01/10/2021
(No likes ,no comments needed)
රේල්ලුවේ හෝඩිය
සමහර දේවල් අර්ථයක්
නැති වුනත් ඇහෙන කොට
ලස්සනක් තියෙනවා
කිව්වේ
මහතුන් අය්යා
මහගල්කඩවල
රෑ දොළහට
අනුරාධපුරයේ යන
දිග කෝච්චිය
බලන්න පූලංචිය වැවෙන් පැනලා
ගිහිල්ලා
අපි දෙන්නා බලා ගෙන හිටියා
කොච්චර බේබි ~ලාගෙ හඬවල් අහලා තිබුණත්
දැකලා තිබුණත් මැණිකෙගෙ
හඬ හොඳට ම අහුනේ එ ද යි
ඔබට වැඩක් නැති
ඒ ලස්සන ශබ්ද රසය දිහා
මහතුන් අය්යයි මායි බලන් හිටියා
අර්ථ නැති ශබ්ද කිසි
බරක් නැතිව
ලොකු බරක් අරන් තාලෙට
ගානක් නැතුව
රේලේ පාර දිගෙ ගිය හැටි.
ලස්සනයි නේද
මහතුන් අය්යා ඇසුවා
හෙටත් අපි දෙන්නා එමු
මහතුන් අය්යේ
මම මැතුරුවෙමි..
තලවතුගොඩ චන්දවිමල @ 01/10/2021