Gammana Maha Vidyalaya

Gammana Maha Vidyalaya බප/මතු/ ගම්මන මහා විද්‍යාලය
ගම්මන, යගිරල.

විද්‍යාලයීය සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවය----------------------------------------------2026/07/28නේක කරදර මැදින...
28/07/2026

විද්‍යාලයීය සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවය
----------------------------------------------
2026/07/28
නේක කරදර මැදින්
නොවැටී ඉන්න...
වෙර දරන විට..
අනාගත දරුවන්ගේ
දෑස් මත ඇදුණු..
අපේක්ෂාවන්...දිනෙක
පුබුදු කරන්නට...
තාක්ෂණය සමගින්
හෙට දිනන බව දැනුණ
සිතැත්තන්...
මේ පන්තිකාමරය...
සැකසූයේ.....
ඔවුන් දිනනා දිනෙක
තුටු වන්නටමයි
පහන් වූ හදවතින්....

"පරිසර හිතකාමී, ඖෂධීය වටිනාකමක් ද සහිත කුඹුක් සහ මී පැළ 25ක් ක්‍රීඩා පිටිය මායිම ඔස්සේ සිටුවීමේ වැඩසටහන"2026-07-10 #කුඹු...
12/07/2026

"පරිසර හිතකාමී, ඖෂධීය වටිනාකමක් ද සහිත කුඹුක් සහ මී පැළ 25ක් ක්‍රීඩා පිටිය මායිම ඔස්සේ සිටුවීමේ වැඩසටහන"

2026-07-10

#කුඹුක්සහමී 🌱

2026.07.09 ආදරෙන් ළඟ ඉඳන් ළමා සිත් කියවපු රිදෙන තැන් සියුම්වට පිරිමැදපු සනසවපුගුරු පියා ඔබයිඅකුරටම ලඝු නොවීලෝකයක් පෙන්වප...
10/07/2026

2026.07.09

ආදරෙන් ළඟ ඉඳන්
ළමා සිත් කියවපු
රිදෙන තැන් සියුම්වට පිරිමැදපු සනසවපු
ගුරු පියා ඔබයි
අකුරටම ලඝු නොවී
ලෝකයක් පෙන්වපු
පොතේ නැති ජීවිතේ
දිනන හැටි පවසපු
ගුරු පියා ඔබයි
දරු කැලට මෙන්ම
සහෝදර ගුරු කැලට
සතුටක්ම එක් කළ
ගුරු තරුව ඔබයි
සිසුන් කැලකට මෙන්ම
තවත් ගුරු කැලකට
මග පෙන්වන
ගුරු තාරකාව වන්නට
පතන්නෙමු ඔබ හට දිරිය ශක්තිය
-----------
වසර තිස් හතරක් පුරාවට
තම දිවිය දරු කැලට කැප කොට
දහසක් සිසු තරු ලෝකයට බිහි කල
ගුරු පියා නුඹයි
විද්‍යාවෙන් නැණ වඩා
ආදරෙන් සලකපු
සිනහවෙන් සැම විටම
ළමා සිත් සනසවපු
ගුරු පියාණන් නුඹයි

සිසු කැලගෙ මෙන්ම
ගුරු සහෝදර කැලට
සෙනෙහසම දක්වපු
ගුරු පියාණන් නුඹයි

ඉසිඹුලන අද දිනේ
පතන්නෙමු ඔබට
දිරිය ශක්තිය
ජීවන මං තලාවේ
යෙහෙන් වැජඹෙන්නට

04/07/2026
🌿 ප්‍රතිඵල සංවර්ධනය වෙනුවෙන් එක්වූ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය! 🌿බප/මතු/ගම්මන මහා විද්‍යාලයේ ඊයේ දිනයේ සාර්ථකව පැවති ගම්මන...
03/07/2026

🌿 ප්‍රතිඵල සංවර්ධනය වෙනුවෙන් එක්වූ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය! 🌿

බප/මතු/ගම්මන මහා විද්‍යාලයේ ඊයේ දිනයේ සාර්ථකව පැවති ගම්මන මහා විද්‍යාලය, පරෙයිගම විද්‍යාලය, හල්වල කන්නන්ගර මහා විද්‍යාලය සහ උඩුගම කනිෂ්ඨ විද්‍යාලය යන පාසල්වල සිසුන් සඳහා සංවිධානය කළ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීමට නායකත්වය හා දායකත්වය ලබාදුන් සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

විශේෂයෙන්,
🔹 කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට,
🔹 නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය (අධ්‍යාපන සංවර්ධන),
🔹 ගම්මන මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා හා නියෝජ්‍ය විදුහල්පතිතුමියට,
🔹 පරෙයිගම, හල්වල කන්නන්ගර සහ උඩුගම විද්‍යාලවල විදුහල්පතිතුමන් හා විදුහල්පතිතුමියන්ට,
🔹 වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදුන් ගුරු මහත්මීන් දෙදෙනාට,
🔹 එමෙන්ම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අත්වැල සැපයූ සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමු.

ඔබ සැමගේ කැපවීම හා සහයෝගය අපගේ දරුවන්ගේ අධ්‍යාපනික සාර්ථකත්වයට ශක්තියක් වේවා!

#ප්‍රතිඵල_සංවර්ධන_වැඩසටහන

අප පාසලේ තවත් සාර්ථක වැඩසටහන් මාලාවක්!🎓✨-----------------------------------------------අප පාසල් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත...
27/06/2026

අප පාසලේ තවත් සාර්ථක වැඩසටහන් මාලාවක්!🎓✨
-----------------------------------------------
අප පාසල් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ පෞරුෂ වර්ධනය අරමුණු කරගනිමින් පසුගියදා (2026/06/25) විශේෂ වැඩසටහන් තුනක් සාර්ථකව පවත්වා අවසන් විය.
🔹 මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහන:
9, 10 සහ 11 ශ්‍රේණිවල සිසු දරුවන් ඉලක්ක කරගනිමින්, සමාජගතව පවතින අන්තරායකර ඖෂධ සහ මත්ද්‍රව්‍යවලින් දරුවන් මුදාගැනීම පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන ලදී.

🔹 පෝෂණ වැඩසටහන (ඖෂධීය කොස් කොත්තුව):
ආයුර්වේද උපදෙස් මත සහ අප පාසලේ දූ දරුවන්ගේ දෙමාපියන්ගේ මහත් කැපවීමෙන් සකස් කරන ලද ගුණදායක ඖෂධීය කොස් කොත්තුවක් 1 සිට 11 දක්වා සියලුම සිසු දරුවන් වෙත බෙදා දෙන ලදී.

🔹 නායකත්ව පුහුණු වැඩසටහන:
6 සිට 11 දක්වා සිසු දරුවන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කරමින්, අනාගතයට ගැළපෙන දක්ෂ නායකයින් බිහි කිරීම අරමුණු කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

☸️ බුද්ධ ධර්මය විෂය සමගාමී ව්‍යාපෘතිය ☸️පොසොන් පොහොයට පූර්වයෙන්; පෙර පොහෝ වැඩසටහනක් ලෙස; දානයෙහි සහ පරිත්‍යාගයෙහි අර්ථය ...
26/06/2026

☸️ බුද්ධ ධර්මය විෂය සමගාමී ව්‍යාපෘතිය ☸️

පොසොන් පොහොයට පූර්වයෙන්; පෙර පොහෝ වැඩසටහනක් ලෙස; දානයෙහි සහ පරිත්‍යාගයෙහි අර්ථය අවබෝධ කර ගැනීම ඇතුලු යහ-ආකල්ප වර්ධනය කිරීමටත්; යහපත් සෞඛ්‍යමය තත්ත්වයක් පවත්වාගෙන යාමටත්, ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා පාසල හා ප්‍රජාව අතර සබඳතා තහවුරු කර ගැනීමටත් උපකාරීවන විෂය සමගාමී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම - "කුරක්කන් කැඳ දන්සල"

(2026.06.26)

බප/මතු/ ගම්මන මහා විද්‍යාලයශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය - 2026
04/06/2026

බප/මතු/ ගම්මන මහා විද්‍යාලය
ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය - 2026

අවසන් පූර්ව වටය දක්වා පැමිණි 18න් පහළ බාලක වොලිබෝල් කණ්ඩායම ට සුභ පැතුම් !
19/03/2026

අවසන් පූර්ව වටය දක්වා පැමිණි 18න් පහළ බාලක වොලිබෝල් කණ්ඩායම ට සුභ පැතුම් !

අප විද්‍යාලයීය 16න් පහළ බාලක වොලිබෝල් කණ්ඩායම කොට්ඨාස ශූරතාවය 🏐🏆2026.03.19 දින ජයග්‍රහණය කල වගයි.
19/03/2026

අප විද්‍යාලයීය 16න් පහළ බාලක වොලිබෝල් කණ්ඩායම කොට්ඨාස ශූරතාවය 🏐🏆2026.03.19 දින ජයග්‍රහණය කල වගයි.

Address

Gammana
Yagirala

Alerts

Be the first to know and let us send you an email when Gammana Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category