Welfare Society-ZEO

Welfare Society-ZEO ZONAL EDUCATION OFFICE WALAPANE

28/04/2025
28/01/2025

අලසකමේ වර්ග 7 සහ එයින් මිදිම සදහා කලයුතු දේවල්

1. ව්‍යාකූලත්වය (Confusion)

"මම දන්නේ නැහැ මොනවා කරන්නද කියලා."

ඒ සදහා ප්‍රතිකාරය: කුඩාවෙන් පටන් ගන්න. පළමු පියවර තබා ඔබ යන විට ක්‍රමයෙන් ඉගෙන ගන්න. වැරදි යනු ඔබ යන ක්‍රියාවලියේම කොටසකි.

2. බිය (Fear)

"සරලවම කිව්වොත් මට බැහැ කරන්න බය හිතෙනවා."

ප්‍රතිකාරය: ඔබ මීට පෙර මේ හා සමානව බිය ජයගත් අවස්ථා ගැන නැවත සිතන්න. ආරම්භ කිරීමට පෙළඹවීමක් ලෙස එම සාර්ථකත්වයන් භාවිතා කරන්න.

3. ස්ථාවර මානසිකත්වය (Fixed Mindset)

"මම අසමත් වීමට හෝ ඒ දෙස මෝඩයෙක් විදිහට බලන්න බයයි"

ප්‍රතිකාරය: ඉගෙනුම් මානසිකත්වයකට හෝ වර්ධන මානසිකත්වයකට මාරු වෙන්න. වැරදි යනු ඉගෙන ගැනීමට ඇති අවස්ථාවන්ය. දියුණුව ඇති වන්නේ උත්සාහයෙනි.

4. තෙහෙට්ටුව (Tiredness)

"මට ගොඩක් මහන්සියි. මට ශක්තියක් නැහැ."

ප්‍රතිකාරය: කුඩා කාර්යයකින් ආරම්භ කරන්න. ඔබේ ගම්‍යතාවය ශක්තිය ගොඩනඟයි. ඔබේ ශාරීරික මානසික චලනය ඔබව ඉදිරියට යාමට අභිප්‍රේරණය ඇති කරයි.

5. උනන්දුව නොමැතිකම (Lack of Interest)

"මට කිසිම දෙයක් වැඩක් නෑ. මේවා මොකටද හම්බකරලා"

ප්‍රතිකාරය: ඔබව සැබවින්ම උද්දීපනය කරන දේ ගැන මෙනෙහි කර එය ඔබගේ වර්තමාන වගකීම්වලට සම්බන්ධ කරන්න.

6. කනගාටුව (Regret)

"මට පටන් ගන්න වයස වැඩියි. පරක්කු වැඩියි."

ප්‍රතිකාරය: දියුණු වීමට කිසිදා ප්‍රමාද වැඩි නැත. ඔබට ඕනෑම වයසක ආරම්භ කල හැකිය. සෑම දිනකයක්ම ඔබට වර්ධනය වීමට සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට නැවුම් අවස්ථාවක්.

7. අනන්‍යතාවය (Identify)

"මම කම්මැලි පුද්ගලයෙක්."

ප්‍රතිකාරය: එම ලේබලයට අභියෝග කරන්න. කම්මැලිකම යනු හැසිරීමක් මිස ස්ථාවර අනන්‍යතාවයක් නොවේ. ඔබට එය වෙනස් කළ හැකිය.

ඔබට මේ අතරින් වැඩිපුර තියෙන්නේ කුමක් ද?

මෙවැනි අධ්‍යාපනික, වෘත්තීමය හා මානසික සෞඛ්‍යයට අදාල තොරතුරු ඔබට අපේ වැට්සැප් චැනල් එක හරහා ද දැනගත හැකියි.
https://whatsapp.com/channel/0029Vakc4IOLo4hocmsXb70V

2025 නව වර්ෂය සදහා වලපනේ කලාප අධ්‍යාපන කාර්යාලයේකටයුතු ආරම්භ කිරීම
01/01/2025

2025 නව වර්ෂය සදහා
වලපනේ කලාප අධ්‍යාපන කාර්යාලයේ
කටයුතු ආරම්භ කිරීම

2025 සුපිපෙන පියුම් විකසිත වන නව  වසරයි . කාලයේ මුලාවෙන් මිදී නව ආලෝකයේ එළි දහස් ගනනක් දැල්වේවා ! . ලැබුවා වූ නව වසර ඔබට...
01/01/2025

2025 සුපිපෙන පියුම් විකසිත වන නව වසරයි . කාලයේ මුලාවෙන් මිදී නව ආලෝකයේ එළි දහස් ගනනක් දැල්වේවා ! . ලැබුවා වූ නව වසර ඔබට නිදුක් නීරෝගී භාවය, ධනය, සතුට සෞභාග්‍ය ​​සපිරි සුභ නව වසරක් වේවා ! ආදරෙයි හැමෝටම ❤

Art
15/10/2024

Art

සෙමින් වර්ධනය වීමට බිය නොවන්න,නිශ්චලව සිටීමට පමණක් බිය වන්න.චීන හිතෝපදේශය 🌻
25/08/2024

සෙමින් වර්ධනය වීමට බිය නොවන්න,නිශ්චලව සිටීමට පමණක් බිය වන්න.

චීන හිතෝපදේශය 🌻

08/08/2024
වලපනේ අධ්‍යාපන කලාපය වෙනුවෙන් තීරයෙන් එහා කළ මෙහෙය සුවිශාල ය.වලපනේ දුවා දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප සුපෝෂණය කර ලක්දෙරණ ට...
20/07/2024

වලපනේ අධ්‍යාපන කලාපය වෙනුවෙන් තීරයෙන් එහා කළ මෙහෙය සුවිශාල ය.
වලපනේ දුවා දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප සුපෝෂණය කර ලක්දෙරණ ට ණය නැති දරුවෙක් දායාද කරන්නට තිරයෙන් එහා සිට ගත් වෙහෙස අපමණය.
ඉසඹුලන සුනිල් සහෘදය ඔබට සුවබර විශ්‍රාම දිවියක්.

ඔයා මේ internet එකේ ගොඩක් content රසවිඳිනවා. ඒ අතරින් මනසේ ස්වභාවය, ආධ්‍යාත්මිකත්වය ගැන උගන්වන ඒවත් content තමා. ඒ conte...
12/07/2024

ඔයා මේ internet එකේ ගොඩක් content රසවිඳිනවා.

ඒ අතරින් මනසේ ස්වභාවය, ආධ්‍යාත්මිකත්වය ගැන උගන්වන ඒවත් content තමා.

ඒ content රසවිඳින්දට ඔයාට කිසිම අවබෝධයක් ලැබෙන්නේ නෑ.

ඒ දැනුම ඔයාට උදව්වක් වෙන්නේ, ඒවා ඔයා තුලින් දකිනවනම් විතරයි.

කවුරුවත් කියන කතන්දර විශ්වාස කරන්නේ නැතුව ඔයා තුලින්ම දකින්න ඕන.

ඔයාගේ මුලු ලෝකයම ගොඩ නැඟිලා තියෙන්නේ පොඩි කාලෙ ඉඳන් අහපු කතා වලින්. ඒවා ඇත්ත හෝ බොරු කියල අන්තගාමී නොවී, ඒවා කොහොමද ඔයාගෙ මනසට ඇතුලු වුනේ කියල බලන්න.

අඩුම තරමේ මං මේ කිව්ව කතාවවත් විශ්වාස නොකර, මේ මොකක්ද මම කිව්වෙ කියල බලන්න. 🙌

- Mihiran Oshadha copied

Address

Zonal Education Office, Nildandahinn Road
Walapane
22270

Website

Alerts

Be the first to know and let us send you an email when Welfare Society-ZEO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category