30/07/2021
මිලියන 300ක් වටිනා ගොඩනැගිල්ලක් ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදිකල ගාල්ලේ උපන් ආදී ඇලවිෂියානුවා...
ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදි කරන ලද නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතන ගොඩනැගිල්ල අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (29) විවෘත කරනු ලැබිය..
EAM මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගම සිය පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ. දැඩි සත්කාර ඒකක ඇඳන් 13කින් සමන්විත මෙම විද්‍යායතනය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කට පමණ ආසන්න වේ.
ගාල්ලේ උපන් EAM මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරිම් මහතා ගාල්ල ශාන්ත ඇලවිෂයස් විදුහලේ කීර්තිමත් ආදි සිසුවෙක් වන අතර ප්‍රසිද්ධ සමාජ සේවකයෙකි
සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, EAM මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම් මහතා ඇතුළු එම සමාගමේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.