BY Al Ain Care
Welcome to Beit Yeshua Al Ain Day Care Center! We provide a safe, nurturing environment for your little ones
08/11/2025
Welcome to Al Ain Care Day Care Center! 🐰🌟
Where little ones learn, play, and grow in a safe and loving environment. 🌈💕
Join us in nurturing the next generation! 🌟
අල් අයින් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට සාදරයෙන් පිළිගනිමු! 🐰🌟
කුඩා දරුවන් ආරක්ෂිත සහ ආදරණීය පරිසරයක ඉගෙන ගන්නා, සෙල්ලම් කරන සහ වැඩෙන තැන. 🌈💕
ඔබේ දරුවන් විශ්වාසනීයව රඳවන්න! 🌟
28/10/2025
Welcome to Beit Yeshua Day Care Center Al Ain ! 🌟
Located in Al Ain, on Massarah Street near Al Ain Mall, we're dedicated to providing a nurturing environment for your little ones.
🌈 Contact us to learn more about our programs and services:
📞+971 58 575 7141
Whatsapp +971 508964556
We look forward to meeting your family! 😊
"
බෙත් යෙෂුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට සාදරයෙන් පිළිගනිමු!
අල් අයින් සාප්පු සංකීර්ණය (Al ain mall) අසල පිහිටා ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථානය අපි, ඔබේ කුඩා දරුවන්ට යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී සිටිමු.
අපගේ සේවාව පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අප හා සම්බන්ධ වන්න:
📞+971 58 575 7141
Whatsapp +971 508964556
ඔබ හමුවීමට අපි බලාපොරොත්තු වෙමු!
"
21/10/2025
දරුවන්ගේ මානසික ගැටලුවලදී තරවටු කරන්න එපා..
ළමා වියේදී ඇතිවන විවිධ මානසික ගැටලු අතර හඳුනාගත යුතු බොහෝ ගැටලු දක්නට ලැබේ. වැඩිහිටියන් අතර වැළඳෙන මානසික රෝග දරුවන් අතරේ වැඩි වශයෙන් දක්නට නැති වුණද ඒවා හඳුනාගෙන ඊට අදාළ පියවර ගැනීම දරුවන්ගේ යහපත් මානසික සෞඛ්‍යයට බෙහෙවින්ම වැඩදායක ය.මෙවැනි ළමා මානසික ගැටලු අතර පාසල් යාමට මැළිවීම, සහෝදර ගැටුම්, කතා කිරීමේ දුර්වලතා, නින්දෙන් ඇවිදීම හෝ නින්දේදී බිය වීම, අසාමාන්‍ය හැසිරීම් රටා, පාසල් කටයුතුවල දුර්වල බව, දොම්නස් බව, මන්ද මානසිකභාවය, අධික්‍රියාකාරීත්වය වැනි ගැටලු ප්‍රමුඛ ලක්ෂණ වේ. මේවා වඩාත් සුලබ මානසික ගැටලු අතර දක්නට ලැබෙන ඒවාය.
මේවා එකිනෙක සලකා බැලීමේ දී
1. පාසල් යාමට මැළිවීම
මෙය දරුවන් අතර ඉතාම සුලබ ගැටලුවකි. මේ සඳහා නොයෙක් මානසික හේතුන් මුල් වේ. මවගෙන් වෙන්වීමට ඇති අකමැත්ත, පාසලේ දී බලපාන විවිධ අසීරුතා මෙන්ම අධ්‍යාපන කටයුතුවලට ඇති දුර්වලතා ආදිය හේතු වේ. එම හේතුව සොයා බලා හඳුනාගෙන ඊට පිළියම් යෙදිය යුතුය.
2. සහෝදර ගැටුම්
පවුලකට තවත් දරුවකු උපන් විට ඊට දක්වන සැලකිල්ල නුරුස්නා දරුවන්, තමන් කෙරේ අවධානය යොමු කර ගැනීමට විවිධ දේ කිරීමට පෙලඹේ. බාල සහෝදරිය හෝ සහෝදරයාට හිංසා කිරීම, පහරදීම්, ආදිය ද තමන්ට ඇති අසනීපයන් ගැන මවුපියන්ට ව්‍යාජ පැමිණිලි කිරීම ආදිය දැකිය හැකිය. මවුපියන් දරුවා වෙනුවෙන් ආකල්ප වෙනස්කොට ආදරය පෙන්වීම හා දරුවා සමඟ නිතර කාලය ගත කිරීමට ඉඩ සැලැසීමෙන් ඒවා මඟ හරවා ගත හැකි වේ.
3. කතා කිරීමේ දුර්වලතා
සමහර ළමයින් කතා කිරීමේදී ‘ගොත ගසන’ බවක් පෙන්වයි. වයස අවුරුදු 5 – 6 පිරෙනවාත් සමඟම බොහෝ විට මෙය මඟ හැරී යනු ඇත. එහෙත් සමහර දරුවන් තුළ මේ තත්ත්වය දිගටම පවතී. එයට ප්‍රතිකාර වශයෙන් නිසිලෙස කතාව පුහුණු කිරීමේ විශේෂ අභ්‍යාස ක්‍රම ඇත.
4. නින්දේදී මුත්‍රා පහවීම
දරුවකු වයස අවුරුදු 5 ඉක්මවූ පසුවද මුත්‍රා පහවීම සිදුවේ නම් එය කායික රෝගයක්ද යන්න නිශ්චිත වශයෙන්ම සොයා බැලිය යුතු වේ. එසේ නොවේ නම් ඒ සඳහා විශේෂිත ක්‍රම අනුගමනය.
කළ හැකිය.
5. නින්දේදී ඇවිදීම හෝ බිය වීම
මෙය ද ළමා වියේ ඇතිවන ගැටලු සහගත තත්ත්වයකි.
6. අසාමාන්‍ය හැසිරීම් රටා
සමහර දරුවන් කුඩා කළ සිටම බොරු කීම, සොරකම් කිරීම, සතුන්ට වද දීම, හිංසා කිරීම වැනි නොමනා ක්‍රියාකාරකම් වල යෙදේ.මේවා ඔවුන් වැඩිහිටියන්වූ පසුද පෞරුෂ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි. මේ හැසිරීම් කෙරෙහි මාපියන් දක්වන ප්‍රතිචාර මත මෙය මඟහරවා ගත හැකිය.
7. පාසල් කටයුතුවල දුර්වලතා
මේ පිළිබඳ මාපියන් විමසිලිමත් විය යුතු වේ.පාසල් ක්‍රියාකාරකම්වලදී දරුවා දුර්වල බවක් පෙන්වයි නම්, ඒ ඇයි යන්න විමසා බලා දරුවාගේ දුර්වලතාව ඇත්තේ කිනම් විෂයයන් සඳහා ද යන්න සෙවිය යුතුය.එහෙත් දරුවාගේ බුද්ධි මට්ටම ඇගැයීමට ලක් කිරීම වඩා වැදගත් ය. උදාහරණයක් ලෙස දරුවා කියවීමට පමණක් දුර්වල නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වටී.
8. දොම්නස් බව
ළමා වියේ දී දොම්නස් බවින් යුතුව දරුවකු කාලය ගත කිරීමට විවිධ හේතු බලපෑ හැකිය. මවගෙන් වෙන්වීම, පවුලේ අසමගිය, අපචාරයන්ට ලක්වීම ආදිය හේතු තිබිය හැකිය. අලස ගතිය හා නින්ද නොයෑම, ආහාර ප්‍රිය නොවීම, සෙල්ලම් කිරීමට අකමැති වීම, ආදී රෝග ලක්ෂණ ද පෙන්නුම් කරයි. මේ නිසා බොහෝ විට දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල වීම, කඩාකප්පල් වීම ආදිය ඇතිවන ශෝචනීය ප්‍රතිඵලය.
9. අධි ක්‍රියාකාරීත්වය
සමහර ළමයින්ට යමක් කෙරෙහි අවධානය රඳවාගෙන සිටීම අපහසුය. ඇත්ත වශයෙන්ම මෙය සාමාන්‍ය කෙළිලොල් බවක්ද, ඉන් එහා ගිය තත්ත්වයක් ද යන්න පැහැදිලිව වටහාගත යුතුය.අධි ක්‍රියාකාරී තත්ත්වයක් නම් ඖෂධමය ප්‍රතිකාර පවා අවශ්‍ය විය හැකිය.
10. මන්ද බුද්ධිකභාවය
සමහර දරුවන් බුද්ධිමය වශයෙන් පසුබෑමකට ලක් වේ. නොයෙක් හේතු මෙයට බලපා තිබිය හැකිය. සමහර විට මෙයට ප්‍රතිකාර තිබිය හැකි වුවද ඇතැම් විට සීමා සහිතය.කෙසේ වුවද දරුවකු වැඩීමට, කතා කිරීමට, ඇවිදීමට හා අන් අය සමඟ ආශ්‍රය කිරීමට මැළි වේ නම්, නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අතිශයින්ම වැදගත් බව සිහි තබා ගත යුතු වේ. මානසික රෝග විශේෂඥ සේවා පැවැත්වෙන ඕනෑම මහරෝග්‍ය ශාලාවකින් ළමා මානසික රෝග පිළිබඳ උපදෙස් ලබා ගත හැකිය. ඒ හැරුණු විට ළමා මානසික ගැටලු සඳහාම වෙන්වූ ‘විශේෂිත සායන’ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවැත්වේ.
මේ ආකාරයට තම දරුවකු හට කිසියම් වූ අසාමාන්‍ය මානසික ගැටලුවක් ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීම වඩාත් යෝග්‍ය ක්‍රමයයි. එවිට අවශ්‍ය නම් විශේෂඥ සේවා පැවැත්වෙන සායනයක් වෙත ද යොමු කෙරෙනු ඇත.දරුවකු වැඩිහිටි වූ පසු ඔහුගේ ඇයගේ පෞරුෂත්වය රඳා පවතින්නේ කුඩා වියේ දී ලබන අත්දැකීම් මතය. එම නිසා දරුවන් කෙරෙහි මෙවැනි ගැටලුවකදී වඩාත් සංවේදීව කටයුතු කිරීම වැඩිහිටියන්ගේ යුතුකමක්ද වන්නේය.
විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ ලිපියක් ඇසුරිනි
08/10/2025
අපට හමුවන ළමයින් විවිධාකාරයි. ඔවුන්ගේ ස්වභාවය, ගති පැවතුම්, ක්‍රියා , සිතීම, සංකල්ප, දක්ෂතා, බුද්ධිය, ළැදිකම්, අදහස් ලබා ගැනීම්, අදහස් ප්‍රකාශ කිරීම් ආදියෙන් වෙනස්කම් ඇති බව අපට දක්නට ඇත. ගෙදරදී ලැබෙන අක්‍රමික පුහුණුව, දරුවා ගැටෙන පරිසරය, ක්‍රියාවන් හා අත්දැකීම්වලින්,ඔවුනට ලැබෙන දැනිම් හා දෙමාපියන්ගේන් ගුරුවරුන්ගෙන් ලැබෙන බලපෑම් සමාජයේ පවතින විවිධ රීති දරුවන්ගේ විවිධ වෙනස්වීම්වලට හේතු විය හැකිය.
ඇතැම් පවුල් පසුබිම් තුළින්ද දරුවන් වෙනස්වීම්වලට භාජනය වේ. ඇතැම් නිවෙස් තුළ දරුවන්ට ලැබෙන නිදහස අනුව දරුවෙකු එඩිතර නිර්මාණශීලී, නිර්භීත, ක්‍රියාශීලී. කෙනෙකු බවට පත්වන අතර, ඇතැම් පවුල් පරිසර තුළ දෙමාපියන් සහ දරුවන්ට වැඩිමල් පිරිසගේ බලපෑම් හෝ දඬුවම් නිසා දක්ෂ දරුවෙකු පසුබට වනසුලු හා බියගුළු උදාසීන දරුවකු බවට පත්වේ.
දරුවෙකු සමාජයට යෑමට පෙර නිවෙස් පරිසරය තුළ දරුවාට සාර්ථක අත්තිවාරමක් ලබාදීම දෙමාපියන් සතු වගකීමක් වනු ඇත. ඇතැම් දරුවන් තුළ අධ්‍යාපනයට නිදන්ගත දුර්වලකම් හා ප්‍රකට දුර්වලකම් හඳුනා ගත හැක. මෙම දුර්වලකම් ගුරුවරුන්හට තේරුම් ගැනීමට විශේෂයෙන් හැකි වේ.
දරුවෙකුට ඉගෙනුම් කාර්යය පිළිබඳව හා විෂයන් පිළිබඳව දක්ෂකම් ඇතිවීමට මෙන්ම දුර්වලකම් ඇතිවීමටද කරුණු රාශියක් බලපායි. මෙවැනි දුර්වලකම් මගහරවා ගැනීමටත් දරුවන්ගේ අවශ්‍යතාවන් ආශාවන් හා සහජ දක්ෂතාවන් වර්ධනය වන පරිදි ඔවුන්ට ඒ ඒ විෂයයන් පිළිබඳව කරුණු අවබෝධ කර ගැනීමටත් මාර්ගය සොයා දීම දරුවන් හට කරන විශාල පහසුවක් වේ. නැතිනම් බොහෝ විට එම දරුවා අධ්‍යයන අභියෝගයන්ට පමණක් නොව, සමාජීය හා චිත්තවේගීය ගැටලුවලටද මුහුණ දෙයි. එමනිසා දරුවෙකුගේ සාර්ථකත්වයට කලින් හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.
ඇතැම් දරුවෙකු කියවීමට, ගණිතයට හා සිංහල භාෂාවේ ඉස්පිලි, පාපිලි මගහැරීම වැනි දුර්වලතා දැක්වූවද විද්‍යාව, ඉතිහාසය හා සෞඛ්‍ය වැනි විෂයන්වල විෂය කරුණු සඳහා දක්ෂකම්, ළැදිකම් දක්වන අවස්ථා තිබේ.
කියැවීමට බොහෝ විට දුර්වල වන්නේ.....
ඉගැන්වීමේ දී සිදුවන වැරදි ..
ශබ්දෝච්චාරණයට ඇති පහසුව.
කියැවීමට අසීරු පාඨ වාක්‍ය තෝරා ගැනීම.
පෙනීමේ දුර්වලකම්.
භාවිතය මඳ බව.
අලසකම.
ගුරුවරයාට කියැවීමේදී දක්වන භය.
නොපැහැදිලි අකරු ආදි නිදන්ගත වූත්, ප්‍රකට වූත් දුර්වලතාවයන් නිසාය.
ගණිතයට දුර්වල වීම.
මූලික සූත්‍ර හරි හැටි නොදැනීම.
චක්‍ර අමතක වීම.
භාෂාවට ඇති දුර්වලතාවන් නිසා ගණන් ප්‍රශ්න කියවීමටත්, තේරුම් ගැනීමටත් නොහැකිවීම.
ගුරුවරයා ගණිත සූත්‍ර නොපැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම.
අමාරු විෂයක් වශයෙන් ළමයාගේ සිතේ මුල සිටම ඇදී තිබෙන භය සහිත ලකුණු.
ළමයාගේ ඇල්ම වර්ධනය කිරීමේ මාර්ගය ගුරුවරයා විසින් ඇති නොකිරීම.
ළමයාගේ මානසික හා ශාරීරික දුර්වලකම්.
මෙලෙස එක් එක් විෂයකට ඔහු තුළ ආවේණික වූ දුර්වලතා නිදන්ගත මෙන්ම බාහිර වු ප්‍රකට දුර්වලතාද වේ.
ලිවීමේදී හා ඇඳීමේදීද ළමයා මෙසේ නොයෙක් ආකාර වූ වැරදි කරයි. මේ එක් එක් කරුණු හරිහැටි සොයාබලා ඒ දුර්වලතා මග හැරවීමට කටයුතු කළ යුතුවේ.
කුඩා දරුවන්ගේ දුර්වල සම්බන්ධීකරණය පවා ඉගෙනීමේ දුර්වලතාවක් පෙන්නුම් කරයි.
නිදසුනක් වශයෙන්, වයස අවුරුදු 5දී, දරුවෙකුට තම ඇඳුම් බොත්තම් ආකාරයට කතුර මගින් කඩදාසිවලින් හැඩ කපාගත හැකිය. කර්තව්‍යයක් ආරම්භ කරනුයේ කෙසේද යන්න හෝ එය සාර්ථකව කරගෙන යන්නුයේ කෙසේද යන්න තේරුම් නොගැනීමද ලකුණක් විය හැකිය.
FLIP Foundation ( Focus on Literacy Improvement by Practice ) ආයතනයේ සම අධ්‍යක්ෂිකා ගෝතමී රාජපක්ෂ (B.Ed(UG)/ Dip. in Teaching /Dip. in S.N.E) විසිනි.
05/10/2025
දෙමව්පියන් හා ගුරුවරුන් පාදක කරගත් ධනාත්මක ශික්ෂණය පිළිබඳ අත් පොත
https://childprotection.gov.lk/images/pdfs/handbooks/Shiksha%20Book%20final%20for%20web%20-%202019.9.3.pdf
30/09/2025
දරුවෙකුගේ කථන හැකියාව අවමවීමට බලපාන ප්‍රධාන කරුණු මොනවා ද?
දරුවෙකුගේ කථන හැකියාව අවම වීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් බලපෑ හැකිය.
උත්තේජනය අවම වීම
"ළමයෙකුගේ කථන හැකියාව වර්ධනය කිරීමට බලපාන ප්‍රධාන සාධකය තමයි උත්තේජනය. කථන හැකියාව මඳි වෙන්න බලපාන ප්‍රධාන කරුණ වන්නේත් උත්තේජනය අවම වීමයි. උත්තේජනය කියලා අපි මෙතැනදී අදහස් කරන්නේ 'ස්ටිමියුලේෂන්' එකක්.
"උදාහරණයක් විදිහට අපි හිතමු එක අම්මා කෙනෙක් ඉන්නවා, එයා ගෙදර සියලු වැඩ කරගෙන ළමයත් බලාගෙන ඉන්නවා නම්, එයාට ළමයා එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. එතකොට ඒ අම්මලා කරන්නේ රූපවාහිනියක් හරි ටැබ් එකක් තියෙනවා නම් ඒකේ නර්සරි රයිම් එකක් දාලා දීලා තමාගේ වැඩ කරගෙන යනවා. හැබැයි ඒකෙන් ළමයෙකුගේ කථන හැකියාවක් බලාපොරොත්තු වෙන්න බැහැ. කථනය වෙන්න නම් කමියුනිකේෂන් එකක් තියෙන්න ඕන නේ. ළමයා කතා කරන එකට අනෙක් පැත්තෙන් උත්තර දුන්නේ නැත්නම් ඒ ළමයට කථන හැකියාවක් එන්නේ නැහැ, එයා කරන්නේ ඇහුම්කන්දීම පමණයි. ගෙදර ඔක්කොම වැඩත් එක්ක අම්මට ළමයා අහන ඒවාට උත්තර දෙන්නත් බැරි නම්, තනියෙන් නම් ඉන්නේ එතැන දී මේ ප්‍රශ්නය ඇතිවෙනවා. ළමයි එක්ක හිතලම කතා නොකර ඉන්න වෙලාවක් තියෙනවා. කථනය පරක්කු වෙන්න එක හේතුවක් ඒක."
දරුවාගේ මොළයේ වර්ධනය අවම වීම
වෛද්‍යවරුන් හොයාගෙන තියෙනවා මොළයේ වර්ධනයේ පුංචි වෙනස්කම් තියෙනවා නම් - මොකද කථනය කියන්නේ මොළයේ වර්ධනයත් එක්ක ඇතිවෙන දෙයක්. ළමයි දණගානවා, ඇවිදින්න පටන් ගන්නවා, කථනය ටික ටික ඩිවලොප් වෙන්නේ - මොළයේ වර්ධනයේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් කථන හැකියාව අවම වෙන්න බලපානවා. ඒ වගේම දරුවා උපදින අවස්ථාවල දී මොළයට ඔක්සිජන් සැපයුම මඳිවීම නිසා ශ්‍රවණ ආබාධ ඇතිවෙන්න පුළුවන්."
දරුවෙකුට ඇතිවන ශ්‍රවණ ආබාධ
ප්‍රධාන වශයෙන්, කථන හැකියාව ළමයෙකු තුළ වර්ධනය නොවෙන්න බලපාන ප්‍රධාන හේතුව කියලා හොයාගෙන තියෙන්නේ ශ්‍රවණ ආබාධ. ශ්‍රවණ ආබාධ දරුවෙකුට ඇතිවෙන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ අතර පවුල්වලින්, ජානමය වශයෙන් බලපාන අවස්ථා තියෙනවා. මව්පියන් දෙන්නම බිහිරි, ළමයත් බිහිරි වගේ ජානමය වශයෙන් ශ්‍රවණ ආබාධ තියෙන්න පුළුවන්. නමුත් මෙය ඉතා අවම යි.
"ඒ වගේම දරුවන්ට පසුකාලිනව මොළයේ උණ රෝගී තත්ත්වයෙන් පසුව ශ්‍රවණ ස්නායුවට වන බලපෑමක් නිසා කන් ඇසීමේ අපහසුතාව නිසා කථන හැකියාවට ගැටලු ඇතිවෙන්න පුළුවන්."
තිර සහිත උපකරණ
"වර්තමානයේ විද්‍යාත්මකව පෙන්නුම් කර තිබෙනවා තිර සහිත උපකරණ, උදාහරණ වශයෙන් ගත්විට ටැබ්, ජංගම දුරකථන වැනි දේවල් භාවිතයට පෙළඹීම නිසා දරුවන් කතා කරන්න පෙළඹීමේ මඳිකමක් තියෙනවා. මොකද ඒ දරුවට අර උපකරණත් එක්ක තියෙන ගනුදෙනුව ඇති. ඒකෙන් ඇහුවට උත්තර නොදුන්නට ඒ උපකරණ එක්ක ගනුදෙනු කරනකොට කතා කරන්න ළමයාගේ දිව වර්ධනය වෙන්නේ නැහැ. ඒක වෛද්‍යවරුන් හොයාගෙන තියෙන එකක්.
"මේ නිසයි අමෙරිකාව සහ බ්‍රිතාන්‍යයේ ළමා රෝග විශේෂඥවරුන්ගේ සංගමය නියම කරලා තියෙන්න අවුරුදු දෙකට වඩා අඩු දරුවන්ට තිර කාලය (Screen Time) අනුමත කරලා තියෙන්නේ පැය බින්දුව යි. ඒ අය කියන්නේ පවුලේ අය එක්ක කරන වීඩියෝ කෝල් එකක් ඇරෙන්න, එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ අධීක්ෂණය සහිතව ලබාදෙන සුළු වෙලාවකට යම් කිසි තිරයක දකින දෙයක් දකිනවා ඇරුණුකොට තිර කාලය ලබා දිය යුතු නැහැ කියලා, ඒක කථනයට බලපාන බවට සොයා ගෙන තිබෙන නිසා."
ඔටිසම් රෝගී තත්ත්වය
බොහෝ මව්පියන් තම දරුවා කතා කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ට ඔටිසම් රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බවට සිතන්න පුරුදු වී ඇතැ යි මහාචාර්ය මනෝරි ගමගේ ප්‍රකාශ කළා ය.
"අම්මලා ගොඩක් කථනය ගැන බය වෙන්න හේතුව තමයි දැන් දරුවන් තුළ නිතර අහන්න ලැබෙනවා ඔටිසම් කියන රෝගී තත්ත්වය. ඔටිසම් කියන රෝගී තත්ත්වයේ එක් රෝග ලක්ෂණයක් තමයි කතා පමාව. ඒක එක ලක්ෂණයක් විතරයි. අනිත් එක ඒ ළමයි ඇසට ඇස බලන්නේ නැහැ, අනිත් අයත් එක්ක ගැවසෙන්න කැමති නැහැ, තනියෙන් ඉන්න කැමති. ඒ අය ඇස්වලින්වත් සම්බන්ධයක් තියා ගන්න කැමති නැහැ. ඒ අය හරිම කැමති එකම දේ ආයේ ආයේ කරන්න. උදාහරණයක් විදිහට වාහනයක රෝදය කරකව කරකවා ඉන්න, නැත්නම් එකම දේ පිළිවෙලට තියලා ඒ දිහා බලන් ඉන්න වගේ. ඔටිසම් කියන රෝගයට තවත් රෝග ලක්ෂණ ගොඩක් තියෙනවා. එතකොට අම්මලා කතාව ගැන පොඩ්ඩක් බය වෙන්නේ මගේ දරුවට ඔටිසම් ද කියලයි.
"නමුත් අම්මා කෙනෙකුට පුළුවන් දරුවා කතා කිරීමේ පමාවක් තියෙනවා නම්, ඒ වයසට අනෙක් ළමයි එක්ක බලනකොට ලොකු පමාවක් තියෙනවා කියලා සුදුසුකම් ලත් ළමා රෝග විශේෂඥවරයෙකුට පෙන්වන්න. එතකොට ඒ වෛද්‍යවරයාට දරුවාගේ සැබෑ රෝගී තත්ත්වය ගැන විනිශ්චයකට එන්න පුළුවන් අවශ්‍ය පරීක්ෂණ සිදුකරලා.
ඔටිසම් රෝග තත්ත්වයෙන් පෙලෙන දරුවෙකු හඳුනාගන්න වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් සිදුකරන්න වෙනවා වගේම ඒ දරුවා එක්ක වෛද්‍යවරයාට කාලයක් ගත කරන්න වෙනවා. අම්මා කෙනෙක්ට රෝග විනිශ්චයකට එන්න බැහැ."
ද්විභාෂා ප්‍රගුණ කිරීමට උත්සාහ දැරීම
දරුවෙකු එක් භාෂාවක් ප්‍රගුණ කිරීමට පෙර ඒ දරුවාට තවත් භාෂාවක් හුරු කිරීමට යාම ද කථන හැකියාව අවම වීමට බලපාන ප්‍රධාන ගැටලුවක් වී තිබෙන බව මහාචාර්යවරිය ප්‍රකාශ කර සිටියා ය.
"හොඳටම අපි දකින දෙයක් තමයි මව්පියන්ට අවශ්‍ය යි තමන්ගේ ළමයට ඉක්මනින් ඉංග්‍රීසියෙන් කතා කරන්න උගන්වන්න. නිවසේ ඉන්න වෙලාවට මව්පියන් ඉංග්‍රීසියෙන් කතා කරනවා. දවසේ පැය හත අටක් දරුවා ඉංග්‍රීසි කතා කරන්න බැරි මිත්තණිය එක්ක හරි, නිවසේ වැඩට සිටින සේවිකාව එක්ක ඉන්නකොට ඒ ළමයා කතා කරන්නේ සිංහලෙන්.
"මම දැකලා තියෙනවා සමහර අවස්ථාවල දී ළමයි ඉන්නවා සිංහලෙන් අම්මලා කතා කරන්නේ නැති හින්දා ළමයි දෙමළ භාෂාවෙන් කතා කරනවා. මොකද ඒ ළමයි බලාගන්න ඉන්න පුද්ගලයෝ හොඳට ගනුදෙනු කරන්නේ දෙමළ භාෂාවෙන් නිසා ඔවුන් ළමයට ඒවා කියලා දෙනවා. උදාහරණයක් විදිහට ගත් විට, දවසේ වැඩි කාලයක් පුටුවට, ළමයා 'පුටුව' කියලා, අම්මා හවස ගෙදර ඇවිල්ල කියනවා 'චෙයාර්' කියලා. ඒ ළමයා කල්පනා කරනවා මේකට මම පුටුව ද නැත්නම් චෙයාර් ද කියන්න ඕන කියලා. ඔය දෙකටම වඩා හොදයි මම කතා නොකර ඉන්න එක ඒ වගේ ළමයි තුළ දකින්න ලැබෙන ලක්ෂණයක්.
"අපි ඒකට කියනවා 'බයිලින්ගුවල් කන්ෆියුෂන්' හෙවත් භාෂා දෙකක් අතර ඝට්ටනයක් ළමයගේ මොළයේ ඇති වෙනවා. ඒ නිසා අපි හැම තිස්සෙම නියම කරන එකක් තමයි ඉංග්‍රීසි කතා කරන්න උගන්වන එක හොදයි අම්මලා කැමති නම්. ඒ ළමයට එක භාෂාවක්, ගෙදර හැමෝම හැම වෙලාවෙම ඉංග්‍රීසි කතා කරන්න ඕන. එක භාෂාවක් ප්‍රගුණකර ගත්තට පස්සේ තමයි දෙවන භාෂාව උගන්වන්න ඕන. නැත්නම් ඒ ළමයා එක භාෂාවක් හෝ කතා නොකර සිටින්න ඉඩ තියෙනවා,
අදහස
මහාචාර්ය ගමගේ
30/09/2025
Top 10 Amazing Benefits of for
In the journey of growing up, the role of nutrition is paramount for the development of children. Fruits are crucial in nourishing young minds and bodies with their vibrant colours, natural sweetness, and many nutrients. In this article, we will delve into the top 10 benefits of fruits for kids, highlighting the positive impact these delicious treats can have on their overall well-being.
Rich in Essential Vitamins:
Fruits are nature's vitamin capsules, providing children with a diverse range of essential vitamins. From vitamin C in oranges and strawberries to vitamin A in mangoes and apricots, incorporating a variety of fruits into a child's diet supports overall growth, immune system function, and vision.
High Fiber Content:
Fruits are an excellent source of dietary fibre, essential for maintaining healthy digestion in children. Fibre-rich fruits like apples, pears, and berries promote regular bowel movements, prevent constipation, and contribute to a healthy digestive system.
Natural Energy Boost:
The natural sugars in fruits, such as fructose, provide active kids a quick and sustained energy boost. Unlike processed sugars in many snacks, the natural sugars in fruits come packaged with fibre, vitamins, and antioxidants, offering a healthier alternative for sustained energy levels.
Promotes Hydration:
Many fruits have a high water content, contributing to overall hydration. Watermelon, oranges, and berries are excellent choices to help keep kids hydrated, especially during warm weather or physical activities. Staying properly hydrated is vital for overall health and well-being.
Supports Cognitive Development:
The antioxidants in fruits, such as blueberries and grapes, contribute to cognitive development in children. These antioxidants protect brain cells from oxidative stress, potentially enhancing memory, concentration, and overall cognitive function.
Builds Strong Bones and Teeth:
Fruits like oranges, kiwi, and strawberries are rich in vitamin C, which is crucial in collagen synthesis. Collagen is essential for forming bones, teeth, and connective tissues, contributing to the overall development of a child's skeletal system.
Boosts Immune System:
The combination of vitamins, minerals, and antioxidants in fruits helps strengthen the immune system. Fruits such as citrus fruits (rich in vitamin C), papaya (containing vitamin A), and kiwi (packed with vitamin K) contribute to the body's defence against infections and illnesses.
Healthy Snacking Habit:
Introducing fruits as snacks early in life establishes a healthy snacking habit for children. Rather than reaching for processed snacks high in sugars and unhealthy fats, kids learn to enjoy the natural sweetness and nutritional benefits of fruits, setting the stage for lifelong healthy eating habits.
Weight Management:
Incorporating a variety of fruits into a child's diet supports healthy weight management. The fibre in fruits promotes a feeling of fullness, reducing the likelihood of overeating or indulging in unhealthy snacks. This, coupled with the natural sugars and nutrients, makes fruits a wholesome choice for maintaining a healthy weight.
Promotes a Taste for Variety:
Encouraging children to explore and enjoy a variety of fruits exposes them to different flavours, textures, and nutritional profiles. This early exposure can foster a love for diverse and nutritious foods, making it more likely that kids will continue to make healthy food choices as they grow older.
29/09/2025
සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව දරුවන් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය පුරුදු 8ක්! 🌟
ඔබේ දරුවාට ජීවිතයේ හොඳම ආරම්භය ලබා දීමට අවශ්‍යද? 🤔 ඔවුන්ගේ ශාරීරික, චිත්තවේගීය සහ මානසික යහපැවැත්ම පෝෂණය කිරීම සඳහා සරල නමුත් බලවත් පුරුදු 8ක් මෙන්න:
පානීය ජලය :
දවස පුරා අවශ්‍ය තරම් ජලය පානයට හුරු කරන්න!💧
ක්‍රියාශීලී බව:
එළිමහනේ සෙල්ලම් කරන්න, ක්‍රීඩා කරන්න, නටන්න හෝ දුවන්න ඉඩ දෙන්න! 🏃♀️
ප්‍රමාණවත් නින්ද:
වර්ධනය සහ සංවර්ධනය සඳහා විවේකී රාත්‍රීන්ට ප්‍රමුඛත්වය දෙන්න! 😴
එක්ව කියවීම:
පොත් සහ ඉගෙනීම සඳහා ඇල්මක් ඇති කරන්න! 📚
මනස පුහුණු කරවීම:
සන්සුන් මනස සඳහා ගැඹුරු හුස්ම ගැනීම සහ භාවනාව උගන්වන්න! 🧘♀️
තිර කාලය සීමා කරන්න: (ජංගම දුරකථන හෝ ටෙලිවිෂන් නැරඹීම සීමා කිරීම) 📺📵
තිර-නිදහස් කලාප සහ වේලාවන් ස්ථාපිත කරන්න! ⏰
නිර්මාණශීලීත්වය දිරිමත් කරන්න:
චිත්‍ර ඇඳීම, පින්තාරු කිරීම, සංගීතය සහ තවත් දේ සඳහා සහාය වන්න! 🎨
සංවේදනය උගන්වන්න: ආදර්ශමත් බව, කරුණාව, ගෞරවය සහ අනුකම්පාව!
ඉවසීම, දරාගැනීමට උගන්වන්න❤️
මෙම පුරුදු ඔබේ දරුවාගේ දෛනික චර්යාවට ඇතුළත් කිරීමෙන්, ඔබ ඔවුන්ව ජීවිත කාලය පුරාම සතුට, සෞඛ්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි ජීවිතයකට සඳහා සූදානම් කරනු ඇත! 🌈👧🏻
ආදරය, ප්‍රේමය පතුරුවා හැරීම සඳහා සෙසු දෙමාපියන් සහ දරුවන් රැකබලාගන්නන් සමඟ බෙදා ගන්න! ශෙයා කරන්න 🤗
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Al Ain Near Al Ain Mall
Al Ain
0000