H/Omara M.V

H/Omara M.V

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H/Omara M.V, School, H/Omara M. V , Omara, Walasmulla.

13/05/2026

සොදුරු උදෑසන සුන්දර නර්තයකින් හැඩකල අපේ දරුවන් ❤️👌💃

05/05/2026

පළමු ශ්‍රේණියේ 👌
ආදරණීය දියණියගේ සුන්දර නර්තනයෙන් 💃💃💃🎈❤
හැඩවූ උදෑසන රැස්වීම

Photos from H/Omara M.V's post 05/05/2026

නැවුම් දිනයකට සොදුරු ආරම්භයක් ❤️✌✨️

Photos from H/Omara M.V's post 04/05/2026

'හෙට දවස හරිත කරමු – අද පරිසරය සුරකිමු "✨️
යන්න දරුවන්ට පසක් කරමින් විද්‍යාලීය පරිසර නියමු බට කණ්ඩායම සඳහා නිල ලාංඡන පැළඳවීම සිදුකරන ලදී.
ඒ සඳහා විද්‍යාලයේ විදුහල්පති තුමා පරිසර නියමු බට කණ්ඩායම භාර ආචාර්යතුමිය
ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා සහභාගී විය ...
හෙට ලොව ලස්සන කරමු පරිසරය සුරකිමු

22/04/2026

“පරිසර හිතකාමී පරපුරක් බිහිකරමු”
තේමාව යටතේ

අප විද්‍යාලයේ සෑම බදාදා දිනකම පරිසරය තේමා කරගෙන උදෑසන රැස්වීමේ කටයුතු ආරම්භභ කරයි

21/04/2026

අකුරු ගැලපුවේ ඔබ,
හදවත් බැඳුවේද ඔබමයි…
දෙමළ භාෂාවේ මෘදු සුරංගනා හඬෙන්
සිත් සනසා,
ජීවිතයේ අඳුරු මාවත් වල
ආලෝකයක් විය ඔබ.
ගුරුතුමියනි,
ඔබ උගන්වූයේ භාෂාවක් පමණක් නොවෙයි…
හදවතට හදවතක් අසන්න
ඉගෙනගන්නා හැටිත්.
උපදේශනයේ සෙනෙහසින්
දරුවන්ගේ ජීවිත සවිමත් කළ ඔබට
අපගේ ගෞරවය නිමාවක් නැත.
අකුරු ඉගැන්වූ ගුරුතුමිය,
ජීවිතය ඉගැන්වූ උපදේශකවරිය…
ජ්ඔබගේ වචන සැමට
ශක්තියක් විය,
ඔබගේ සැනසිලි සිනහව
හැමෝටම සොදුරු විය.
අද අප විද්‍යාලයේ සිට වෙනත් පාසලක් වෙත ඔබ යන මගට
අපගේ උණුසුම් සුබ පැතුම්...!

21/04/2026

ඔබ දරුවන්ට උගැන්වූයේ
පොත් පාඩම් පමණක් නොවේ…
ශරීරයත්, මනසත්
සමබරව ජීවිතය ගොඩනගන හැටිය
ක්‍රීඩා පිටියේ දහඩිය බිඳුවලින්
ඔවුන්ට ඔබ දුන්නේ ජයග්‍රහණයේ රහසයි…
ක්‍රීඩා පිටිය ඔබේ පන්ති කාමරයයි,
ජීවිතය ඔබේ පාඩම් පොතයි…
ඔවුන්ට උගන්වූයේ ජය ගැනීමටත්,
පරාජය හඳුනාගැනීමටත් වූ මාර්ගයයි.
ඔබ වැනි ගුරුවරියක් අප විද්‍යාලයේ දරුවන්ට ලැබීම ඔවුන් සැමගේ වාසනාවකි.තවද
දුවන පාදවලට ශක්තිය දුන්නේ ඔබයි,
වැටෙන විට නැගිටින හදවතක්
දරුවන් තුළ වපුරා ගියෙත් ඔබයි…
එච් එච් ෂම්ම් එරංගා ගුරු මහත්මියනි
ඔබගේ සිනහවෙන් පිරි පන්ති කාමරය
හෙටත් ඔවුන්ගේ හා අප සැමගේ සිත් තුළ ජීවමානයි.
අප විද්‍යාලයේ සිට වෙනත් පාසලක් වෙත ස්ථාන මාරුවී යන ඔබට හෙට දවස නව ආරම්භයක් වේවා…!
ඔබට සෞඛ්‍ය සම්පන්න දිවියක් පතන්නෙමු.
ජයවේවා...!

Photos from H/Omara M.V's post 10/04/2026

2026 වසරේ සිංහල හින්දු අලුත් අවුරුද චාරිත්‍ර ඉටු කිරීම...දරුවන්ට හුරු කිරීම☝️👍🎉️

විද්‍යාලයේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා, පන්තිභාර ආචාර්ය මණ්ඩලය ,දෙමාපියන් සහ දරුවන් එකමුතුව ඉටුකිරීම
❤️🎉️🎉️✨️🙏

04/04/2026

☝️❤️✨️🎉️👌❤️ -House Sports Meet”

Photos from H/Omara M.V's post 04/04/2026

හ/ඕමාර මහා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026 වසරේ ඉතාම සාර්ථකව අවසන් කිරීමට හැකි විය
එය සාර්ථක කරගන්නට ඔබ අප වෙත ලබා දුන් සහයෝගය ඉතා අගනේය ...🎉️✨️🌷

අප විද්‍යාලයේ දීර්ඝ කාලයක් ඉංග්‍රීසි විෂය භාර ආචාර්යවරිය ලෙසින් කටයුතු කර විශ්‍රාම ලත් 🔴කේ.ඩබ්.කාන්ති ගුණසේකර මහත්මියට ,
හිටපු නියෝජ්‍ය විදුහල්පති තුමිය 🔴එම්.බී.කාන්ති මහත්මියට
අප විද්‍යාලයේ සිට ස්ථාන මාරුවීී ගිය සංගීතාචාර්ය තුමිය
🔴 සීතා අයිරාංගනී මහත්මියට
අප විද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවයේ නියයුතුව විශ්‍රාම ලත් ආචාරිනී
🔴ඩබ්.ඒ. මාලනී මහත්මියට
අප විද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවයේ නියයුතුව විශ්‍රාම ලත් ආචාරිනී
🔴ජේ.එම් ඉන්ද්‍රාණි මහත්මියට
අප විද්‍යාලයේ සේවයේ නියයුතුව විශ්‍රාම ලත් ආචාරිනී
🔴පත්මා පල්ලත්තර මහත්මියට හා
ජූලම්පිටිය විද්‍යාලයේ සේවයේ නියුතු ක්‍රීඩා භාර ආචාර්ය
🔴උඅබේසිංහ මහතාටත්
මේ මොහොතේ අප විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා දූ දරුවන් වෙනුවෙන් ඔබ සැම අපට ලබාදුන් සහයෝගයට අපගේ හද පිරි ස්තුතිය.🙏

Want your school to be the top-listed School/college in Walasmulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

H/Omara M. V , Omara
Walasmulla
82450