NAITA - Ratnapura District

NAITA  - Ratnapura District

Share

Our Vision
To become the most efficient training providing organization effectively contributing to

Photos from NAITA  - Ratnapura District's post 22/05/2026

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) මගින් සංවිධානය කරනු ලැබු රැකියා විරහිත තරුණ තරුණියන් වෘත්තීය පුහුණුවට යොමු කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ **නවක සිසුන් බදවාගැනීමේ පළමු වැඩසටහන කලවාන නිවිතිගල අයගම ප්‍රදේශ කිහිපය ආවරණය කරමින් 2026/05/21 දින කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී නවක සිසුන් ලියාපදිංචිය සහ බදවා ගනු ලැබු ආධුනිකයන් හට ආරක්ෂක ඇඳුම් කට්ටල ලබාදීම, වාර ප්‍රවේශ පත්‍ර ලබාදීම, මොඩියුල් ලබා දීම, දෛනික වාර්තා පොත් ලබාදීම සිදු කරන ලදී.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කලවාන ප්‍රාදේශීය ලේකම් ආර්.එච්. දේශප්‍රිය චමිල මනතා සහ සහකාර අධ්‍යක්ෂක මහතා, කලවාන නිපුණතා නිළදාරී මහතා ඇතුලු ප්‍රාදේශීය ලේකම්කාරයාලයේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.

20/05/2026

"තරුණ තරුණියන්ට නොමිලේ වෘත්තීය පුහුණුවක් සහ NVQ සහතිකයක්"

ඔබ තවමත් ස්ථිර රැකියාවක් නොමැතිව, සාර්ථක අනාගතයක් ගැන සිහින දකින තරුණයෙක් හෝ තරුණියක්ද? එසේනම් මෙන්න ඔබට ලැබුණු කදිම අවස්ථාවක්

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) මගින් සංවිධානය කරනු ලබන, රැකියා විරහිත තරුණ තරුණියන් වෘත්තීය පුහුණුවට යොමු කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ **නවක සිසුන් බදවාගැනීමේ පළමු වැඩසටහන** දැන් ඔබේ ප්‍රදේශයේදී...

දිනය- 2026 මැයි 21 වන බ්‍රහස්පතින්දා
වේලාව - පෙ.ව 9.00 සිට 11.00 දක්වා
📍ස්ථානය- කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය

* ඔබට ලැබෙන ප්‍රතිලාභ

* සියලුම පාඨමාලා සම්පූර්ණයෙන්ම නොමිලේ
* දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළඳපොළ ජය ගැනීමට අත්‍යවශ්‍ය වන NVQ (National Vocational Qualification) පාඨමාලා පිළිබඳ නිවැරදි මඟපෙන්වීම.

* එදිනම නව පාඨමාලා සඳහා ලියාපදිංචි වීමේ සුවිශේෂී අවස්ථාව.

දේශීය හා විදේශීය රැකියා ක්ෂේත්‍රයන්හි ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තිකයෙකු වීමට ඔබට ලැබෙන මෙම අනගි අවස්ථාව මඟහැර ගන්න එපා.

හෙට දවස ජයගන්න, අදම පියවරක් තබන්න

(වැඩි විස්තර සඳහා එදිනට කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයට පැමිණෙන්න.)


18/05/2026

රත්නපුර නයිටා දිස්ත්‍රික් කාරයාලයේ න්‍යායික පුහුණුව හදාරා 2026/05/18 දින
ආයතන ගත ප්‍රායෝගික පුහුණුව සදහා යොමු වන Automobile පුහුණු පාඨමාලාවේ සියලුම ආධුනිකයන්ට....

NAITA ආයතනයේ සුබ පැතුම්....!!

Ratnapura

Photos from Dilru Production Pvt Ltd's post 11/05/2026
Photos from NAITA  - Ratnapura District's post 09/05/2026

රත්නපුර ජාතික ආධුනික සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික ක්‍රිකට් ක්‍රිඩා තරගය 2026.05.08 දින නවනගර ක්‍රිඩාංගණයේ දී සාර්ථකව පැවැත්විණි. ජයක්ග්‍රහකයන්ට කුසලාන පදක්කම් සහතික පත් පිරිනැමීය.

පිරිමි ශුරතාවය - Old renjerce
හොඳම පිතිකරුවා - ජෝන්
හොඳම පන්දු යවන්නා -සංජය සුදේශ්

කාන්තා ශුරතාවය - ICT Stars
හොඳම පිතිකරුවා - දිස්නි කේසරා
හොඳම පන්දු යවන්නා -සචිනි දුනේශා

සියලුම ආධුනිකයින් හට
(NAITA) ආයතනයේ සුබ පැතුම්....!!

06/05/2026
20/04/2026

🛠️ විභාග සහතිකයට එහා ගිය සැබෑ ජීවිතයේ ජයග්‍රහණය! 🎓🚀

"අධ්‍යාපනය කියන්නේ විභාගයකින් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි, ඒක ප්‍රායෝගිකව ජීවිතය ජයගන්නා ආකාරය අනුව තීරණය වන්නක්."

ඔබත් සාමාන්‍ය පෙළ (O/L) අවසන් කර ජීවිතයේ ඊළඟ පියවර ගැන දෙගිඩියාවෙන් ඉන්න කෙනෙක්ද? පාරම්පරික රාමුවෙන් මිදිලා, ලෝකය ඉල්ලන දක්ෂයෙක් වෙන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව මෙන්න! 🌟
කටුබැද්දේ කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය (IETI) වෙතින් පවත්වනු ලබන ලෝකයම පිළිගන්නා NVQ Level 4 වෘත්තීය පාඨමාලා රැසක් දැන් ඔබට විවෘතයි.

🎯 ඇයි ඔබ වෘත්තීය පුහුණුවක් තෝරාගත යුත්තේ?

1️⃣ පොතට සීමා නොවූ දැනුම: වැඩබිමේදීම ලැබෙන සජීවී ප්‍රායෝගික අත්දැකීම්.

2️⃣ NVQ සහතිකය: ලංකාවේ පමණක් නොව විදේශ රටවල පවා ඉහළ රැකියා අවස්ථා.

3️⃣ කෙටි කාලීන පුහුණුව: වසර 1ක් හෝ 3ක් වැනි කෙටි කාලයකින් ස්ථාවර රැකියාවකට පාර කියයි.

4️⃣ අතමිට සරු කරවන හෙටක්: ලොව පුරා ඉහළම ඉල්ලුමක් ඇති කාර්මික ශිල්පියෙක් වීමේ හැකියාව.

🛠️ ඔබට තෝරාගත හැකි ක්ෂේත්‍ර:

පෑස්සුම් ශිල්පී (Welder - Special) - රු. 150,000/-
ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පී (Electronics Craftsman) - රු. 150,000/-
විදුලි කාර්මික ශිල්පී (Electrician - Special) - රු. 150,000/-
ඉදිකිරීම් සුපරීක්ෂක (Construction Supervisor) - රු. 100,000/-
ශීතකරණ හා වායුසමන කාර්මික ශිල්පී (Refigeration & AC) - රු. 100,000/-
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී (ICT) - රු. 40,000/-
ප්‍රමාණ සමීක්ෂණ සහකාර (Quantity Surveying Assistant) - රු. 50,000/-
සැලසුම් ශිල්පී (Draughtsperson) - රු. 80,000/

අදම ලියාපදිංචි වෙන්න! ඔබ තබන මේ කුඩා පියවර ඔබේ මුළු ජීවිතයම වෙනස් කරනු ඇත. 👣✨

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 011 2 641092 / 011 2 647393
📍 ස්ථානය: කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය (IETI), කටුබැද්ද, මොරටුව.

Naita Trincomalee Naita Badulla NAITA Gampaha District Office NAITA Sri Lanka - Hambantota District

Photos from NAITA  - Ratnapura District's post 20/04/2026

නව වසරක ආරම්භය....!!

Want your school to be the top-listed School/college?

Telephone

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:00 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:00 - 16:15