Surangi Teacher

Surangi Teacher

Share

Pride Of The Nation👉Justice Of Peace👉Dip in English & Primary ACHE ❤️TKT University Of
Cambridge

22/06/2026

මමත් වාසනාවන්ත වුණා පිංවන්ත හොඳ අම්මෙක් ඇසුරේ ජීවත් වෙන්න. ගොඩක් පිං අම්මේ මගේ ජීවිතේට සතුට සැනසුම ලබා දෙනවාට.මං ආදරෙයි සසර පුරාවටම.නිදුක් නීරෝගී බව දීර්ඝායුශ ලැබේවා.තෙරුවන් සරණයි. 🩷🙏

21/06/2026

💙 පියවරුන්ගේ දිනය වෙනුවෙන් මගේ ආදරණීය තාත්තාට...💙

මගේ ජීවිතයේ ශක්තිය වූත්, ආරක්ෂාව වූත්, මට හැමදාම සෙවනැල්ලක් වූත් ඔබට අද පියවරුන්ගේ දිනයේදී හදවතින්ම ආචාර කරමි.

මා වෙනුවෙන් ඔබ කළ කැපකිරීම්වලට සීමාවක් නැත. මගේ සතුට වෙනුවෙන් ඔබ ඔබේ සතුට පවා අතහැරියා. මට හොඳ අනාගතයක් ගොඩනැගීමට ඔබ නිහඬවම බොහෝ දුක් වින්දා. අද මම සිටින තැනට එන්නට ඔබේ ආදරය, කැපවීම සහ ආශිර්වාදය විශාල හේතුවකි.

අද මගේ දරුවා දෙස ඔබ බලන ආදරණීය ඇස් දැකින විට, ඔබගේ ආදරය කාලයත් සමඟ තවත් ලස්සන වී ඇති බව මට හැඟේ. මට ආදරය කළ ඒ හදවතම, අද මගේ දරුවාටත් නොඅඩුව ආදරය කරමින් සිටියි.

තාත්තා, ඔබ මගේ ජීවිතයේ වටිනාම වස්තුවයි. ඔබ වැනි පියෙක් ලැබීම මගේ ජීවිතයේ ලොකුම වාසනාවකි.

🙏 ඔබට දීර්ඝායුෂ, නිරෝගී සුවය සහ සතුට පිරි ජීවිතයක් ප්‍රාර්ථනා කරමි.

❤️ හැම ආත්මයකම මගේම තාත්තා වී ඉපදේවා...!❤️

සුබ පියවරුන්ගේ දිනයක් වේවා, මගේ ආදරණීය තාත්තා.🌹💙

✍️ මං ඔබේ ආදරණීය එකම දියණිය සුරංගි 😘💕

21/06/2026

මව්පියන් යනු අපේ ජීවිතයේ පළමු ගුරුවරුන්ය. පළමු මිතුරන්ය. පළමු ආරක්ෂකයන්ය.

ඔවුන් ජීවත්ව සිටින විට ආදරයෙන් වචනයක් කතා කරන්න.
ඔවුන් අසල හිඳ මොහොතක් ගත කරන්න.
ඔවුන්ගේ දෑත් අල්ලා “ඔබට ආදරෙයි” කියන්න.🥰

මියගිය පසු දහස් ගණන් වියදම් කර කරන පින්කම්වලට වඩා, ජීවත්ව සිටින විට දෙන ආදරය, සැලකිල්ල සහ ගෞරවය ඔවුන්ට වටින්නේය.

අම්මාගේ හිනාවත්, තාත්තාගේ ආශිර්වාදයත් සදාකාලික නොවේ.
එබැවින් අදම ඔවුන් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න.

හෙට දවසේ “තවත් ටිකක් ආදරෙන් ඉන්න තිබුණා නම්...” යන පසුතැවිල්ලෙන් හදවත බර කරගැනීමට වඩා, අදම ඔවුන්ගේ හදවත සතුටින් පුරවමු.

❤️ මව්පියන් ජීවත්ව සිටියදී ඔවුන්ට ආදරය කරන්න.
ඔවුන්ගේ වටිනාකම දැනිය යුත්තේ ඔවුන් අපට නැතිවූ පසුව නොවේ, ඔවුන් අප සමඟ සිටින අද දවසේදීය.

✍️ *සුරංගි ටීචර්* 🌷

Photos from Surangi Teacher's post 20/06/2026

ඔයාලගෙ චූටි සර් සදීෂට අද තවත් සුවිශේෂී ජයග්‍රාහී දවසක්.🩷🥰🙏

Photos from Baby Sharks's post 19/06/2026

මං දැකපු ලස්සන cute ම ඇදුම් තියෙන page එකක්. ඔයාලගෙ පුංචි සුරංගනාවියන්ටත් ඔන්න ලස්සන ඇදුම් ගන්න අදම follow කරන්න.🩷😘🥰

19/06/2026

සදිෂ පුතාටත් ඉන්නවා එහෙම යාළුවෝ ගොඩක් ,සදිෂ පුතාගේ වීඩියෝ දැකලා එයාල ගොඩක් හොඳ වෙලා දැන් කොළ කැඳ බොනවලු,පාඩම් වැඩ කරනවලු අපිටත් හරිම සතුටුයි. 🥰😍

19/06/2026

ඔයාලගෙ පුංචි පැටවුන්ට චූටි සර් සදීෂගෙ මේ වීඩියෝ එක පෙන්වන්න. ඇත්තටම එයාලා හොඳ පුරුදු සතුටින් ඉගෙන ගනීවි. 🤗🩷😍🥰😘

19/06/2026

19/06/2026

අපේ 1, 2 ශ්‍රේණි පුංචි පැටවු පස්රූල මත ලිවීමේදී වැරදි සිදුවන අකුරු කිහිපයක් පහත වීඩියෝව මගින් නිවැරැදිව මා ලියා පෙන්වනවා. ඔයාගෙ පැටියාටත් පෙන්වන්න.ලස්සන බෝල මුතු අකුරු ලියන්න පැටියෝ.ටීචර් ඔයාලට ගොඩක් ආදරෙයි 🩷😍✍😘

19/06/2026

ප්‍රශ්න ඇසීමේදී භාවිතා කරන ඉංග්‍රීසි වචන.👇✍🩷

Want your school to be the top-listed School/college in Hammersmith?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Hammersmith