25/08/2026
RUN ACROSS SRI LANKA 2026 🇱🇰🏃♂️
දිස්ත්‍රික්ක 25ක් | දින 25ක් | මැරතන් 25ක්
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම යා කරමින්, ලෝක වාර්තා අභියෝගයක් වෙනුවෙන් දිව යන නලින්ද කසුන්ගේ ඓතිහාසික ධාවන මෙහෙයුමේ තවත් තීරණාත්මක අදියරක් හෙට ක්‍රියාත්මක වේ. 🔥🇱🇰
පොළොන්නරුවේ සිට අද උදෑසන ක්‍රියාත්මක වූ 11 වැනි අදියර සාර්ථකව නිම කළ නලින්ද කසුන්, දැන් සිය මීළඟ අභියෝගයට සූදානම්.
🏃♂️ හෙට — අගෝස්තු 26
📍 මඩකලපුව සිට අම්පාර දෙසට
දැඩි උෂ්ණත්වය, ශාරීරික වෙහෙස සහ මඟ දිගේ හමුවන අභියෝග කිසිවක් හමුවේත් සිය අරමුණ අත් නොහරින නලින්ද කසුන්ගේ මේ ඓතිහාසික ගමනට ඔබේ සහයෝගය විශාල ශක්තියකි. 💪❤️🔥
ඔබටත් පුළුවන් මේ ගමනේ කොටස්කරුවෙකු වන්න…
🏃♂️ නලින්ද සමඟ මද දුරක් හෝ එක්ව දුවන්න.
👏 මාර්ගය අසලට පැමිණ උණුසුම් අත්පොළසන් නාදයකින් දිරිගන්වන්න.
❤️ ඔහුගේ ධාවන මෙහෙයුමට ඔබේ ආදරය හා සහයෝගය ලබාදෙන්න.
📲 මේ පණිවිඩය ඔබේ මිතුරන් අතර බෙදාහරින්න.
ඔබේ එක් අත්පොළසන් නාදයක් පවා ඔහුගේ ඊළඟ කිලෝමීටරයට ශක්තියක් වේ! ❤️🔥
ශ්‍රී ලංකාව පුරා දිව යන මේ සුවිශේෂී මැරතන් ගමනේ සාක්ෂිකරුවන් පමණක් නොවී, එහි කොටස්කරුවන් වෙමු! 🇱🇰
Run with Nalinda Kasun.
Support the journey.
Be part of history! 🏃♂️🔥