Central College Wattegama

Central College Wattegama Leading Boys' School Established in 1959. විදුහල්පතිතුමා හමුවීම සඳහා බදාදා දිනවලදී පමණක් පැමිණෙන්න.

16/06/2026
අප විද්‍යාලයීය මාතාවගේ සෙවණේ වසර 16ක අභිමානවත් සේවා කාලයක් නිමා කරමින්, අද දින විශ්‍රාම ලබන ආදරණීය කේ.එම්.සී කුමාරිහාමි ...
16/06/2026

අප විද්‍යාලයීය මාතාවගේ සෙවණේ වසර 16ක අභිමානවත් සේවා කාලයක් නිමා කරමින්, අද දින විශ්‍රාම ලබන ආදරණීය කේ.එම්.සී කුමාරිහාමි මහත්මිය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උදෑසන රැස්වීම...

​විද්‍යාලයේ ප්‍රධාන ඉංග්‍රීසි විෂය භාර ගුරු මහත්මිය ලෙස දරුවන්ගේ නැණ පහන් දැල්වීමටත්, ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරුතුමිය ලෙස පාසලේ විනය හා නායකත්ව ගුණාංග වර්ධනය කිරීමටත් ඇය ඉටුකළ සේවය අමිලයි.

​දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම පාසලේ සෑම පොදු කටයුත්තකදීම ඇය දැක්වූ කැපවීම සහ දක්වන ලද සුවිශේෂී දායකත්වය විදුහල්පතිතුමා ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේම නොමඳ ඇගයීමට ලක්විය.

​ගුරු මෑණියනි, ඔබෙන් ලත් ශිල්ප ඥානයත්, මඟපෙන්වීමත් අප හදවත් තුළ සදානුස්මරණීයයි!

​ආදරණීය කුමාරිහාමි ගුරුතුමියට, විදුහල්පති තුමා ඇතුළු සහෝදර ආචාර්ය මණ්ඩලය සහ සමස්ත සිසු දරු දැරියන් වෙනුවෙන් අපගේ උණුසුම් සුබ පැතුම්!

ඔබගේ විශ්‍රාමික දිවිය නිදුක්, නිරෝගී, සතුටින් පිරි එකක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිමු! 🙏💐✨

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහ 6 ශ්‍රේණිය දරුවන්ගේ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් අද දින ශ්‍රමදානයක් පැවැත්විණි. ඒ සඳහා...
12/06/2026

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහ 6 ශ්‍රේණිය දරුවන්ගේ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් අද දින ශ්‍රමදානයක් පැවැත්විණි.

ඒ සඳහා සහයෝගය දැක්වූ සියළුම 6 ශ්‍රේණිය දරුවන් ගේ දෙමාපියන් ට ස්තූතිය...

🛑 පාසල් මාර්ග ආරක්ෂණ වැඩසටහන - 2026 🛑මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මාර්ග ආරක්ෂාව...
12/06/2026

🛑 පාසල් මාර්ග ආරක්ෂණ වැඩසටහන - 2026 🛑

මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ, තේරී පත් වූ සුවිශේෂී පාසලක් ලෙස වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහන අද දින (2026.06.12) පෙ.ව. 8.30 ට විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා විද්‍යාලයේ සිසු දරුවන් 200 කට අධික පිරිසක් සහභාගී වූ අතර, මාර්ග ආරක්ෂාව සහ රීති පිළිබඳව විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණ, ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ ප්‍රණීත් බණ්ඩාර මහතා විසින් දරුවන්ව ඉතා රසවත් මෙන්ම හරවත් ලෙස දැනුවත් කරන ලදී.

අනාගතයේදී විනයගරුක සහ ආරක්ෂිත මාර්ග සංස්කෘතියක් බිහිකිරීම වෙනුවෙන් අපේ දරුවන්ට මෙම වටිනා අවස්ථාව උදාකර දුන් මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් අයි. එස්. රත්නායක මහත්මිය ඇතුළු ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරී මණ්ඩලයටත්, ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයටත්, මේ සඳහා මඟ පෙන්වූ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු!

📸 වැඩසටහනේ සුවිශේෂී අවස්ථා කිහිපයක් පහත ඡායාරූපවලින්...

සමස්ත ලංකා නර්තන තරගාවලිය 2026 (කලාප මට්ටම )     පිරිමි  සමූහ තුරගා වන්නම - ප්‍රථම ස්ථානය
11/06/2026

සමස්ත ලංකා නර්තන තරගාවලිය 2026 (කලාප මට්ටම )
පිරිමි සමූහ තුරගා වන්නම - ප්‍රථම ස්ථානය

අද දින පැවති 5 ශ්‍රේණිය මව්බස විෂය ක්‍රියාකාරි කඳවුර...
10/06/2026

අද දින පැවති 5 ශ්‍රේණිය මව්බස විෂය ක්‍රියාකාරි කඳවුර...

10/06/2026

Exploration...

Random Shots, During the rain!😶🔰
09/06/2026

Random Shots, During the rain!
😶🔰

උදැසන ප්‍රධාන රැස්විමමෙහෙයවිම 06 -B ශ්‍රේණිය සහ මාධ්‍ය ඒකකය
08/06/2026

උදැසන ප්‍රධාන රැස්විම

මෙහෙයවිම 06 -B ශ්‍රේණිය සහ මාධ්‍ය ඒකකය

Address

Wattegama

Opening Hours

Monday 09:00 - 13:30
Tuesday 09:00 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94812476231

Website

Alerts

Be the first to know and let us send you an email when Central College Wattegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Central College Wattegama:

Shortcuts

Share

Category