ATF INFO FB

ATF INFO FB "Daily Study updates, History Insights & world knowledge - learn someting new every day!"

දුම්කොල භාවිතයෙන් වසරකට මරණ 22000ක් !!
26/05/2026

දුම්කොල භාවිතයෙන් වසරකට මරණ 22000ක් !!

ලමා ආරක්ශනය පිලිබද සාකච්චාවක්. !!
26/05/2026

ලමා ආරක්ශනය පිලිබද සාකච්චාවක්. !!

දකුණු ඉරානයේ ඉලක්ක වෙත අමෙරිකානු ප්‍රහාර මාලාවක් !!දකුණු ඉරානයේ මිසයිල සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට යොදා ගන්නා බෝට්ටු ඉලක...
26/05/2026

දකුණු ඉරානයේ ඉලක්ක වෙත අමෙරිකානු ප්‍රහාර මාලාවක් !!

දකුණු ඉරානයේ මිසයිල සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට යොදා ගන්නා බෝට්ටු ඉලක්ක කර ගනිමින් අමෙරිකානු ප්‍රහාර මාලාවක් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසා ඇත්තේ, මෙම ප්‍රහාර මාලාව ඉරාන හමුදා විසින් එල්ල කරනු ලබන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා ස්වයං ආරක්ෂාව වෙනුවෙන් දියත් කරන ලද්දක් බවය.

කෙසේ වෙතත් දැනට පවතින සටන් විරාමය පිළිබඳව අමෙරිකාව ඉතා සංයමයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවද ඔහු අවධාරණය කර ඇත.

අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාර සඳහා ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර, ඉදිරියේ දී සාම ගිවිසුමට කුමන බලපෑමක් එල්ල වනු ඇත්දැයි පැහැදිලි නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මනුෂ්‍ය ඝාතන දෙකකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට !!කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකකට අදාළව, සැකකරුවෙකු සහ...
26/05/2026

මනුෂ්‍ය ඝාතන දෙකකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට !!

කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකකට අදාළව, සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

එහිදී ගිනි අවි සහ උණ්ඩ කිහිපය ද සොයාගෙන ඇත.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු පසුගිය මැයි 22 වනදා අත්අඩංගුවට ගත්, ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ බොරැල්ලේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

2025 අගෝස්තු 07 වනදා බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදුකර තිබුණි.

දැනට රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසය භාරයේ සිටින මෙම ප්‍රධාන සැකකරු විසින් අපරාධය මෙහෙයවා ඇතිබව අනාවරණය වී ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් මත අපරාධයට යොදාගත් යතුරුපැදිය ඉංගිරිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ.

එමෙන්ම, බොරැල්ල ප්‍රදේශයේ වසා දමා තිබූ ඔහුගේ නිවසක වළදමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් අවි 02ක් සහ මිලිමීටර් 09 වර්ගයේ ජීව පතොරොම් 04ක් ද සොයාගෙන ඇත.

ඒ අනුව, මෙම අපරාධය සඳහා වෙඩික්කරුට ගිනි අවිය ගෙනවිත් භාරදුන් බව කියන 46 හැවිරිදි මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකාරියක ඊයේ (25) රාත්‍රියේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර, ගාල්ල, දංගෙදර ප්‍රදේශයේදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 12 වෙනිදා ගාල්ල පොලිස් වසමේ දංගෙදර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.

මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත 31 හැවිරිදි අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වාහන මිලත් හෙලවෙන ලකුණු !වාහන ආනයනය සඳහා වූ අධිභාරය තාවකාලිකව ඉහළ නැංවීම සහ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන්...
26/05/2026

වාහන මිලත් හෙලවෙන ලකුණු !

වාහන ආනයනය සඳහා වූ අධිභාරය තාවකාලිකව ඉහළ නැංවීම සහ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යෑමේ හැකියාවක් පවතින බව මහ බැංකුව සඳහන් කරයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දකවමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් පැවසුවේ මෙවැනි තීන්දු තීරණ ගැනීමේදී අවම වශයෙන් දැනට ආනයනය කර ඇති වාහන සඳහා හෝ අවස්ථාවක් ලබා දිය යුතු බවය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති අරෝෂ රොද්‍රිගෝ මහතා,

"මෙහෙම දෙයක් සාමාන්‍යයෙන් සෙන්ට්‍රල් බෑන්ක් එක කරන්නේ. දැන් මේ අවස්ථාවේ තියෙන අර්බුදය නිසා. දැන් ඇත්තටම කියනවා නම් මේ වගේ අර ලෝන් වැලිව් රේෂුව කියන එක අඩු කරපුවහම මනුස්සයෙකුට ගන්න පුළුවන් තමන්ගේ කැපෑසිටි එක අඩු වෙනවා. එහෙම නැත්නම් එයාගේ එෆෝඩබිලිටි එක අඩු වෙනවා. එතකොට ඒක අඩු වෙනවා කියන්නේ සෘජුවම ආනයනය පොඩ්ඩක් සීමා වෙනවා."

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා,

"මනුස්සයෙක් වාහනයක් ගන්න කොට සීයට පනහ දක්වා ලීසිං ෆැසිලිටි එකක් තමයි මෙච්චර කල් දුන්නේ. ඒක එකපාරට සීයට හතළිහ කරලා. එකපාරට මෙහෙම ලෝන් ටු වැලිව් ඉරේස් එක වෙනස් කරපු ගමන් අපිට මේ වාහන විකුණගන්න බැරි වෙනවා. මේක ඇත්තට මං දන්නෑ ගවනර්ගේ අතින් වෙච්ච වැරදීමක් ද, මොකක්ද මේ කන්සෙප්ට් එක කියලා. ඇත්තටම මේවගේ ඩිෂිෂන්ස් ගන්නකොට අඩු ම තරමේ ගෙනාපු වාහන, එල්සී ඕපන් කරපු වාහන වලට මේ අවස්ථාව ලබා දෙන්න ඕන අපිට."

මහ බැංකුව විසින් ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ, ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු මෙරට තුල වසරකට වඩා අඩු කාලයක් ලියාපදිංචි කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසීං පහසුකම් අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතිකයක් (LVT Ratios) පැනවීමට කටයුතු කරන බවය.

ඒ අනුව, සංශෝධිත උපරිම ණය සීමාවන් අනුව වාණිජ වාහන (Commercial Vehicles) සඳහා වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වා පහළ දමා තිබේ.

එමෙන්ම මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් 40%ක් දක්වා ඉහළ දමා ඇත.

ඒ අනුව ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතුය.

ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමිය යුතු බවට ප්‍රකාශයක්...!May 26, 2026   07:07 amඉදිරි දින කිහිපය තුළ ඉන්ධන මිලෙහි සැලක...
26/05/2026

ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමිය යුතු බවට ප්‍රකාශයක්...!
May 26, 2026 07:07 am

ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩීමක් සිදුකළ යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් දක්වා වැඩි කළ යුතුව ඇති බවය.

ඊයේ (25) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

"දළ වශයෙන් ඩීසල් මිල රු 600කට වත් යන්න අවශ්‍යයයි. මැයි 6 වෙනිදා දත්තවලට අනුව පෙට්‍රල් මිලත් අඩුම වශයෙන් රු 20කින් රු 30කින් වැඩි වෙන්න ඔ්නේ. නමුත් ඒක සහනාධාරයක් දීලා යම් කිසි ප්‍රමාණයකට බැලන්ස් කරගන්න පුළුවන්. තෙල් මිල වැඩි කරේ නැතුව හිටියෝත් සිදුවන දේ තමා දැන් වෙන්නේ. රුපියල අවප්‍රමාණය වෙන්න බලපානවා. රුපියල අවප්‍රමාණය වුණොත් මොකද වෙන්නේ තෙල් මිල ආයම වැඩිවෙනවා. මේ චක්‍රය තමා කලින් පාරවල ගියේ. ඒක තමා ආර්ථික අර්බුදයට යන ගමන් මාර්ගය. උද්ධමනයට විශාල බලපෑමක් ඇති කරනවා. හැබැයි තෙල් මිල වැඩිකරන්නේ නැතුව රුපියල අවප්‍රමාණ වුණොත් උද්ධමනයට ඊට වඩා බලපෑමක් ඇති කරනවා..."

ඉන්ධන මිල ඉහළ දැමීමේ දී තෝරාගත් සමාජ ස්ථරයන් සඳහා ඉන්ධන සහනාධාරක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව ද එම සාකච්ඡාවේ දී ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

"තෙල් මිල නිතරම වැඩි කරන්න ඔ්නේ කියන්නේ සමාජ සහනාධාරයක් එක්ක. දැන් කරලා තියෙන්නේ හැම ඩීසල් ලීටරයකටම රජය කියන විදියට රු 100ක් දෙනවා. තෙල්වලට සහනාධාරයක් දුන්නොත් එහෙම ඒකෙන් සිදුවෙන්නේ සහනාධාරය වැඩිපුරම යන්නේ සහනාධාරයක් අනවශ්‍ය අයට. සහනාධාරය දෙන්න දුප්පත්ම අය තෝරලා ජනතාවට බලපෑම අඩු ඒවා. පොදු ප්‍රවාහනයට ඉතා පහසුවෙන් අපිට දෙන්න පුළුවන් ඩීසල් සහනාධාරයක් දුවන කිලෝමීටර් ගාණ අනුව. ලංකාවේ ඉන්න පෝසත්ම අයට මේක දෙනවාට වඩා හොඳ නැද්ද බස් එකේ යන මනුස්සයාට මේක දෙන එක."

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ATF INFO FB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share