Wajira Campus

Wajira Campus

Share

A distance education institute for computer teaching

17/05/2024

Microsoft Word වලින් ඇන්ඩ්‍රොයිඩ් ලොගෝ එක හදන්න පුළුවන් කියලා ඔයාල දන්නවද?

11/05/2024

Adobe Photoshop CC වලින් කාර් එකක පේන්ට් එක සහ මුලින්ම වෙනස් කරල බලමුද?

11/05/2024

ඩේටාබේස් එකක ප්‍රාථමික යතුර හෙවත් Primary Key එක ගැන ප්‍රායෝගික උදාහරණ සමගින් මුල සිට හරියටම දැන ගනිමු

27/02/2024

ව්‍යාපාරයක් හිමි ඔබට ඩිජිටල්කරණය තුලින් ලබාගත හැකි වාසි.....
=====================================
අද අපි කතා කරමු ව්‍යාපරයක් කරන කෙනෙක් විදියට ඔයාට ඔයාගෙ ව්‍යාපාරය ඔයාගෙ අරමුණු කරා ගෙන යන්න ව්‍යාපාරයට තාක්ෂණය එකතුකරගන්න විදිය සහ ඒකෙන් ව්‍යාපාරයක් ඔයාට නොදැනිම දියුණු වෙන විදිය.....
ලංකාව වැනි රටක තවමත් සාම්ප්‍රදායික ලෙස ව්‍යාපාර කරන පිරිස නූතන තාක්ෂණය සමග මුහුවී ව්‍යාපාර කරන පිරිසට වඩා අඩු අගයකි....එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ලංකාවේ සිටින ජනතාව තාක්ෂණය පිලිබදව පැහැදිලි අවබෝධයක් නොමැතිවීම සහ විශ්වාසයකින් තොර වීමයි.නමුත් අද වන විට ලෝකයේ සෑම වෙලද ව්‍යාපාරයක්ම තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගෙන තිබෙනුයේ නූතන තාක්ෂණය ව්‍යාපාරයන් තුලට රැගෙන ඒම නිසාය...
දැන් අපි බලමු ව්‍යාපාර වර්ගයන් අනුව තාක්ශනය සම්බන්ධ කර ගත හැකි අකාර මොනවද යන්න...
භාණ්ඩ හෝ ද්‍රවය අලෙවි ව්‍යාපාරයක් - විකුණුම් ලක්ෂ්‍ය පද්ධතිය (POSSYSTEM),ප්‍රචාරණය සඳහා ඩිජිටල් මාර්කටින්,ආරක්ෂක පද්ධති,ඩිලිවරි පද්ධති
විවිධ සේවා අලෙවි කරන ව්‍යාපාරයක් - මානව සම්පත් කලමණාකරන පද්ධති,ඩිජිටල් මාර්කටින්,ගිණුම් පද්ධති,පාරිභෝගික කළමණාකරන පද්ධති
පොදුවේ ව්‍යාපාරයන්ට තාක්ෂනික වශයෙන් යොදා ගනිමින් ව්‍යාපාරයන්ගේ දියුනුව උදෙසා භාවිතා කල හැකි පද්ධතිසහ මෙවලම් කිහිපයක් ඉහත ඉදිරිපත් කරන ලදි.
තාක්ෂණය ව්‍යාපාරයන්ට එක් කර ගැනීම තුලින් මානව සම්පත කළමණාකරනය කිරීමේදී පැන නගින ගැටලු මග හරවා ගත හැකිවීමත්,ව්‍යාපාරයේ සියලු කටයුතු පිලිබදව ඉහල නිරවද්‍යතාවයකින් යුත් දත්ත ලබා ගත හැකි වීම තුලින් ව්‍යාපාරයේ වර්තමාන තත්වය පිලිබද විෂ්ලේශණාත්මක නිවැරදි නිගමනයන්ට පැමිනීමට හැකියාව ලැබීමත්,වැඩි පාරිභෝගිකයන් පිරිසක් කරා තම ව්‍යාපාරය රැගෙන යමින් ඉතාමත් ගුණාත්මකතාවයකින් යුත් සේවාවකින් පාරිභෝගිකයන් තෘප්තිමත් කල හැකිවීමත්,ව්‍යාපාරයක පවතින අනවශ්‍ය වියදම් අවම කරවීමත් යන කරුණු නිසා තාක්ශණය මුහුවූ ව්‍යාපාර දිනෙන් දින තම සාර්ථකත්වය කර වේගයෙන් ගමන් කරයි.....

පරණ ක්‍රම්වේද පසෙකලා ඔබත් සාර්ථක ව්‍යාපාරකයෙකු වීමට නිදහසේ ඔබෙගේ ව්‍යාපාරය සාර්ථකත්වය කරා ගෙනයන්න ඔබේ ව්‍යාපාරය අදම ඩිජිටල්කරණය කරගන්න......

27/02/2024

Agent Vacancy Apply now....
Whatsapp 0769961090

Wajira Campus(wajira.campus) is LIVE | TikTok 21/02/2024

Wajira Campus(wajira.campus) is LIVE | TikTok It වලින් ඉදිරියට. Check out Wajira Campus(wajira.campus) LIVE videos on TikTok! Watch, follow, and discover the latest content from Wajira Campus(wajira.campus).

Photos from Wajira Campus's post 15/02/2024

මොකද්ද මේ Two-Factor Authentication කියන්නේ
===========================
ඔබේ ගූගල් ගිණුමේ හෝ ෆේස්බුක් ගිණුමෙහි යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක වෙනත් පුද්ගලයකුගේ අතට ගියොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේද. නමුත් ඔබේ ගිණුමටත් Two-Factor Authentication සක්‍රිය කර තිබුන නම් ඒ ගැන කිසි දේකටත් කලබල වන්නටත් බිය වන්නටත් අවශ්‍ය වන්නේ නැහැ. මොකද්ද මේ ඇත්තටම Two-Factor Authentication කියන්නේ. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ ගැන.

Two-Factor Authentication කියන්නේ ආරක්ෂාකාරී පද්ධතියක් හෝ ක්‍රමවේදයක් වන අතර user කෙනෙකු පරිගණක පද්ධතියකට හෝ වැඩසටහනකට ප්‍රවේශවන විටදී පාස්වර්ඩ් එකට අමතරව ගිණුම භාවිතා කරන්නේ ඔබමද යන්න තහවරු කරගැනීම සදහා ඉල්ලා සිටිනු ලබන තවත් සාධකයක් ලෙසට Two-Factor Authentication හැදින්විය හැක. වර්තමානයේ බොහෝ දෙනෙකු ශක්තිමත් පාස්වර්ඩ් එකක් තමන්ගේ ගිණුම් වෙත ලබාදෙන්න මැලිකමක් වන්නේ ඒවා මතක තබාගැනීමට අපහසු වන බැවිනි. ඒ වගේම නොයෙක් ආකරයේ ගිණුම් සදහා එකම පාස්වර්ඩ් එක ලබාදීමද සිදුකරනු ලබයි. මෙය ඔබේ ගිණුම වෙනත් පුද්ගලයෙකුගේ අතට පත්වීමේ සම්භාවිතාවය වැඩිකරනු ලබයි. මේ නිසා අපිට සාම්ප්‍රදායික මුරපද හෙවත් පාස්වර්ඩ් පිළිබඳව පමණක් විශ්වාසයක් තැබිය නොහැකි බවයි. මේ සදහා විසදුමක් ලෙස Two-Factor Authentication කරලියට එන්නේ එබැවිනි.

ඉතාමත් සරලව කිවහොත් Two-Factor Authentication සදහා අවශ්‍ය පියවර දෙකක් ඇතුලත් වෙයි. පළමු පියවර වන්නේ සාම්ප්‍රදායික පාස්වර්ඩ් එක වෙයි. පාස්වර්ඩ් එක ඇතුලත් කලපසු දෙවන පියවර වශයෙන් මොබයිල් ඩිවයිස් එක වෙත ලැබෙන OTP කෝඩ් එකක් හෝ මොබයිල් ඩිවයිස් එකෙහි ඇගිලි සලකුණු ස්කෑනර් එකෙන් ඇගිලි සලකුණු තැබීම වැනි සත්‍යාපනයක් ඉල්ලා සිටීමක් වෙයි. මේ නිසා හැකර්වරුන් වෙත ඔබේ username සහ පාස්වර්ඩ් අතට පත්වුනත් Two-Factor Authentication මගින් ජනිත කරනු ලබන ඊලග සත්‍යාපනය නොමැතිව අදාල ගිණුම වෙත ප්‍රවේශවීමට නොහැකි වෙයි.

මෙලෙස Two-Factor Authentication හරහා ගිණුමක් සත්‍යාපනය කිරීමේදී ඒ සදහා ලබාගනු ලබන සාධක මොනවාද කියා අපි දැන් බලමු. එකක් වන්නේ security questions වෙයි. අනෙක් සාධකය වන්නේ පරිශීලකයාගේ ජීව විද්‍යාත්මක ලක්ෂණ වෙයි. උදාහරණයක් ලෙස ඇගිලි සලකුණු, දෘෂ්ටි විතානයේ සහ මුහුණෙහි ස්භාවය වෙයි. මෙම Two-Factor Authentication විවිධ ආකරවලින් ක්‍රියාත්මක වීම සිදුවෙයි. වඩාත් පොදු ක්‍රමය වන්නේ පාස්වර්ඩ් එක ඇතුලත් කලපසු ජංගම දුරකතනයට හෝ මොබයිල් ඩිවයිස් එකට පැමිණෙන OTP කේතය හරහා සත්‍යාපනය කිරීමට සිදුවීමයි. මේ ආකරයේදී කිසියම් සේවාවක් ලබාගැනීමේ අරමුණින් ගිණුමක් නිර්මාණය කිරීමේදී username එකක්, paasword එකක් සහ ඔවුන්ගේ ජංගම දුරකතන අංකය ලබාදිය යුතුවෙයි. මේ ආකාරයෙන් ගිණුමක් නිර්මාණය කලපසු අදාල පුද්ගලයා පරිශීලකයා හට password එක සහ username එක ලබාදීමට සිදුවෙයි. මෙය Two-Factor Authentication හි පළමු සත්‍යාපනය වෙයි. ඊලගට පරීශීලකයා හට සංක්‍යාත්මක කේතයක් සමග ගිණුම නිර්මාණය කරන අවස්ථාවේදී ලබාදුන් දුරකතන අංකය වෙත කෙටි පණිවිඩයක් යවනු ලබයි. එවිට එම කේතය ඇතුලත් කිරීම සදහා පරිශීලකයාගෙන් විමසීමක් සිදුකරනු ලබයි. එම කේතය නිවැරදි එකක් බව උපකල්පනය කරගනිමින් දෙවන සත්‍යාපනය තහවරු කරගනු ලබයි. දැන් Two-Factor Authentication හි කොන්දේසි සපුරා ඇති බැවින් පරිශීලකයා හට ගිණුම වෙත ප්‍රවේශවීමට අවස්ථාව හිමිවෙයි.

password එක මත පදනම් වූ ක්‍රමවේදයෙහි හැකර්වරුන්ට ඉතා පහසුවෙන් phishing scams, brute force attack වැනි හැකින් ප්‍රහාර වලින් ගිණුම් hack කිරීම සිදුකල හැකි නිසා මෙම Two-Factor Authentication කරලියට පැමිණීම සිදුවිය. ඔබ භාවිතා කරනු ලබන google ගිණුම සදහා Two-Factor Authentication සකස් කරනු ලබන්නේ කෙසේද කියා අපි දැන් බලමු. ඒ සදහා පළමුව ඔබේ google ගිණුම වෙත ප්‍රවේශ වන්න. දැන් මෙම වින්ඩෝ එකෙහි දකුණුපස ඉහල කෙලවරේ දක්නට ලැබෙන කුඩා ඩොට් නමයකින් යුත් බට්න් එක ක්ලික් කරන්න. ඉන්පසු මෙහි account යන ආකරය තෝරාගන්න. වමපස ඇති Security ටැබ් එක තෝරාගන්න. ඉන්පසු පිටුවේ මැද හරියට වන්නට 2-step Verification ලෙස දක්නට ලැබෙයි. මෙය මත ක්ලික් කරන්න. ඉන්පසු පහලින් දක්නට ලැබෙන continue බට්න් එක ක්ලික් කරන්න. ඉන්පසු ඔබ භාවිතස් කරනු ලබන ජංගම දුරකතනයේ අංකය ලබාදෙන්න. මෙසේ ලබාදී Send බට්න් එක ක්ලික් කලපසු ඔබේ දුරකතන අංකයට ලැබෙන code එක සදහන් කර Next බට්න් එක ක්ලික් කරන්න. ඉන්පසු Turn on බට්න් එක ක්ලික් කලවිට ඔබේ google ගිණුම සදහා Two-Factor Authentication සක්‍රිය කරගත හැකිවෙයි.

13/02/2024

මේ කාලෙ ලංකාවේ ඉදන් ජිවත් වෙන්න අමාරුයි කියල රට යන්න හදන ඔයාලට ලංකාවේ ඉදන් ජීව්තේ IT වලින් ගොඩදාගන්න විදිය කියලා දෙන ඔයාගේ IT SKILL එක නිවැරැදි ලෙස තෝරගෙන කරන්න ඕන විදිය කියල දෙන Wajira Campus වෙතින් Zoom ඔස්සේ නොමිලේ පවත්වන මාර්ගෝපදේශන වැඩසටහනට සහභාගි වෙන්න ඔයත් දැන්ම පහත Whatsapp ගෲප් ලින්ක් එකෙන් Join වෙන්න........

Whatsapp Group Link
https://chat.whatsapp.com/ISZTcXvIXst174187rK0G8

Want your school to be the top-listed School/college in Agalawatta?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Menikwatta, Yatiyana
Agalawatta
12200