Aviation Family LK

Aviation Family LK For partnerships and inquiries, contact: [email protected]

Aviation Family LK is a trusted aviation media platform delivering aviation news, insights, aircraft updates, and industry content to aviation enthusiasts from asia to worldwide.

Emirates ගුවන් සමාගමේ ඇත්තම Boeing 777 ගුවන් යානාවක් වගේ නේද?ඒත් මේ Microsoft Flight Simulator 2024 වීඩියෝ ක්‍රීඩාවට NVI...
21/09/2026

Emirates ගුවන් සමාගමේ ඇත්තම Boeing 777 ගුවන් යානාවක් වගේ නේද?

ඒත් මේ Microsoft Flight Simulator 2024 වීඩියෝ ක්‍රීඩාවට NVIDIA DLSS 5 මෘදුකාංගය බාගත කල විට අපිට දැකගැනීමට හැකි වන අයුරු ❤️✈️

ශ්‍රී ලංකාව පුරා පවතින වියළි කාලගුණික තත්ත්වයන්ගෙන් සහනයක් ප්‍රාර්ථනා කරමින් පූජ්‍ය පක්ෂය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක...
20/09/2026

ශ්‍රී ලංකාව පුරා පවතින වියළි කාලගුණික තත්ත්වයන්ගෙන් සහනයක් ප්‍රාර්ථනා කරමින් පූජ්‍ය පක්ෂය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්වී අහසේ සිට පිරිත් පැන් ඉසින ලදි.

වැසි ලැබීම සහ පවතින වියළි කාලගුණික තත්ත්වයන්ගෙන් සහනයක් ලබාගැනීම අරමුණු කරගත් සංකේතාත්මක ආගමික උත්සවයක කොටසක් ලෙස, රටේ ඇතැම් ප්‍රදේශවලට පිරිත් පැන් ඉසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව Harbin Y-12 වර්ගයේ ගුවන් යානාවක් යොදාගෙන තිබෙනවා.

පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව, වන සතුන් සහ පරිසරය වෙනුවෙන් ආශිර්වාද කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

ඡායාරූප: ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Facebook පිටුවෙන්

කාලෙකට කලින්, වානිජ ගුවන් සේවා ක්ශේත්‍රය ශබ්දයේ වේගය අභිභවා ගිය යුගය ❤️✈️බ්‍රිතාන්‍ය ගුවන් සේවය සතුව තිබූ BAC Concorde ව...
19/09/2026

කාලෙකට කලින්, වානිජ ගුවන් සේවා ක්ශේත්‍රය ශබ්දයේ වේගය අභිභවා ගිය යුගය ❤️✈️

බ්‍රිතාන්‍ය ගුවන් සේවය සතුව තිබූ BAC Concorde වර්ගයේ අති ධ්වනි මගී ජෙට් යානා කිහිපයක් ලන්ඩන් හීතෲ ගුවන්තොටුපළේ ද වසර කිහිපයකට පෙර කැමරාවකට හසුවී තිබූ අයුරු!

වර්ථමානයේ මෙම ජෙට් යානා කෞතුකාගාර ප්‍රදර්ශනයේ ද, තවත් කිහිපයක් මහජන ප්‍රදර්ශනය සදහා පොදු ස්ථාන වලද, තවත් කිහිපයක් ලන්ඩන් හීතෲ ගුවන්තොටුපළේ ද ගාල් කර ඇත.

චායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුයි!

අහසේ චිත්‍රයක් අදිනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒකත් මොනාලිසා 🫠❤️✈️මේ පයිලට් මීට කලිනුත් මේ වගේ ගොඩක් චිත්‍ර ඇදලා තිබුන...
19/09/2026

අහසේ චිත්‍රයක් අදිනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒකත් මොනාලිසා 🫠❤️✈️

මේ පයිලට් මීට කලිනුත් මේ වගේ ගොඩක් චිත්‍ර ඇදලා තිබුනා

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ඇගයීමේ ප්‍රමුඛ පෙලේ සංවිධානයක් වන Skytrax විසින් සංවිධානය කරනු ලබන 2026 World Airline Awards ස...
19/09/2026

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ඇගයීමේ ප්‍රමුඛ පෙලේ සංවිධානයක් වන Skytrax විසින් සංවිධානය කරනු ලබන 2026 World Airline Awards සම්මාන උළෙල, 2026 සැප්තැම්බර් 18 වන දින ලන්ඩන් නුවර පිහිටි Langham හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

ලොව පුරා ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම්වල සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් (CEOs) ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.

ලොව පුරා ගුවන් සේවා 300 කට අධික සංඛ්‍යාවක් අතුරින් මගී මනාපය පදනම් කරගනිමින් සිදුකළ මෙම සමීක්ෂණයේදී, සිංගප්පූරු ගුවන් සේවය (Singapore Airlines) 2026 වසරේ ලොව හොඳම ගුවන් සේවය (World’s Best Airline) ලෙස ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වුණා.

පසුගිය වසරේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කටාර් ගුවන් සේවය (Qatar Airways) මෙවර දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

මෙහිදී හොංකොං හි Cathay Pacific තෙවන ස්ථානයත්, ජපානයේ ANA All Nippon Airways සිව්වන ස්ථානයත්, තුර්කියේ Turkish Airlines පස්වන ස්ථානයත් හිමිකර ගත්තා.

2026 වසරේ ලොව හොඳම ගුවන් සේවා 20 (Top 20 Airlines)

1. Singapore Airlines

2.Qatar Airways

3. Cathay Pacific

4. ANA All Nippon Airways

5. Turkish Airlines

6. Emirates

7. Air France

8. Hainan Airlines

9. Japan Airlines

10. Korean Air

11. EVA Air

12. Qantas Airways

13. STARLUX Airlines

14. Lufthansa

15. Saudi Arabian Airlines (Saudia)

16. Iberia

17. Air Canada

18. Virgin Atlantic

19. Swiss Int’l Air Lines

20. Thai Airways

1999 වසරේ ආරම්භ කරන ලද Skytrax World Airline Awards යනු සම්පූර්ණයෙන්ම ස්වාධීන සහ අපක්ෂපාතී මගී සමීක්ෂණ පදනම් කරගනිමින් පැවැත්වෙන, ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉහළම සහ විශ්වාසනීයම ඇගයීම් උළෙලකි.

19/09/2026

2026 වසරේ ලොව හොඳම ගුවන් සේවය ලෙස සිංගප්පූරු ගුවන් සේවය තේරී පත් වෙයි ❤️✈️
ඒ අනුව දෙවන ස්ථානය හිමි වූයේ කටාර් ගුවන් සමාගමටයි

තව ටික දවසකින් ඔයාලට අපේ website එක හරහා කල් තියාම ඕඩර් කරලා තියාගන්න පුලුවන් 🥹❤️✈️Pre-orders available soon in Aviation...
17/09/2026

තව ටික දවසකින් ඔයාලට අපේ website එක හරහා කල් තියාම ඕඩර් කරලා තියාගන්න පුලුවන් 🥹❤️✈️

Pre-orders available soon in Aviation Family LK Store

Visit www.aviationfamily.lk

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර සිදුවූ බස් රථ අනතුරක් වාර්තා කිරීමට ගිය 'NBC' ප්‍රවෘත්ති සේවයට අයත් හෙලිකොප්ටර්...
17/09/2026

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර සිදුවූ බස් රථ අනතුරක් වාර්තා කිරීමට ගිය 'NBC' ප්‍රවෘත්ති සේවයට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ බස් රථ අනතුර සිදුවූ ස්ථානය ආසන්නයටම කඩා වැටුණු මෙම හෙලිකොප්ටරය වහාම ගිනිගෙන දැවී ගොස් ඇත.

​ලොස් ඇන්ජලීස් ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හෙලිකොප්ටර් යානයේ නියමුවා, මාධ්‍ය වේදිනිය සහ තවත් පුද්ගලයයෙකුට මරු කැඳවමින් සහ තවත් හය දෙනෙකුට තුවාල සිදුකරමින් ඊට පැය කිහිපයකට පෙර සිදුවූ බස් රථ අනතුරක් වාර්තා කරමින් සිටියදී ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති බවයි.

​මෙම හෙලිකොප්ටර් යානය සැන් ෆර්නැන්ඩෝ නිම්නයේ (San Fernando Valley) චැට්ස්වර්ත් (Chatsworth) ප්‍රදේශයේ පිහිටි තනි මහල් වාණිජ ගොඩනැගිල්ලක් අසලට කඩා වැටී ඇති බව බලධාරීන් වැඩිදුරටත් තහවුරු කර ඇත.

හෙල්ල විසි කිරීමේ ලෝක ශූර ශ්‍රී ලාංකික දක්ෂ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ක්‍රීඩා භාණ්ඩ (හෙල්ල) Turkish Airlines ගුවන් යානයකින් ...
16/09/2026

හෙල්ල විසි කිරීමේ ලෝක ශූර ශ්‍රී ලාංකික දක්ෂ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ක්‍රීඩා භාණ්ඩ (හෙල්ල) Turkish Airlines ගුවන් යානයකින් ලංකාවට රැගෙන එන විට හානි වූ පුවතත් සමඟ මුළු සමාජ මාධ්‍ය ජාලයම එකහෙළාම වරද පැටවුවේ තුර්කි ගුවන් සමාගම පිටටයි.

රුපියල් මිලියන 2කට කට වඩා වැඩි වටිනාකමකින් යුතු මේ තරඟකාරී ක්‍රීඩා භාණ්ඩ වලට වූ හානිය ගැන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන් සමාගම වෙත පැමිණිල්ලක් පවා යොමු කර තිබෙන අතර, සම්පූර්ණ වරද තුරිකි ගුවන් සමාගම වෙත පවරා වයිරල් වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් වල අපි දකිනවාට වඩා ලෝක ගුවන් සේවා නීතිය ඇතුළේ මේ කතාවේ යථාර්ථය සෑහෙන්න වෙනස් වෙනවා.

ජාත්‍යන්තර ගුවන් ගමන් වලදී මගීන්ගේ බෑගජ් සම්බන්ධයෙන් බලපාන්නේ 1999 මොන්ට්‍රියල් සම්මුතියයි (Montreal Convention). ශ්‍රී ලංකාව මෙන්ම තුර්කියත් මෙයට අත්සන් තබා ඇති අතර මෙහි 17(2) වගන්තියට අනුව මගියාගේ බෑගජ් භාරගන්නා මොහොතේ සිට නැවත ලබාදෙන තෙක් සිදුවන හානිවලට ගුවන් සමාගම වගකිය යුතුයි.

නමුත් එම පනතේම ඇති ප්‍රධාන නිදහස් කිරීමේ වගන්තියක් වන්නේ, අදාළ භාණ්ඩයේ ඇති "සහජ දුර්වලතාවයක් හෝ ස්වභාවය" (Inherent defect, quality or vice) නිසා හානිය සිදුවූයේ නම් ගුවන් සමාගම එයින් නිදහස් වන බවයි. ජැවලින් හෙල්ලයක් එකක් යනු සාමාන්‍ය බෑගයකට වඩා දිගු, නම්‍යශීලී නැති සහ තෙරපීම් හමුවේ පහසුවෙන් කැඩී යා හැකි ක්‍රීඩා භාණ්ඩයක් නිසා, මෙම සිද්ධියේදී ප්‍රධානම තීරකයා වන්නේ එම ජැවලින් හෙල්ලය අසුරා (Pack කර) තිබූ ආකාරයයි.

Turkish Airlines හි නිල නීතිවලට අනුව ක්‍රීඩා භාණ්ඩ ගෙන යා යුත්තේ ශක්තිමත් ආරක්ෂිත ආවරණයක (Sturdy, protective case) බහාලා වන අතර මගියා අතින් නිසි ආරක්ෂිත ආවරණයක් නොමැතිව භාණ්ඩය භාරදී තිබේ නම්, සිදුවූ හානියට ගුවන් සමාගම වගකිව යුතු නැති බවට නීතිමය තර්කයක් ගොඩනැගීමට ගුවන් සමාගමට හැකියාව තිබෙනවා.

බොහෝ දෙනෙක් සිතන්නේ බෑගයේ බිදෙනසුලුයි "Fragile" කියා ස්ටිකරයක් ඇලවීමෙන් හෝ කවුන්ටරයට පැවසීමෙන් ගුවන් සමාගමේ වගකීම වැඩි වන බවයි. නමුත් එවැනි ස්ටිකරයක් යනු මෙහෙයුම් කටයුතු සඳහා දෙන සංඥාවක් මිස නීතිමය වගකීම වැඩි කරන ලියවිල්ලක් නෙවෙයි.

වන්දි සීමාව ඉහළ දමාගැනීමට නම් මොන්ට්‍රියල් සම්මුතියේ 22(2) වගන්තිය යටතේ "Special Declaration of Interest" එකක් තබා අමතර ගාස්තුවක් ගෙවිය යුතුයි. එසේ නොමැති නම් හිමිවන උපරිම වන්දිය සාමාන්‍ය නීතිමය සීමාවට යටත් වනු ඇත.

තවත් ප්‍රශ්නයක් වන්නේ කටුනායකදී බෑග් හසුරුවන්නේ තුන්වන පාර්ශවීය Ground Handling සමාගමක් වීමයි. නමුත් නීතිය හමුවේ මගියාට එයින් වෙනසක් නොවන අතර, ගිවිසුම පවතින්නේ මගියා සහ ගුවන් සමාගම අතර නිසා මගියාගේ පැමිණිල්ල භාරගත යුත්තේ ගුවන් සමාගමයි. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලර්ගේ වරදක් තිබේ නම් ගුවන් සමාගම විසින් පසුව ඔවුන්ගෙන් එම පාඩුව අය කරගනු ඇත.

එසේම, මගියා ගන්නා පුද්ගලික Travel Insurance එක සහ ගුවන් සමාගම තබාගත යුතු Carrier Liability Insurance එක යනු දෙකක් වන අතර පළමුවැනියෙන් මගියාට වන්දියක් ලබාගත හැකි අතර, දෙවැනියෙන් සිදුවන්නේ ගුවන් සමාගමට මෙවැනි වන්දි ගෙවීමේ මූල්‍යමය ශක්තිය තිබෙන බව නීත්‍යානුකූලව තහවුරු කිරීම පමණයි.

එක්වරම ගුවන් සමාගම පිට වරද පැටවීම සාධාරණ ලෙස පෙනුනද, නීතිමය වශයෙන් වන්දිය තීරණය වන්නේ ක්‍රීඩා භාණ්ඩ අසුරා තිබූ ආකාරයේ ආරක්ෂිතබව, Special Declaration එකක් කර තිබේද යන්න සහ දින 7ක් ඇතුළත කටුනායකදී Property Irregularity Report (PIR) එකක් හරහා ලිඛිතව කළ පැමිණිල්ලේ නීතිමය පදනම මතයි.

(මෙය මොන්ට්‍රියල් සම්මුතිය පිළිබඳ සාමාන්‍ය නීතිමය විශ්ලේෂණයක් වන අතර, අදාළ සිදුවීමේ නිශ්චිත ලේඛන, ඇසුරුම් කළ ආකාරය සහ ගුවන්තොටුපොළ වාර්තා මත අවසාන තීරණය වෙනස් විය හැක.)

මූලාශ්‍රය - Aviation Voice

16/09/2026

ගෑනු ලමයි, අපේ බ්‍රෑන්ඩ් එකෙන් ලස්සන Aviation Themed Tote Bags ආවොත් ඔයාලා මොකද කරන්නේ?
😌❤️✈️

Address

74 Latifa Bint Hamdan Street
Dubai

Alerts

Be the first to know and let us send you an email when Aviation Family LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Aviation Family LK:

Shortcuts

Share