Korean Exam Help

Korean Exam Help 🇰🇷

🎒📚 එළැඹෙන පාසල් වාරයට අලුත් පොත්පත් එක්ක පුංචි පැටව් සතුටින් පාසල් යවමු...🙏 තේගු කෙන්සාන් බෞද්ධාශ්‍රම විහාරය හා🤝 තේගු වෘ...
02/12/2025

🎒📚 එළැඹෙන පාසල් වාරයට අලුත් පොත්පත් එක්ක පුංචි පැටව් සතුටින් පාසල් යවමු...

🙏 තේගු කෙන්සාන් බෞද්ධාශ්‍රම විහාරය හා
🤝 තේගු වෘතිය කම්කරැ සංවිධානයේ උප සභාපති ප්‍රසාද් චාමින්ද මහත්මාගේ මග පෙන්වීම ඇතිව
🇰🇷 දකුණු කොරියාවේ වෙසෙන ආදරණීය හදවත් එක්ව ක්‍රියාත්මක කරන

🎁 මහා ව්‍යසනයෙන් විපතට පත් පවුල්වල දරුවන් 5000 ක් වෙත
📘✏️ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ මානුෂීය සත්කාරය

💫 "ශිල්ප යාත්‍රා"
👐 අකුරු අහුලන දෑත්වලට සරණක් වෙමු...

📮 ඔබේ සියලු පරිත්‍යාගයන් පහත ලිපිණයට යොමු කරන්න...

🏯 바우다쓰라마
📍 경북 경산시 진량읍 황제1길 93

❤️ ඔබ ලබාදෙන පුංච් පරිත්‍යාගයකට පුලුවන්
👧👦 එයාලගෙ අනාගතයම ලස්සන කරන්න...

🔄 හැකිතාක් මේ පනිවිඩය යාළුවන් අතරේ බෙදාහරින්න
📢 පෝස්ට් එක share කරන්න.

📞 සියලු විමසීම් සදහා පහත දුරකථන අංකවලට අමතන්න...

📱 010-7736-3446 — පොඩිහාමුදුරුවො
📱 010-9064-4554 — ප්‍රසාද්
📱 010-3977-7972 — එරන්ද

29/11/2025

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

කොරියාවේ රැල්ලක් කරමු⚠️️
29/11/2025

කොරියාවේ රැල්ලක් කරමු⚠️️

ඒකනම් පට්ට
29/11/2025

ඒකනම් පට්ට

අද හවස ඉතාලියේ වෙරෝනා නගරයේ පෙන්වන්න සූදානම් කරලා තියෙන නීරා චිත්‍රපටයේ ටිකට්පත් වල සියලු ආදායම් මේ මොහොතේ ලංකාවේ ආදරණීය අපේ මිනිසුන් වෙනුවෙන් දෙන්න අපි තීරණය කලා.පොඩි ගාණක් වෙන්න පුළුවන්,නමුත් මේ මොහොතේ ඒකත් වටිනවා අපේ මිනිස්සුන්ට,නීරා බලන්න වෙරෝනා වල ටිකට් ගත්ත ඔයාල හැමෝටම ගොඩක් පිං
🙏🥺🇱🇰🫶

25/10/2025

කොරියානු රැකියා විභාගයේ වෙනසක්
-ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය (Korean Language Examination Center Ubiquitous-based Test (UBT) ) (22) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්, 553/1, නව නුවර පාර, තලාහේන (සම්පත් බැංකුව අසල) යන ස්ථානයේදී විවෘත කරන ලදී.
කොරියානු භාෂා පරීක්ෂණ කටයුතු ටැබ් භාවිතා කරමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කොරියානු රජයේ මානව සම්පත් සංවර්ධන ආයතනය තීරණය කිරීමත් සමඟ එම ආයතනයේ ඉල්ලීම මත 2025 වර්ෂයේ සිට පරික්ෂණ කටයුතු සිදු කිරීම සඳහා වැඩි පහසුකම් ඇති, වරකට රැකියා අපේක්ෂකයින් වැඩි ප්‍රමාණයක් සඳහා විභාග පැවැත්වීමට මෙම නව මධ්‍යස්ථානය ආරම්භ කරන ලදී.
පරික්ෂණය සඳහා අවශ්‍ය ටැබ් පහසුකම් කොරියානු රජය විසින් ලබා දී ඇති අතර නව ගොඩනැඟිල්ලේ පරික්ෂණ කටයුතු සිදු කිරීමේදී එක් සැසියක් සඳහා රැකියා අපේක්ෂකයින් 100 දෙනෙකුට පෙනී සිටීමට හැකි අතර දිනකට රැකියා අපේක්ෂකයින් 400 ක ප්‍රමාණයකට විභාගය සඳහා පෙනී සිටීමට හැකිය.
E 9 වීසා කාණ්ඩය යටතේ කොරියානු රාජ්‍යයේ රැකියා ලබා දීම සඳහා කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර 2004 වර්ෂයේදී අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම අනුව කොරියානු රැකියා වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.
දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබා ගැනීමේදී කොරියානු භාෂා පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්යය වන අතර 2014 වර්ෂය වන විට පරිගණක මාධ්‍ය භාවිතා කරමින් මාර්ගගත ක්‍රමවේදය මගින් භාෂා පරික්ෂණය පැවැත්විම ලංකාවේ ආරම්භ කළ අතර පන්නිපිටිය නගරයේ ගොඩනැඟිල්ලක එම විභාග මධ්‍යස්ථානය පවත්වාගෙන යන ලදී.
2025 වර්ෂයේ කොරියානු භාෂා පරික්ෂණය සඳහා රැකියා අපේක්ෂකයින් 36,745 ක ප්‍රමාණයක් පෙනී සිටීමට නියමිත අතර එම විභාගය 2025.10.23 වන හෙට දින සිට 2026 මාර්තු මස දක්වා මෙම නව මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතය.
"Ubiquitous-based Test" (UBT) යන්නෙන් අදහස් කරන්නේ ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරන ඉලෙක්ට්‍රොනික විභාගයක් වන අතර එය විවිධ ස්ථානවල පරිපාලනය කිරීමට ඉඩ සලසයි. එය කඩදාසි මත පදනම් වූ හෝ සාම්ප්‍රදායික පරිගණක පාදක පරීක්ෂණ (CBT) වැනි පැරණි පරීක්ෂණ ක්‍රම සඳහා නවීන විකල්පයක් වන අතර EPS-TOPIK වැනි පරීක්ෂණ සඳහා භාවිතා වේ.
නව විභාග මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට දකුණු කොරියානු තානාපතිනි Miyon Lee, කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, කොරියානු HRD ආයතනයේ නේවාසික අධ්‍යක්ෂක Lee Hyewon යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

—-----------------------------------------------------------
கொரிய தொழில் பரீட்சையில் மாற்றம்
இலங்கை வெளிநாட்டு வேலை வாய்ப்பு பணியகம்
தென் கொரியாவில் தொழிலுக்காக அவசியமான மொழித்தகைமையை முன்னிட்டு, டெப் போன்ற ஸ்மார்ட் உபகரணங்களைப் பயன்படுத்தி நடைபெறும் பரீட்சைகளுக்காக நவீன வசதிகளுடனான இலத்திரனியல் பரீட்சை நிலையம் (Korean Language Examination Center Ubiquitous-based Test (UBT) ) (22) வெளிநாட்டு அலுவல்கள் மற்றும் வெளிநாட்டு வேலை வாய்ப்பு பிரதி அமைச்சர் அருண் ஹேமச்சந்திரவின் தலைமையில், 553/1, புதிய கண்டி வீதி, தலாஹேனை (சம்பத் வங்கி அருகில்) இடத்தில் திறந்து வைக்கப்பட்டது.

கொரிய மொழிப் பரீட்சை நடவடிக்கைகள் டெப்களைப் பயன்படுத்தி புதிய முறையில் நடைமுறைப்படுத்துவதற்கு கொரிய அரசாங்கத்தின் ஆளணிவள அபிவிருத்தி நிறுவனம் தீர்மானித்ததுடன் அந்த நிறுவனத்தின் கோரிக்கை அடிப்படையில் 2025 ஆம் ஆண்டில் இருந்து பரீட்சை நடவடிக்கைகளுக்காக அதிக வசதிகளுடனான, ஒவ்வொரு தடவையும் அதிகமான தொழில் எதிர்பார்ப்பாளர்கள் அதிக அளவிலானவர்களுக்காக பரீட்சையை நடத்துவதற்கு இந்த புதிய மத்திய நிலையம் ஆரம்பிக்கப்பட்டது.

========================
🔷 Subscribe Our Social Media Channels :
📌 Subscribe on YouTube : https://www.youtube.com/channel/UCdx49t9VoLVOfl-X3z-6lkg
📌 Like on Facebook : https://www.facebook.com/DepartmentOfGovernmentInformation
📌 Follow on Instagram : https://www.instagram.com/infodprtsl/
📌 Follow on TikTok : https://www.tiktok.com/
📌 Follow on X : https://x.com/infodprtsl
📌 Follow on Whatsapp : https://whatsapp.com/channel/0029Van4Rbu42DcgXSRh9t27
📌 Follow on Web : https://www.dgi.gov.lk/

නාමල් රාජපක්ෂගේ සංචාරය සහ දේශපාලන කප්පම් කල්ලියේ උත්සාහය👇👇​මෑතකදී නාමල් රාජපක්ෂ මහතා කොරියාවේ සංචාරයක නිරත වූයේ, රට බංකො...
24/10/2025

නාමල් රාජපක්ෂගේ සංචාරය සහ දේශපාලන කප්පම් කල්ලියේ උත්සාහය👇👇

​මෑතකදී නාමල් රාජපක්ෂ මහතා කොරියාවේ සංචාරයක නිරත වූයේ, රට බංකොලොත් කළ පාලනයට පිටරටවල සිටින ජනතාව අතරින් දේශපාලන හිතවාදී කණ්ඩායමක් ගොඩනගා ගැනීමේ පටු අරමුණකිනි.
​ඔහු "Talk with Namal" වැනි රැස්වීමක් සංවිධානය කිරීමට උත්සාහ කළත්, එය අසාර්ථක විය. ඊට හේතුව පැහැදිලියි.

👉​නාමල් රාජපක්ෂව කොරියාවට ගෙන්වා ගැනීමට උත්සාහ කළ පිරිස කවුද?

​මොවුන් සාධාරණව රැකියා ලබාගත් නව පරපුර නොවේ. ඔවුන් නම්:
​වංචනික ලෙස පැමිණි කණ්ඩායම: රාජපක්ෂ සමයේදී, දේශපාලන බලපෑම් මත, කිසිදු භාෂා දැනුමක් හෝ නිසි සුදුසුකමක් නැතිව, වෙනත් අයගේ අවස්ථා උදුරා ගනිමින් වංචනික ක්‍රම මගින් කොරියාවට පැමිණි අයයි.

​ජාවාරම්කරුවන්: අද වන විට කොරියාව තුළ විවිධ මුදල් එකතු කිරීමේ ජාවාරම්, තරුණයන් රවටා පිරමිඩ ආකාරයේ වංචා සහ කොරියාවට ගෙන්වා දෙන බව පවසා ලංකාවේ තරුණයන්ගෙන් මුදල් ගරා ගන්නා කූට එජන්සි ව්‍යාපාර සිදු කරන හොර කණ්ඩායමකි.

​නායකත්වය: මෙම කල්ලියට නායකත්වය දෙන්නේ එවකට වංචනික ක්‍රම මගින් බෙලිඅත්ත ප්‍රදේශයෙන් කොරියාවට පැමිණ වයසක කොරියානු කාන්තාවන් විවාහ කරගත් සහ බේබදු සල්ලාල ජීවිත ගත කරන බවට චෝදනා ඇති පුද්ගලයන් කිහිප දෙනෙකි.

ඔවුන් අලුතෙන් එන තරුණයන්ට මුදලට පමණක් උදව් කරමින් ජීවත් වන පිරිසක් බවට පත්ව සිටී.

​මෙම කණ්ඩායම සදාකාලිකවම රාජපක්ෂලාට "කඩේ යන්නේ" තම වංචනික මාර්ග ආරක්ෂා කර ගැනීමට සහ ලංකාව බංකොලොත් කළ පාලනයට සුදු හුණු තැවරීමටයි.

🫵​එහෙත්, කොරියාවේ රැකියා කරන නව පරපුරේ තරුණයන් ඔහුන්ට රවටා ගත නොහැකිය. කිසිම පක්ෂයක දේශපාලන වහලුන් නොවන එම තරුණයන් එම උත්සාහය ව්‍යර්ථ කළා. එම විචක්ෂණශීලී තරුණ පරපුරට අපගේ උත්තමාචාරය හිමි විය යුතුයි. 💪💪🙏

21/10/2025

වඩාගන දෙන්නොනේ

20/10/2025

ඊලග🇰🇷 කොරියන් exame කරන ඔයාල වයස කියන් යමුද?

Breaking news 🇰🇷✈️🇰🇷🇰🇷🇰🇷🇰🇷 2025 කොරියානු විභාගයට ඇඩ්මිශන් නිකුත්කිරීමට දින නියමවෙයි.😍🤗💜️Eps Topic ( රැකියා සදහා කොරියානු...
13/08/2025

Breaking news 🇰🇷✈️🇰🇷🇰🇷🇰🇷🇰🇷 2025 කොරියානු විභාගයට ඇඩ්මිශන් නිකුත්කිරීමට දින නියමවෙයි.😍🤗

💜️Eps Topic ( රැකියා සදහා කොරියානු භාෂා විභාගය ) මෙවර නිෂ්පාදන සහ ධීවර යන අන්ශයන්ගෙන් ඔබට ඇඩ්මිශන් ලබාගත හැක. 🇰🇷👍

💜️ අයදුම්පත් ලබා ගැනීමට ඔබට පාස්පොර්ට් එක අත්‍යවශ්‍යය .

💜️මෙවට ඔන්ලයින් ක්‍රමය ඔස්සෙ ඇඩ්මිශන් ලබා දෙනුලබයි..

💜️2025 සැප්තැම්බර් මස 15 . 16 . 17 යන දිනයන්හීදී අදාල ඇඩ්මිශන් ඔබට ලබා ගත හැක.

💜️විභාගය 𝐔𝐁𝐓 ක්‍රමය ඔස්සේ පැවැත්වේ ( ටැබ් එකක් ආශ්‍රයෙන් )

අපෙන් ඔබට සුභපැතුම් 🥰🫂🇰🇷🙏💐💐 හැමෝටම ජය

2025 කොරියානු විභාගය අයදුම්පත් නිකුත් කීරිම සැප්තැම්බර් 15,16,17
13/08/2025

2025 කොරියානු විභාගය
අයදුම්පත් නිකුත් කීරිම සැප්තැම්බර් 15,16,17

Address

Seoul

Website

Alerts

Be the first to know and let us send you an email when Korean Exam Help posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Korean Exam Help:

Shortcuts

Share