England Bio Sir

England Bio Sir Biology and foreign education support

20/12/2025
20/12/2025

එංගලන්තේ සිට online කරන ජීව විද්‍යාව පංතිය.. අද පටන් ගත්තෙ මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය..

ලංකාවේ සහල් මිල වැඩිවීමට හේතුව ඇත්තටම ලංකාවෙ කුඹුරට බැහැල වගා කරන්නේ ගොවියා විතරයි. වගාවට දහඩිය මහන්සියෙන්  මාස තුන හතරක...
18/02/2025

ලංකාවේ සහල් මිල වැඩිවීමට හේතුව

ඇත්තටම ලංකාවෙ කුඹුරට බැහැල වගා කරන්නේ ගොවියා විතරයි. වගාවට දහඩිය මහන්සියෙන් මාස තුන හතරක් ම්පූර්ණ ශ්‍රමය වැය කරන්නේ ගොවියා විතරයි.

නමුත් මේ ගොවියට උපදෙස් දීම සඳහා සහ මේ ගොවියාගේ වගා කරන වී පිළිබඳව විවිධ කරුණු පුරෝකතනය කිරීම සහ සමාලෝචනය සඳහා විශාල ාජ්‍ය සේවකයන් පිරිසක් විවිධ ාජ්‍ය ආයතන ගණනාවකුත් ලංකාවේ ඇත.

ඔවුන් එකෙකුවත් කුඹුරට බැස ොවියාගේ ශ්‍රමය සඳහා උදව්වක් කරන්නේ නැත. ගොවියාගේ අස්වැන්න සඳහා සම්පූර්ණයෙන්ම බලපාන්නේ දේශගුණික සාධක සහ ගොවියාගේ මහන්සියි.

ගොවියාට මග පෙන්වීමට යැයි කියා ාජ්‍ය ආයතන ගණනාවක් ඇත ිකර්ම දෙපාර්තමේන්තුව, වී අලවි මණ්ඩලය, පර්යේෂණ ආයතන, ඊට අමතරව වගා නිලධාරීන් ඇතුළු විශාල රාජ්‍ය සේවකයන් පිරිසක් දිනකට වී වගාව වෙනුවෙන් රජයේ මුදල් කෝටි ගණනක් වැටුප වශයෙන් ලබාගනියි..

Eta අමතරව උසස් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් සෑම දිනම කෘෂිකර්මය සම්බන්ධයෙන් රැස්වීම් සහ වැඩමුළු ලංකාව පුරා පවත්වන අතර එම වැඩ මුළු සඳහා යන වියදම සහ ඒවාට භාවිතා කරන රථවාහන, තෙල් හ වෙනත් රාජ්‍ය දේපළ ඇතුළු, ඒ වගේ වටිනාකම දිනකට කෝටි ගණන ඉක්‌මවයි..

ඉතින් එක දිනකට වී වගාව සඳහා රුපියල් කෝටි ගණනක මුදලක් නිකරුණේ ශ්‍රී ලංකාව නාස්ති කරයි.. මෙම කිසිම මුදලක් ගොවියාට වගාව සඳහා ලැබෙන්නේ නැත. මහන්සි වී වගා කරන්නේ ගොවියා පමණි..

අවසානේ ගොවියාට ලැබෙන අස්වැන්න හොඳ ගානකට විකුණා ගන්නට බැරිය. එයට හේතුව එක වී කිලෝවක් වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණනාවක් රජය වියදම් කර අවසන් නිසාය....

ඉතින් ඒ නිසා සිදු විය යුත්තේ ගොවියාට පාඩුවේ වගා කරන්නට දී, ගොවියා වෙනුවෙන් කයිවාරු ගසන සහ රැස්වීම් පවත්වන නිලධාරීන් සංඛ්‍යාව අඩුකිරීම නොවේද..

රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව සහ ඔවුන්ගෙන් සිදුවන මුදල් නාස්තිය අඩු කිරීම සඳහා කුමන හෝ ආණ්ඩුවකට නොහැකි වනු ඇත.. එයට හේතුව ේශපාලඥයන්ට වඩා රාජ්‍ය නිලධාරීන් බලවත් නිසාය..

අති විශාල රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් කිසිවක් නොකර මුදල් නාස්ති කරන රටක වී වලට හෝ කිසිම කෘෂි නිෂ්පාදනයකට සාධාරණ මිලක් ලබාදීමට නොහැකිය..

කිසිදු ආණ්ඩුවකට එය සිදුකළ නොහැක.
එ නිසා පත්වන ආණ්ඩුවලට බැණ බැණ සිටීමෙන් ඵලක් නැත.. සිදුකළ යුත්තේ අණ වශ්‍ය රාජ්‍ය ආයතන අනවශ්‍ය නිලධාරීන් සහ බොරු රැස්වීම් නවතා දැමීමයි.

මම පදිංචි වී සිටින එංගලන්තයේ ගොවියන් විශාල ප්‍රමාණයේ ඉඩම්වල වගා කරන අතර අඩුම තරමේ එක රාජ්‍ය නිලධාරියකුවත් ඒවා අධීක්ෂණයට යන්නේ නැත. රට තුළ කිසිදු රාජ්‍ය ආයතනයක් පෙනෙන්නට නැත..
පලක් නැති බොරු රැස්වීම් රටේ කොහෙවත් නැත. දේශපාලනඥයන් එක්රැස්වන්නේද නැත.. ගොවියා පාඩුවේ වැඩේ කරගෙන යයි.

හැම දෙයක්ම ගොවියට onlineක්‍රමවේදය ඔස්සේ විස්තර දැනගත හැක. ඉතින් මේ රටේ කිසියම් කෘෂි නිෂ්පාදනයක් සිදුකිරීම සඳහා ගොවියාට හෝ රජයට විශාල මුදලක් වැය වෙන්නේ නැත..

හේතුව මේ නිෂ්පාදන සඳහා දායක වන සේවකයන් ප්‍රමාණය ඉතා අඩු වීමයි..

ඒ නිසා දරාගන්ඩ බැරි රාජ්‍ය සේවකයන් පිරිසක් සහ වැඩක් නැතිව දවසම රැස්වීම් කරන උසස් නිලධාරීන් ඉන්න තාක් කල් ලංකාවේ කිසිදු කෘෂි නිෂ්පාදනයකට මිලක් ලැබෙන්නේ නැත.. එසේම කවදාවත් සහල් මිල නැවත අඩු වන්නේ නැත.. මෙවැනි රටක් සංවර්ධනය වීම යනු ඔබ දකින හීනයකි..

Sri Lankan people's are more different than others
20/01/2024

Sri Lankan people's are more different than others

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when England Bio Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to England Bio Sir:

Shortcuts

Share