R/Sri Walagamba Central College

R/Sri Walagamba Central College අසව් දරව් හැසිරෙව්

අපගේ විදුහල් මාතා...

05/09/2025

❤️

වළගම්බා මහ විද්‍යාලයේ සංගීත ආචාර්‍ය ජගත් ඉන්දික වේරගම මහතාගේ සංගීත නිර්මාණයෙන් හැඩවූ,කෝන්ගස්තැන්න විද්‍යාලයේ සංගීත ආචාර්...
12/04/2025

වළගම්බා මහ විද්‍යාලයේ සංගීත ආචාර්‍ය ජගත් ඉන්දික වේරගම මහතාගේ සංගීත නිර්මාණයෙන් හැඩවූ,කෝන්ගස්තැන්න විද්‍යාලයේ සංගීත ආචාර්‍ය මංගලා කල්‍යාණි මහත්මියගේ සුමියුරු නදින් ගැයූ,කෝන්ගස්තැන්න විද්‍යාලයේ ආචාර්‍ය අරුණ ශාන්ත මහතාගේ ගී පද රචනයකට අනුව නිර්මාණය වූ දස පාරමී ගීතය ආදරණීය අම්මාවරුන්ට උපහාරයක් ම වේවා...

Artists - Mangala Kalyani Melody & Music - Jagath WeragamaLyrics - Aruna shantha Mix & Mastering - Dilhara Nandasiri Video & Editi...

"සිසු නියමු අබිසෙස් 2025"ර/ශ්‍රී වළගම්බා මහා විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකාවන් ස‍ඳහා නිල ලා‍‍‍‍ංඡන පැළඳවීමේ උත්සවය 20...
05/04/2025

"සිසු නියමු අබිසෙස් 2025"

ර/ශ්‍රී වළගම්බා මහා විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකාවන් ස‍ඳහා නිල ලා‍‍‍‍ංඡන පැළඳවීමේ උත්සවය 2025/04/03 දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුලු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

ගොඩකවෙල කුලරත්න මධ්‍ය විද්‍යාලය විසින් සංවිධානය කරන ලද සබරගමු පලාත් විශිෂ්ටයන් ඇගයීමෙ සම්මානනීය රාත්‍රිය "තරු මංජරී" 202...
09/01/2025

ගොඩකවෙල කුලරත්න මධ්‍ය විද්‍යාලය විසින් සංවිධානය කරන ලද සබරගමු පලාත් විශිෂ්ටයන් ඇගයීමෙ සම්මානනීය රාත්‍රිය "තරු මංජරී" 2024 :01: 07 ප.ව 7.00 ට සබරගමු පලාත් ආණ්ඩුකාරතුමියගේ සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ශ මැතිතුමාගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සබරගමු පලාතෙ අධ්‍යාපනික අංශයට වැඩිම සේවයක් කරන ලද විශිෂ්ටයා ලෙස වළගම්බා මහ විද්‍යාලයයේ ආචාර්‍ය කපිතන් ජගත් ඉන්දික වේරගම මහතා සම්මානයට පාත්‍ර විය .
* 2010 වසරේ සිට අඛණ්ඩව ශිෂ්‍යභට බාලක/ බාලිකා අනුකණ්ඩ කදවුරු ගත කිරීම
* පල්ලෙබැද්ද මහ විද්‍යාලයේ ශිෂ්‍ය භට බාලක අනුකණ්ඩය දිවයිනෙ ප්‍රථම ස්ථානය ලබා ගැනිම
* සමස්ථ ලංකා පාසල් වෙඩිතැබීමේ සංගමය මගින් පවත්වනු ලබන තරගාවලි සදහා සිසුන් පුහුණුකර හොදම වෙඩික්කරුවන් බිහිකර වර්ණ ලාභීන් බවට පත් කිරීම
* පාසල් වාද්‍ය වෘන්ද ( orchestra ) පල්ලෙබැද්ද මහ විද්‍යාලයේ හා වළගම්බා මහා විද්‍යාලයේ ආරම්භ කර දිවයිනේ ප්‍රවීන ගායක ගායිකාවන්ට වාදනයෙන් සහය විය හැකි ශිල්පීන් බිහිකිරීම
* සමස්ථ ලංකා සංගීත තරඟා සදහා සිසුන් පුහුණු කර සමස්ථ ලංකා ප්‍රථම, දෙවන, තෙවන, ස්ථාන බිහි කිරීම
* අපරදිග ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩ ආරම්භ කර සමස්ථ ලංකා අපරදිග තූර්ය වාදක තරගාවලියේ ජයග්‍රහණ ලබා ගැනිම.
* අඛණ්ඩව අ.පො.ස.සාපෙල හා උ .පෙළ 100% සංගිත ප්‍රථිපල වාර්තා කරමින් සරසවි වරම් ලාභී සිසුන් වැඩි පිරිසක් බිහිකිරීම ❤️

ර/ශ්‍රී/ වළගම්බා මහ විද්‍යාලයේ ආදරණීය දූ දරුවන් විසින් 2024 සමස්ත ලංකා සමූහ අනුවාදන ස්වතන්ත්‍ර නිර්මාණ තරඟයෙන් ප්‍රථම ස්...
22/11/2024

ර/ශ්‍රී/ වළගම්බා මහ විද්‍යාලයේ ආදරණීය දූ දරුවන් විසින් 2024 සමස්ත ලංකා සමූහ අනුවාදන ස්වතන්ත්‍ර නිර්මාණ තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමත්,ඒකල ගී අනුවාදන saxophone තරඟයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමත් ඇගයීම සඳහා රිය පෙරහැරක් සමඟින් උත්සවයක් 2024.11.20 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී ආරාධිත සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.විද්‍යාලයීය සංගීත අංශය ලැබූ මෙම ජයග්‍රහණයට විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යන අනධ්‍යන කාර්‍ය මණ්ඩයලේත්,දෙමාපිය,ආදිශිෂ්‍ය ප්‍රජාවගේත් සහයෝගය ලැබුණු අතර ඔවුන්ට අපගේ කෘතඥතාව පුද කර සිටිමු.

ර/ශ්‍රී/වළගම්බා මහ විද්‍යාලයේ දූ දරුවන් විසින් අඛණ්ඩ ව දෙවන වරටත් සමස්ත ලංකා සංගීත තරඟාවලියේ සමූහ වාදන කණ්ඩායම් තරඟ අංශය...
09/11/2024

ර/ශ්‍රී/වළගම්බා මහ විද්‍යාලයේ දූ දරුවන් විසින් අඛණ්ඩ ව දෙවන වරටත් සමස්ත ලංකා සංගීත තරඟාවලියේ සමූහ වාදන කණ්ඩායම් තරඟ අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.එමෙන් ම ඒකල ගී අනුවාදන saxophone තරඟයෙන් දෙවන ස්ථානය දිනා ගනිමින් විද්‍යාලයට කීර්තියක් අත්කර දුන් විද්‍යාලයේ විදුහල්පතිතුමාටත්,සංගීත අංශයේ ආචාර්‍යය මණ්ඩලයේ ගුරු සහෝදර දෙපලටත්,සංගීත අංශයේ දූ දරුවන් සියලු දෙනාටත් අපගේ උණුසුම් සුබ පැතුම්.

27/09/2024
ර/ශ්‍රී/වළගම්බා මහ විද්‍යාලයේ 2024 සබරගමු පළාත් දුර පැනීමෙ තරඟ ඉසව්වෙන් රිදී පදක්කමක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමි කර ගත...
09/09/2024

ර/ශ්‍රී/වළගම්බා මහ විද්‍යාලයේ 2024 සබරගමු පළාත් දුර පැනීමෙ තරඟ ඉසව්වෙන් රිදී පදක්කමක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමි කර ගත් දිනෙත් සත්සර ශිෂ්‍යයා සමස්ථ ලංකා වරම් ලබාගෙන ඇත.

මේ සඳහා කැප වී කටයුතු කළ විදුහල්පති තුමා,විෂය සමගාමී විදුහල්පති තුමිය ඇතුළු ක්‍රීඩා අංශයේ සියලු දෙනාට ස්තූතියි.

දිනෙත් සත්සර ශිෂ්‍යයාට සුබ පැතුම්...

බලංගොඩ කලාප අධ්‍යාපන කාර්‍යාලයේ පූර්ණ මගපෙන්වීම හා සහයෝගය යටතේ ර/ශ්‍රී වළගම්බා මහ විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන 𝙲𝚊𝚝...
06/09/2024

බලංගොඩ කලාප අධ්‍යාපන කාර්‍යාලයේ පූර්ණ මගපෙන්වීම හා සහයෝගය යටතේ ර/ශ්‍රී වළගම්බා මහ විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන 𝙲𝚊𝚝𝚊𝚕𝚢𝚜𝚒𝚜 2024🧑‍🔬 විද්‍යා , තාක්ෂණික හා "ප්‍රමිත වළගම්බා" සාහිත්‍යය නිර්මාණ ප්‍රදර්ශනය 2024 ඔක්තෝබර් 02,03 දෙදින පුරා විද්‍යාලයීය පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත් වේ.

ප්‍රදේශයේ පාසල් දුවා දරුවන්ගේ දැනුම,කුසලතා එළි දක්වමින් පවත්වනු ලබන මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන රැසක දායකත්වය ද ලබා ගැනීමට තීරණය කර ඇත.ආදි ශිෂ්‍යයන්,සුබ පතන්නන් සහ සහයෝගය දැක්වීමට කැමති සියලු දෙනාට ඉඩ හසර විවෘත වන අතර ප්‍රදේශයට ආවේණික සම්පත් සහ කර්මාන්ත පිළිබඳ ව වෙන ම ප්‍රදර්ශනය කුටි ඉදිරිපත් කෙරේ.

ඔබ සැමට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු.

Catalysis 2024 වළගම්බා විද්‍යාලීය විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය 🌠🌌🪐🌴🌾🌿🔭🔬🧪⚙️💻
06/09/2024

Catalysis 2024
වළගම්බා විද්‍යාලීය විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය 🌠🌌🪐🌴🌾🌿🔭🔬🧪⚙️💻

ර/ශ්‍රී වළගම්බා මහා විද්‍යාලයේ 2024 දෙවන වාර විභාගයෙන් පළමු,දෙවන හා තෙවන ස්ථාන ලබා ගත් ආදරණීය දූ පුතුන් සියලු දෙනාට විද්...
31/08/2024

ර/ශ්‍රී වළගම්බා මහා විද්‍යාලයේ 2024 දෙවන වාර විභාගයෙන් පළමු,දෙවන හා තෙවන ස්ථාන ලබා ගත් ආදරණීය දූ පුතුන් සියලු දෙනාට විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සුභාශිංෂණ ....

Address

R/Sri Weligepola Isuru Pasala, Wligepola, Balangoda
Weligepola

Alerts

Be the first to know and let us send you an email when R/Sri Walagamba Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category