27/07/2026
🌟 නායකත්වයේ නව මංපෙත් හඳුනාගත් දෙදින නේවාසික ශිෂ්‍ය නායක වැඩමුළුව - 2026 🌟
පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලයේ නායකත්ව කුසලතා, පෞරුෂය සහ විනය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද දෙදින නේවාසික ශිෂ්‍ය නායක වැඩමුළුව 2026 ජූලි 25 සහ 26 යන දෙදින තුළ පාසල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. 🎓✨
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අප වෙනුවෙන් තම වටිනා කාලය හා විෂයානුබද්ධ දැනුම කැප කරමින් සම්පත් දායකත්වය දැක්වූ;
🎓 එස්. එම්. ටී. දීපාංජලී මිය
(Statics Sp. Degree - University of Ruhuna, සංවර්ධන නිලධාරී)
🎖️ ඊ. වී. එස්. කරුණාදාස මහතා (USP)
(විශ්‍රාමික ශ්‍රී ලංකා යුද හමුදා වොරන්ට් නිලධාරී - පුහුණු)
යන සම්පත්දායක මහත්ම මහත්මීන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය සහ හදපිරි ස්තූතිය පිරිනමන්නෙමු. 📚🎖️
එමෙන්ම, මෙම පුහුණු පාඨමාලාව මුල සිට අග දක්වා ඉතා සංවිධානාත්මකව මෙහෙයවමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවූ ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරු මණ්ඩලයටත්, අප කෙරෙහි අසීමිත විශ්වාසය තබමින් මෙම දෙදින නේවාසික වැඩමුළුව සඳහා දරුවන් සහභාගී කරවීමට පූර්ණ සහයෝගය ලබාදුන් දෙමාපියන්ටත් අපගේ ගෞරවනීය ස්තූතිය හිමිවේ. ❤️🤝
(මේ වැඩමුළුවේ සුන්දර මතකයන් රැගත් පළමු ඡායාරූප එකතුවයි. තවත් විශේෂ අවස්ථා රැගත් ඡායාරූප ඇල්බමය ළඟදීම... 📸👇)