Vlog With Ruky

Vlog With Ruky Welcome to Vlog with Ruky! Let's explore life together! 🎥✨

21/08/2026

🕊️❤️ ආචාර්ය නන්දා මාලිනී මහත්මිය… ❤️🕊️

කලාකරුවෙක් කියන්නේ සමාජයෙන් වෙන්වී සිටින කෙනෙක් නොවෙයි. ඔහුත් ඒ සමාජයේම කොටසක්. ඒ නිසා ඔබේ ගීත කියන්නේ හුදෙක් ගීත නොවෙයි… ඒවා එක් යුගයක මිනිසුන්ගේ දුක, වේදනාව, අහිමිවීම්, අරගලය, ආදරය සහ බලාපොරොත්තු වල හඬයි.

එදා සමාජයේ මිනිසුන්ගේ හදවත්වල තිබුණු, වචන කරගන්න බැරි වූ හැඟීම් ඔබ ඔබේ හඬින් ගීතයක් කළා. ඒ නිසාම ඔබේ ගීත පරම්පරා ගණනාවක් මිනිසුන්ගේ හදවත්වලට මෙතරම් සමීප වුණා. 🥺❤️

ඔබ දුක අපට ඉගැන්වූ කෙනෙක් නොවෙයි…
අපේ දුක හඳුනාගෙන, ඒ දුකට හඬක් වූ කෙනෙක්.

ජාතියක් දරාගෙන, එක් යුගයක මිනිසුන්ගේ වේදනාවට හඬක් වෙලා, ඔවුන්ව සනසන්න උත්සාහ කළ ඔබට…

අද අපි ඉතිරි කරන්නේ මතකයන් සහ ඔබේ අමරණීය ගීත පමණයි. 🎶❤️

ඔබේ හඬ නිහඬ වුණත්, ඔබේ ගීත කිසිදා නිහඬ නොවේ.

🕊️ ආචාර්ය නන්දා මාලිනී මහත්මිය…
ඔබට සුබ ගමන්. 🙏❤️🕊️

✍🏻 කතිකාචාර්ය
මදාරා ගුණතිලක ~

10/05/2026

අම්මා… ❤️

ජීවිතේ අපිට මුලින්ම හමුවෙන ආදරය…
කවදාවත් වෙනස් නොවන බැඳීම…
අපි වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම නිහඬව කැප කරන උතුම් හදවත…

අපි සිනාසෙනකොට හදවතින්ම සතුටු වෙන,
අපි දුකින් ඉන්නකොට නිහඬවම කඳුළු සඟවන,
ලෝකයම අපිව අත්හැරියත්
අපිව කවදාවත් අත්නොහරින
එකම ආදරය… අම්මාගේ ආදරයයි… 🌸

Madara Gunathilaka English Academy හි පුංචි හදවත් වලින්
ලෝකයේ සියලුම ආදරණීය මව්වරුන්ට
ගෞරවයෙන් සහ ආදරයෙන් පිරුණු උපහාරයක්… 💐

සුභ මව්වරුන්ගේ දිනයක් වේවා !❤️❤️

12/04/2026

Unboxing Magic: DJI Osmo 8

Indirizzo

Varese
21100

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Vlog With Ruky pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta La Scuola/università

Invia un messaggio a Vlog With Ruky:

Scelte rapide

Condividi