29/07/2024
#කරවිල නොකන කෙන්ක්ට ආස හිතෙන් විදිය්ට
කරවිල බිත්තර
let food be the medicine and medicine be the food...Hippocrates
A nutritionist and a health coach.
29/07/2024
#කරවිල නොකන කෙන්ක්ට ආස හිතෙන් විදිය්ට
කරවිල බිත්තර
28/03/2023
01/03/2023
Don’t let your feelings get tangled,
Feel them
Sort them
And
Let them go…
Let you be free..
22/02/2023
එලවලු, පලතුරු, ගබඩා කිරීමේදී වියලි, වාතය ඇතුලුනොවන බාජන වල හෝ ziplock බෑග වල ගබඩා කිරීමෙන් ඒවා දීර්ඝකාලයක් ගබඩා කර තබා ගත හැක.
Strawberries වැනි මෘදු මතුපිටක් සහිත පලතුරු: සති 2-3
අනිකුත් පලතුරු : මාසයක් පමන
එලවලු : මාසයක් පමන
සහල් සහ වියලි ධානය : අවු 10 දක්වා
NutriNest-you are what you eat
21/02/2023
දන්න කතාවේ, නොදන්න කතාව ❤️
අපි ඉස්සර ඉඳලම දන්න කතාවක් තමයි හාවගෙයි, ඉබ්බගෙයි කතාව.
අපි මේ කතා මාලාවේ පළමු පරිච්ඡේදය ඇතිවෙනකල් අහල තිබුණට, මේකෙ තවත් කතා පරිච්ඡේද තුනක් තියෙනවා. මෙන්න මේ පොඩි කාලෙ ඉඳල අහල තිබුණ හාවගෙයි, ඉබ්බගෙයි කතාවේ, පරිච්ඡේද හතරම කියන්න තමයි දැන් හදන්නේ.
🐢 පළමු පරිච්ඡේදය. 🐇
මේක අපි හැමෝම දන්න, හාවා නිඳා ඉන්න අතරේ ඉබ්බ දිනපු සිද්ධිය.
මෙතනදී හාවා ස්වයං විශ්ලේෂණයක් කරනවා, පරදින්න හේතුව හොයාගන්න.
"තමන් ගැන අධි තක්සේරුව" මේ පරාජයට හේතුව විදිහට හාවා තීරණය කරනවා. එය ඕනෑම කෙනෙකුට ඉතාමත්ම හානිදායකයි.
ඒ වගේම, "අරමුණ වෙනුවෙන් අප්‍රතිහර්ත උත්සාහය සහ වීර්යය" තමන්ගේ ජයග්‍රහණයට හේතු වූ බව, ඉබ්බා නිගමනය කරනවා.
🐢 දෙවන පරිච්ඡේදය 🐇
පළමු තරඟයෙන් පැරදුණු හාවා, තමන්ගේ වැරදි හඳුනාගෙන, ආයෙත් පාරක් ඉබ්බාට තරඟයක් සඳහා අභියෝග කරනවා. ඉබ්බත් ඉතිං එකඟ වෙනවා.
හාවා මෙදා පොටේ ගියපාර වගේ නිඳියන්නෙ එහෙම නැතුව එකදිගට පුළුවන් උපරිම වේගෙන් දුවලා, ගේමක් නැතුව තරඟය දිනනවා.
දැන් හාවා හිතනවා..,
"අරමුණ වෙනුවෙන් තම උපරිම හැකියාව යොදවල වැඩ කලොත්, මැච් එක ගහන්න පුළුවන්."
කියලා.
ඒ අතරේ..,
"මන්දගාමීව අදාළ අරමුණට නොකඩවා වැඩ කලාට, නිසි වේගය නැතුව තරඟකාරී වාතාවරණයකදී ජයග්‍රහණය ලබාගන්න බෑ..!"
කියලා ඉබ්බ හිතනවා.
🐢 තුන්වන පරිච්ඡේදය 🐇
ඉබ්බා ආයෙමත් පාරක් හාවාට තරඟයකට කතා කරනවා. හාවාත් එක පයින්ම තරඟයට කැමති වෙනවා.
මේ පාර ඉබ්බා, හාවාට යෝජනාවක් කරනවා.
"අපි දැන් එකම පාරෙ දෙපාරක් දිව්වනේ. මේ සැරේ වෙන පාරක දුවමු..!"
හාවාත් ඒකට කැමති වුණා.
ඔන්න දැන් මෙදා සැරේ අලුත් පාරක තරඟය පටන් ගත්තා. හාවා ගැම්මට දුවනව නෙවෙයි, විදිනවා. ඉබ්බත් පුරුදු විදිහට ඉබි ගමනින් නොනැවතී දුවන්න ගත්තා.
මෙහෙම ඉබ්බ යනකොට, විදල ගියපු හාවා තරඟ අවසානය දක්වා යන්න බැරුව, ගඟක් අයිනේ ඉනට අත් දෙකත් තියාගෙන එගොඩ තියෙන තරඟ අවසන් කරන ස්ථානය දිහා බලාගෙන ඉන්නව දකිනවා.
ඉබ්බා හාවා දිහා කිණ්ඩියට වගේ බලලා, "සුටුස්..!" ගාලා ගඟ හරහා පීනලා තරඟය අවසන් කරලා, ජයග්‍රහණය කලා.
මෙහිදී හාවා..,
"ජයග්‍රහණය උදෙසා, තම ශක්තිය සහ හැකියාව උපරිමයෙන් යොදවල කොච්චර වැඩ කලත්, පවතින තත්ත්වය සහ යථාර්ථය හොඳින් අවබෝධ කරගෙන ඊට මුහණ දිය යතුයි."
කියලා හිතනවා.
"මුලින්ම තරඟකරුවාගේ දුර්වලතාවයන් හොඳින් අධ්‍යයනය කර, ඊට අනුව සැලසුම් සැකසිය යුතුයි."
ඉබ්බා හිතනවා.
🐢🐇🐢🐇🐢🐇🐢🐇🐢🐇🐢🐇🐢🐇🐢🐇🐢🐇
කතාව මෙතනින් ඉවර නෑ..! හොඳම ටික එන්නෙ, ඊට පස්සේ...!!
🐢🐇🐢🐇🐢🐇🐢🐇🐢🐇🐢🐇🐢🐇🐢🐇🐢🐰
🐢 හතරවන පරිච්ඡේදය 🐇
හාවා, ඉබ්බාට නැවතත් අර ගඟ හරහා වැටුණු පාරෙන්ම තරඟයක් පවත්වන්න ආරාධනා කරනවා.
නමුත්, මෙවර ඔවුන් දෙදෙනා තරඟකරුවන් විදිහට නැතුව, සහායකයින් ලෙස ධාවන තරඟයට සහභාගී වීමට තීරණය කරනවා.
කතාකරගත්තු විදිහට ආයෙමත් තරඟය ආරම්භ වෙනවා.
හොඳම වැඩේ කියන්නේ, මේ පාර හාවා, ඉබ්බාවත් පිටේ තියාගෙන හැල්මේ දුවනවා. ඔහොම වේගයෙන් දුවගෙන ගියපු හාවා, ගඟ ළඟ නැවතිලා, ඉබ්බාව බිමින් තියනවා.
ඒත් එක්කම හාවාව පිටට ගත්තු ඉබ්බා, ක්ෂණිකව ගඟ හරහා පීනලා, හාවාත් එක්කම එගොඩට ගියා.
ආයෙමත් ඉබ්බාව සිය පිටට ගත්තු හාවා, තරඟ අවසන් ස්ථානය දක්වා ඉතිරිව තිබුණු දුර වේගයෙන් දිව ගොස්, දෙදෙනාම එක්ව තරඟය අවසන් කරමින්, දෙදෙනාම ජයග්‍රහණය වාර්ථා කලා.
ඊට පස්සේ, ඉබ්බයි, හාවයි දෙන්නම මෙන්න මෙහෙම නිගමනයකට ආවා.
"නිපුණතා සහ හැකියාවන් එකිනෙකාට ආවේණික වේ. තරඟයකදී, ලබාගත් ජයග්‍රහණය සම්බන්ධව සතුටු විය හැකිය. නමුත්, එකිනෙකා සතු සුවිශේෂී හැකියාවන් සහ නිපුණත්වයන් පොදු අරමුණ වෙනුවෙන්, වඩාත් උචිත පරිදි සම්මිශ්‍රණය කිරීමෙන් සාර්ථකත්වය ළඟා කරගත හැකිය."
Dr දර්ශන ප්‍රබෝධ මුහුණු පොතට එක් කල පෝස්ටුවකින් ගත් උපුටනයකි.
ගෞරවය ලිපියේ හිමිකරුට ❤️
උපුටා ගැනීම සිව්මංසල
17/02/2023