07/08/2026
මීට අවුරුදු දෙකකට කලින්, ආසියාවෙන් පිට ඉන්න කිසිම කෙනෙක් හරියට උච්චාරණය කරන්නවත් දන්නේ නැති නමක් තිබුණා. ඒ තමයි "ලබුබු" (Labubu). හැබැයි 2024 අප්‍රේල් මාසේ දවසක, Blackpink සංගීත කණ්ඩායමේ ලීසා මේ පුංචි බෝනික්කව තමන්ගේ බෑග් එකේ එල්ලගෙන ඉන්න ෆොටෝ එකක් ඉන්ස්ටග්‍රෑම් එකට දැම්මා.
හරියටම සතියක් යද්දී, මේ බෝනික්කව හදන 'Pop Mart' කොම්පැණියේ ආසියාවේ විකුණුම් 30% කින් වැඩි වුණා. මිනිස්සු උදේ පාන්දර 6 ට කඩවල් ඉස්සරහා පෝලිම් ගැහුණා. රියානා වගේ ලෝක ප්‍රසිද්ධ තරු පවා මේවා එල්ලගෙන යන්න ගත්තා. ලෝකයේම මිනිස්සුන්ට මේ ලබුබු පිස්සුව හැදුණා.
මේකේ ප්‍රතිඵලයක් විදිහට 'Pop Mart' කොම්පැණිය එක අවුරුද්දකින් ඩොලර් බිලියන 5.5 ක ආදායමක් හෙව්වා! බටහිර ලෝකයේ දැවැන්ත සෙල්ලම් බඩු සමාගම් 3 ක් (Hasbro, Mattel සහ Sanrio) එකතු කළාටත් වඩා වෙළඳපොළ වටිනාකමක් මේ චීන කොම්පැණියට ලැබුණා.
හැබැයි, මේ ඔක්කොම වුණේ අර ලීසගේ එක ෆොටෝ එකක් නිසාමද? නෑ! සෙල්ලම් බඩුවක ෆොටෝ එකක් නිසා ඒක මිලියන 100 ක් විකිණෙන්නේ නෑ. මේක පිටිපස්සේ තියෙන්නේ ලෝකයේ මිනිස්සුන්ගේ මොළය රවට්ටපු, මෑත ඉතිහාසයේ දැකපු සුපිරිම බිස්නස් ප්ලෑන් එක. ඒ වගේම මේ කොම්පැණිය තමන්ගේ ඒ රත්තරන් බිත්තර දාන කිකිළිව තමන්ම මරාගත්ත අපූරු කතාවත් අද අපි කතා කරනවා! 👹🎒📉
ලබුබු කියන්නේ කවුද? කොහෙන්ද ආවේ? 📚🎨
ලබුබු කියන්නේ කවුරුත් හිතන විදිහට ලොකු ඩිසයින් ලැබ් එකකින් ආපු දෙයක් නෙවෙයි. 2015 දී 'කසිං ලුං' කියන හොංකොං ජාතික චිත්‍ර ශිල්පියා ළමයින්ගේ කතන්දර පොතකට ඇඳපු චරිතයක් තමයි මේ ලබුබු. උල් කන් තියෙන, දත් 9 ක් පේන්න හිනාවෙලා ඉන්න, හුරුබුහුටි වගේම ටිකක් නපුරු පෙනුමක් තියෙන මේ කැලෑ සතා ගැන අවුරුදු ගාණක් යනකම් කවුරුත් ගණන් ගත්තේ නෑ.
මේ ඔක්කොම වෙනස් කළේ චීනයේ බීජිං නුවර තියෙන 'Pop Mart' කොම්පැණිය. 2010 දී මේක පටන් ගත්තේ ෆෝන් කේස්, මේකප් බඩු වගේ දේවල් විකුණන සාමාන්‍ය කඩයක් විදිහට. මේ බිස්නස් එකෙන් ලොකු ලාභයක් නොතිබුන හින්දා, මේකේ අයිතිකාරයා එක අමුතු දෙයක් දැක්කා. ඒ තමයි එයාලගේ කඩේ තියෙන පුංචි සෙල්ලම් බඩු රාක්කය විතරක් හැමදාම විකිණිලා ඉවර වෙනවා කියන එක. ඊටපස්සේ එයා අනිත් හැමදේම නවත්වලා සෙල්ලම් බඩු විකුණන්න පටන් ගත්තා!
ඔවුන් මේ සෙල්ලම් බඩු වික්කේ අමුතුම විදිහකට. ඩොලර් 10 ත් 30 ත් අතර ගාණක් දීලා ඔයාට ගන්න වෙන්නේ සීල් කරපු පෙට්ටියක්. ඒක කඩනකම් ඔයා දන්නේ නෑ ඒක ඇතුළේ ඉන්නේ මොන බෝනික්කද කියලා! 🎁🎰
මේකෙදි එයාලා මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් පාවිච්චි කළා. අපේ මොළය ෂුවර් එකටම ලැබෙන තෑග්ගකට වඩා, "මොකක් ලැබෙයිද" කියලා දන්නේ නැති අවිනිශ්චිත තෑග්ගකට ගොඩක් කැමතියි. ඒකෙන් අපේ මොළයේ ඩෝපමීන් හෝමෝනය ශ්‍රාවය වෙනවා. මේක හරියටම කැසිනෝ වල තියෙන ස්ලොට් මැෂින් වගේමයි! මේ චීන කොම්පැණිය කළේ සූදුවක් සෙල්ලම් බඩුවක් ඇතුළට දාලා තරුණ ළමයින්ට විකුණපු එක!
මේ පෙට්ටි සෙට් එකක සාමාන්‍ය බෝනික්කන් 12 ක් සහ හොයාගන්න මාරම අමාරු "දුර්ලභ බෝනික්කෙක්" ඉන්නවා. මේ දුර්ලභ බෝනික්කව හම්බවෙන්න තියෙන චාන්ස් එක 72 න් 1 යි!.
ඉතින් ඔයා පෙට්ටියක් අරිද්දි ඔයාට දැනටමත් තියෙන බෝනික්කෙක්ම හම්බවුණොත්, ඔයා හිතන්නේ නෑ "ෂිට් සල්ලි අපරාදේ" කියලා. ඔයා හිතන්නේ "අඩේ, මම දැන් අර රහස් බෝනික්කාව හොයාගන්න එක පෙට්ටියකින් ළං වුණා" කියලා. මිනිස්සු පිස්සුවෙන් වගේ පෙට්ටි 50, 100 කඩ කඩ වීඩියෝ අන්තර්ජාලයට දැම්මා. ඒවා මිලියන ගාණක් බැලුවා. මේකෙන් කොම්පැණියට නිකම්ම නොමිලේ ඇඩ් හැදුණා.
Pop Mart සමාගම තවත් මාර ගේමක් ගැහුවා. එයාලා බෝනික්කන් හැදුවේ කඩවල් වලට ඕන ප්‍රමාණයට වඩා අඩුවෙන්. මිනිස්සු පෝලිම් වල හිටියත් අන්තිමට බඩු නෑ! 📈💸
මේ නිසා අමුතුම මාකට් එකක් හැදුණා. ඒ තමයි "රීසේල් මාකට්" එක. කඩෙන් ඩොලර් 30 කට ගත්තු ලබුබු කෙනෙක්, එළියේ ඩොලර් 300 කට විකුණන්න පුළුවන් වුණා! අර අමාරුවෙන් හොයාගන්න දුර්ලභ බෝනික්කා 2000% ක ලාභයකට විකුණුවා!
මේ රීසේල් මාකට් එකෙන් Pop Mart එකට සත පහක ලාභයක් නැති වුණත්, මේකෙන් මිනිස්සුන්ගේ ඔළුවට අමුතු අදහසක් ආවා. "මම මේ ගන්නේ සෙල්ලම් බඩුවක් නෙවෙයි, මම මේ කරන්නේ ආයෝජනයක්". මේ නිසා ලබුබු කියන්නේ සෙල්ලම් බඩුවක් නෙවෙයි, රත්තරන් වගේ වටිනාකමක් තියෙන වත්කමක් බවට පත්වුණා.
මේක කොච්චර සාර්ථක වුණාද කිව්වොත්, චීනයේ විතරක් මිලියන 72 ක පාරිභෝගිකයින් පිරිසක් හැදුණා. ඒකෙන් බාගයකටත් වඩා වැඩි පිරිසක් (55.7%) ආයෙත් ඇවිත් මේවා මිලදී ගත්තා. බිස්නස් ලෝකයේ මේ වගේ ප්‍රතිශතයක් දකින්නත් අමාරුයි!
අවුරුදු 30 ක් තිස්සේ චීනයේ රස්සාව වුණේ ඇමෙරිකාවේ සහ යුරෝපයේ අයට ලාභෙට බඩු හදලා දෙන එක. ඩිසයින් කරන්නේ බටහිර, හදන්නේ චීනේ. 🇨🇳🌎
හැබැයි ලබුබු මේ කතාව සම්පූර්ණයෙන්ම කණපිට හැරෙව්වා! මේක චීන කොම්පැණියක්, චීන චරිතයක් අරගෙන, ඇමෙරිකාවේ සහ ප්‍රංශයේ මිනිස්සුන්ට ෆුල් ගාණටම වික්කා! මිනිස්සු මේවා ගන්න අන්තිමට පෝලිම් වල ගහගත්තා.
ඇමෙරිකාවේ විතරක් එක අවුරුද්දකින් එයාලගේ ආදායම 8 ගුණයකින් වැඩි වෙලා ඩොලර් මිලියන 940 ක් වුණා! රටවල් 20 ක කඩවල් 630 ක් ඇරියා. ලෝකයේ මිල අධිකම වීදි වෙන 'ෆිෆ්ත් ඇවනිව්' (Fifth Avenue) සහ 'ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට්' (Oxford Street) වල ලුවී වියිටෝන් වගේ සුපිරි බ්‍රෑන්ඩ් තියෙන තැන් වල මේ චීන සෙල්ලම් බඩු කඩය ඇරියා.
මේකේ ලාභ ප්‍රතිශතය 72% ක්! සාමාන්‍යයෙන් මේ වගේ ලාභයක් තියෙන්නේ සුපිරිම ලක්සරි බඩු වලට විතරයි. මේ බෝනික්කා හදන්න යන්නේ ඩොලර් කීපයයි, අනිත් ඔක්කොම සල්ලි ගන්නේ එයාලා හදපු "බ්‍රෑන්ඩ්" එකට! චීන සමාගමකට ලෝකයේම මිනිස්සුන්ගේ ආශාවන් පාලනය කරන්න පුළුවන් කියලා එයාලා ඔප්පු කළා.
මේ වගේ සුපිරි බිස්නස් එකක් එකපාරටම කඩාගෙන වැටුණේ ඇයි? ඒකට හේතුව වෙන කවුරුත් නෙවෙයි, එයාලාමයි!. 🔪🦆
2025 වෙද්දී ලබුබු ඉල්ලුම දරාගන්න බැරිව, බ්‍රිතාන්‍යයේ කඩවල් වල මිනිස්සු ගහගන්න ගත්තා. කැලිෆෝනියාවේ කඩවල් කඩලා ඩොලර් 30,000 ක බඩු හොරකම් කළා. මේ නිසා කොම්පැණියේ ලොක්කෝ තීරණය කළා "අපි බඩු හදන එක වැඩි කරමු" කියලා.
2024 මුලදී මාසෙකට ලබුබු ලක්ෂ 3 ක් හදපු එයාලා, 2025 අග වෙද්දී ඒක මාසෙකට මිලියන 30 ක් කළා! අලුත් ෆැක්ටරි දාලා ලෝකෙටම බඩු යැව්වා.
මෙන්න මෙතනදී තමයි එයාලට වැරදුණේ. මිනිස්සු ඩොලර් 300 ක් දීලා ලබුබු ගත්තේ ඒක සෙල්ලම් බඩුවක් නිසා නෙවෙයි, ඒක "හොයාගන්න අමාරු" දෙයක් වුණු නිසා. ඒකේ වටිනාකම තිබුණේ ඒ අමාරුකමේ.
මාකට් එකට බඩු පිරෙද්දී රීසේල් කරන අයට ලාභයක් නැති වුණා. ඩොලර් 300 ට ගිය බෝනික්කා කඩේ ගාණටත් වඩා අඩුවට විකිණෙන්න ගත්තා. එතකොට මිනිස්සුන්ට තේරුණා "අපි මේ කරන්නේ මෝඩ වැඩක්" කියලා. ආයෝජනයක් විදිහට ගත්තු අය සේරම බඩු විකුණලා දැම්මා.
බ්ලයින්ඩ් බොක්ස් වීඩියෝ කරන අය නැවතුණා, මොකද රහස් බෝනික්කාගේ වටිනාකමක් නැති නිසා. ෆේක් බඩු මාකට් එකට ආවා. අන්තිමට ලබුබු කියන ආශාව සම්පූර්ණයෙන්ම මැරිලා ගියා.
අද වෙද්දී ලබුබු ගැන අන්තර්ජාලයේ හොයන ප්‍රමාණය 90% කින් අඩු වෙලා. කොම්පැණියේ කොටස් වල වටිනාකම බාගෙකින්ම කඩාගෙන වැටිලා (ඩොලර් බිලියන 33 ක් නැති වෙලා). ලාභ ඉහළ ගියත් ආයෝජකයින් බයවෙලා සමාගමෙන් අයින් වෙනවා. 🔮🎬
හැබැයි Pop Mart කොම්පැණිය වැටිලා නෑ. එයාලට අලුත් ප්ලෑන් එකක් තියෙනවා. එයාලා දැන් යන්නේ ඩිස්නි වගේ වෙන්න! එයාලා ලබුබු ගැන ෆිල්ම් එකක් හදන්න Sony Pictures එක්ක ගිවිසුම් ගහලා. ලබුබු රත්තරන් මාල විකුණනවා, බීජිං වල ලොකු උද්‍යානයක් හදනවා. ඒ වගේම Molly, Crybaby වගේ තවත් චරිත ලෝකෙට ගෙනල්ලා.
මිකී මවුස් වගේ ලබුබුත් අනාගතයට යයිද? ඒක හරියටම කියන්න අමාරුයි. හැබැයි මේ ලබුබු කතාවෙන් අපිට ගන්න තියෙන ලොකුම පාඩම තමයි: මිනිස්සුන්ගේ ආශාවන් කෘත්‍රිමව හදන්න පුළුවන් වුණාට, ඒ ආශාව නැති වුණාට පස්සේ ආයෙත් හදන එක මාරම අමාරුයි කියන එක!
ඔබට හිතෙන්නේ මොනවද? මේ විදිහට මාකටිං ට්‍රික්ස් වලින් මිනිස්සුන්ව රවට්ටලා බිලියන ගණන් සල්ලි හොයන එක ගැන ඔබේ අදහස මොකක්ද? ඔබත් මේ වගේ බ්ලයින්ඩ් බොක්ස් එකක් අරන් තියෙනවද? ඔබේ අදහස් පහළින් අනිවාර්යයෙන්ම Comment කරන්න. ඒ වගේම මේ වටිනා තොරතුරු අනිත් අයටත් දැනගන්න අනිවාර්යයෙන්ම Share කරන්න සහ ලිපියට Like එකක් දාන්නත් අමතක කරන්න එපා! 👇💬🔄