H/Athubode junior school

H/Athubode junior school

Share

founded in February 1930, "Endowment of children for social progress".

08/08/2025

English Reading chmp grade 4 our student

Photos from KClickZ's post 08/07/2025

සිසු අභිසෙස් 2025
ශිෂ්‍ය නායක නායිකාවන් අභිෂේක ගැන්වීම පසුගියදා......

26/01/2025

*PROJECT UNTITLED*
(*නම් නොකළ ව්‍යාපෘතිය*)

ආදරණීයනි...❤️

ඉතා අමාරු තැන් වල පවා
අපි එක්ව, අපේ ගමන සුමට කළෙමු..

ඉතා අමාරු කාල වල පවා
අපි අපව වැටෙන්නට නොදී ඔසවා තබා ඇත්තෙමු...

ඉතින් එසේ එකිනෙකාට සවියක් වනු පිණිස හෙටත් අපි අප වෙනුවෙන් අත් වැල් බැද ගත යුතුව ඇත..

PROJECT *UNTITLED*(නම් නොකළ ව්‍යාපෘතිය) යනු අතුබොදේ විද්‍යාලීය විද්‍යාර්ථීන් , ආදි සිසුන් ,දෙමාපියන් හා කාර්‍ය මණ්ඩලය ඇතුලු සමස්ත විද්‍යාලීය ප්‍රජාව එලෙස හෙට දිනයේත් හදින් හද යා කොට එකිනෙකා වෙනුවෙන් බැදී සිටින්නට ඉඩ හසර විවර කරවන නවමු ව්‍යාපෘතිය යි.

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

මොකක්ද මේ *PROJECT UNTITLED*???

අපි මේ හදන්නේ ආදරයෙන් පිරුණු ඉඩක්..

ඒ ඉඩෙහි ඔබට තවෙකෙකු වෙනුවෙන් ආදරය හා කරුණාව තබා යන්නනටත්, වෙන අයෙක් තැබූ ආදරය හා කරුණාව රැගෙන එන්නටත් පුලුවන්.

ඔබ සතු ඔබට ප්‍රයෝජනවත් නොවන, එහෙත් වෙන අයෙකුට ප්‍රයෝජනයට ගත හැකි, තව කෙනෙකුට හානියක් නොවන ඕනෑම දෙයක් ඔබට මේ ඉඩෙහි තබා යන්න පුලුවන් .

ඒ වගේම, ඒ ඉඩෙහි ඔබට නැති,ඒත් අවශ්‍යව තිබූ යමක් ඇත්නම් එය ඔබට රැගෙන යන්නටත් පුලුවන් .

සමහර විට ඔබට අනවශ්‍ය දෙයක් තව කෙනෙකුට හරිම වටිනා දෙයක් වෙන්නත් පුළුවන්.

ඉතින් ... අතුබොදේ විද්‍යාලය වටා රොද බැදි සමස්ත ආදරණීයන් සැමට ගෞරවණීය මේ ආරාධනාව.. එන්න..!!
*අපි නම් නොකර ආදරය බෙදා ගනිමු..*!! ❤️

ද්‍රව්‍ය බාර ගැනීම : 2025.01.28
ද්‍රව්‍ය බෙදා දීම : 2025.01.29
ද්‍රවය බාර ගන්නා ස්ථානය: විද්‍යාලීය පුස්තකාල පරිශ්‍රය

*විදුහල්පතිතුමිය ඇතුළු විද්‍යාලීය ශිෂ්‍ය සුභසාධක සංගමය.*

03/09/2024

අද දින පැවති ඉංග්‍රීසි නාට්‍ය තරගාවලියේදී හ/අතුබොදේ විද්‍යාලීය ඉංග්‍රීසි නාට්‍ය කණ්ඩායම වලස්මුල්ල අධ්‍යයාපන කලාපයේ පාසල් අතරින් දෙවන ස්ථානය හිමිකර ගනිමින් විදුහල් මාතාවට අත්කර දුන් ගෞරවය වෙනුවෙන් ආදරනීය සිසු දරුවන්ට සුබපැතුම් 💐💐💐💐💐මගපෙන්වීම් කල ගරු විදුහල්පතිතුමියටත්,
දරුවන් පුහුණු කරමින් ඒ සදහා කැපවීමෙන් කටයුතු කල
ඉංග්‍රීසි විෂයභාරව කටයුතු කරන සනුරි ගුරුමහත්මියටත්,
රුවනි ගුරුමහත්මියටත්
විද්‍යාලීය ගෞරවනීය ස්තුතිය හා සුභාශිංසන 💐💐💐💐💐💐

Want your school to be the top-listed School/college in Walasmulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Athubode
Walasmulla
82462

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 19:30
Friday 07:30 - 13:30