20/02/2026
🏅〰️🌷දහම් අභිමන් හරසර - 2026🌷〰️🏅
〰️"යහ ගුණදම් පිරි නායකත්වය"〰️
සිරි සීලානන්ද දහම් පාසල - කප්පරතොට - වැලිගම.
Siri Keththaramaya Kapparatota Weligama - සිරි ඛෙත්තාරාමය කප්පරතොට වැලිගම
Siri Seelananda Daham Pasala Kapparathota Weligama
16/02/2026
🌷මෙම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ආශිර්වාද සුබ පැතුම්...!!!🌷
2026.02.16
Siri Keththaramaya Kapparatota Weligama - සිරි ඛෙත්තාරාමය කප්පරතොට වැලිගම
Siri Seelananda Daham Pasala Kapparathota Weligama
08/02/2026
වැලිගම කුඹල්ගම ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී, අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙනෙහි පරිවේනාචාර්ය, වැලිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛාධිකාරී, වැලිගම විහාරාධිපති සංගමයේ මාධ්‍ය ලේකම්, ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත වේපතඉර ඉන්දසිරි නායක ස්වාමීන් වහන්සේට
🎉නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා...!!!🎉
〰️විහාරාධිපති පූජ්‍ය කොටපොල සුනීත ලොකු ස්වාමීන් වහන්සේ හා භික්ෂුන් වහන්සේලා හා දායක පින්වතුන්...
2026.02.08
Siri Keththaramaya Kapparatota Weligama - සිරි ඛෙත්තාරාමය කප්පරතොට වැලිගම Siri Seelananda Daham Pasala Kapparathota Weligama
03/02/2026
🌷🇱🇰නිදහසේ ඉතිහාසය - ශ්‍රී ලංකාවේ 🇱🇰🌷
1948 පෙබරවාරි 04 වන දා බ්‍රිතාන්‍යයේ යටත් විජිතකරණයෙන් මිදුණු අප ජන්ම භූමිය වසර 133ක් පවත්නා එකී දීන බව අවසන් කිරීමට සමත් වූයේ ය. 1947 බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව මගින් ලංකා ස්වාධීනතා රාජාඥාව නිකුත් කිරීමත් සමග 1948 පෙබරවාරි 04 වන දා ලංකාවට ඩොමීනියන් තත්වයේ නිදහසක් හිමි විය. මෙකී පනත ලංකා පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමත් සමඟ 1815 දී කන්ද උඩරට ගිවිසුමෙන් බ්‍රිතාන්‍යයෙහි යටත් විජිතයක් වූ ලංකාව නිදහස් අසිරියෙන් දිස්වන්නට වූහ.
මේ ඒ පිළිබඳ අභිමානයෙන් යුතුව සිහිපත් කරන සමරන අතීතාවර්ජනයකි.
1948 පෙබරවාරි 04 වන දින පෙ.ව.7.30ට එළඹි සුබ මොහොතින් පළමු රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත ලෙස නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර් මහතාත්, අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස ශ්‍රීමත් ජෝන් හාවර්ඩ් මහතාත් ලංකා කැබිනට් මණ්ඩලය ඉදිරියේ දිවුරුම් දුන් බව සඳහන්. මේ අවස්ථාවේ ආචාර වෙඩිමුර 19ක් තබන ලද බව වාර්තාපිත ය.
නව අග්‍රාණ්ඩුකාරවරයා කැබිනට් මණ්ඩලය සමග සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් පසුව පෙ.ව.09.35ට ගුවන් විදුලියෙන් ජාතිය ඇමතී ය.
"මෙරට වාසීන්ට මෙතෙක් තිබුනාට වඩා උසස් නිදහසක් ලබාදෙන්නට මේ උදා වූ නිදහසට නො පුළුවන් වුවහොත්, එබඳු නිදහසකින් පලක් නැත්තේ ය.” යනුවෙන්
එතුමා ප්‍රකාශ කරන ලද අතර පසුව
ජාතිය අමතන ලද ඩී.එස්. සේනානායක මහතා ලංකාව ලබාගත් නිදහස බුදුන් දේශනා කළ වදාළ ආධ්‍යාත්මික නිදහසට දෙවැනිකොට සැලකිය හැකි යැයි ප්‍රකාශ කරන ලදී.
ලංකා නිදහස් පනත වලංගු වීමත් සමග මෙතෙක් අග්‍රාණ්ඩුකාරවරයාගේ භාරයේ තිබූ ලංකාවේ ආරක්ෂක කටයුතු හා විදේශ කටයුතු පිළිබඳ වගකීම් අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා වෙත පැවරීමෙන් නිදහස පරිපූර්ණත්වයට පත්කරන ලදී.
මේ අතර පෙබරවාරි 04 වැනි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර ඉන් නොනැවතී පෙබරවාරි 10,11,12 දිනයන් රජයේ නිවාඩු දිනයන් ලෙස නම් කර තිබූ හෙයින් 04 වැනිදා සිට 16 වැනිදා දක්වා උත්සව මාලාවක් සංවිධානයකර තිබුණි. නිදහස් උත්සවයට සමගාමීව සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණීය දණ්ඩනය නියම ව සිටි සිරකරුවන් 9 දෙනෙකු ද නිදහස ලැබුණු බව ඉතිහාසය තුළ සඳහන්.එපමණක්ද නොව පෙබරවාරි 4 සහ 5 දෙදින තුළ මෙරටෙහි සත්ව ඝාතන ස්ථානයන් ද වසා දමන්නට ද යෝජනා සමමත විය.
සෑම රාජ්‍ය ආයතනයකම හා පෞද්ගලික ආයතනයක ම, ආගමික ස්ථානවල හා නිවෙස්වල ජාතික ධජය ප්‍රදර්ශනය කෙරෙනු අතර ලංකා ස්වාධීනතා පනත පිළිබඳ විස්තර පුවත්පත් හරහා ජනතාවට දැනගැනීමට සලස්වන ලදී. පෙබරවාරි 4 වැනිදා පැවැත්වීමට නියමිත වැඩසටහන්, ග්ලෝස්ටර් ආදිපාදවරයාගේ පැමිණීම පිළිගැනීම ආදී සියලුම කරුණු රටේ සන්නිවේදනය කරන ලද්දේ පුවත්පත් මගින් වීම විශේෂත්වයකි.
1948 පෙබරවාරි 04 වන දින නිදහස ලැබූ නමුත් එදින ඒ සම්බන්ධයෙන් නිළ උත්සව නො පැවැත්වුණු අතර ඒවා පැවැත්වූයේ පෙබරවාරි 10 වැනි දින ය. නිදහස් උත්සව මාලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලෝසටර් ආදිපාදතුමා ය. ලංකාව යටත් විජිතකරණයෙන් පසු බ්‍රිතාන්‍යයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය, ඔටුන්න ඇතුළු කෞතුක භාණ්ඩ 1934 දී ලංකාවට නැවත භාරදෙනු ලැබුවේ ද මෙතුමාගේ මැදිහත්වීමෙනි.එය ද මෙරටට ලැබුණු තවත් සුවිශේෂ ජයග්‍රහණයකි.
එමෙන්ම 1948 පෙබරවාරි 10 වැනි දින පැවැත්වූයේ උත්සව මාලාවේ ප්‍රධානම උත්සවයයි. ඒ සඳහා කොළඹ ටොරින්ටන් චතුරශ්‍ර භූමියේ රැස්වීම් ශාලාවක් ඉදිකර තිබුණි. අග්‍රාණ්ඩුකාරවරයාගේ නිළ නිවසේ සිට ප්‍රධාන ආරාධිත අමුත්තන් උත්සව ශාලාවට කැඳවාගෙන එන ලද්දේ විශේෂ පෙරහැරකිනි. පෙරහැර මගින් රැගෙන ආ රාජසිංහ රජුගේ ඔටුන්න හා අසිපත තැන්පත් කිරීමෙන් අනතුරුව සියලු දෙනාම උත්සව ශාලාවේ අසුන්
ගත්හ.
ඩොමීනියන් පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පවත්වන ලද්දේ ග්ලෝස්ටර්ස් ආදිපාදවරයා ය. එස්.ඩබ්.ආර.ඩී. බණ්ඩාරණායක මහතාත් ඔලිවර් ගුණතිලක මහතාත් ස්තූති කතා පැවැත් වූ අතර අනතුරුව
ජාතික ධජය බෙර වාදන මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා විසින් ඔසවන ලදී. අග්‍රාමාත්‍යවරයා ජාතිය ඇමතීමෙන් පසු එතැන් පටන් ටොරින්ටන් චතුරස්‍රය නිදහස් චතුරස්‍රය බවට පරිවර්තනය විය.
මහනුවර මගුල් මඩුවේ දී පැවැත් වූ නිදහස් උත්සවයට සහභාගී වූ ආදිපාදවරයා විසින් දළදා මැදුරේ පත්තිරිප්පුවේ දී සියවසකට අධික කාලයකට පෙර එම ස්ථානයේ දීම පහත හෙලන ලද ජාතික ධජය නැවත ඔසවන ලදී. සතුටින් ආඩ්‍ය වූ ජනීජනයා සාධුකාර
නැගූහ.
1949 නිදහස් උත්සවයේ සිට ජාතික ගීය ලෙස අප ගයන්නේ ආනන්ද සමරකෝන් මහතා සුරචිත ජාතික ගීය වුව ද පළමු නිදහස් දිනයේ දී ගායනා වූයේ පී.බී.ඉලංගසිංහ නොතාරිස් මහතා රචිත ගීයකි. කෙසේවුවත් අප උත්සවාකාරයෙන් සමරනු ලබන්නේ අල්පයක් හෝ පරගැති ඩොමීනියන් නිදහසයි. සැමරිය යුත්තේ සැබෑ ලෙස ම නිදහස
දිනාගත් දිනය වන ලංකාව ජනරජයක් වූ දිනය නො වේද?
කෙසේ නමුදු 73 වන නිදහස සමරන මොහොතේ සියලු රට වැසියෙන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේ නිදහස්ව සිතන්නට, නිදහස්ව කතා කරන්නට, නිදහසේ නිදහස්ව හුස්ම ගන්නට හැකි රටක් වෙනුවෙන් පෙළගැසෙන්නට මේ සැමරුමත් සමඟම මේ ලක් දෙරණටම ලැබේවා යනනයි.
නිදහසේ මාගේ වැකිය.
"අතීත ලක් දෙරණෙහි ශ්‍රී විභුතිය ගැන උදම් වන අතරම වත්මනේ අපි ලියන ඉතිහාසය අභිමානවත් ලෙස පෙළගස්වමු"
Siri Keththaramaya Kapparatota Weligama - සිරි ඛෙත්තාරාමය කප්පරතොට වැලිගම
Siri Seelananda Daham Pasala Kapparathota Siri Keththaramaya Kapparatota Weligama - සිරි ඛෙත්තාරාමය කප්පරතොට වැලිගම
25/01/2026
🧾අවසන් වාර විභාගය - 2025 (2026)🧾
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා වැලිගම ශාසනාරක්ෂක බල මණ්ඩලය.
අප දහම් පාසලේ ගුරු භවතුන්ගේ විභාග රාජකාරී කටයුතු සඳහා දායකත්වය ලබාදීම.
2026.01.25
🌷අපගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුද කරමු🌷
සිරි සීලානන්ද දහම් පාසල, කප්පරතොට, වැලිගම.
11/01/2026
👥2026 පළමු ශ්‍රේණියට - වෙනත් ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ 👥
2026.01.11
🌷අපේ අරමුණ ඔබේ දරුවා රටේ සමාජයේ ලෝකයේ උදා ගුණයහපත් සත්පුරුෂ දරුවෙකු මෙන්ම ලොවට වැඩදායී ගුණ නැණ බෙලෙන් යුතු උතුම් දරුවන් බිහි කිරීමයි🌷
✳️ඔබ සැමට තුණුරුවන් සරණයි...!!!✳️
〰️සිරි සීලානන්ද දහම් පාසල
කප්පරතොට - වැලිගම.〰️
11/01/2026
👥2026 නව වසරේ දහම් පාසල ආරම්භය👥
2026.01.04
🌷අපේ අරමුණ ඔබේ දරුවා රටේ සමාජයේ ලෝකයේ උදා ගුණයහපත් සත්පුරුෂ දරුවෙකු මෙන්ම ලොවට වැඩදායී ගුණ නැණ බෙලෙන් යුතු උතුම් දරුවන් බිහි කිරීමයි🌷
✳️ඔබ සැමට තුණුරුවන් සරණයි...!!!✳️
〰️සිරි සීලානන්ද දහම් පාසල
කප්පරතොට - වැලිගම.〰️