Help Sri Lankan to Migrate

Call Directions

Help Sri Lankan to Migrate ජීවිතේ වෙනස්ම විදිහට

Nurses ලට හීන දකින්න තහනම් ද?😔Nurse  කෙනෙක් විදිහට ඔයාගේ ultimate goal එක මොකක්ද? කවදාවත් ඔයා මේ ගැන හිතුවද.. "මම nurse ...
15/03/2026

Nurses ලට හීන දකින්න තහනම් ද?😔

Nurse කෙනෙක් විදිහට ඔයාගේ ultimate goal එක මොකක්ද?
කවදාවත් ඔයා මේ ගැන හිතුවද.. "මම nurse කෙනෙක් විදිහට මගේ career එකේ උඩටම ගිහින් මාවම දකින්න කැමතිම විදිහ මොකක්ද?"

බටහිර රටවල් වල nursing students ලාට මේ අරමුණ ඒ අරමුණ යන පාරවල් ගැන කියලා දෙන්නේ student period එකේදීමයි. ඒ ළමයි ඇවිත් අපිත් එක්ක එයාලගේ goals ගැන කතා කරද්දී හිතට පුදුම දුකයි අපේ ළමයි ගැන මතක් වෙලා. අපේ nursing ගැන මතක් වෙලා. අපිට කොහෙද වැරදුනේ??

මේ post එක වැරදුන තැන ගැන කතා කරන්න නෙමෙයි. ඔයාගේ හීන ගැන කතා කරන්න.

Nursing කියලා කියන්නේ අපි හිතන් තරම් පටු profession එකක් නෙමෙයි. ඒක මේ health sector එකේ හැම තැනම අතු විහිදිලා ගිය/ යන රූස්ස ගහක් වගේ.
කෙටියෙන් මෙහෙම කතා කරමු.

1. Career Pathways.
බටහිර රටවල හෙද වෘත්තිය ප්‍රධාන අංශ හතරකට බෙදා දක්වන්න පුළුවන්. ඔබට ඔබගේ දක්ෂතාවය අනුව කැමති අංශයක් තෝරාගත හැකිය.

Clinical Pathway (සායනික අංශය): රෝගී සත්කාරයේම නිරත වෙමින් විශේෂඥ දැනුම ලබා ගැනීම. (උදා: Registered Nurse ➡️ Clinical Nurse Specialist ➡️ Nurse Practitioner).

Management Pathway (කළමනාකරණ අංශය): වාට්ටුවක හෝ රෝහලක පාලන කටයුතු භාර ගැනීම. (උදා: Nurse (band 5)➡️ward sister➡️Unit Manager ➡️ Matron ➡️ etc.etc..➡️Director of Nursing).

Education Pathway (අධ්‍යාපන අංශය): (උදා: Clinical Nurse Educator ➡️ Nurse Educator).

Research Pathway (පර්යේෂණ අංශය): වෛද්‍ය විද්‍යාව සහ හෙද සත්කාරය දියුණු කිරීමට පර්යේෂණවල නිරත වීම.

2. විශේෂඥ හෙදියක වීම (Specialization)
ඔබට සාමාන්‍ය වාට්ටුවක සේවය කරනවාට වඩා යම් නිශ්චිත අංශයක් ගැන විශේෂඥ දැනුමක් ලබාගත හැකිය. මෙවැනි විශේෂඥ හෙදියන් සඳහා ඉතා ඉහළ වැටුපක් සහ ගෞරවයක් හිමිවේ.

ICU / Critical Care Nurse
Theatre nurse
A&E Nurse
Oncology Nurse
Midwifery
Mental Health Nurse
මේ වගේ තව ගොඩක් තියනවා specialities. මේ හැම එක්කම specialist nurse කෙනෙක් විදිහට ඉහළට යන්න පුළුවන්.

උදාහරණයක් විදිහට medical ward එකක heart failure patient කෙනෙක් ඉන්නවා නම් medical consultant තනියම ඒ ලෙඩාගේ තත්ත්වය ගැන තීරණ ගන්නේ නෑ. එයා කෙලින්ම කියන්නේ heart failure nurse referral එකක් දාන්න කියලා. එතකොට ඒ specialist nurse ඇවිත් බලලා management plan එක දෙනවා.ඕනි උනොත් එයාගේ consultant/ medics ලාට patient further refer කරනවා.

3. ඔබගේ සුදුසුකම් ඉහළ නංවා ගන්නේ කෙසේද? (How to Upgrade)
ඔයා මුලින්ම පටන් ගන්නේ band 5 (RN) විදිහටනේ.අඩුම 2/3 years experience ඕනි උඩට යන්න.
ඔයා apply කරන් post එකත් එක්ක ඉල්ලන qualification වෙනස් වෙනවා.ඉතින් මේ අතරතුර ඔයාට පුළුවන් තව qualification හදාගන්න.

A. පශ්චාත් උපාධි සහ ඩිප්ලෝමා (Postgraduate Education)
ඔයා සේවය කරන අතරතුර රෝහලේ අනුමැතිය ඇතිව පශ්චාත් උපාධි ඩිප්ලෝමා (Graduate Diploma) හෝ මාස්ටර්ස් (Masters in Nursing) කරන්න පුළුවන්. බොහෝ රෝහල් මේ සඳහා මුදල් ප්‍රතිපාදන (Grants) සහ නිවාඩු (Study Leave) ලබා දෙනවා.

B. Nurse Practitioner (NP) තත්ත්වය ලබා ගැනීම.
Nursing වල clinical side එකේ ඉහළම තලයක් Nurse Practitioner. මේ සඳහා මාස්ටර්ස් උපාධියක් සහ වසර කිහිපයක පළපුරුද්ද අවශ්‍ය වේ. NP කෙනෙකුට රෝගීන් පරීක්ෂා කර බෙහෙත් නියම කිරීමට (Prescribe medication) සහ පරීක්ෂණ ඇණවුම් කිරීමට පවා බලය තියනවා.

C. කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලා (Short Courses)
සෑම වසරකම වෘත්තීය මට්ටම පවත්වා ගැනීමට CPD (Continuing Professional Development) පැය ගණනක් සම්පූර්ණ කළ යුතුය. මේ හරහා නව තාක්ෂණය සහ නවතම වෛද්‍ය ක්‍රමවේද පිළිබඳව ඔබ යාවත්කාලීන වේ.

4. වෘත්තීය දියුණුව නිසා ලැබෙන වාසි
වැටුප් වර්ධකය: ඔබ විශේෂ සුදුසුකමක් ලබා ගන්නා සෑම අවස්ථාවකම ඔබගේ වැටුපට අමතර දීමනාවක් (Qualification Allowance) එකතු වේ.

වැඩ කරන කාලය: කළමනාකරණ හෝ අධ්‍යාපන අංශයට යන විට රාත්‍රී සේවා (Night shifts) වෙනුවට සාමාන්‍ය දහවල් සේවා කාලය (Office hours) පමණක් වැඩ කිරීමට අවස්ථාව ලැබේ.

වෘත්තීය ගරුත්වය: ඔබ විශේෂඥ දැනුම සහිත අයෙකු වන විට වෛද්‍යවරුන් පවා ඔබගේ තීරණවලට ගරු කරනු ලබයි.

මතක තියාගන්න:
Nursing කියන්නේ හුදෙක් රෝහලක බෙහෙත් දෙන රැකියාවක් නෙවෙයි, එය අඛණ්ඩව ඉගෙන ගනිමින් ඉහළටම යා හැකි අභිමානවත් වෘත්තීමය ගමනක්.

ඉතින් ඒ වගේ ලස්සන ගමනකට හීන දකින ඔයාලා හැමෝටම මම සුභ පතනවා ඒ දකින හීන හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා.🤩🤩

ඔයටත් මේ phobia එක තියනවාද.😰😰මේක විදේශගත වෙන්න ඉන්න ගොඩක් අයට තියෙන ලොකුම "Phobia" එකක්. පලමු වතාවට සුදු ජාතිකයෙක් (Nati...
14/03/2026

ඔයටත් මේ phobia එක තියනවාද.😰😰

මේක විදේශගත වෙන්න ඉන්න ගොඩක් අයට තියෙන ලොකුම "Phobia" එකක්. පලමු වතාවට සුදු ජාතිකයෙක් (Native Speaker) ඉස්සරහට ගියාම ගොඩක් අය ගල් ගැහෙනවා. වචන අමතක වෙනවා.

🛑 "සුද්දෙක් එක්ක කතා කරන්න මට බයයි..." 🗣️🇬🇧🇦🇺
(විදේශගත වෙන්න ඉන්න හැම නර්ස් කෙනෙක්ටම තියෙන මේ පොදු බය නැති කරගන්නේ කොහොමද?)

පළමු වතාවට රට ගියපු ගමන් ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි "මගේ English Skills මදි වෙයිද?", "මම කියන දේ එයාලට තේරෙයිද?", "එයාලා කියන දේ මට තේරෙයිද?" කියන එක.

යාලුවනේ, මේක ඇත්තටම සාධාරණ බයක් තමයි, කවුරුවත් අදුරන්නේ නැති තැනකට ගිහින් වෙනස්ම විදිහකට communicate කරන එක ලේසි නෑ. හැබැයි මෙතන අපි හිතන තරම් බය වෙන්න දේකුත් නෑ. පොඩි "හුරුවීමක්" විතරයි ඔයාට ඕන. මෙන්න මේ ඇත්ත ටික තේරුම් ගන්න: 👇

✅ 1. ඉංග්‍රීසි කියන්නේ අපේ "මව් භාෂාව" නෙවෙයි!
පළවෙනි දේ තමයි, ඉංග්‍රීසි කියන්නේ අපේ දෙවැනි භාෂාව (Second Language). ඒ නිසා ඔයාට සුද්දෙක් වගේම Accented English කතා කරන්න බැරි වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා කියන දේ එයාට "තේරෙනවා නම්" එපමණයි! ඔයාගේ Professionalism එක මැනෙන්නේ ඔයාගේ Nursing Skills වලින් මිසක් ඔයා පාවිච්චි කරන ලොකු වචනවලින් නෙවෙයි. හැම වෙලේම simple විදිහට කතා කරන්න try කරන්න.

✅ 2. ඔවුන් අපේ උත්සාහය අගය කරනවා (They are Supportive!)
ගොඩක් බටහිර රටවල මිනිස්සු හරිම නිහතමානී. ඔයා වචන පටලව ගත්තත්, එයාලා කවදාවත් ඔයාට හිනා වෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා ඉවසීමෙන් ඔයා කියන දේ අහගෙන ඉන්නවා. වැරදුණොත් නිවැරදි කරන්න උදව් කරනවා මිසක් ඔයාව වට්ටන්නේ නැහැ.

✅ 3. OET / IELTS පාස් කියන්නේ ඔයාට "පුළුවන්" කියන එකයි!
මතක තියාගන්න, ඔයා විභාගය පාස් වෙලා රට යන්නේ ඔයාට ඒ භාෂාව හැසිරවීමේ හැකියාව තියෙනවා කියලා ජාත්‍යන්තරව පිළිගත්ත නිසයි. ඒ නිසා ඔයාගේ හැකියාව ගැන සැක කරන්න එපා. ඔයාට ඒ "Standard" එක තියෙනවා!

✅ 4. දින 14ක රීතිය (The 14-Day Rule)
ඕනෑම රටකට ගියාම පලමු දවස් 14 ඔයාට ටිකක් අමුතුයි වගේ දැනෙයි. එයාලගේ Accent එක (උච්චාරණය) අල්ලගන්න පොඩි කාලයක් යයි. හැබැයි දවස් 14ක් යද්දී ඔයාගේ කන ඒකට හුරුවෙනවා. මාසයක් යද්දී ඔයා නිකන්ම එයාලත් එක්ක කතා කරන්න පටන් ගන්නවා.

💡 බය නැති කරගන්න පොඩි ටිප්ස් ටිකක්:
Slow down: මුලදී වේගයෙන් කතා කරන්න යන්න එපා. හෙමින්, පැහැදිලිව වචන උච්චාරණය කරන්න.

Don't be afraid to ask: යම් දෙයක් තේරුණේ නැත්නම් "Could you please repeat that?" "Come again" කියලා අහන්න බය වෙන්න එපා. ඒක මේ රටවල් වල හරිම සාමාන්‍ය දෙයක්.

Watch & Listen: එහේ රෝහලට ගියාම අනිත් අය රෝගීන් එක්ක කතා කරන විදිහ හොඳට අහගෙන ඉන්න. ඒ රටාව ඉක්මනින් අල්ල ගන්න.

ඔයා රට යන්නේ ඉංග්‍රීසි උගන්නන්න නෙවෙයි. ඔයාගේ Nursing Skills වලට භාෂාව බාධාවක් කරගන්න එපා. ලෝකය පුරා ඉන්න දහස් ගණන් ලාංකික නර්ස්ලා මේ බාධාව ජයගෙන අද සුද්දන්ටත් nursing උගන්නනවා!

ඔයාත් මේ බය හිතේ තියන් ඉන්න කෙනෙක් නම්, කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ගැන කතා කරමු. 👇💪

English ඉගෙන ගන්න මේ trick එක try කරලා බලන්න.✨✨ඉංග්‍රීසි ඉගෙනගන්න එක "කළුගලක ඔළුව හප්ප ගන්නවා වගේ" වැඩක් එහෙමත් නැත්නම් ...
13/03/2026

English ඉගෙන ගන්න මේ trick එක try කරලා බලන්න.✨✨

ඉංග්‍රීසි ඉගෙනගන්න එක "කළුගලක ඔළුව හප්ප ගන්නවා වගේ" වැඩක් එහෙමත් නැත්නම් impossible දෙයක් කියලා හිතන අය අපේ රටේ ඕනෑතරම් ඉන්නවා. හැබැයි ඇත්තම කතාව, ඉංග්‍රීසි කියන්නේ ඉගෙනගන්න ලෝකයේ තියෙන ලෙහෙසිම භාෂාවලින් එකක්.

විශේෂයෙන්ම නර්ස් කෙනෙක් විදිහට, ඔයා දැනටමත් ඉගෙනගෙන තියෙන procedures, skills, knowledge එකත් එක්ක මේක ඉක්මනින් පුරුදු කරන්න පුළුවන් සුපිරිම විද්‍යාත්මක ක්‍රමවේදයක් තියනවා. ඒ තමයි "Muscle Memory effect" එක.

🧠 මොකක්ද මේ Muscle Memory effect එක?

ඊට කලින් ඔයා මතක් කරලා බලන්න ඔයා මුලින්ම රෝගියෙකුට කැනියුලා (Cannula) එකක් දාපු හැටි. එදා ඔයාගේ අත් වෙවුලන්න ඇති, පියවරෙන් පියවර මතක් කරන්න ඇති. සමහර විට දෙතුන් පාරක් දාන්න වෙන්න ඇති.අනන්තවත් tissue වෙලා ඇති. හැබැයි අද? ඔයාට ඕනෑම වෙලාවක ඇස් පියාගෙන වුණත් ඒක කරන්න පුළුවන්. ඒකට හේතුව දන්නවද. ඔයාගේ අත්වල මාංශ පේශිවලට ඒ ක්‍රියාව පුරුදු වෙලා (Muscle Memory).

භාෂාවකදී වෙන්නේත් මේකමයි. ඉංග්‍රීසි කියන්නේ "දැනුම" (Knowledge) නෙවෙයි, ඒක "හුරුවක්" (Habit). ඔයාගේ කටේ තියෙන මාංශ පේශි ඉංග්‍රීසි වචන උච්චාරණය කරන්න පුරුදු කරන්න ඕනේ.

🚀 නර්ස්ලාට ඉංග්‍රීසි ඉක්මනින් ඉගෙනගන්න Steps 4ක්:
1. "කට ඇරලා" කියවන්න (Vocal Practice) 🗣️
ගොඩක් අය කරන්නේ හිතින් කියවන එක. එතකොට ඔයාගේ මොළය දැනගත්තට, කටේ muscles ඒක පුරුදු වෙන්නේ නැහැ. Mouth, tongue, throat muscles මේවාට පුරුදු වෙන්න ඕන.

පොඩි ටිප් එකක්: OET/IELTS Reading passage එකක් කියවද්දී ශබ්ද නගලා කියවන්න. එතකොට අමාරු වචන උච්චාරණය කරන්න ඔයාගේ දිව හුරුවෙනවා.

2. Shadowing Technique (අනුකරණය) ඩ්‍රාමා එකක් වගේ කරන්න 🎭
Native English speak කරන කෙනෙක් කතා කරන වීඩියෝ එකක් අරන්, එයා කියන විදිහටම, ඒ වේගයෙන්ම, ඒ විදිහටම කියන්න උත්සාහ කරන්න.

පොඩි ටිප් එකක්: රෝගියෙක් එක්ක කතා කරන සාමාන්‍ය වාක්‍ය ඛණ්ඩ (උදා: "I'm going to take your blood pressure now") දවසට කිහිප වතාවක් ශබ්ද නගලා කියන්න. සති දෙකක් යද්දී ඔයාටත් නොදැනීම ඒක කටට එනවා.

3. Thinking in English (හිතන්නෙත් ඉංග්‍රීසියෙන්) 🧠
ලංකාවේ අය කරන ලොකුම වැරැද්ද තමයි සිංහලෙන් හිතලා ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන එක. එතකොට ලොකු වෙලාවක් යනවා.

පොඩි ටිප් එකක්: වාට්ටුවේ ඉද්දී ඔයා කරන වැඩ ටික ඉංග්‍රීසියෙන් හිතන්න. "I need to check the infusion rate", "Patient is stable". පොඩි පොඩි වචනවලින් පටන් ගන්න. මෙහෙම කිව්වම WD එකේදි English වලින් තියා කොහොමත් හිතන්නෙවත් වෙලාවක් නෑ කියන්නෙපා ඉතින්.

4. දින 90 නීතිය (The 90-Day Challenge) 📅
කැනියුලා එකක් දාන්න පුරුදු වෙන්නත් කාලයක් ගියා නේද? ඉංග්‍රීසිත් එහෙමයි. දින 90ක් එක දිගට දවසට පැය 2ක් මේ Muscle Memory එකට ඉඩ දෙන්න.

වැදගත්ම දේ: වැරදෙයි කියලා බය වෙන්න එපා. වැරදි වැරදි කතා කරද්දී තමයි හරි විදිහ පුරුදු වෙන්නේ.

💡 අවසාන පණිවිඩය:
නර්ස් කෙනෙක් විදිහට ඔයාට ඕනේ "ඉංග්‍රීසි සාහිත්‍ය " නෙවෙයි, "වැඩ කරන්න කතා කරන්න සාමාන්‍ය ඉංග්‍රීසි". ඒක ලෝකයේ තියෙන ලෙහෙසිම දෙයක්. Nurse කෙනෙක් විදිහට කොච්චර අමාරු වෙලා ලෙඩෙක් ආවත් අන්තිමට බැනුම් අහලා හරි හොඳ කරලා යවන්න මහන්සි වෙන ඔයාට බැරි නෑ ඔයාගෙ අනාගතේ වෙනුවෙන් මේ දේ කරන්න. 💖💖

ඔයාගේ Comfort Zone එකෙන් එළියට එන්න. අද ඉඳන් කට ඇරලා ඉංග්‍රීසි වචන උච්චාරණය කරන්න පටන් ගන්න.

🛑 රට යන්න කලින් ඔයත් මේක කියවන්නම ඕනි ලිපියක්.රට යන හැමෝම දැනගත යුතු තිත්ත වගේම පැණි රස ඇත්තක් ගැන අපි කතා කරමුද...ලංකාව...
10/03/2026

🛑 රට යන්න කලින් ඔයත් මේක කියවන්නම ඕනි ලිපියක්.

රට යන හැමෝම දැනගත යුතු තිත්ත වගේම පැණි රස ඇත්තක් ගැන අපි කතා කරමුද...

ලංකාව සහ විදේශ රටක සැබෑ ජීවිතය 🌏✈️

විදේශගත වෙන්න කලින් ඕනෑම කෙනෙක් දෙපාරක් නෙවෙයි දහපාරක් හිතන ප්‍රධානම දේ තමයි "ලංකාවේ ජීවිතයද සැප? එහේ ජීවිතයද සැප?" කියන එක.
මේ තියෙන්නේ හැබැයි මගේ අත්දැකීම් එක්ක මම දකින පැත්ත. මේක සමහර විට වෙන කෙනෙක් සම්පූර්නයෙන් වෙනස් විදිහට අත්දැකලා ඇති.

හුඟක් අය හිතන්නේ රට ගියපු ගමන් සේරම ප්‍රශ්න ඉවරයි කියලනේ. හැබැයි ඇත්තම කතාව ඊට වඩා වෙනස්. අපි බලමු මේ දෙකේ වෙනස මොකක්ද කියලා? 👇

💵 1. ආර්ථිකය සහ ඉතිරිකිරීම (Money)
පළවෙනිම වැදගත්ම දේ. මොකද අපි ගොඩක් රට යන්න plan කරන්නේ මේ නිසානේ.
ලංකාවේ: පඩිය ලැබුණ ගමන් ඉවරයි. ණය, ලයිට් බිල් ගෙවලා යන්තම් කෑම බීම වලට ගෙවුවම ඉතිරියක් නෑ. සමහර වෙලාවට තව ණය වෙන්න වෙනවා පඩිය මදි වෙලා.

ඔයාගේ dream country එකේ: මහන්සි වෙන තරමට සල්ලි තියෙනවා (හැබැයි තාමත් nurses pay එක අඩුයි) . බිල්පත් ගෙවලා, හොඳට කාලා ඇඳලා, පවුලේ අයටත් යවලා, සැලකිය යුතු මුදලක් ඉතිරි කරන්න පුළුවන්. මුලදී මේක අමාරුයි. හැබැයි කල් යද්දී plan එකක් ඇතුව money management කරන ඕන කෙනෙක්ට මේක යථාර්ථයක්. Husband and wife දෙන්නම මේකට ටිකක් මහන්සි වෙන්න ඕන.

🏡 2. ජීවන තත්ත්වය (Lifestyle)
ලංකාවේ: පාරවල්වල ට්‍රැෆික්, දූවිල්ල, අව්ව, හැමදේකටම පෝලිම්. හැබැයි ඕනෑම වෙලාවක උදව්වට කවුරු හරි ඉන්නවා.

එහේ: පිරිසිදු වාතය, ක්‍රමවත් පොදු ප්‍රවාහනය, නිදහස සහ විනය. නීතිය හැමෝටම එකයි. හැබැයි හැමදේම තනියම කරගන්න පුරුදු වෙන්න ඕනේ. හදිසියකටවත් ලේසියෙන් අසල්වැසියන් වත් එන්නේ නෑ.

❤️ 3. පවුල සහ මානසික නිදහස
ලංකාවේ: අම්මා තාත්තා ළඟ, නෑදෑයෝ ළඟ. ප්‍රශ්නයක් වුණාම කතා කරන්න කෙනෙක් ඉන්නවා. හැබැයි ආර්ථික ප්‍රශ්න නිසා හිතේ නිදහසක් නෑ.

එහේ: ආර්ථික නිදහස උපරිමයි. හැබැයි තනිකම වැඩියි. අසනීපයක් වුණාම තනියම බෙහෙත් ටිකක් කරගන්න වෙන වෙලාවල් වැඩියි. "Isolation" කියන දේට හිත හදාගන්න වෙනවා. ළඟ පාත තමාගේ කියලා කවුරුත් නෑ ගොඩක් වෙලාවට.

🏥 4. වැඩ සහ වෘත්තීය ගරුත්වය
ලංකාවේ: වැඩ වැඩියි, පඩිය මදි. සතියම වැඩ එක DO එකයි සතියටම. ගොඩක් වෙලාවට වැඩ කරන තැන දේශපාලනය හෝ පෞද්ගලික හිතවත්කම් බලපානවා.

එහේ: Work-life balance එක තියෙනවා. 37.5 hrs සතියටම වැඩ කරන්න තියෙන්නේ.ඒ කියන්නේ දවස් තුනයි. ඉතුරු 4 ගෙදර. නීතියට වැඩ හැබැයි.patient prioritisation. නර්ස් කෙනෙක් වුණත්, ක්ලීනර් කෙනෙක් වුණත් හැම රක්ෂාවකටම සමාන ගරුත්වයක් ලැබෙනවා. "සර්" " මැඩම්" නෑ. නම කියලා හැමෝටම කතා කරන්නේ.

මේ තියෙන්නේ කීපයක් විතරයි. හැබැයි වැදගත්ම කරුණු කීපයක්.

ඔයා රට යන්නේ දරුවන්ගේ අනාගතය, ආර්ථික ස්ථාවරත්වය සහ පද්ධතියක (System) ජීවත් වෙන්න තියෙන ආසාව නිසා නම් - ඒක ඔයා ගන්න හොඳම තීරණයක් වේවි. හැබැයි ඔයා යන්නේ ලේසියෙන් සල්ලි හොයන්න නම්, ඒක ලේසි නෑ - මහන්සි වෙන්නම වෙනවා! 🛠️💪

ඔයාලා මොකද හිතන්නේ? ලංකාවද හොඳ? එහේ ද හොඳ? ඔයාගේ අත්දැකීම් share කරන්න. තව කෙනෙක්ට වැදගත් වෙයි.
කමෙන්ට් එකකින් කියමු. 👇

Partner support - part 3කොහොමද දෙන්නගෙම motivation  එක up කරලා තියාගෙන මේ ගමන යන්නේ..💪💪ගොඩක් වෙලාවට නර්ස්ලා පරාජය වෙන්නේ...
09/03/2026

Partner support - part 3

කොහොමද දෙන්නගෙම motivation එක up කරලා තියාගෙන මේ ගමන යන්නේ..💪💪

ගොඩක් වෙලාවට නර්ස්ලා පරාජය වෙන්නේ විභාගයෙන් නෙවෙයි, තනියම සටන් කරලා ඇතිවෙන මානසික විඩාව නිසා. සහකරු හෝ සහකාරිය (Partner) මේ ගමනට සක්‍රීයව දායක කරගත්තොත් විතරයි දෙන්නටම මේ Motivation එක දිගටම තියාගන්න පුළුවන් වෙන්නේ.

👨‍👩‍👧‍👦 Migration කියන්නේ "එයාගේ" ගමනක් නෙවෙයි, "අපේ" ගමනක්!
කොහොමද සහකරුවාව මේ ගමනට සක්‍රීයව දායක කරගන්නේ? ❤️🌍

නර්ස් කෙනෙක් විදිහට ඔයා OET/IELTS වලට මහන්සි වෙද්දී, ඔයාගේ Partner ව නිකන්ම "ප්‍රේක්ෂකයෙක්" කරගන්න එපා. එයාට මේ ගමනේ කොටස්කරුවෙක් වෙන්න ඉඩ දෙන්න. එතකොටයි දෙන්නටම එක වගේ Motivation එකක් තියෙන්නේ.

දෙන්නම එකතු වෙලා මේ දේවල් කරලා බලන්න: 👇

1. හීනය "Visible" (ඇසට පෙනෙන දෙයක්) කරන්න 🖼️
ගෙදර හැමෝටම පේන තැනක ඔයාලා යන්න බලාපොරොත්තු වෙන රටේ (Australia / Ireland / NZ) ලස්සන පින්තූරයක් ගහන්න. ඒ රටේ නර්ස් කෙනෙක් ලබන පඩිය සහ දරුවන්ට ලැබෙන පහසුකම් ගැන දෙන්නත් එක්ක YouTube Videos බලන්න. එතකොට සහකරුටත් "ඇයි අපි මේ කැපකිරීම කරන්නේ" කියන එකට පැහැදිලි උත්තරයක් ලැබෙනවා.

2. "Our Success" Chart එකක් හදන්න 📈
පාඩම් වැඩ ඔයාගේ තනියම වැඩක් කරගන්නේ නැතුව, ඔයාගේ Progress එක Partner ට කියන්න.

"අද මම Speaking වලට ලකුණු 350ක් ගත්තා."

"අද මම අලුත් වචන 20ක් ඉගෙනගත්තා."
Partner ට පුළුවන් ඔයා ඒ ලකුණු මට්ටම් ගන්නකොට ඔයාව අගය කරන්න (Appreciate).

3. භූමිකාවන් බෙදාගන්න (Share the Load) 🤝
පාඩම් කරන කාල සීමාව ඇතුළත ගෙදර වගකීම් "මාරු" කරගන්න.

"ඔයා පැය 2ක් පාඩම් කරන්න, මම දරුවෝ ටික එළියට එක්කන් යන්නම්."
මෙහෙම කියද්දී නර්ස් කෙනෙක්ට දැනෙන මානසික සහනය විභාගය පාස් වෙන්න ලොකුම හේතුවක් වෙනවා.

4. "Stress-Buster" කෙනෙක් වෙන්න ☕
විභාගය ළං වෙද්දී ඔයා Stress වෙද්දී, සහකරුට පුළුවන් ඔයාගේ හිත නිවන කෙනා වෙන්න. දවස් 90 ඉවර වුණාම දෙන්නත් එක්ක යන ට්‍රිප් එකක් ගැන, නැත්නම් වෙන මොකක් හරි plan එකක් ගැන හීන දකින්න. ඒ හීන තමයි ඔයාලව දුවවන්නේ.

💡 සහකරුවාගේ උනන්දුව වැඩි කරන්න පොඩි Tip එකක්:
ඔයා යන්න හදන රටේ පවතින නීති රීති, life quality, ගෙවල්, ළමයින්ගේ අධ්‍යාපනය, වීසා වර්ග සහ රැකියා අවස්ථා ගැන හොයන එක (Research) Partner ට බාර දෙන්න. එයාට හිතෙන්න ඕනේ මේක "අපි දෙන්නා එකතු වෙලා කරන Project එකක්" කියලා.

මතක තියාගන්න:
විභාගය පාස් වුණාම ලැබෙන පඩියට වඩා, දෙන්නා එකතු වෙලා මේ ගමන ජය ගත්තාම ලැබෙන බැඳීම ගොඩක් වටිනවා. ❤️

👉 "PARTNERS IN SUCCESS" 💪👨‍👩‍👧‍👦

ඔයාගේ partner මේ ගමනට active විදිහට සහභාගී කරගන්නේ කොහොමද?👫විභාගය පාස් වෙන්න නම් ගෙදර පරිසරය "Exam Friendly" කරගන්න එක අ...
08/03/2026

ඔයාගේ partner මේ ගමනට active විදිහට සහභාගී කරගන්නේ කොහොමද?👫

විභාගය පාස් වෙන්න නම් ගෙදර පරිසරය "Exam Friendly" කරගන්න එක අනිවාර්යයි. ඔයාගේ Partner (සැමියා හෝ බිරිඳ) ඉංග්‍රීසි විශාරද කෙනෙක් වෙන්න ඕනේ නැහැ ඔයාට උදව් කරන්න.

මෙන්න ඔයාගේ Partner ව මේ ගමනට සහභාගී කරගන්න පුළුවන් සරල වගේම ප්‍රායෝගික ක්‍රම 5ක්:

1. "Speaking Partner" කෙනෙක් වෙන්න (Level එක වැඩක් නැහැ) 🗣️
OET/IELTS වලදී අපිට තියෙන ලොකුම බාධාව තමයි ඉංග්‍රීසි කතා කරන්න තියෙන ලැජ්ජාව.

කරන්න පුළුවන් දේ: ගෙදරදී කරන සාමාන්‍ය ගනුදෙනු (උදා: "බත් බෙදන්න", "තේ එකක් ඕනෙද?") වගේ දේවල් ඉංග්‍රීසියෙන් කරන්න කියලා Partner ට කියන්න.

වාසිය: ඔයාගේ කට හුරුවෙනවා. වැරදුණත් බය නැතිව කතා කරන්න පුළුවන් ආරක්ෂිතම තැන ගෙදරයි.

2. Timekeeper (කාල කළමනාකරු) වෙන්න ⏱️
විභාගයේදී Listening සහ Reading වලට වෙලාව මදි වෙන එක ලොකු ප්‍රශ්නයක්.

කරන්න පුළුවන් දේ: ඔයා Mock Exam එකක් කරන වෙලාවට Partner ට කියන්න හරියටම විනාඩි 45න් හෝ පැයෙන් Bell එකක් ගහන්න හෝ "වෙලාව ඉවරයි" කියලා මතක් කරන්න කියලා.

වාසිය: ඔයාට ඇත්තම විභාග ශාලාවක ඉන්නවා වගේ හැඟීමක් ලැබෙනවා.

3. "Distraction-Free" කලාපයක් හදන්න 🤫
පාඩම් කරන්න ඉඳගත්තම එන පොඩි පොඩි බාධා නිසා (දරුවන්ගේ සද්දේ, Phone එකේ සද්දේ) ඔළුවට යන දේ නතර වෙනවා.

කරන්න පුළුවන් දේ: ඔයා පාඩම් කරන පැය 2 හෝ 3 ඇතුළත දරුවන්ව බලාගන්න එක සහ අනවශ්‍ය සද්ද බද්ද පාලනය කරන එක Partner ට බාර දෙන්න.

වාසිය: ඔයාගේ Focus එක 100% ක් පාඩම් වැඩට විතරක් ලැබෙනවා.

4. Flashcards සහ Vocabulary උදව්ව 📝
අලුත් වචන මතක තියාගන්න එක හෙදියන්ට ගොඩක් වැදගත්.

කරන්න පුළුවන් දේ: ඔයා අමාරු වචන ටිකක් කොළ කැබලිවල ලියලා Partner ට දෙන්න. එයා ඒ සිංහල තේරුම අහද්දී ඔයා ඉංග්‍රීසි වචනය සහ Spelling කියන්න.

වාසිය: මේක පොඩි සෙල්ලමක් වගේ කරන්න පුළුවන් නිසා දෙන්නටම මහන්සියක් දැනෙන්නේ නැහැ.

5. මානසික ශක්තිය (The Motivator) ❤️
මේක තමයි වැදගත්ම දේ. ඔයාට Score එකක් අඩු වුණාම හෝ "මට මේක බැහැ" කියලා හිතෙන වෙලාවට ඔයාව වට්ටන්නේ නැතුව ඉන්න එක.

කරන්න පුළුවන් දේ: "අද බැරි වුණාට කමක් නැහැ, හෙට ආයෙත් ට්‍රයි කරමු" වගේ පොඩි දිරිගැන්වීමක් Partner ගෙන් ලැබෙන එක මහා මෙරක් වටිනවා.

මතක තියාගන්න: ඔයා Partner ට මේ ගමනේ වටිනාකම සහ ඔයාට ලැබෙන පඩිය, quality of life, දරුවන්ට ලැබෙන පහසුකම් ගැන පැහැදිලි කරලා දුන්නොත්, එයා අනිවාර්යයෙන්ම ඔයාගේ ලොකුම හයිය වේවි.

ඒ හයිය ඔයාට මේ ගමන පුරාවටම ලැබෙන ලොකුම අත්වැල වේවි...👫👫💖💖

🚨අපේ Nursesලා Fail වෙන තවත් " හැංගුන" හේතුවක්...Migration Plan එක පවුලේ ප්ලෑන් එකක් (Family Plan) නෙවෙයිද? ඔයා තනියම ද ම...
08/03/2026

🚨අපේ Nursesලා Fail වෙන තවත් " හැංගුන" හේතුවක්...
Migration Plan එක පවුලේ ප්ලෑන් එකක් (Family Plan) නෙවෙයිද? ඔයා තනියම ද මේ වෙනුවෙන් කට්ට කන්නේ... 🛑

හුඟක් වෙලාවට නර්ස්ලා OET/IELTS විභාගවලින් Fail වෙන්නේ ඉංග්‍රීසි බැරිකමටම නෙවෙයි. ඒ පිටුපස තියෙන තවත් ලොකුම හේතුවක් තමයි "නිවසින් ලැබෙන සහයෝගය මදි වීම."

😐 මේක ඇත්තද බලන්න:
නර්ස් කෙනෙක් Ward එකේ පැය 12ක 24ක Shift එකක් කරලා ගෙදර එන්නේ මැරිලා වගේ මහන්සියෙන්. ගෙදර ආපු ගමන්:
👉 උයන්න ඕනේ..
👉 දරුවන්ගේ වැඩ බලන්න ඕනේ..
👉 ගෙදර දොරේ අනිත් වැඩ පල කරන්න ඕනේ..

ඉතින් කොහොමද මේ මනුස්සයා නිදහස් මනසකින් OET/IELTS පාඩම් කරන්නේ? 🧠❌

අද අපි තිත්ත ඇත්ත කතා කරමු:
ඔයාගේ Husband හෝ Wife මේ ගමනට උපරිම සහයෝගය දෙන්නේ නැත්නම්:
1️⃣ Stress Doubles: ඔයාගේ මානසික පීඩනය දෙගුණ වෙනවා.
2️⃣ Focus Lost: පාඩම් කරන්න ඉඳගත්තම ගෙදර ප්‍රශ්න ඔළුවට එනවා.
3️⃣ Guilt Feeling: "මම දරුවෝ ගැන බලන්නේ නැතුව පාඩම් කරනවා" කියන වැරදිකාරී හැඟීම ඇති වෙනවා.

💡 Migration Success එක තීරණය වෙන ප්‍රධාන තැනක් තමයි ගෙදර!
මතක තියාගන්න, නර්ස් කෙනෙක් විදේශගත වෙලා ලබන දියුණුව පවුලේ හැමෝටමයි. ඒ නිසා මේක "එයාගේ ගමනක්" නෙවෙයි, "අපේ ගමනක්" කරගන්න. 🤝

මේ ගමන සාර්ථක වුණු පවුල්වල Husband/Wife මෙහෙමයි සහයෝගය දෙන්නේ:

✅ "ඔයා නිදහසේ පාඩම් කරන්න, මම දරුවෝ ටික බලාගන්නම්."

✅ "අද උයන්න මහන්සි වෙන්න එපා, මම ඒක කරන්නම්."

✅ "අද රෑට මම ඔයාගේ Speaking Partner වෙන්නම්."

Partner ගේ support එක තියෙනවා නම්, ඕනෑම අමාරු විභාගයක් මාස 3කින් ගොඩදාන්න පුළුවන්! 🔥

📢 Husband / Wife ට පණිවිඩයක්:
ඔබේ බිරිඳ හෝ සැමියා මේ විභාගය වෙනුවෙන් නිදි මරන්නේ මුළු පවුලටම සැපවත් අනාගතයක් හදන්නයි. ඒ වෙනුවෙන් මේ මාස 3-4 ඔවුන්ට නිදහස දෙන්න. ඔවුන්ගේ ශක්තිය වෙන්න.

Migration කියන්නේ ඔහු හෝ ඇය යන තනි ගමනක් නෙවෙයි, පවුලේම ජයග්‍රහණයක්! 🏆
ඔයාගේ පුංචි තල්ලුවක් ඒ ගමනට මහා ලොකු ශක්තියක් එයාට දෙනවා...✨✨

සුද්දොත් පුදුම වෙන ඔයාගේ ඇත්ත වටිනාකම, ඔයා තාමත් දන්නේ නැද්ද? 🩺✨කරන වැඩ ඔක්කොම පැත්තක තියලා 2 min අරන්   මේක කියවන්න.රෑට...
07/03/2026

සුද්දොත් පුදුම වෙන ඔයාගේ ඇත්ත වටිනාකම, ඔයා තාමත් දන්නේ නැද්ද? 🩺✨
කරන වැඩ ඔක්කොම පැත්තක තියලා 2 min අරන් මේක කියවන්න.

රෑට Ward එකේ ලෙඩ්ඩු 40ක් 50ක් තනියම මැනේජ් කරන්නේ ඔයා.
යන්ත්‍ර සූත්‍ර (Machines) නැතුව, ලෙඩාගේ මූණ දිහා බලලා, හුස්ම ගන්න විදිහ දිහා බලලා තත්ත්වය තේරුම් ගන්නේ ඔයා.
අතේ නහරයක් හොයාගන්නම බැරි, අමාරුම ලෙඩෙක්ගේ වුණත් තත්පරෙන් කැනියුලා (Cannula) එක දාන දක්ෂකම තියෙන ඔයා ඔය ඉන්න තැන ඇත්තටම ඔයාගේ වටිනාකමට ගැලපෙනවද කියලා ඔයගෙන්ම අහන්න.

මේක තිත්ත ඇත්තක්: ලෝකේ ඉන්න දක්ෂතම, කරුණාවන්තම සහ ඕනෑම අමාරු තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් යකඩ වගේ ශක්තිමත් නර්ස්ලා ඉන්නේ කොහෙද දන්නවද? ඒ අපේ ලංකාවේ! 🇱🇰

ඔබ දන්නවාද, Australia, UK, New Zealand වගේ රටවලට ගියපු අපේ ශ්‍රී ලාංකික නර්ස්ලට ඒ රටවල රෝහල් වල වැඩ කරන එක හරියට "සෙල්ලමක්" වගේ කියලා? ඔව් මේ system එකට හුරු උනාම ඔයාගේ practice එකත් එක්ක ඔයාව අය කාටවත් නවත්තන්න බැ.

මොකද අපේ රටේ රෝහල් වල ඔයා ලබන ඒ කටුක පුහුණුව (Harsh training) සහ සායනික අත්දැකීම් (Clinical Knowledge) ලෝකයේ වෙන කිසිම රටකට සම කරන්න බැහැ. විදේශික වෛද්‍යවරු (Foreign Doctors) පවා අපේ නර්ස්ලාගේ දක්ෂතා දැක්කම පුදුම වෙනවා. ඔවුන්ට ඔයාව රත්තරන් වගේ වටිනවා! 🌟

හැබැයි... මෙච්චර දැවැන්ත වටිනාකමක් තියෙන ඔයා, අද කරන්නේ මොකක්ද?

ඔයාට වඩා දක්ෂකමෙන් භාගයක්වත් නැති, සායනික දැනුම අන්තිම බිංදුවේ තියෙන වෙන රටවල නර්ස්ලා අද පළවෙනි පාරින්ම OET ගොඩදාගෙන Australia, UK, NZ, Canada වල ලක්ෂ 10කට වඩා පඩි ගන්නවා.
හැබැයි ලෝකේ ඉන්න දක්ෂතම නර්ස් වෙන ඔයා...
👉 IELTS / OET වල ඉංග්‍රීසි වචනෙකට බයේ ගැහෙනවා.
👉 SLMC Good Standing ලියුම පරක්කුයි කියලා අඬ අඬ Ward එකේ මුල්ලකට වෙලා ඉන්නවා.
👉 "මට මේවා අමාරුයි" කියාගෙන ඔයාගේ මුළු වටිනාකමම බිංදුවට දාගන්නවා!

ඇයි ඔයා ඔයාටම මෙච්චර නිග්‍රහ කරගන්නේ? 🛑

ඔයා පිටරටකට වීසා ඉල්ලන්නේ "අනේ මට යන්න දෙන්න" කියලා හිඟන්නෙක් වගේ නෙවෙයි!

දියුණු රටවල් බලාගෙන ඉන්නේ ඔයා වගේ "High-Value Professional" (ඉහළ වටිනාකමක් ඇති වෘත්තිකයෙක්) කෙනෙක්ව එයාලගේ සෞඛ්‍ය පද්ධතියට ගන්න. ඒගොල්ලන්ට ඔයාව ඕනේ කරලා තියෙනවා.

විභාගයක් (IELTS/OET) කියන්නේ ඔයාගේ දක්ෂතාවය මනින දෙයක් නෙවෙයි. ඒක ඔයා ඒ රටේ දොර ඇරගන්න පාවිච්චි කරන "යතුරක්" විතරයි. ඒ යතුර හදාගන්න ටිකක් මහන්සි වෙන්න ඔයාට බැරිද? SLMC ප්‍රශ්න කියන්නේ තාවකාලික බාධක. ඒවට ඔයාගේ ගමන නවත්වන්න දෙන්න එපා.

ඔයා අයිති වෙන්නේ ඔය Ward එකේ, ඔය සොච්චම් පඩියට ණය ගෙව ගෙව කුණු වෙන්න නෙවෙයි. ඔයා අයිති ලෝකයේ තියෙන දියුණුම රෝහලක Senior Registered Nurse තනතුරකට.

තමන්ගේ වටිනාකම අඳුරගන්න. බිම බලාගෙන ඉන්න එක අදම නවත්වන්න.

ඔබ ඔබේ හැකියාව ගැන, ඔබේ හෙද වෘත්තිය ගැන අද ඇත්තටම ආඩම්බර වෙනවා නම්... ඉංග්‍රීසි විභාගයකටවත්, පද්ධතියේ ප්‍රමාදයකටවත් ඔයාව වට්ටන්න බැහැ කියලා විශ්වාස කරනවා නම්...

අද මුළු ලෝකෙටම ඇහෙන්න පහළින් comment කරන්න:
'I KNOW MY WORTH' (මගේ වටිනාකම මම දන්නවා!) 👇🔥

බලමු ලංකාවේ ඉන්න ආඩම්බරකාර, දක්ෂතම නර්ස්ලා කී දෙනෙක් අද තමන්ගේ අනාගතය වෙනුවෙන් නැගිටිනවාද කියලා! 🌍✈️

🚨 OET / IELTS ෆේල් වෙන්නේ ඔයාට English බැරි නිසා නෙවෙයි... ඔයාට "Discipline" (විනයක්) නැති නිසයි! 🛑🔥 (The Hard Truth – P...
07/03/2026

🚨 OET / IELTS ෆේල් වෙන්නේ ඔයාට English බැරි නිසා නෙවෙයි... ඔයාට "Discipline" (විනයක්) නැති නිසයි! 🛑🔥 (The Hard Truth – Part 2)
මට අද ඔයාගෙන් අහන්න තියෙන්නේ හිත රිදෙන, හැබැයි අහන්නම ඕනේ ප්‍රශ්නයක්.

ඇත්තටම ඔයාට පිටරට යන්න ඕනේද? නැත්නම් රට යනවා වගේ අනුන්ට පේන්න රඟපානවා (Acting) විතරද?

කොච්චර නර්ස්ලා මට මැසේජ් කරලා අඬනවාද දන්නවද:
" මට English හොඳට පුළුවන්. හැබැයි මට OET pass වෙන්න බැරිවෙලා..."

මම එයාලගෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි:
"හරි, ඔයා දවසකට පැය කීයක් අඛණ්ඩව Practice කරනවද?"

ඉතින් ලැබෙන උත්තරේ මොකක්ද?
👉 "අනේ මම Weekend වල ක්ලාස් යනවා සර්... සතියේ දවස් වල නම් වැඩ වැඩියි..."

මේක අහද්දි මට හිනා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැහැ! 😑
ඔයාට UK / Australia / New Zealand ගිහින් ලක්ෂ 10ක පඩියක් ගන්න ඕනේ නම්, සති අන්තයේ කරන "Hobby" එකක් (විනෝදාංශයක්) විදිහට IELTS / OET කරලා කවදාවත් ඒක ගන්න බැහැ. මේක සෙල්ලමක් නෙවෙයි, මේක ඔයාගේ මුළු පරම්පරාවම ගොඩදාන Life-Changing Exam එකක්. ඒකට දෙන වටිනාකම මේකද?

📊 ඇත්තම Statistic එකක් මම කියන්නම්
(පපුවට අත තියලා බලන්න ඔයා ඉන්නේ කොතනද කියලා)

IELTS / OET ෆේල් වෙන ශ්‍රී ලාංකික නර්ස්ලාගෙන්:
⚠️ 70% ක් ෆේල් වෙන්නේ – Regular practice (දිනපතා පුහුණුව) සහ කැපවීම නැති නිසා.
⚠️ 20% ක් ෆේල් වෙන්නේ – Wrong guidance (වැරදි උපදෙස් දෙන පන්ති වලට යන නිසා).
⚠️ 10% ක් විතරයි ෆේල් වෙන්නේ – ඇත්තටම English බැරිකම (English problem) නිසා.

ඔව්! ඔයා ඇහුවා හරි. English ප්‍රශ්නයක් තියෙන්නේ 10% කට විතරයි. ඔයා ෆේල් වෙන්නේ ඉංග්‍රීසි බැරුව නෙවෙයි, ඔයාගේ තියෙන කම්මැලිකම නිසයි!

😮 ඇත්තටම ඔයාගේ Problem එක මොකක්ද දන්නවද?
"මට වෙලාවක් නැහැ" කියලා අඬන ඔයාගේ දවස පොඩ්ඩක් අපි Check කරලා බලමුද?

📱 TikTok එකේ අනුන්ගේ විකාර බලන්න - පැය 2 යි.
📱 Facebook එකේ Gosspis Scroll කරන්න - පැය 1 යි.
📱 Netflix / ටෙලිනාට්‍ය බලන්න - පැය 1 යි.
හැබැයි...
📚 තමන්ගේ අනාගතය වෙනුවෙන් OET / IELTS Practice කරන්න - විනාඩි 20 යි! (ඒකත් නිදි මරගාතේ, ඇඳේ හාන්සි වෙලා).

ඉතින් ඔයාට එන Result එක මොකක්ද? 👉 බිංදුවයි! අනිවාර්යයෙන්ම FAIL! ❌

🇮🇳 Indian නර්ස්ලා මේ විහිළුව කරන්නේ නැහැ!
ඉන්දියාවේ සහ පිලිපීනයේ නර්ස්ලා ඔයාට අයිති වෙන්න ඕනේ රස්සාව උදුරගන්නේ කොහොමද? එයාලා TikTok බලබල කාලේ කන්නේ නැහැ. එයාලා කරන්නේ:
✔ Daily Mock Tests: හැමදාම සම්පූර්ණ පේපර් එකක් කරනවා.
✔ Daily Speaking Practice: ලැජ්ජාව පැත්තකින් තියලා හැමදාම කතා කරනවා.
✔ Daily Writing Corrections: තමන්ගේ වැරදි හැමදාම හදාගන්නවා.
✔ Strict Training System: හමුදාවක වගේ දැඩි විනයකට යටත් වෙනවා.

ඒ නිසයි උන් පළවෙනි පාරින්ම (First attempt) මේක පාස් වෙලා යන්නේ!

🧠 The Real Mindset Shift (ඔළුව හදාගන්න)
අපේ අයගේ ලොකුම වැරැද්ද තමයි, හැමදාම කියනවා "මම Try කරනවා" කියලා.

මතක තියාගන්න:
"Try කරන අය" හැමදාම ෆේල් වෙනවා. අඬ අඬ ඒ Ward එකේම ඉන්නවා.
"Commit කරන" (සම්පූර්ණයෙන්ම කැපවෙන) අය විතරයි පාස් වෙන්නේ!

IELTS / OET පාස් වෙන්න ඕනේ නම්:
👉 දිනපතා (Daily) පැය 3–4 ක් මේ වෙනුවෙන් Practice කරන්නම ඕනේ!
මාස 2–3 ක් මේ ලෝකේ වෙන කිසිම දෙයක් ගැන (මඟුල් ගෙවල්, පාටි, ට්‍රිප්) හිතන්නේ නැතුව Full focus වැඩ කරන්න.

එතකොට විභාගය 👉 Finish. Migration Process එක 👉 Start. ඔයාගේ මුළු ජීවිතේම 👉 Change.

⚡ The Ultimate Challenge (ඔබට අභියෝගයක්)
අද ඉඳන් මේ දේවල් 3 කරන්න ඔයාට කොන්දක් තියෙනවාද?
📵 Social media පැය ගණන් බලන එක අදම අඩු කරන්න.
📚 අද ඉඳන්ම Daily Practice එක පටන් ගන්න.
🎯 දවස් 90 කින් (90 Days Target) මේ විභාගය කොහොමහරි සමත් වෙනවා කියලා ඉලක්කයක් තියාගන්න.

💬 මේ අභියෝගය බාරගන්න පුළුවන්, තමන්ගේ හීනය ගැන "Acting" කරන්නේ නැති, ඇත්තටම අනාගතය ගැන "Serious" නර්ස්ලා විතරක් පහළින් comment කරන්න:

👉 "90 DAYS. NO EXCUSES."

බලමු ඇත්තටම මේ ලැජ්ජා නැති නිදහසට කරුණු පැත්තකින් තියලා, මේ Ward එකෙන් ගොඩ යන්න පුළුවන් කී දෙනෙක් මේ Group එකේ ඉන්නවාද කියලා! 🔥✈️

Sri Lankan nurses fail IELTS/OET not because of English… but because of THIS mistake.   🚨 ලක්ෂ ගණන් සල්ලි පුච්චලත් ඔයා I...
06/03/2026

Sri Lankan nurses fail IELTS/OET not because of English… but because of THIS mistake. 🚨 ලක්ෂ ගණන් සල්ලි පුච්චලත් ඔයා IELTS / OET ෆේල් වෙන්නේ ඇයි? (The "Weekend Class" Joke) 🤡📚 තමන්වම රවට්ටගන්න එක දැන්වත් නවත්වන්න! 🛑🔥
මට නිතරම අහන්න ලැබෙන, ඇහුවම මට ඇත්තටම කේන්ති යන ප්‍රශ්නයක් තියෙනවා.

"මට English හොඳට පුළුවන්. මම Ward එකේ Doctors ලා එක්ක කතා කරනවා. ලෙඩ්ඩුන්ගේ ටිකට් ලියනවා. හැබැයි මම දෙපාරක් IELTS / OET කළා... මට 7.0 (හෝ B grade එක) ගන්න බැරිවුණා..."

ගොඩක් අය අඬනවා විභාගය අමාරුයි කියලා.
හැබැයි පපුවට අත තියලා ඇත්තම කියන්නද? ඔයා ෆේල් වුණේ ඔයාට English බැරි නිසා නෙවෙයි. ඔයා ෆේල් වුණේ ඔයාගේ තියෙන කම්මැලිකමටයි, ලෝබකමටයි!

🇮🇳 ඉන්දියාවේ (Indian) නර්ස්ලා මේක ගොඩදාන්නේ කොහොමද?
ඉන්දියාවේ කේරළයේ නර්ස් කෙනෙක් OET/IELTS පටන් ගන්නකොට උන් මේක සෙල්ලමක් විදිහට කරන්නේ නැහැ. උන්ට මේක "යුද්ධයක්".
✔ උන් හොයන්නේ ගමේ තියෙන ලාභම පන්තිය නෙවෙයි, රටේ තියෙන Highly Rated, මිල අධිකම, හොඳම Institute එක.
✔ උන් යන්නේ සාමාන්‍ය ටීචර් කෙනෙක් ගාවට නෙවෙයි, Exam Marking ක්‍රමය ගැන ඇටමිදුළු වලටම දන්න Specialists ලා ගාවට.
✔ Strict Discipline: මාස 2ක් උන් මුළු ලෝකයම අමතක කරනවා. මඟුල් ගෙවල්, පාටි, ටීවී සේරම නවත්වනවා.
✔ Daily Practice System: දිනපතා ලියනවා, දිනපතා කතා කරනවා, දිනපතා වැරදි හදාගන්නවා (Feedback).

මාස 2යි! උන් විභාගය ගොඩදාගෙන Flight එකේ නගිනවා. ඔයාගේ රස්සාව උන් උදුරගන්නවා.

😔 හැබැයි අපේ ලංකාවේ අය කරන්නේ මොකක්ද?
අපි හැමතිස්සෙම හොයන්නේ අපිට "ලේසිම" සහ "ලාභම" දේ.
ඔයාගේ මුළු පරම්පරාවකම අනාගතය වෙනස් කරන මේ ගමනට පන්තියක් හොයද්දී, ඔයා කරන්නේ:
👉 O/L, A/L ළමයින්ට උගන්වන ගමේ English teacher ගාවට යනවා.
👉 ෆේස්බුක් එකේ තියෙන ගාණ අඩුම (Cheap) class එකක් හොයාගන්නවා.
👉 මහන්සි වෙන්න කම්මැලි නිසා "Weekend Class" එකකට යනවා.

පන්තියට රුපියල් 10,000ක් ඉතුරු කරන්න ගිහින් ලෝබකම් කරලා, අන්තිමට රුපියල් ලක්ෂයකට වඩා වැඩි විභාග ගාස්තුව අමු අමුවේ වතුරේ යවාගන්නවා. ඊටපස්සේ අඬනවා!

🧠 මේ තිත්ත ඇත්ත ඔලුවට දාගන්න!
IELTS / OET කියන්නේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම මනින සාමාන්‍ය විභාගයක් නෙවෙයි! ඒක "Strategy Exam" (උපක්‍රමශීලී විභාගයක්). ඒක ඇතුළේ තියෙන්නේ ඔයාව වට්ටන්න හදපු උගුල් (Traps).

ඔයා සුද්දෙක් වගේ English කතා කළත් වැඩක් නැහැ මෙන්න මේවා දන්නේ නැත්නම්:
❌ Writing Structure: Examiner බලාපොරොත්තු වෙන format එකට (Letter structure එකට) ලියන්න දන්නේ නැත්නම් ශේක්ස්පියර් වගේ ලිව්වත් ඔයා ෆේල්.
❌ Listening Traps: උත්තරය 'A' වගේ ඇහෙන්න සලස්වලා, අන්තිම තත්පරේ උත්තරය 'C' කරන distractors අඳුරගන්න දන්නේ නැත්නම් ඔයා ෆේල්.
❌ Reading Time Tricks: සම්පූර්ණ ඡේදය කියව කියව හිටියොත් ජීවිතේට වෙලාවට paper එක ඉවර කරන්න බැහැ. Scanning/Skimming කියන "Tricks" දන්නෙ නැත්නම් ඔයා ෆේල්.
❌ Speaking scoring criteria

මේ Exam Tricks ගමේ සාමාන්‍ය ඉංග්‍රීසි ගුරුවරයෙකුට කවදාවත් උගන්වන්න බැහැ!

🤡 ලොකුම විහිළුව — “Weekend Classes” (සති අන්තයේ පන්ති)
අද ලංකාවේ නර්ස්ලා මාස 6ක්, අවුරුද්දක් තිස්සේ Weekend class යනවා.
මට අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයක්: ඔයා මේ කරන්නේ PhD එකක්ද? නැත්නම් මේක ඔයාගේ ජීවිත කාලෙම ඉගෙන ගන්න Degree එකක්ද? ⚠️ Weekend Study එකෙන් ඔයාටම කරගන්න විනාශය:
සඳුදා ඉඳන් සිකුරාදා වෙනකල් ඔයා Ward එකේ ලෙඩ්ඩුත් එක්ක හැප්පිලා මැරීගෙන වැඩ කරනවා.
සෙනසුරාදා ඉරිදා විතරක් පන්තියේ ගිහින් පොත අරිනවා.
සඳුදා ආයෙත් Ward එකට ගියාම, අර දවස් දෙකේ ඉගෙන ගත්ත දේවල් සේරම අමතක වෙනවා! ඔයාගේ මොළය ආයෙත් 'Reset' වෙනවා.

මේ විදිහට භාෂා විභාගයක් කවදාවත් ගොඩදාන්න බැහැ. එහෙම කළොත් ඔයාගේ සමත් වීමේ සම්භාවිතාව (Pass Probability) 80% කින් පල්ලෙහාට වැටෙනවා! ඔයා ගෙදර අයට "මම OET කරනවා" කියලා බොරු කියන ගමන්, ඔයාවම රවට්ටගන්නවා විතරයි.

IELTS / OET pass වෙන්න ඕනේ:
🔥 Fast (වේගවත්)
🔥 Focused (තද අවධානයෙන්)
🔥 Aggressive Preparation (ආක්‍රමණශීලී පුහුණුවක්)

⚔️ මේක exam එකක් නෙවෙයි…
මේක war එකක්.

මේක යුද්ධයක්! යුද්ධෙකට යන්නේ සෙනසුරාදා, ඉරිදා විතරක් නෙවෙයි! Exam එකකට ඕනේ Daily practice (දිනපතා පුහුණුව), Daily feedback (දිනපතා වැරදි හදාගැනීම).

✅ අදම මේ විහිළුව නවත්වන්න!
ඔයාගේ රත්තරන් වගේ කාලයයි, නිදි මරාගෙන හොයපු සල්ලි ටිකයි අන්ධයෙක් වගේ කුණු කූඩෙට විසි කරන එක අදම නවත්වන්න.

ආයතනයක් තෝරාගන්නවා නම්, මේ දේවල් තියෙන තැනක් විතරක් තෝරගන්න:
✔ මුල ඉඳන්ම පියවරෙන් පියවර Proper guidance දෙන තැනක්.
✔ නිකන්ම Grammar උගන්වනවා වෙනුවට Exam Tricks & Strategies දෙන තැනක්.
✔ ඔයාව බලෙන් හරි දිනපතාම (Daily practice) වැඩ කරවන තැනක්.
✔ Proven results තියෙන තැනක්

🔥 The Ultimate Challenge (ඔබට අභියෝගයක්)
ඔයා තවදුරටත් අවුරුදු ගානක් "මම OET කරනවා" කියා කියා, මුළු ජීවිතේම මේ Ward එකේම කුණු වෙන්න අරිනවාද?
නැත්නම්, හරි ආයතනයක් එක්ක එකතු වෙලා, ජීවිතේ වෙන කිසිම වැඩක් නොකර හරියටම මහන්සි වෙලා මාස 2කින් මේක සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දානවාද?

තමන්ගේ දරුවෝ දිහා බලලා, ලැජ්ජා නැතුව හරියට වැඩේට බහින්න, දිනපතාම කැපවෙන්න කොන්දක් තියෙන අය විතරක්...

💬 පහළින් comment කරන්න: I WILL FOCUS

අද ඉඳන් මේ බොරුව නවත්වලා Right Plan එකක් start කරමු. ලෝකය බලාගෙන ඉන්නේ ඔයා එනකල්! ✈️🌍

Address

Crewe

Telephone

+94763468854

Website

Alerts

Be the first to know and let us send you an email when Help Sri Lankan to Migrate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share