26/07/2025
මෙම පංතියේදී සිංහල භාශාව හෝඩියේ සිට සරළව පැහැඳිළි කරනු ලබන අතර සිංහල භාශාවේ මූලික ව්‍යාකරණ, අළුත් වචන, කථා කිරීම, කියවීම,ඇහුම්කන්දීම, ලිවීම යන භාශාවේ සියලුම කොටස් ආවරණය වෙන පරිඳි පංතිය පවත්වනු ලැබේ. (ඔබගේ අවශ්‍යතාවය පරිදි කථනය පමණක් වුවද උගන්වනු ලැබේ, දරුවන් සඳහා බොහෝ දෙමාපියන් කථනය පමණක් උගන්වනු ලබයි)
එදිනෙදා ජීවිතයේදී අප සැමට හමු වන ප්‍රායෝගික අවස්ථාවන්ට ආත්ම විශ්වාසයෙන් තනිව තමන්ම මුහුණ දීමට හුරුකරවීම මෙම පංතියේ මූලික අරමුණයි. A0 සිට A1, A2, B1 මට්ටම දක්වාම පංතිය පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර පංතිය අතරතුරඳී එදිනෙදා ජීවිතයේදී තමන්ට වැදගත්වන මූලික භාශා භාවිතය පිළිබඳව උගන්වනු ලැබේ.
මෙම පංතිය සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන බැවින් පරිඝණකය හෝ TAB එක භාවිතයෙන් ZOOM , Teams, Skype හෝ WhatsApp හා සම්බන්ද වීමට ඔබට හැකියාව තිබිය යුතුයි.
-අවුරුදු 3ත් 10 ත් අතර සිසුන් සඳහා Primary class එකද
-අවුරුදු 10 ට වැඩි සිසුන් සඳහා secondary class එකද පවත්වනු ලැබේ
-අවශ්‍යතාව අනුව Individual classes පවත්වනු ලැබේ
මා ගැන යමක්
ලංකාවේ ඉපදී පලමු පංතියේ සිටම සිංහල පාසලෙන් අධ්‍යාපනය ලබා, පස්දුන්රට ජාතික අධ්‍යාපන පීඨයෙන් National Diploma in Teaching සාර්ථකව නිම කර දෙවන භාශා ගුරුවරියක් ලෙස රජයේ පාසලකට පත්වීම ලබා ගත්තෙමි. ඒ අතර Sabaragamuwa University of Sri Lanka මගින් Diploma in English සුදුසුකමද සම්පූර්ණ කර ඇත.
විවේක වෙලාව අර්ථවත් ලෙස ගත කිරීමට අමතර ආදායම් මාර්ගයක් සොයා යෑමේදි www.languagetrainers.com මගින් දෙවන භාශාව ලෙස සිංහල ඉගැන්වීමට ගුරුවරියක් ලෙස 2018 දී සම්බන්ධ උනෙමි.
මාගේ පංතිය මගින් තම දරුවන්ට සිංහල ඉගැන්වීමට අපොහොසත් වූ විදේශගත දෙමාපියන්ද සිංහල ඉගෙන ගැනීමට ආසාවක් උනන්දුවක් දැක්වූ විදෙස් පුද්ගලයන්ද, තම සහකරු හෝ සහකාරිය ලෙස ශ්‍රීලාංකිකයෙක් සොයාගත් පුද්ගලයෝද වෙති. මෙසේ සම්බන්ධ වූ දරුවන්ට මාගේ ඉගැන්වීම් රටාව මහත් උපකාරයක් වූ බව එම දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ අදහසයි.