25/07/2023
Hellow foodies 🥰🥰 හදමුද ගාලික් බ්‍රෙඩ් එකක් ගෙදර තියන අඩුම අඅමුද්‍රව්‍ය ටිකකින්
ගාලික් බ්‍රෙඩ්( garlic bread) රෙසිපි
🧄🥖 ඔයාලට මේකට french බ්‍රෙඩ් ගන්න පුලුවන් ඒවා කීලස් එකේ තියනවා පොඩි ගානක් වෙන්නේ,තව ඔයාට කඩේ තියන ඕනම සැන්විච් බ්‍රෙඩ් එකක් ගන්න පුලුවන් , අච්චුපාන්,තැටිපාන්,රෝස්පාන් 🍞🥖තියන ඕනම එකක් පොඩියට කොටු රවුම් කපලා ගන්න
🍞🧄සුදුලූනු බික් 3/4 වතුර කෝප්ප බාගයක් පොඩි බාජනයකට දාලා තම්බගන්න, හොදට තම්බලා ඒක පොඩිකරගන්න
🍞🧄මේකට ඇස්ට්‍රා, මැඩෝලි, ෆ්ලෝරා කැමති ස්‍ප්‍රෙඩ් එකක් ගන්න ..ඒක කාමර ඌශ්නත්වයේ වෙන්න ඕන
🍞🧄 කොත්තමල්ලිකොල,පාස්ලි,මින්චි,කරංපිචා ඔයලට ගෙදර තියන කොලටිකක් අරන් චොප් කරගන්න
🍞🧄අමුමිරිස් කරලක් චොප් කරලා එකතු කරගන්න පුලුවන් මන් නම් වෙනම එකකට විතර පොඩ්ඩක් දැම්මා පොඩි අය කන නිසා මන් දැම්මේ නෑ අනිත් ඒවට
🍞🧄ගම්බිරිස් ස්වල්පයක්
🍞🧄 චීස් මොසරෙල්ලා,වෙඩාර්(මට නම් ඒ දෙකම තිබුනේ නෑ ගෙදර මන් හැපිකව් චීස් කෑලි 2ක් තමා එකතු කරේ)
🥖🍞🧄සාදන ක්‍රමය
👩🏼🍳 බටර් හෝ ෆැට් සසප්‍රෙඩ් එකට , කොත්ත්ස්මල්ල හෝ මන් ඉහත සදන් කරපු කොලවරගයක් චොප් කරලා එකතු කරන්න, ගම්බිරිස් ස්වල්පයක්, අඅවශ්‍ය නම් ලුනු කුඩු පින්චක්,චීස්, පොඩි බෝල් එකකට දාලා කලවම් කරන්න, තම්බා පොඩිකරගත් ගාලික්(සුදුලූනු ටිකද එකතු කරගන්න.ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් හෝ ඔයාලා ලෑස්ති කරගත්ත පාන් පොඩියට කැමති හැඩයකට කපාගන්න.,පෑන් එකකට බටර් හෝ ස්ප්‍රෙඩ් ටිකක් ගාලා මද ගින්දරේ රෙත් කරගන්න, කපාගත් පාන් වල ගාලික් මිශ්‍රනය තවරා.මිනිත්තු දෙකක් පමන පාන් වල දෙපැත්තම ටෝස් කරගන්න..කැමතිනම් අවන් එකේ මයික්‍රොවේව් එකේ උනත් මේක හදාගන්න පුලුවන් .. 👩🏼🍳හදලා මටත් රස කියන්න 🍞🍞🧄