Newzealankan karate champions
Newzealankan Wadokai - නවසීලාංකීක කරාතේ ඇකඩමිය
It is not about winning your ENEMY
It is about winning YOUR SELF.
“Win or Learn”
- 🥋NZLKA🥋-
20/07/2026
From young students on the dojo floor to referees and coaches on the sidelines, our officials have come a long way.
They all started karate as young children, trained hard, gained valuable experience, and now they’re giving back by officiating matches and coaching our junior students. They are fantastic role models who lead with knowledge, respect, and integrity.
Karate isn’t just about fighting. It’s about learning, growing, leading, and finding your own path. Whether it’s competing, coaching, refereeing, or simply becoming a better version of yourself, there’s a place for everyone in karate.
ඔවුන් සියලු දෙනාම කුඩා වයසේදී කරාටේ ආරම්භ කළා. කැපවීමෙන් පුහුණු වී, වටිනා අත්දැකීම් ලබාගෙන, අද ඔවුන් තරග විනිශ්චයකරුවන් ලෙසත් අපේ කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන් ලෙසත් තම දැනුම සහ අත්දැකීම් නැවත පරපුරට ලබා දෙනවා. ඔවුන් අපේ තරුණ ක්‍රීඩකයන්ට විශිෂ්ට ආදර්ශයන්.
කරාතේ කියන්නේ සටන් කිරීම විතරක්ම නෙවෙයි. ඉගෙන ගැනීමට, දියුණු වීමට, නායකත්වය ගන්නට, සහ තමන්ගේම මාවතක් තෝරාගන්නට බොහෝ අවස්ථා තියෙනවා. තරග කිරීම, පුහුණු කිරීම, විනිශ්චයකරණය, හෝ හොඳ පුද්ගලයෙකු ලෙස වර්ධනය වීම, මේ හැම දේකටම කරාටේ තුළ ඉඩක් තියෙනවා.
05/07/2026
🥋🇳🇿 කරාතේ වලට කැමැතී , නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන්ට විශේෂ ආරාධනයක්! 🇱🇰
“වයස ගියා… දැන් කරාතේ පටන් ගන්න බෑ” කියලා හිතනවාද?
ඒක වැරදි අදහසක්! 💪
කරාතේ කියන්නේ තරඟ පමණක් නොවෙයි. එය සෞඛ්‍යවත්, ශක්තිමත්, ආත්ම විශ්වාසයෙන් පිරුණු ජීවිතයක් ගොඩනඟා ගැනීමට උපකාරී වන ජීවන රටාවකි.
🥋 කරාතේ පුහුණුවෙන් ඔබට ලැබෙන්නේ:
✅ ශාරීරික යෝග්‍යතාව සහ ශක්තිය.
✅ ආත්මාරක්ෂක කුසලතා.
✅ මානසික ආතතිය අඩු කරගත හැකිවීම.
✅ විනය, අවධානය සහ ආත්ම විශ්වාසය.
✅ ඔබ සූදානම් වූ විට දේශීය හා ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගි වීමේ අවස්ථාව.
✅ ශ්‍රී ලාංකික හිතවත් සහ පවුල් වාතාවරණයක පුහුණුව.
✨ පෙර කරාතේ අත්දැකීම් අවශ්‍ය නැහැ.
✨ වයස අවුරුදු 18+ ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකිය.
✨ කාන්තාවන් සඳහා විශේෂ පන්තිද පැවැත්වේ.
👊 අදම ඔබේ පළමු පියවර තබන්න!
📍 Auckland Mt Wellington
🕕 ඉරිදා සවස 6 සිට.
🥋 Newzealankan Karate Academy
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න හෝ පෞද්ගලික පණිවිඩයක් (Inbox) එවන්න.
“කරාතේ පුහුණුවට, ඔබේ හොඳම කාලය අවසන් වෙලා නැහැ… ඒක අදම ආරම්භ වෙන්න පුළුවන්!” 🔥🥋
LAK KIWI NEWS
LakKiwi NZ
29/06/2026
🌕🙏 පොසොන් දන්සල 🙏
එකමුතුව • සේවය • දානය • පුණ්‍යය 🤝💛
අපගේ ඇකඩමියේ දෙමාපියන්ගේ අනුග්‍රහකත්වයෙන් සංවිධානය කළ පොසොන් දන්සල ඉතා සාර්ථක ලෙස නිමාවට පත් වූ බව සතුටින් දැනුම් දෙමු. 🌸
💛 මෙම උතුම් පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා තම කාලය, ශ්‍රමය හා කැපවීමෙන් නොමසුරු සහයෝගය ලබාදුන් සියලුම දෙමාපියන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏
🛕 විශේෂයෙන් ශ්‍රී ලංකාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ගරු ස්වාමීන් වහන්සේලාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු.
🌺 එසේම, මෙම දන්සලට සහභාගී වී දානය වැළඳගත් 2,500කට ආසන්න නවසීලන්තවාසී ඔබ සැමටත් නවසීලාංකික කරාතේ ඇකඩමියේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
🤝 ඔබ සැම එකමුතුව, ආදරයෙන් සහ සහයෝගීත්වයෙන් කටයුතු කළ ආකාරය අප ඉතාමත් අගය කරමු. ඔබ සැමගේ නොමසුරු සහයෝගය නිසාම මෙම දන්සල ඉතා සාර්ථකව නිම කිරීමට අපට හැකි විය.
✨ “එක්ව කළ සේවය – දහස් ගණනකගේ සිත් සතුටු කළ පුණ්‍යකර්මයක්.”
💐 ඔබ සැමට නැවතත් හෘදයාංගම ස්තුතිය!
🙏 තෙරුවන් සරණයි!
🇳🇿🇱🇰🥋 නවසීලාංකික කරාතේ ඇකඩමිය
LAK KIWI NEWS
Lak Kiwi News
Aarakshaa Insurance, Mortgages, KiwiSaver, Accounting & Tax
Sri Lankaramaya, Auckland, New Zealand
28/06/2026
27/06/2026
☸️ පොසොන් දන්සල අද ☸️
අපගේ ඇකඩමියේ දෙමාපියන්ගේ අනුග්‍රහයෙන් 5 වන වරටත් සංවිධානය කරනු ලබන පොසොන් දන්සල මෙවර අද, ජුනි මස 28 වන ඉරිදා, සවස 7.00 සිට 9.00 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම පුණ්‍ය කටයුත්ත නවසීලන්ත ශ්‍රී ලංකාරාම විහාරාධිපති හිමියන් ඇතුළු එහි වැඩ වාසය කරන ගෞරවනීය ස්වාමින්වහන්සේලාගේ ආශීර්වාදයෙන්, ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී පවත්වනු ලැබේ.
මෙම අවස්ථාව සඳහා නවසීලන්තයේ වාසය කරන , ඔබ සහ ඔබගේ පවුලේ සියලු දෙනා සමඟ බැති සිතින් සහභාගී වන ලෙස අප ආරාධනා කරමු. 🙏
Sri Lankaramaya, Auckland, New Zealand
Lak Kiwi News
LAK KIWI NEWS
Click here to claim your Sponsored Listing.