08/11/2025
Spontini pizza 😉
පීසා කෑමට නොකෑමට සහ පීසා හැදීමට කැමති
08/11/2025
Spontini pizza 😉
02/11/2025
Pizza 🍕 is my favorite dish all the time
09/05/2020
මොසරැල්ලා චීස් වර්ග හදුනාගැනීම
03/05/2020
ඉතාලියානු සූපවේදයේ හැරවුම් ලක්ෂයක් ලෙස පීසා මර්ගරීතාව හදුන්වයි.1889 කාලවකවානුවේදී රෆායල් එස්පොසීතෝ සූපවේදයා විසින් නාපෝලි නගරයේදී පීසා මර්ගරීතාව පිසින ලදි. මෙහි විශේෂත්වය වනුයේ පීසාවෙහි ඇති අලංකාර වර්ණ රටාවයි.රතු පැහැති තක්කාලි සුදු පැහති මොසරැල්ල සහ කොළ පැහැති බැසීලිකෝ මුසුවෙන් සෑදෙන මර්ගරීතාව ඉතාලි ධජයේ 🇮🇹 වර්ණ සංකලනය විදහා දක්වයි.
නාපෝලියේ හදපු පීසා එක, එහෙමත්නැත්තම් පීසා නාපෝලිතාන් Pizza dough 2සදාගැනීමට අවශ්‍ය දේවල්-
වතුර - 240ml
Fresh ඊස්ට් - 4g
පිටි - 400g
ලුණු - 15g
ඔලිව් තෙල් - 10ml
සාදාගැනීම
🍕මිශ්‍රණය සදාගැනීමට හැකි භාජනයක් ගන්න
වතුර 240 mlභාජනයට දමාගන්න,
එයට fresh ඊස්ට් 4g හොදින් දියකරගන්න.
ඔලිව්තෙල් 10ml ද එයට දමාගන්න, හොදින් දියකරගන්න
ලුණු 15g ද එය තුලටම දියකරගන්න,
🍕දැන් පිටි ටික ටික එම භාජනයටම එකකර ගනිමින් කලවම් කරගන්න, පිටි එකට ඇලී dough එකක් බවට පත්වූ පසු භාජනයෙන් එලියට දමා අතින් හොදට විනාඩි 15-20 අතර එක රිද්මයකට knead කරගන්න.
🍕දැන් dough එක පොලිතින් ආවරණයකින් හෝ තෙත ලේන්සුවකින් පැය 01 වසාතබන්න,
🍕පැය 01 න් පසු dough එක නිරාවරණය කොට උඩින් පිටි ටිකක් ලාවට ගාගන්න,
🍕පසුව dogh එක dough cutter එකකින් හෝ පිහියකින් සමානව වෙන්කරගන්න (dough cutter එකේ පිටි ටිකක් ගාගන්න අමතක කරන්න එපා 😁)
🍕දැන් වෙන්කරගත් dough 2 ලස්සනට රවුමට හදාගන තැටියකට දමා තැටිය හොදින් පොලිතින් ආවරණය කර පසුව උඩින් තෙත ලේන්සුවකින් ද වසන්න,
දැන් පැයක්6-7 අතර කාලයක් පිපෙන්න තබාගන්න. (ශීතකරණයේ නොවෙයි)
🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕
දෙවනි අදියර (පැය 6-7 පසු)
🍕පීසා එක හරියටම හදාගන්නවානම් පීසාගලක් එහෙමත් නැත්තම් Pizza stone එකක් නම් ඕනි,
සාමාන්‍ය oven තැටියක උනත් සාදා ගතහැක නමුත් original pizza quality එකනම් ගන්න බැරිවෙයි.
🍕පළමුව පීසා stone එක oven එකට දමා 240 °C free heat කරන්න හරින්න,
🍕දැන් එක dough එකක් ගෙන මේසය මතට පිටි ටිකක් දාල ඒමත පීසා එක design කරගන්න, පීසා එකේ boader එක මහත් උනාට අපිලිවල උනාට ගැටලුවක් කරගන්න එපා, මොකද ඒක තමයි නාපෝලිතාන් classic pizza එකේ හැටි නැත්තම් uniqueness එක.
🍕පීස එකට තක්කාලි සෝස් එකදාගන්න(ketchup නෙවෙයි😂) බෝඩර්වල ඔලිව්තෙල් පින්සලකින් ගාගන්න
🍕 දැන් pizza shovel එකක් ආධාරයෙන් රත්වුනු oven එකට දාගන්න(පීසා ගලක් තියනවනම් ගල උඩට)
🍕pizza බෝඩරය ලාදුඹුරු පාට එනකොට එලියට ගන්න.
🍕chees කුඩු පොඩි ප්‍රමාණයක් පීස එක මතුපිට විහිදෙන ආකාරයට දමන්න,දැං මොසරැල්ල cheese pizza එක වැසෙන ආකාරයට දමා , ඔරීගනෝ කොළ කුඩු සිවල්පයක් උඩින් ඉහගන්න, සහ ඔලිව්තෙල් මේසහැන්දක් හෝ 2 වගේ උඩින් තැනින් තැනට දමාගන්න,
🍕දැන් නැවත oven එකට දමා මොසරැල්ල හොදින් දියවනතුරු සිට එලියටගන්න.
🍕බැසිලිකෝ කොළ වලින් අලංකාර කරගන්න.
How to hand toss a pizza dough