Vijaya Vidyalaya - Welimada

Vijaya Vidyalaya - Welimada Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vijaya Vidyalaya - Welimada, School, Vijaya Vidyalaya, Badulla Road, Welimda, Welimada.

03/03/2023
Vijaya Vidyalaya - Welimada නම ඉතිහාසයේ ඉහළම ප්‍රතිඵල සමගින් රන් අකුරින් ලිවීමට දායක වූ දරු දැරියනි  ගුරුවරුනි ඔබ සැමට ව...
28/01/2023

Vijaya Vidyalaya - Welimada නම ඉතිහාසයේ ඉහළම ප්‍රතිඵල සමගින් රන් අකුරින් ලිවීමට දායක වූ දරු දැරියනි ගුරුවරුනි ඔබ සැමට විද්‍යාලයීය ප්‍රණාමය.
සමත් ගණන 136

ධර්ම දීස්වර සරභඤ්ඤ විශාරද ධර්මකථික ගෞරව නාමයෙන් පිදුම් ලද  ගරු පූජ්‍ය වැලිමඩ  සුභානී මෙහෙණින් වහන්සේ සහ ජෝතිෂවේදී විභූෂණ...
10/01/2023

ධර්ම දීස්වර සරභඤ්ඤ විශාරද ධර්මකථික ගෞරව නාමයෙන් පිදුම් ලද ගරු පූජ්‍ය වැලිමඩ සුභානී මෙහෙණින් වහන්සේ සහ ජෝතිෂවේදී විභූෂණ දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලත් මාපා සර්ට අපගේ උණුසුම් සුබපැතුම්...

දර්පණ මානයනව කතාව(පළමු කොටස)🪞ඉක්මනට එන්න. ජැක් අපි යන්න ඕන. අරාබියේ සුප්‍රසිද්ධ පොළ බලන්න යනකල් මට ඉවසිල්ලක් නෑ. ක්ලාරා ...
10/01/2023

දර්පණ මානය
නව කතාව
(පළමු කොටස)🪞
ඉක්මනට එන්න. ජැක් අපි යන්න ඕන. අරාබියේ සුප්‍රසිද්ධ පොළ බලන්න යනකල් මට ඉවසිල්ලක් නෑ. ක්ලාරා පැවසුවේ සිහින ලෝකයක සිට කියන්නාක් මෙනි. ඉන්පසු ඇය අත් දෙපසට දිගුකර රවුමට කැරකි කැරකි කාරය දෙසට දිව ගියාය.
ඇත්තෙන්ම ඇයගේ සිහිනය වී තිබුණේ අරාබිය සුප්‍රසිද්ධ වෙළෙඳ පළේ සවාරියක යෑමටයි. ඇය ඒ සඳහා දිගු කාලයක සිට මුදල් එකතු කළාය.
ක්ලාරා,ජැක්, ලීස්, මොටී හා නෙවිල් යනු ඇමෙරිකාවේ ජීවත්වන එහි ඇති පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන යහළුවන් පිරිසකි. ශීත සෘතුවේ මාස තුනකට පමණ නිවාඩුවට අරාබියේ සංචාරයට පැමිණියේ අරාබි ගෝත්‍රික ජනයාගේ සංස්කෘතිය පිළිබඳ ව්‍යාපෘතියකට ය. අරාබියේ විවිධ ප්‍රදේශවල ඇවිදිමින් විනෝද වීමට ද ඔවුන් අමතක නොකලේය.
පැය භාගෙකින් පමණ පසු ඔවුන් "ඛාන් ක්ලිලික්" නම් පැරණි අරාබි තාලයට සුවිශාල වෙළද පොලට පැමිණියේය. ඔවුන් නොබෝ මොහොතකින් පැරණි සාප්පු දිගේ ඇවිද ගියෝය.
"මම අහල තියෙනවා අතීත සෙමිටික් ජනයා කණ්නාඩි ඇතුලත තවත් ලෝකයක් මැවුවා" කියල නෙවිල් ගණනකට නැතුව කීවේ එහි තිබූ ඝෝෂාව අභිබවා යන ලෙස ය.
"ඕ..... මේ බලන්න පැරණි අරාබියානු අරුමෝසම් බඩු. මේ බලන්න ඒවායේ ලස්සන" ලීස් කීවේ නෙවිල් කී දේ ගණනකට නොගෙන ය.
"මේ බලන්න මේ පෙට්ටියේ ලස්සන මං මේක ගන්නවා."කී ක්ලාරා කඩහිමියා දෙසට හැරී ඉංග්‍රීසියෙන් "මේක කීයද" කියා ඇසුවා ය.
"නෝනා මේ පෙට්ටිය ඇතුලේ කණ්ණාඩියක් තියෙනවා ඔයා මේ පෙට්ටිය ගන්නවනම් ඒ කණ්ණාඩියත් එක්කයි ගන්න ඕනේ."කඩය හිමි අරාබි ජාතිකයා කීවේය.
"ආහ්! මට ඒක බලන්න ඕන" නැවතත් ක්ලාරා පැවසුවේ පුදුම වෙමිනි. මොකද ඒ පෙට්ටිය පුංචි සටහන් පොතක් තරම් විතර ඇති එතකොට ඒ කියපු දේ තියෙන කන්ණාඩිය කොච්චර පුංචිද කියා සිතමිනි.
පෙට්ටිය ඇර කන්ණාඩිය අතට ගත් ක්ලාරා මිතුරන් දෙසට හැරී "ඕ ඒක ලස්සනයි වගේම හරිම හුරුබුහුටියි"කීවාය.
"ඒක ඇත්ත බලන්න එක පිටිපස්සෙ තියන කැටයම" කියා එය ගෙන පරීක්ෂා කළ විට කුමක්දෝ අමුත්තක් දැනුණි. නමුත් ඒ බව අන් අයට පැවසුවේ නැත්තේ ඔවුන්ගේ සතුට නැති කිරීම සුදුසු නැති බව සිතා ය.
කඩහිමියා දෙසට හැරුණු clara පෙට්ටියත් කණ්ණාඩියක් දෙකම මිලදී ගෙන නැවත එනවිට ඇය යහලුවන්ගෙන් ඇසුවේ "ඇත්තටම එයා අරාබි ජාතිකයෙක් උනාට හොඳට ඉංග්‍රීසි කතා කළා නේද?" කියයි.
අන් අය සිනා සෙමින් ගමන් කරද්දී නෙවිල් පමණක් යමක් සිතමින් කල්පනා බරව ගමන් කළේය. එකවරම ඔහු වෙළෙඳ පොළේ සිටි තරුණියකගේ ඇඟේ හැප්පුනේ ය. ඔහු සිතමින් සිටියේ අන් අය කැඩපතේ අලංකාරය නරඹන අතරතුර අරාබි ජාතිකයා කියූ කතාව ගැන ය. අන් අයට එය නොඇසුණත් නේ විට ඒ පිළිබඳව කියූ සියල්ලක්ම ඇසුනා සේ ම ඔහු තවත් විස්තර අසා දැන ගත්තේය.
🌟🌟🌟🌟🌟🌟
කතාවේ ඉතුරු කොටස ඊලග දවසේ බලාපොරොත්තු වන්න.
➡️➡️➡️➡️➡️➡️
මෙව්නි 9E
කියවන හැමෝම දරුවන්ගේ හැකියාවන් අගයන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...

සුභ පැතුම් මාපා සර්
08/01/2023

සුභ පැතුම් මාපා සර්

පාසල වෙනුවෙන් ලැප්ටොප් පරිගණක 12ක් multimedia projector දෙකක් පරිත්‍යාග කළ 9 A  ශ්‍රේණියේ  මේ නෙත්මින  නිර්මාල්, රුචිර ස...
03/01/2023

පාසල වෙනුවෙන් ලැප්ටොප් පරිගණක 12ක් multimedia projector දෙකක් පරිත්‍යාග කළ 9 A ශ්‍රේණියේ මේ නෙත්මින නිර්මාල්, රුචිර සහ අනගි යන දරුවන්ගේ දෙමාපියන් වන ජපානයේ සේවය කරන A.R චමින්ද කුමාර සහ R.R ඉනෝකා කුමුදුනි යන දෙපල එම ද්‍රව්‍ය පරිත්‍යාග කරමින්....
විශේෂ ස්තුතිය
එම ද්‍රව්‍යය නිදහස් කරගැනීමට සහය දැක්වූ ට්‍රයිකෝ ආයතනය සභාපති සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මැතිතුමා...

01/01/2023

වැලිමඩ විජය විද්‍යාලයේ සෞන්දර්ය අංශය මගින් ඉදිරිපත් කරන ආදරණීය දුවා දරුවන්ගේ හපන්කම්...
2023 ජනවාරි මස 4 වන බදාදා සවස 5.00ට
ජාතික රූපවාහිනීයේ " නාද රංග " තුළින්

මහමෙරක් හිස මත තබා - වසර හැටකුත් ගත්වෙලාසිප්සතර දුන් දරුවන් ගෙ දරුවොත් - දැන්  ලොකු දරුවන් වෙලා ....එදා උන් ගුරුතුමියමයි...
22/12/2022

මහමෙරක් හිස මත තබා - වසර හැටකුත් ගත්වෙලා
සිප්සතර දුන් දරුවන් ගෙ දරුවොත් - දැන් ලොකු දරුවන් වෙලා ....
එදා උන් ගුරුතුමියමයි ඔබ- නෑ කිසිත් වෙනසක් වෙලා
ඒත් අද ඔබ සමුගන්න මොහොතයි - ඇසේ කදුලක්
සැගවිලා ....
නිදුක් නිරොගින් දිගු කලක් නුඹ ,
නිවහනේ සතුටින් සදා....
සුවබරින් පිරි විශ්‍රාම දිවියක්
ලැබේවා පතන්නෙමු විජය ගුරු සැම එක්වෙලා...🌹🌹
රෝහණ සර්
පුංචි ටීචර්
ශීලා ටීචර්

Address

Vijaya Vidyalaya, Badulla Road, Welimda
Welimada

Telephone

+94572246715

Website

Alerts

Be the first to know and let us send you an email when Vijaya Vidyalaya - Welimada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category