Upendra Siriwardana

Upendra Siriwardana Singer | Performer | Vocal Coach 🎤
Bringing languages and cultures together through music.

Sri Lankan artist based in Finland 🇱🇰🇫🇮
Bookings & collaborations: [email protected]

07/10/2026

ජීවිතේ සමහර ලස්සන දේවල්… බලන්න පුළුවන්, දැනෙන්නත් පුළුවන්… හැබැයි අයිති කරගන්න විතරක් බෑ. 😌🌸🎶

පසුගිය ඉරිදා ෆින්ලන්තයේ පැවැත්වුණු ප්‍රථම ශ්‍රී ලාංකික පොත් ප්‍රදර්ශනයට Helsinki වලදී එක්වෙන්න ලැබුණා. 🇱🇰📚🇫🇮“පහන්කින් පහ...
06/10/2026

පසුගිය ඉරිදා ෆින්ලන්තයේ පැවැත්වුණු ප්‍රථම ශ්‍රී ලාංකික පොත් ප්‍රදර්ශනයට Helsinki වලදී එක්වෙන්න ලැබුණා. 🇱🇰📚🇫🇮

“පහන්කින් පහන් දහසක් දැල්විය හැකි වගේම, එක හොඳ පොතකින් මිනිසෙකුගේ හිතක්… ඒ හරහා සමහරවිට මුළු සමාජයක්මත් ආලෝකමත් කරන්න පුළුවන්” කියලා මම විශ්වාස කරනවා. ❤️✨

විදේශ රටක ජීවත් වෙද්දී, අපේ භාෂාවෙන් පොතක් අතට ගන්න ලැබෙන එකට දැනෙන්නේ වෙනමම හැඟීමක්. 🥹📖

ෆින්ලන්තයේ ශ්‍රී ලාංකිකයන්ට මෙවැනි ලස්සන අවකාශයක් හදලා දෙන්න හිතාගෙන මේ වැඩේ ආරම්භ කරපු Helsinki හි Celeon Book Club එකටත්, එහි හිමිකරු දිලීප මල්ලවාරච්චිටත් ෆින්ලන්තයේ විතරක් නෙවෙයි, ඉන් එහාටත් තවත් බොහෝ දුර යන්න ශක්තියත් සාර්ථකත්වයත් ලැබෙන්න හදවතින්ම සුබ පතනවා. 💐

අන්තිමට කියන්න තියෙන්නේ…

මටම දාපු කඩ ඉතිං මේවා! 🤭📚😂❤️

✍️ උපේන්ද්‍රා සිරිවර්ධන

05/10/2026

🌱🎶 Rhythm Garden සංගීත පන්තියේ අපේ පුංචි පුංචි රස කතා… 💛

දරුවෝ හරියට මල් වගේ… 🌸
එයාලා හොයන්නේ ආදරය, අවධානය සහ තමන්ව අහගෙන ඉන්න පුංචි හිතක්.

මේ සමාජය කියන මහ පොළොව මත,
දැනුම කියන පොහොරෙන් එයාලව පෝෂණය කරනවා වගේම,
ආදරය කියන වතුරත්,
අවධානය කියන හිරු එළියත්
මදි නොකියන්න එයාලට ලැබෙන්න ඕනේ. ☀️💧

අන්න එතකොටයි…
තමන්ගේම පාටින්, තමන්ගේම සුවඳින්,
ලෝකෙට ලස්සනක් එක්කරන පුංචි මලක් පිපෙන්නේ. 🌷✨

Rhythm Garden at Upendra Music Factory 💛
Where little hearts grow with music. 🎶

🎶 Little hands, big discoveries. ❤️Exploring instruments, finding rhythms, building confidence, and most importantly — f...
04/10/2026

🎶 Little hands, big discoveries. ❤️

Exploring instruments, finding rhythms, building confidence, and most importantly — falling in love with music along the way. 🥹🎹🥁

So proud of these little musicians and the joy they bring to every class. 🌱✨

Upendra Music Factory
🎶 Where dreams become music.

🎶 15-Minute Mini Concert | Taiteiden Yö 2026 🇫🇮✨💕Jos Taiteiden Yö jäi väliin, tai haluat kokea sen uudelleen. Tässä pien...
03/10/2026

🎶 15-Minute Mini Concert | Taiteiden Yö 2026 🇫🇮✨

💕Jos Taiteiden Yö jäi väliin, tai haluat kokea sen uudelleen. Tässä pieni pala illasta! ❤️🎶
🇫🇮 ෆින්ලන්තයේ මගේ සංගීත ගමනේ තවත් සුන්දර මොහොතක්, මගේ ආදරණීයයන් වන ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා! 🇱🇰❤️

8 songs. 5 languages. Different colours of music. All in one little journey. 🌍🎤

A little piece of my 45-minute show in Kouvola, Finland.

Sit back & enjoy! 🥰🎶

Upendra Siriwardana ❤️

One voice. Many languages. Many worlds. 🌍🎶This is a 15-minute jou...

02/10/2026

A little 5-minute recap from second week of Rhythm Bloom class at Upendra Music Factory. 🌸🎤

Singing, rhythm challenges, random funny moments, trying again when something goes completely wrong 😄… and somehow, in the middle of all that chaos, we actually make music. ❤️🎶

I love seeing their personalities come out more and more each week. Becoming braver, louder, more expressive and more comfortable using their voices.

Because music class doesn’t always have to be serious to be meaningful.

Sometimes the best learning happens while we’re laughing. 🤭🎵

Rhythm Bloom | Ages 9–13
📍 Musahotelli Oy, Mäkelänkatu 54, Helsinki – Room 31
📅 Sundays | 16:00–17:00

🌸 Come sing. Come laugh. Come grow with us.

🎶 Where dreams become music.

අපි ලොකු වෙනකොට… අපි ඇතුළේ ඉන්න පුංචි ළමයාව අමතක කරන්න එපා. ❤️මේ පළවෙනි ඡායාරූපය ගත්තේ The Voice of Finland Battle එකට ය...
01/10/2026

අපි ලොකු වෙනකොට… අපි ඇතුළේ ඉන්න පුංචි ළමයාව අමතක කරන්න එපා. ❤️

මේ පළවෙනි ඡායාරූපය ගත්තේ The Voice of Finland Battle එකට යන්න තප්පර ගණනකට කලින්.
දෙවැනි එක ගත්තේ Battle එකෙන් මිනිත්තු කිහිපයකට පස්සේ.

එදා මම තරඟයෙන් පැරදුණා…😉
හැබැයි ජීවිතයෙන් නෙවෙයි. ✨😁

ජීවිතේදි දෙයක් කරනකොට; ළමයෙක් වගේ
ඒ දේ කරන්න… මුළු හදවතින්ම, පිස්සුවෙන් වගේ ආසාවෙන්, උනන්දුවෙන්, විශ්වාසයෙන්,
වැටෙයිද කියලා බය නොවී.☺️

පැරදුණාමත් ළමයෙක් වගේම වෙන්න.
ටිකක් දුක් වෙන්න… ඕනෙ නම් චුට්ටක් අඬන්න…
ඊට පස්සේ ආයෙත් හිනා වෙලා ඉස්සරහට යන්න. ❤️🫂

හැම දොරක්ම අපි වෙනුවෙන් ඇරෙන්නේ නැහැ.
හැබැයි එක දොරක් වැහුණා කියලා අපේ කතාව ඉවර වෙන්නේත් නැහැ.💖😇

ජීවිතය නවතින්නේ නැහැ.
ඒ නිසා ඔබත් නවතින්න එපා…✋💕

හිනාවත් අරගෙන,🥰
බලාපොරොත්තුවත් අරගෙන,🤞
අපි ඇතුළේ ඉන්න ඒ පුංචි ළමයාවත් අරගෙන… ඉස්සරහටම යන්න. ❤️✨

අපි හැමෝගෙම හිත ඇතුළේ ඉන්න ඒ පුංචි ළමයාට සහ දැයේ සුවහසක් දූ දරුවන්ට…
සුභම සුභ ළමා දිනයක් වේවා…! 🌸🙏💖

දියමන්තියක් බඳු දමයන්තිය… 💎❤️සමහර ජයග්‍රහණ අපේ නොවුණත්, ඒවා දකිද්දී අපේම හිත පිරෙනවා. 🥹💕සමහර සම්මාන අතට ලැබෙන්නේ එක දවසක...
30/09/2026

දියමන්තියක් බඳු දමයන්තිය… 💎❤️

සමහර ජයග්‍රහණ අපේ නොවුණත්, ඒවා දකිද්දී අපේම හිත පිරෙනවා. 🥹💕

සමහර සම්මාන අතට ලැබෙන්නේ එක දවසක.
හැබැයි ඒ සම්මානය ළඟට එන්න ගෙවපු කාලය… අවුරුදු ගණනාවක්. ❤️

මායා දමයන්ති පෙරේරා…

පරම්පරා ගණනාවක් ආදරය කළ හඬක්.
ගීතයකින් ගීතයකට මතකයන් ඉතිරි කළ කලාකාරිනියක්.
තමන් ඉගෙනගත්ත සංගීතය තමන් ළඟම තියාගන්නේ නැතුව, තවත් බොහෝ දෙනෙකුට බෙදාදුන්න ගුරුවරියක්. 🎶❤️

ඒ නිසා සරසවිය වේදිකාවේ ඇය සම්මානයක් අතේ තියාගෙන හිනා වෙලා ඉන්න මේ පින්තූරය දැක්කාම, මට ඒ සම්මානයට වඩා පේන්නේ ඒ පිටිපස්සේ තියෙන දිගු ගමන.

පුහුණුව…
මහන්සිය…
කැපකිරීම්…
අහිමිවීම්…
ඒ හැම දෙයක් අතරින්ම නැවත නැවතත් සංගීතය තෝරාගත් ජීවිතයක්.

ඒ හැමදේටම ලැබුණු පුංචි “ස්තුතියක්” වගේ මේ සම්මානය මට දැනෙනවා. 🏆❤️

සැබෑ කලාකාරයෙක් කියන්නේ ජනප්‍රිය ගීත කිහිපයක් තියෙන කෙනෙක් විතරක් නෙවෙයි.

තමන්ගේ ජීවිතයෙන්ම කලාවට ගෞරවයක් දීපු,
කාලය වෙනස් වුණත් තමන්ගේ කලාව අතහැරියේ නැති,
තමන්ට ලැබුණු දැනුම තවත් කෙනෙකුගේ ජීවිතයක් ආලෝකමත් කරන්න බෙදාදුන්න කෙනෙක්.

මායා දමයන්ති කියන්නේ මට එහෙම කලාකාරිනියක්. ❤️

අද වගේ අවස්ථා තමන් ළඟටම එන ලෝකයක් නොතිබුණු කාලයක,
තමන්ගේ හඬින්, දැනුමෙන්, මහන්සියෙන් සහ කැපවීමෙන් තමන්ටම තැනක් හදාගත් පරම්පරාවක කලාකාරිනියක් ඇය.🥹🫂

එහෙම ගමනකින් ඇවිත්,
දශක ගණනාවකට පස්සෙත් තමන්ගේ නමට ගෞරවයක් තියාගෙන ඉන්න පුළුවන් වීමම ලොකු ජයග්‍රහණයක්. ❤️

ඇතැමුන් දන්නා, ඇතැමුන් නොදන්නා තවත් පුංචි කාරණයක් තියෙනවා…

ඔබට මායා දමයන්ති පෙරේරා වන ඇය,
මට “මායා නැන්දා.” ❤️🥹🥰

බහ තෝරන වියේ ඉඳන්ම ඇය ගැන මට ආදරණීය මතක බොහෝමයි.💕

හැබැයි ඇය ජීවත් වුණේ කොළඹ.
අපි ජීවත් වුණේ මොනරාගල.

ඒ නිසා මම මොනරාගලින් කොළඹට ඇවිත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ තමයි, ඇයත් එක්ක ටිකක් වැඩිපුර කාලය ගත කරන්න මට අවස්ථාව ලැබුණේ.

හැබැයි අපිට ලැබුණු ඒ පුංචි වෙලාවල් වුවත් බොහෝ වෙලාවට “lesson time” එකක් වෙනවා. 😄🤭💕

කාර් එකේ යන ගමන්…
උයන ගමන්…
කෝපි එකක් බොන අතරේ…

මම ගීතයක් කිව්වොත්,

“ඕක ආයෙ කියන්න…”
“එතන ටිකක් මෙහෙම ගන්න…”

කියලා එකපාරටම සංගීත පාඩමක් පටන් ගන්නවා. 🎶❤️

ඇය කොතරම් කාර්යබහුල වුණත්, තමන් දන්න දෙයක් මට කියලා දෙන්න ලැබුණු පුංචි වෙලාවක්වත් අතහැරියේ නෑ.

අද ආපහු ඒ දේවල් මතක් වෙද්දී,
ඒ පුංචි මිනිත්තුත් කොච්චර වටිනවාද කියලා තේරෙනවා. 🥹

ඒ නිසා අද මේ පින්තූරය දකිද්දී,
ගායිකාවක් ගැන තියෙන ගෞරවයට අමතරව,
මට පුංචි පුංචි වෙලාවල්වල සංගීතය කියලා දීපු, ආදරේ දීපු, ඒ ආදරණීය මනුස්සයා ගැනත් හිත පිරෙන්න ආඩම්බරක් දැනෙනවා. ❤️

කාලය ගියත් වටිනාකම අඩු නොවන,
දිලිසීම මැකී නොයන,

දියමන්තියක් බඳු දමයන්තිය… 💎❤️

හදවතින්ම සුභ පැතුම් මායා නැන්දේ. 🏆❤️

තවත් බොහෝ කාලයක් ඔයාගේ හඬත්,
ඔයාගේ දැනුමත්,
ඔයාගේ ආදරයත්
සංගීතයට ඉතිරි වෙන්න ඕනේ. 🫂🎶🥰

✍️ උපේන්ද්‍රා සිරිවර්ධන

28/09/2026

🎶 I believe Life is a song…, What do you think?

Music has only twelve notes.

Just twelve.

And yet, somehow, from those same twelve notes, we have created millions of songs.

Some make us dance.
Some make us cry.
Some bring back memories we thought we had forgotten.
Some feel peaceful.
Some feel chaotic.
Some sound like love.
And some sound like heartbreak.

The notes are the same.

What changes is how we choose to use them —
which note comes next,
which one we hold a little longer,
which one we let go,
when we pause,
when we rise,
when we fall,
and what colours we add around them.

Maybe life isn’t so different.

We are all given many of the same notes —
love, fear, joy, pain, hope, disappointment, courage, loss, laughter, change…

“But we are still the composers.”

We may not always get to choose which notes life gives us,
but we can choose what we do with them.

A painful note doesn’t have to become a sad song.
A wrong note doesn’t have to ruin the whole melody.
And a moment of silence doesn’t mean the music is over.

So ask yourself…

What kind of song are you writing with your life?

A song of fear?
A song of chaos?
A song of regret?

Or a song filled with courage, love, laughter, adventure and hope?

Choose your notes carefully.
Give the beautiful ones space to breathe.
Learn from the difficult ones.
And when something sounds wrong, don’t be afraid to change the melody.

Because this is your life.

And while the music is still playing,
you still have time to decide
what kind of song it will become. 🎶✨

Think about it.

✍️ Upendra Siriwardana

Osoite

Kouvola

Ilmoitukset

Saat tiedon ensimmäisenä: lähetämme sinulle sähköpostia, kun Upendra Siriwardana julkaisee uutisia ja tarjouksia. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua tilauksen milloin tahansa.

Oikopolut

Jaa