අබුඩාබි දහම් පාසැල

අබුඩාබි දහම් පාසැල Abu dhabi dhamma school is the first overseas dhamma school registered in Government of Sri lanka.

හිතවත් දෙමාපියන් වෙත, අබුඩාබි  දහම් පාසලේ නව වර්ෂය සඳහා පළමුවන ශ්‍රේණියට  හා අනෙකුත්  ශ්‍රේණීන් සඳහා ළමුන් බඳවා ගැනීම 20...
19/01/2026

හිතවත් දෙමාපියන් වෙත,

අබුඩාබි දහම් පාසලේ නව වර්ෂය සඳහා පළමුවන ශ්‍රේණියට හා අනෙකුත් ශ්‍රේණීන් සඳහා ළමුන් බඳවා ගැනීම 2026 ජනවාරි මස සිට ආරම්භ කර ඇත.

මේ බව ඔබගේ හිතවත් ශ්‍රී ලාංකීක සහෝදර සහෝදරයින් සහ ප්‍රජාව අතර මෙම පත්‍රිකාව බෙදා හරමින් අබුඩාබි දහම් පාසල තව තවත් ශක්තිමත්ව වර්ධනය කර ගැනීම සඳහා සහය වන මෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!

මෙයට,

දෙමව්පිය කමිටුව සහ ගුරු මණ්ඩලය.

29/05/2025

2003 වසරේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වූ විදෙස් රටක පිහිටි ප්‍රථම දහම් පාසලක ඉගෙනුම ලබමින් මා ඔබ අභිමානයෙන් අමතමි..ළමුන් හතර දෙනෙකු න් හා එක් ඟුරු පියෙකු ගෙන් ආරම්භ වුනු අප දහම්පාසැල මේවන විට අප වැනි දරුවන් බොහෝ දෙනෙකුට සිංහල භාෂාව , බුද්ධ ධර්මය අපේ උරුමය පිළිබඳ දැනුම බෙදා දෙන තෝතැන්නක් වී හමාරය .2007 වසරේ ප්‍රථම වතාවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද දහම්පාසැල් ශ්‍රේණි විභාගය සඳහා අප දහම්පාසැල ව්දෙස් රටක සිට පෙනීසිට විශිෂ්ට ප්‍රතිඵල ලබාගන්නා ලදී. ඒ මංපෙත් තවත් පුළුල් කරමින් මෙවරත් අප දහම්පාසැල අති විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන ඇත්තේ ස්වේච්ඡා සේවයෙන් උගන්වන ගුරුමණ්ඩලයේ, දෙමාපියන්ගේත් අති මහත් කැපවීම නිසාවෙනි .අප දහම්පාසැල මෙපමණ කාලයක් සාර්ථකව පවත්වාගෙන යාම සුළු පටු කටයුත්තක් නොවේ. බොහෝ ගිරි දුර්ග පසු කොට මේ ආ මගට නොමඳ සහයෝගය ලබා දුන් ගුරු මැණිවරුන් හා පියවරුන්ටත්, දෙමාපියන්ටත් , තානාපතිවරුන් හා එම කාර්‍ය් මණ්ඩලයටත් අපගේ ප්‍රණාමය !!.ව්දෙස් රටක විදේශීය භාෂාවකින් අකුරු කරනා අපහට අපේ භාෂාව ,අපේ උරුමය අපට දායාද කරන, එකම නිජබිම අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පරිශ්‍රය තුළ පවතින අපේ දහම්පාසැලයි.අප දහම් පාසල තවත් දශක ගණනාවක් සාර්ථකව ඉදිරියට යනු දැකීම අපගේ පැතුමයි.ආදරණීය අම්මේ ,තාත්තේ, නැන්දේ,මාමේ,අබුඩාබිහි ශ්‍රී ලාංකා තානාපති කාර්‍යාලය නැමති මහාපවුරෙන් ආරක්ෂාව හා රැකවරණය ලබමින් පවත්වාගෙන යන අප දහම්පාසැල තවත් අපි වගේම දරුකැලකට ආරක්ෂා කරදීම ඔබේ යුතුකමයි!!"ඔබ සැමට තෙරුවන් සරණයි🙏

අප අබුඩාබි දහම්පාසලේ දුවා දරුවන් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ළමා බක්මහ උළෙල 2025 හි සුන්දර දසුන්!  # Embassy of ...
23/05/2025

අප අබුඩාබි දහම්පාසලේ දුවා දරුවන් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ළමා බක්මහ උළෙල 2025 හි සුන්දර දසුන්! # Embassy of Sri Lanka - United Arab Emirates

වෙසක් පුන් පොහෝ දින වෙනුවෙන් අප අබුඩාබි දහම්පාසලේ දුවා දරුවන් විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද "වෙසක් සිගිති දන්සල 2025...
23/05/2025

වෙසක් පුන් පොහෝ දින වෙනුවෙන් අප අබුඩාබි දහම්පාසලේ දුවා දරුවන් විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද "වෙසක් සිගිති දන්සල 2025". කැමරා කාචයට හසුවූ සුන්දර අවස්ථාවන්.. # Embassy of Sri Lanka - United Arab Emirates

21/03/2025
16-03-2025 දින මැදින් පුර පසෝලොස්වක පෝදින වැඩසටහනට සමගාමිව අපගේ දහම්පාසලේ පළමු වරට සංවිධානය කළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවත...
16/03/2025

16-03-2025 දින මැදින් පුර පසෝලොස්වක පෝදින වැඩසටහනට සමගාමිව අපගේ දහම්පාසලේ පළමු වරට සංවිධානය කළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවත්වූ සීල භාවනා වැඩසටහන අති සාර්ථකව නිම කිරීමට හැකිවු බව ඉතා සතුටින් දැනුම් දෙමු.

එමෙන්ම මෙහි ප්‍රධානත්වය ගනිමින් අප දරුවන්ට නිවැරැදි දහම් කරුනු සරලව කියාදුන් පුජ්‍ය, පිටකෝට්ටේ ගාරවමග්ග ස්වාමීන් වහන්සේටත්, මෙම උතුම්වු කර්තව්‍යය සාර්ථක කරගැනීමට අප සමග අත්වැල් බැදගත් ගුරුවරුන් හටත්, සියලුම දෙමාපියන්ටත්, මෙම වැඩසටහනට මුල සිටම සහයෝගය ලබාදුන් අබුඩාබි තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපතිනිය හා කාර්ය මණ්ඩලය , විහරස්ථ දායක සභාවේ මහත්වරුටත් දෙමාපිය කමිටුව වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු.

තෙරුවන් සරණයි!

හෙට දින අප දහම්පාසලේ දරු දැරියන් වෙනුවෙන් පවත්වනු ලබන වාර්ෂික සීල භාවනා වැඩසටහන සදහා තානාපති කාර්යාල පරිශ්‍රය පිරිසිදු ක...
15/03/2025

හෙට දින අප දහම්පාසලේ දරු දැරියන් වෙනුවෙන් පවත්වනු ලබන වාර්ෂික සීල භාවනා වැඩසටහන සදහා තානාපති කාර්යාල පරිශ්‍රය පිරිසිදු කර සකස් කිරීම සදහා සහභාගීවූ සියලුම දෙමපියන්හට අපගේ ස්තුතිය පුද කර සිටිමු. 🙏

අප දහම්පාසල් දරුවන් වෙනුවෙන් පවත්වන විශේෂ සීල භාවනා (english) වැඩසටහන සදහා ඔබගේ දරුවාව නොවරදවාම සහභාගි කරවන්න.
10/03/2025

අප දහම්පාසල් දරුවන් වෙනුවෙන් පවත්වන විශේෂ සීල භාවනා (english) වැඩසටහන සදහා ඔබගේ දරුවාව නොවරදවාම සහභාගි කරවන්න.

අබුඩාබි දහම්පාසලෙහි දුවා දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන වාර්ෂික සීල භාවනා වැඩසටහන මාර්තු මස 16 දින උදෑසන 7.30 සිට.
10/03/2025

අබුඩාබි දහම්පාසලෙහි දුවා දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන වාර්ෂික සීල භාවනා වැඩසටහන මාර්තු මස 16 දින උදෑසන 7.30 සිට.

Address

The Embassy Of Sri Lanka
Abu Dhabi

Opening Hours

09:00 - 13:00

Telephone

+971503523124

Alerts

Be the first to know and let us send you an email when අබුඩාබි දහම් පාසැල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to අබුඩාබි දහම් පාසැල:

Share