24/07/2026
🎉 අනාගත නායකත්වයේ නව අරුණලු! 🎉
ර/ශ්‍රී වළගම්බා මහා විද්‍යාලයේ 2026 වසරේ උසස් පෙළ අංශයට අලුතින් එක්වූ නවක සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කළ "නම්නීකරණ වැඩසටහන 2026" පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. 🌟
විශේෂ ආරාධිත සම්පත්දායකයින්ගේ මඟපෙන්වීම සහ උසස් පෙළ ගුරු මණ්ඩලයේ සභාපතිත්වයෙන් හා මූලිකත්වයෙන්, 2026 ජූලි 16, 17 සහ 20 යන තෙදින පුරා පාසල් පරිශ්‍රයේදී මෙම පුහුණු වැඩසටහන ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
නවක සිසුන්ගේ කුසලතා ඔප්නංවමින්, අධ්‍යයන දිවියට මෙන්ම අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පෞරුෂය සහ මානසික ශක්තිය ගොඩනැඟීමට මෙම දින 3 පුරා පැවැති වැඩසටහන් මහත් පිටුවහලක් විය. 📚✨
අපේ වළගම්බා මාතාවගේ සෙවනට පැමිණි සියලුම නවක දූ පුතුන්ට දීප්තිමත් අධ්‍යයන දිවියකට හදපිරි සුබ පැතුම්! 💐🎓