20/06/2026
ගිනියම් ඉර - සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද?
ගීයකි ලොව - සිතුවම් කළ
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද?
2026 ජූනි මස 20 වෙනි සෙනසුරාදා VSL රොක්ස්බර්ග් පාසලේ පැවති සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීමේදී 10-12 ශ්‍රේණිවල සිසුන් විසින් මෙම ගීතය සංගීත භාණ්ඩ වාදනය කරමින් ගායනා කරනු ලැබුවා. මෙම ගීතයට සභාවේ සිටි දෙමව්පියන් සහ පහළ පන්තිවල දූ දරුවන්ගෙන් ලැබුණ ප්‍රතිචාරය ඇසූ දුටු, මගේ සිතට නැඟුණු සිතුවිලි මේවාය.
මව් බිමෙන් ඈතක ජීවත් වුනත් අපට අපේ ජානගතවී තිබෙන භාෂාව, නාද රටා ස්වභාවිකවම ඉස්මතුවී ඒම වලක්වාලිය නොහැකි දෙයක්. නමුත් මේ සමාජය තුළ හැදී වැඩෙන අපේ බොහොමයක් දරුවන් වයසින් මුහුකුරා යනවිට ඔවුන් තුළත් මේ ප්‍රශ්නයම එනම් “අපි කවුරු ද?” යන්න පැන නැඟෙන බව නොඅනුමානයි. ඉතින් දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් වන අප සැමගේ යුතුකම දරුවන්ට එවැනි ප්‍රශ්නයක් පැන නොනැඟෙන අයුරින් ඔවුන්ව හදා වඩා ගැනීමයි.
අපට බහු සංස්කෘතිකත්වයට බොහෝ ආකාරවලින් සහාය දක්වන රටක ජීවත් වීමට ලැබීම කොතරම් වාසනාවක් ද? කෙසේ වෙතත්, අපගේ මව්බිම වන ශ්‍රී ලංකාවේ සිට සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි රටක අපගේ මව් භාෂාව වන සිංහල භාෂාව ඉගෙන ගැනීමට ලබා දී ඇති අවස්ථාවන්ගෙන් අපගේ තරුණ පරම්පරාවෙන් කී දෙනෙක් ප්‍රයෝජන ගන්නවා ද?
මේ ගැන බුද්ධිමත් වැඩිහිටියෙක්, දෙමාපියෙක් ලෙස ඔබත් නැවත සිතා බලන්න.
The burning sun - the coolness of the moon
Among those searching & searching who we are?
A world is a song - which is painted
Among those asking & looking who we are?
This song was sung by students of grades 10-12 playing musical instruments at the Sinhala Literary Society meeting held at VSL Roxburgh School on Saturday, June 20, 2026. These are the thoughts that came to my mind when I heard the response to this song from the parents and children of the lower classes in the audience.
Even though we live far from our motherland, we cannot prevent our genetically ingrained language and rhythm from emerging naturally. But as most of our children growing up in this society grow older, there is no doubt that this same question arises in them, “Who are we?” So, it is the duty of all of us, parents, teachers, and adults, to raise our children in a way that does not raise such a question.
We are so fortunate to live in a country that supports multiculturalism in so many ways. However, how many of our younger generation are reaping the advantage of the opportunities provided for learning our own mother tongue Sinha in a country thousands of miles away from our motherland Sri Lanka?
As a wise adult and parent, think again about this.
Sinhala is currently taught at 9 Locations through the Victorian School of Languages from F-12:
Bendigo
Berwick
Brentwood
Carwatha
Epping
Glen Waverley
Hampton Park
Roxburgh
Shepparton