Italian Translation and Classes

Italian Translation and Classes Professional service for Italian translation and Italian language classes.

23/04/2026
Bathroom
05/04/2025

Bathroom

Cleaning related words..
05/04/2025

Cleaning related words..

About Vehicle parts..
05/01/2024

About Vehicle parts..

Summer expressions
19/07/2023

Summer expressions

https://www.facebook.com/1630595270284948/posts/6026095397401558/
22/11/2022

https://www.facebook.com/1630595270284948/posts/6026095397401558/

කංසා සහ අදාළ නිෂ්පාදන විකිණීම හා ඒ හා සම්බන්ධ ඉතාලියේ පවතින නීතිය.

මගේ ලිපි කියවන පාඨකයින් බොහෝ දෙනෙකු කංසා පිළිබඳ ඉතාලියේ පවතින නීතිමය තත්වය පිලිබදව ප්‍රශ්න අසා තිබූ අතර කාර්යය බහුල කාලයක් වුවද ඉතාලියේ නීතිවේදිනියක් වශයෙන් මේ පිළිබඳ ලිපියක් පල කිරීමට තීරණය කලේ මේ දින වල අප මාතෘ භුමියේද කංසා නීතිගත කිරීම පිලිබඳ කතිකාවතක් ගොඩ නැගී තිබීම හේතුවෙන්.

කංසා යනු රෙදිපිළි සිට වෛද්‍ය ක්ෂේත්‍රය දක්වා විවිධ අංශවල භාවිතා කළ හැකි ශාකයක් බව අප කවුරුත් දන්නා කාරනයක්.
කංසා දුම් පානයක් ලෙස, ඖෂධයක් ලෙස මෙන්ම, පැරණි ජන කොට්ථාෂ විසින් නෞකා නිශ්පාදනයේදී රුවල් සෑදීමටද කංසා ශාකය භාවිතා කොට තිබෙනවා. එමෙන්ම ඉතාලි ජාතික සමුද්‍ර ගවේෂකයකු වන ක්‍රිස්ටෝපර් කොලොම්බස්ද ඔහුගේ නෞකා නිර්මාණය සඳහාද කංසා ශාකය භාවිතා කල බව පැවසෙනවා.

සැහැල්ලු කංසා ඉතාලියේ නීත්‍යානුකූල වශයෙන් භාවිතා කල හැකි වන අතර කංසා පාවිච්චිය පිළිබඳව නීතිය සම්මත කරන ලද්දේ 2016 වර්ශයේදීය (Legge 242/2016).
ඉතාලි නීතියට අනුව කංසා වගා කිරීමේදී අදාල ජාන වෙනස් කිරීමක් තුලින් THC අගය 0.2% සිට 0.6% දක්වා විය යුතුයි.
කෙසේ වෙතත්, මෑතකදී, ඉතාලි රජය විසින් නව පනත් කෙටුම්පතක්ද යෝජනා කර ඇති අතර, මෙයින් ඉතාලියේ පුද්ගලික අරමුණු සඳහා ගැහැණු කංසා බීජ පැල 4ක් දක්වා සංතකයේ තබා ගැනීමට, වගා කිරීමට සහ නිෂ්පාදනය කිරීමට ඉඩ සලසා දීමට නියමිතයි.
මෙම නව යෝජනාවේ අරමුණ වනුයේ සංවිධානාත්මක නීති විරෝධී කංසා විකිණීම නැවැත්වීමයි.
ඉතාලියේ වෙළඳපොලේ නීත්‍යානුකූල කංසා නිෂ්පාදන රාශියක් ඇති අතර, ඒවා තෙල්, මල් හා දුම් යනාදියද වනවා.
කංසාහී ප්‍රයෝජනය හඳුනාගෙන ඒවා මිලදී ගැනීමට කැමති පුද්ගලයන් සඳහා, සුදුසුකම් ලත් CBD සාප්පු (CBD Shop) ඉතාලිය පුරා පිහිටුවා ඇති අතර එම සාප්පු වලින් පමණක් මිලදී ගැනීම සුදුසු බව කිව යුතුයි.

අවසාන වශයෙන්, කිවයුතු වන්නෙ ඉතාලියේ නීති විරෝධී කංසා එනම් අධික ලෙස THC අගය අඩංගු කංසා නීති විරෝදී වන අතර, නීත්‍යානුකූල THC අගය අඩංගු කංසා අවදානම් හෝ අතුරු ආබාධවලින් තොර වන අතර සහතික කළ නිෂ්පාදන මිලදී ගැනීමට අවසරලත් ආයතන මත පමණක් විශ්වාසය තැබීමට සැමවිටම මතක තබා ගැනීම සුදුසු බවයි.

අංක 309/90 නීතියෙ 75 වගන්තිය ප්‍රකාරව පුද්ගලික භාවිතය සඳහා ‍ අධික ලෙස THC අගය අඩංගු කංසා ‍ ළඟ තබාගෙන සිටින්නන් හට අදාළ පරිපාලන සම්බාධක ලබා දිය හැකියි. එනම්, අනතුරු ඇඟවීම; රියදුරු බලපත්‍රය අත්හිටුවීම සහ වෘත්තීය සුදුසුකම් සහතික අත්හිටුවීම වැනි.
කෙසේ වෙතත් ඉතාලියේ අද වන විටත් කුඩා ප්‍රමාණයක THC අගයක් වුවද කංසා නීති විරෝධී ලෙස අලවිකරණය කිරීම මාස 6 සිට අවුරුදු 4 දක්වා සිරදඬුවමක් සහ යුරෝ 1,032 සිට 10,329 දක්වා දඩයක් නියම කල හැකි අපරාධමය වරදක් බවද කිව යුතුයි.

සකස් කලේ
සචිනි වර්ණකුලසූරිය
©️ copyright, all rights reserved
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941
È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione di Ital Lanka.

Indirizzo

Catania
95125

Orario di apertura

Lunedì 09:00 - 17:00
Martedì 09:00 - 17:00
Mercoledì 09:00 - 17:00
Giovedì 09:00 - 17:00
Venerdì 09:00 - 17:00
Sabato 09:00 - 13:00
Domenica 09:00 - 13:00

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Italian Translation and Classes pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi