24/05/2026
පුංචි කෙනොලීගෙන් ලොකු වැඩක්.
ලංකාවේ සියලුම වැව් වල තියෙන වතුර මට්ටම (ධාරිතාව) ජංගම දුරකතනයෙන් ලෝකයේ ඕනෑම තැනක ඉඳන් බලාගන්න හදපු IOT නිර්මාණයක් . වාන් දොරටු ඇරෙන්නෙත් ස්වයංක්‍රීයවමයි. පසු ගිය කාලේ වගේ වැව් අමුණු කඩාගෙන මහා විනාශයක් වෙනකල් බලන් ඉන්න ඕනේ නැහැ. නියං කාලෙට ජල කළමනාකරණය කරන්නත් පුළුවන්. කොළඹ ඉඳන් තීන්දු තීරණ ගන්නත් පුළුවන්. ඕනෑම් වෙලාවක ලංකාවේ සියලුම වැව් වල ජල ධාරිතාව බලාගන්න පුළුවන්.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමාගේ අවධානයට කෙනොලිගේ මේ නව නිර්මාණය ලක්වුණා. අපි එතුමන්ගෙන් ඉල්ලුවා, නියමු ව්‍යාපෘතියක් ලෙස ලංකාවේ වැවක අපිට මෙම උපකරණය සවිකරන්න අවසර දෙන්න කියලා. ඒ සඳහා කිසිදු වියදමක් යන්නෙත් නැහැ.
වාරිමාර්ග අමාත්‍යංශය අවසර දෙනවා නම් අපිට හෙට උනත් කරලා පෙන්වන්න පුළුවන්.