25/10/2021
*****රයිස් කුකර් එකෙ හදන චිකන් බිරියානි****
අවශ්‍ය ද්‍රව්‍ය *****
හාල් ග්‍රෑම් 500ක්
චිකන් ග්‍රෑම් 300ක්
මුදවපු කිරි මේස හැදි 5ක් පමන
තලා ගත් ඉගුරු සුදු ලූනු
බිරියානි පවුඩර් මේස හැදි 3ක්
බේ ලීව්ස් 4ක් පමන
කහ කුඩු තේ හැදි බාගයක්
ලුනු කුඩු රස අනුව
සිහින්ව කපා ගත් ලොකු ලූනු ගෙඩි තුනක්
තෙල් මේස හැදි 6ක් පමන
බිත්තර 3ක්
සිහින්ව කපා ගත් කොත්තමල්ලි කොල
සාදා ගන්නා ආකාරය *******
පලමුව කපා ගත් මස් ටික හොදින් සොදා එයට තලා ගත් ඉගුරු සුදු ලූනු , බුරියානි පවුඩර් , මුදවපු කිරි , කහ කුඩු ,සිහින්ව කපා ගත් කොත්තමල්ලි කොල , තෙල් මේස හැදි 4ක් හා රස අනුව ලුනු දමා හොදින් කවලම් කරගන්න. පසුව එම භාජනය පොලිතින් බෑගයකින් හොදින් වසා ගෙන පැය 6ක් පමන ශීතකරනයෙ පහල කොටසෙ තබන්න...
පැය 6කින් මස් එක එලියට ගෙන සීත ගතිය ටිකක් අඩු වෙනකන් තියන්න. එතකන් හාල් ටික හොදින් සෝදා ගෙන පැය බාගයක් පමන පෙගෙන්නට තබන්න. පසුව භාජනයක් ලිපෙ තියලා අපි කලින් හදපු මස් එකෙ මස් කෑලි ටික විතරක් අරන් ලිපෙ තිබ්බ භාජනේට දාලා ටිකක් තම්බා ගන්න...
පස්සෙ අපි කපා ගත්තු ලූනු ටික රන් වන් පාට වෙනකන් බැදගෙන පැත්තකින් තියන්න.ඊට පස්සෙ බිත්තර ටිකත් තම්බගෙන කටු අයින් කරලා බිත්තරෙ වටෙ රන් වන් පාට වෙනකන් බැද ගන්න.
දැන් රයිස් කුකර් එකට අපි මස් දාලා හදා ගත්තු මිශ්‍රණය දාලා හොදින් අතුරන්න. ඒකට උඩින් තම්බා ගත්තු මස් කෑලිත් තියන්න. දැන් පෙගෙන්න තිබ්බ හාල් එකෙ වතුර පෙරලා රයිස් කුකර් එකට දාන්න.දැන් බේ ලීව්ස් ටිකත් දාලා හාල් එකෙ මට්ටමටම වතුර දාන්න.රස අනුව ලුනු එකතු කරන්න . ඓ කලින් බැද ගනිපු ලූනු වලින් කොටසකුත් දාලා හොදින් කවලම් කරගන්න. ඊට පස්සෙ පියනෙන් වහලා කුකුන් මූඩ් එකට දාලා උයා ගන්න. රයිස් කුකර් එක ඕෆ් උනාට පස්සෙ පියන ඇරලා ඉතුරු ලූනු ටිකත් එකතු කරලා කවලම් කරලා පියන වහලා තව විනාඩි 20ක් වගෙ තියන්න. පස්සෙ ඉතින් බැදපු බිත්තර එක්ක කන්න තියෙන්නෙ .
හදන විදිය ෆොටො පහල තියෙනවා .හොදයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යාලුවොන්ට බලන්න ශෙයාර් පාරකුත් දාන්න 😊😊😊😊🙏