𝗧𝗢𝗣𝗜𝗞 - 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔

𝗧𝗢𝗣𝗜𝗞 - 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 ° එන්න අපි කොරියානු භාෂාව ඉගෙන ගමු °

28/06/2023
කොරියන් ඉදලා අපු අපේ කොල්ලෙක්ගේ තැනක් වෙන්නප්පුව අවටනම් යන්නPage එකටත් සප් එක දෙන්න
01/06/2023

කොරියන් ඉදලා අපු අපේ කොල්ලෙක්ගේ තැනක් වෙන්නප්පුව අවටනම් යන්න
Page එකටත් සප් එක දෙන්න

Every Monday Beer Bar with monday Bite
077 266 8406

🚨අතිශයින්ම නොමිලේ 🚨2022 මෙවර කොරියාව විභාගය කරන ළමයි වෙනුවෙන් හා ඉදිරියේදි 2023 විභාගය වෙනුවෙන් නොමිලේ පාඩම් වැඩසටහනක් ක...
15/01/2023

🚨අතිශයින්ම නොමිලේ 🚨

2022 මෙවර කොරියාව විභාගය කරන ළමයි වෙනුවෙන් හා ඉදිරියේදි 2023 විභාගය වෙනුවෙන් නොමිලේ පාඩම් වැඩසටහනක් කරනවා.

⭐අද දවල් 2ට පේපර් සාකච්ඡාවක්
⭐අද රෑ 10ට 42 පාඩම
⭐පසුදින උදේ 7ට නැවත් ජේද ප්‍රශ්න සාකච්ඡාව

ඉදිරි පන්ති සදහා විස්තර පහත් ලින්ක් එක මගින් වැට්සැප් ගෲප් එකට සම්බන්ද වී අදාල ලින්ක් ලබාගන්න.

Free Class

https://chat.whatsapp.com/DvmSA67vz0H0BIFNGqeyNS

EPS Topik 2022

https://chat.whatsapp.com/DG89hAsZg128GNnrs4LBs6

WhatsApp Group Invite

03/06/2022
01/06/2022

VISA ගන්න තක්සේරු වාර්ථාවක් ඉල්ලුවද?

ඔබ නොසිතන වත්කමක් 💎 ඔබ ළඟ තිබෙන බව ඔබ නොදන්නවා ඇති.

පිලිගත් විදේශ රැකියාවකට හරි, උසස් අධ්‍යාපන හරි , ශිෂ්‍යත්වයකට හරි, ස්ථිර පදිංචියට (PR) හරි ඔබ විදේශ ගතවීම දැන් ඉතා සීඝ්‍රයෙන් ඉහල ගිහින්. ඉතින් VISA ලබාගැනීමේදී ඔබට ඔබේ වත්කම් තක්සේරු කරගැනීම අත්‍යාවශ්‍යම කාරනයක්. ඒ ඒ රට අනුව එම තක්සේරු වටිනාකම් වෙනස් වෙනවා. ඉඩම් හෝ දේපල ඔබේ නමට නැතිනම් ඒක ලොකු ගැටලුවක්.

ඉතින් ඔබ නොසිතන වත්කමක් ඔබ ලගම තියනවා. ඒ මොකක්ද ඒ. 💰 💰 රත්තරන් 🎖️🎖️️️රත්තරන් මිල පසුගිය මාස 4 ක කාලයක්තුල වටිනාකම 70% කින් පමන ඉහල ගිහින් තියනවා. ඉතින් ඔබට ලෙහෙසියෙන්ම ලක්ෂ 20 වගේ වටිනාකමක් සහිත වත්කමක් පෙන්නන්න අවශ්‍ය වෙන්නේ රත්තරන් පවුම් 10-12 අතර ප්‍රමානයක්. මේක ඔබේ මවගේ හෝ සහෝදර සහොදරියන්ගේ රත්තරන් භාණ්ඩ එකතුකර ගැනීමෙන් පහසුවෙන් සිදුකල හැක.

💎ඉතින් කොහෙන්ද තක්සේරුවක් කරන්නේ?
රත්තරන් වල තක්සේරුවක් කරනන්න පුලුවන් පිළිගත් එකම රාජ්‍ය ආයතනය තමයි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය. එහි පිහිටා ඇති වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්‍යංශය මගින් ඔබට එම කාර්‍ය පහසුවෙන් කරගත හැක. එම කාර්‍යංශය අධිකරණ, රක්ෂණ , මහබැංකු - බැංකු , රේගු හා රාජසන්තක කිරීම් යන අංශ යටතේ රත්තරන් හා අනිකුත් වටිනා ලෝහ සදහා පිලිගත් තක්සේරු වාර්තා නිකුත් කරන එකම රාජ්‍ය ආයතනයයි.

තක්සේරු වාර්තා අනිවාර්යයෙන්ම VISA කාර්යාල පිලිගත් ආයතයකින් නිකුත් කල යුතුයි. ඔබ ස්වර්ණාභරණ අලෙවිසැලකින් හෝ වෙනත් මාර්ගයකින් තක්සේරු වාර්තා ඉදිරිපත්කිරීම ඔබේ VISA ප්‍රතික්ෂේපවීමට මුලීක කරුණක් විය හැක.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි වටිනා වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශය, අන්තර්ජාතික වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති අතර ආභරණ මුද්‍රා තැබීම පිළිබද ජ්‍යාත්යන්තර වියානා සම්මුතියෙහි නිරීක්ෂණ සාමාජිකයෙක් ලෙස ක්‍රියා කරයි. මේ හේතුවෙන් එම වාර්තා සදහා ජ්‍යාත්යන්තර ලෙස පිලිගැනීමක් ඇත. අනික් කාරණය
තක්සේරු කිරීම සදහා නියුක්ත කාර්‍ය මංඩලයද ජාත්‍යන්තර සුදුසුකම් සහිත පිරිසකි. (LONDON ASSAY OFFICE AND AMERICAN SOCITY OF APPRAISAL )

ඉතින් කොහොමද තක්සේරුවක් කරගන්නේ?

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්‍යාලය හරහා පමනයි තක්සේරු වාර්තා නිකුත් කරන්නේ. මේ දිනවල තක්සේරු වාර්තා ලබාගැනීම සදහා සීඝු වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් කලින් වේලාවක් වෙන්කරගැනීම අනිවාර්යයි. මේ සදහා ඔබ 0112390652 ඔස්සේ සතියේ දිනවල 8.30-4.15 දක්වා අමතා දිනයක් හා වේලාවක් වෙන් කරගන්න. සාමාන්‍යයෙන් තක්සේරු වා‍ර්ථාවක් නිකුත් කිරීම සදහා අදාල අයිතම ප්‍රමානය මත පැය 3-4 කාලයක් ගතවනු ඇත. ඔබට ස්වර්ණාභරණ භාරදී රිසිට්පත ලබාගෙන ඔබට අවශ්‍ය වෙනත් කටයුතු කරගැනීමට පිටත්ව යා හැකි අතර එසේ අවශ්‍ය නැතිනම් එම ස්ථානයේ රැදීසිටීමට පහසුමක් සලසා ඇත. වාහන නතර කිරීමේ පහසුකම් සහිතයි.

රැගෙන ඒමට අවශ්‍ය දේ මොනවාද?
1. විදේශ ගමන් බලපත්‍රය
2. ජාතික හැදුනුම්පත
3. ස්වර්ණාභරණ (රත්තරන් , රිදී හා ප්ලැටිනම් පමනි)
4. VISA අයදුම් කරන රට පිලිබද ලියවිල්ලක් (OFFERING LETTER - ජායාරූපයක් ප්‍රමාණවත්)

කොතනින්ද කරගන්නේ?

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය,
වටිනාලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්‍යංශය (ASSAY OFFICE), අංක 12, මැක්සන් ටවර්, ඇල්ෆ‍්‍රඞ් හවුස් උද්‍යාන පාර, කොළඹ 03. (දුරකථන අංක 0112390652)

ගාස්තු
අනුමත ගාස්තුලෙස තක්සේරු වටිනාකමින් 2% ලෙස අයකරයි. එය ඔබට DEBIT/ CREDIT CARD මගින් හෝ CASH මගින් ගෙවීමට පහසුමක් සලසා ඇත.

ඔබට සුහදශීලී, කඩිනම් හා විශ්වාසවන්ත සේවාවක් සපයා දීමට අපි බැදී සිටින්නෙමු.

ස්තුති

ඉන්දික බණ්ඩාර
සහකාර අධ්‍යක්ෂ ( වටිනාලෝහ විශ්ලේෂණය කිරීම)
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය
Admin GOLDCeylon E Magazine..

EPS TOPIK EXAM  ( 2 වන කාණ්ඩය )2022.07.04 සිට 2023.02.03 දක්වා අය සෙට් වෙන්න.!
26/05/2022

EPS TOPIK EXAM ( 2 වන කාණ්ඩය )
2022.07.04 සිට 2023.02.03 දක්වා
අය සෙට් වෙන්න.!

WhatsApp Group Invite

16/04/2022
30/03/2022

Nepal🇳🇵
HRD -Korea has opened the website for online registration of EPS-topik (UBT) exam for 2022.

After a long waiting as well as it's a best opportunity for those people who want to work in south Korea.

Interested people can register their name from today till the 4th of April.
Application link👇
https://eoers.epsnepal.gov.np

Address

Seoul
100-011

Telephone

+94778787118

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗧𝗢𝗣𝗜𝗞 - 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 𝗧𝗢𝗣𝗜𝗞 - 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔:

Shortcuts

Share

Category