22/02/2026
Join now
🎖️️Module Base New syllabus 🎖️️
English Language🎖️️English Literature
ELOCUTION 🏅🏅 For, Pre grades,
Grade 1 to 11 and A/L too🏅🏅🎖️️🎖️️
SMART ENGLISH ACADEMY
22/02/2026
Join now
16/02/2026
13/02/2026
දෙමාපියනි,
අපගේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව හා ඉදිරිපත් කිරීමේ කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් විශේෂ එක්දින ඉංග්‍රීසි වැඩමුළුවක් මාර්තු මස 1 වන දින සවස 2.00 සිට 6.00 දක්වා (තෝරාගත් විශේෂ ස්ථානයක) පැවැත්වීමට නියමිතය.
ඔබගේ දරුවා මෙම වැඩමුළුවට සහභාගී කරවීමට කැමති නම්, කරුණාකර පෞද්ගලිකව ගුරුතුමිය දැනුවත් කර අදාළ WhatsApp සමූහයට එක්වන්න.
මෙම වැඩමුළුව සඳහා දරුවන් 30 දෙනෙකු පමණක් තෝරාගනු ලැබේ. වැඩමුළුව තුළ session 4ක් පැවැත්වෙන අතර, අවසානයේ වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ඔබගේ දරුවා සහභාගී කරවීමට කැමති නම්, අදම ගුරුතුමිය දැනුවත් කර සමූහයට එක්වන්න.
With the aim of improving our children’s English language skills and presentation abilities, a special one-day English workshop will be held on March 1st from 2.00 p.m. to 6.00 p.m. (at a specially selected venue).
If you would like your child to participate in this workshop, please inform the teacher privately and join the relevant WhatsApp group.
Only around 30 students will be selected for this workshop. There will be approximately 4 sessions conducted, and a valuable certificate will be awarded at the end.
゚viralシfypシ゚
12/02/2026
Elocution කියන්නෙ මොකද්ද?
දරුවෙකුගේ අනාගත නායකත්වය ගොඩනගන Power Skill එකක් විදියට Elocution හඳුන්වන්න පුළුවන් බව ඔබ දන්නවද?
Elocution කියන්නේ ඉංග්‍රිසි කවි කියන,කතා කරන එක එක විතරක් ම නෙවි.දරුවෙක්ගෙ අනාගත පෞරුෂය වෙනුවෙන් දමන හොදම අඩිතාලමයි.
අපි පොඩි කාලෙ Elocution කිව්ව ගමන් මතක් වෙන්නෙ විභාගයක් වෙනුවෙන් කටපාඩම් කරන කවි ටිකක් හරි අමුතු තාලයකට වචන උච්චාරණය කරන්න දරන උත්සහයක් හරි නේ. නේද?
හැබැයි දැන් ලෝකය මීට වඩා බොහොම වෙනස්.අද දියුණු රටවල Elocution පාවිච්චි කරන්නේ දරුවෙක්ගේ ආත්ම විශ්වාසය වගේ ම සන්නිවේදන හැකියාව ගොඩනගන ප්‍රධාන ම මාධ්‍යය බවට පත් කරගනිමින්...
ඉතින් අපිත් දැන් මේ ගැන අලුතින් හිතන්න ඕනි..
ඇයි Elocution දරුවෙක්ට අත්‍යවශ්‍ය වෙන්නෙ?
ලෝකයේ පිළිගත් අධ්‍යාපන විශේෂඥයින් කියන විදියට දරුවෙක්ට මොන තරම් දැනුමක් තිබුණත් වැඩක් නෑ ඒක නිවැරදිව ඉදිරිපත් කරන්න බැරි නම්..ඉතින් Elocution වල දි වෙන්නේ නිකං ම දරුවාගෙ උච්චාරණය හදන එක විතරක් ම නෙවි,
දරුවාගෙ
👉සබකෝලය නැති කරනවා..
👉තමන්ගේ අදහස් පැහැදිලිව ගොනු කරගන්න ඉඩ දෙනවා.
👉සිරුරේ ඉරියව් සහ හඬ පාලනය කරන්න කියල දෙනවා.
මේ සියලු දේ අනාගතයේ දරුවා මොන රැකියාව කළත්,වෘත්තියක නියැලුණත් සමාජයේ කැපී පෙනෙන නායකයෙක් වෙන්න අත්‍යවශ්‍ය සුදුසුකම් වෙනවා.
සුදුසුකම් ලත් ගුරුවරියක් මේ වෙනුවෙන් තෝරගන්න ඕනි ඇයි කියලත් මම කියන්නම්.
ඉංග්‍රීසි භාෂාව ඕනෑම කෙනෙක්ට කතා කරන්න පුළුවන්.ඒත් Elocution කරන්න හැමෝටම බෑ.ඒක උගන්වන්න හැමෝට ම බෑ.
ඒ සඳහා ළමා මනෝ විද්‍යාව සහ නිවැරදි ශබ්ද විද්‍යාව ගැන හදාරපු ගුරුවරියක්ම අත්‍යවශ්‍යම වෙනවා.
👉නුසුදුසු ගුරුවරයෙක් යටතේ දරුවාගෙ වැරදි හදන විදිය නිසා දරුවාට භාෂාවම එපා වෙන්න පුළුවන්.
✔සුදුසුකම් ලත් ගුරුවරියක් නම් දරුවාගෙ වැරදි නිවැරදි කරන ගමන් දරුවාගෙ ආත්ම විශ්වාසය කඩ නොදී තියාගන්න දන්නවා.
👉අම්මලගෙ ඊළග ප්රශ්නය - ඔන්ලයිල් ක්ලාස් එකක්ද? ෆිසිකල් ක්ලාස් එකක් ද වඩා හොද?
අපි භෞතික පන්ති කාමරයක දි දරුවාට මේ අවස්ථාව ලබා දෙනවා නම් දරුවාට ඇස් සබදතා පවත්ව ගැනීම සහ වේදිකාවක් මත සිටගෙන කතා කිරීමේ හැකියාව ලැබෙනවා.විශේෂයෙන් අවුරුදු 4-6 කුඩා දරුවන්ට ගුරුවරියගේ සමීපත්වය ඉතාමත් වටිනවා.
ඒ වගේම තමයි වර්තමාන ලෝකය ඩිජිටල් යුගයක් නිර්මාණය කරල තියෙනවා.ඒ නිසා කැමරාවක් දිහා බලාගෙන බය නැතුව කතා කරන එකත් අනාගත රැකියා ලෝකයට ඕනිම දෙයක්.
තෝරාගන්නා ගුරුවරිය සැබෑ හොද ගුරුවරියක් නම් තිරයක් ඉදිරියේ වුණත් දරුවාගෙ අවධානය දිනාගෙන දරුවා හැසිරවීමේ දක්ෂයෙක් නම් කාරයබහුල දෙමාපියන්ට ඔන්ලයින් ක්‍රමය වුණත් භාවිතා කරන්න පුළුවන්.
👉පටන් ගන්න හොදම වයස මොකද්ද?
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වයස අවුරුදු 4-5 කාලය තමයි දරුවෙක්ගේ භාෂා සංවර්ධනයේ ස්වර්ණමය අවධිය වෙන්නේ.මේ වයසේ දි දරුවන් ශබ්ද අල්ලා ගැනීම ඉතා පහසුවෙන් කරනවා.
ඒ නිසා හොද ම දේ අවුරුදු හතර සම්පූර්ණ වෙද්දි ක්‍රමානූකූලව මේ පුහුණුවට යොමු කරන එකයි.ඒකෙන් හොද ප්‍රතිඵල ගන්න පුළුවන්.
👉මතක තියාගන්න.
Elocution කියන්නේ ඔයාගෙ දරුවට ලස්සනට බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න උගන්වනවා වගේ ම ලෝකයක් ඉදිරියේ නොසැලී හිටගන්න උගන්වන එකටයි.
ස්තූතියි.
04/02/2026
Happy 77th Independence Day, Sri Lanka!
ජය වේවා ශ්‍රී ලංකා! 🇱🇰💛 ゚viralシfypシ゚
26/01/2026
අපගේ ඉංග්‍රීසි ELOCUTION පංති සදහා පහතින් අයදුම් කරන්න.....
26/01/2026
Knowledge is power
මූලික ඉංග්‍රීසි කාල භේදය පිළිබඳ පාඨමාලාව (Basic English Tenses Course) ✨
විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි කාල (Tenses) සහ වාච්‍ය (Voices) ප්‍රගුණ කරන්න!
● පාඨමාලා අන්තර්ගතය:
වර්තමාන කාලය (Present Tense)
අතීත කාලය (Past Tense)
අනාගත කාලය (Future Tense)
පූර්ණ කාලය (Perfect Tense)
කර්තෘ කාරක සහ කර්ම කාරක (Active & Passive Voice)
● සම්බන්ධ විය හැක්කේ කාටද:
වැඩිහිටියන් සඳහා
6 ශ්‍රේණියේ සිට ඉහළට සිසුන් සඳහා
කාලසීමාව: මාස 4 කි
පාඨමාලා ගාස්තුව: රු. 10,000
ලියාපදිංචි ගාස්තුව: රු. 2,500
✅ ශක්තිමත් ව්‍යාකරණ පදනමක් ගොඩනගා ගන්න
✅ ඔබේ කථන සහ ලිවීමේ හැකියාව වර්ධනය කරගන්න
✅ පියවරෙන් පියවර පහසුවෙන් ඉගෙන ගන්න
📍 සීමිත ආසන සංඛ්‍යාවක් පමණි!
📞 ඇමතුම් / WhatsApp: 0767803864
දැන්ම ලියාපදිංචි වී ඔබේ ඉංග්‍රීසි ගමන ආරම්භ කරන්න!
25/01/2026
Register Now...
දැන්ම ලියාපදිංචි වන්න...
දරුවන්ට සහ වැඩිහිටි ඔබට.....
මුලු පවුලම එකට ඉදන් English ඉගෙන ගන්න..එන්න අපි ලගට Smart English Academy
゚viralシfypシ゚
05/01/2026
Enroll Now!!