල නැවත පදිංචි වීම සුදුසු බව තහවුරු කළ පසු, ඔවුන්ට තම තමන්ගේ නිවසේ මූලික පදිංචියට අවශ්‍යය සහය ලබාදීම යි.

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රාජ්‍ය නිළධාරීන් , අනෙකුත් බලාධිකාරීන් සහ එම ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධාන සමඟ සම්බන්ධීකරණය කරමින් ප්‍රදේශයේ අවශ්‍යතා සොයාබලා ඉටු කරන්නකි.

සම්පූර්ණ ගමනට අවශ්‍ය බස් රථ ආදී ප්‍රවාහන පහසුකම් ස්වේච්ඡා සහායෙන් සපයනු ලැබේ.

මෙම ගමනේ සෑම දිනක් ම අවසානයේ, විපතට පත් අයගේ මානසික සෞඛ්‍යය පවත්වාගැනීමේ අරමුණින් සිනමා-සෞන්දර්යාත්මක-සංගීතමය වැඩසටහන් අවශ්‍යතාව සළකා බලා සංවිධානය කරන්නට නියමිත ය. ඒ සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම් ද අප හා එක් වේ.

මෙම ගමනට ශ්‍රමය සහ අනෙකුත් දායකත්වයන් ලබාදීම සඳහා ස්වේච්ඡා කණ්ඩායම් වලට අප හා එකතු විය හැක.

මේ සඳහා ද්‍රව්‍යමය ආධාර ලෙස පහත දේවල් ද අවශ්‍ය වේ.

- ඖෂධ වර්ග
- වියළි ආහාර
- ඇඳුම්
- ග්ලව්ස්
- පිරිසිදුකාරක
- හාර්ඩ් බ්‍රෂ්
- හයි ප්‍රෙශර් ගන්
- මොප්
- ප්ලාස්ටික් සහ බෙලෙක් බාල්දි
- සැනිටයිසර්
- ඉදල්, කොසු
- කම්බි බ්‍රෂ්,
- හෑන්ඩ් බ්‍රෂ්
• පැදුරු සහ කොට්ට
- ටවල් සහ බෙඩ්ෂීට්

භාවිතා කර නැවත බාරදිය හැකි උපකරණ

- වතුර මෝටර්
• බූට්ස් සපත්තු
- වතුර හෝස්
- චේන්සෝ
- වක් පිහි
- උදලු, වීල්බැරෝ
- තාච්චි
- සවල්

ඔබත් මෙම මෙහෙයුමට එක් වීමට කැමති පහත අංකවලට අමතා අප සමඟ එකතු විය හැකියි.

මීට අමතරව ඉහත සදහන් කල උපකරණ සහ ද්‍රව්‍ය ලබාදිය හැකි අයට ඒ මඟින් දායකත්වය ලබාදිය හැකිය.

පළමු කණ්ඩායම දෙසැම්බර් 12 සවස 5.00 ට ගාල්ල නගරයෙන්, මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ ප්‍රදේශය බලා පිටත් වේ.

දෙසැම්බර් 13 (සෙනසුරාදා ) සහ දෙසැම්බර්14 (ඉරිදා ) ශ්‍රම මෙහෙයුම සහ සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

දෙසැම්බර් 14 (ඉරිදා) රාත්‍රියේ පළමු කණ්ඩායම නැවත පැමිණීමට නියමිතයි

දෙවැනි ,තුන්වැනි කණ්ඩායම් ඊට පසු දිනවල සම්බන්ධ කෙරෙනු ඇත. ඒ සඳහා කැමති අය ඔබට පහසු දිනයන් දැනුම් දෙන්න.

ශ්‍රම මෙහෙයුමට සම්බන්ධ වීමට සහ වෙනත් සහයන් දීමට හැකි අය පහත නම් සදහන් අයට අමතන්න:

වජිර- 0760659555

සුදම්ම හිමි -0778918371

ආසිරි -0777773026

සිරිවීර-0773873150

ජානක-0755977467

දේවප්‍රිය-0776074240

07/07/2011

my life my school

Address

Vidyala Mawatha, Kathaluwa
Ahangama
080650

Telephone

0913903262

Website

Alerts

Be the first to know and let us send you an email when Kathaluwa central college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category