21/08/2026
🇩🇪 Germany Student Visa: තනිවම Apply කරලා යන සරලම විදිය ඔයා දන්නවද?
Agency වලට සල්ලි වියදම් නොකරම ජර්මනියේ Campus එකකට Apply කරලා Visa එක ගන්න නිවැරදිම පියවර 5 මෙන්න:
😍 01. Course එක තෝරාගැනීම (Research)
* DAAD (daad.de) නිල වෙබ් අඩවියට ගිහින් ඔයාට ගැලපෙන English Medium Degree එක තෝරාගන්න.
ඉතිං ඔයා දන්නවද?
ජර්මනියේ රජයේ Campus වල Tuition Fees නොමිලේම වගේ තමයි..
😍02. සුදුසුකම් පරීක්ෂාව (Entry Check)
Anabin Database එකෙන් ඔයාගේ AL/Degree එක ජර්මනිය පිළිගන්නවාද කියලා Check කරගන්න.
(Local A/L නම් වසරක Foundation Course / Studienkolleg එකක් අවශ්‍ය විය හැක)
Language: English Medium සඳහා IELTS/PTE හෝ German Medium සඳහා Goethe Certificate.
😍03. Documents සූදානම් කිරීම
* Certificates & Transcripts (Certified Copies)
* Passport එක, CV (Europass Format) සහ Motivation Letter (SOP)
😍04. Campus එකට Apply කිරීම
Uni-Assist Portal: ගොඩක් විශ්වවිද්‍යාලවලට Apply කරන්නේ uni-assist.de හරහායි.
සමහර විශ්වවිද්‍යාලවලට ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන්ම Direct Apply කරන්න පුළුවන්.
😍 05. Admission Letter & Blocked Account
Campus එකෙන් Selection Letter එක ආපු ගමන් Visa සඳහා Expatrio හෝ Fintiba හරහා Blocked Account එකක් ඇරලා €11,904 ක ජීවන වියදම තැන්පත් කරන්න.
Deadlines (මාස 2-3 කට කලින් වැඩ පටන් ගන්න):
* Winter Intake (Sep/Oct): July 15
* Summer Intake (Mar/Apr): January 15
මේ වගේ තවත් විස්තර දැනගන්න Comment එකක් දාන්න!
යාළුවන්ටත් බලන්න Post එක Share කරන්න 😍😍