Sri Pragnasara Daham Pasala - Veyangoda

Sri Pragnasara Daham Pasala - Veyangoda වේයන්ගොඩ ශ්‍රී ප්‍රඥාසාර දහම් පාසලේ නිල Facebook පිටුව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

🏆🌸 උණුසුම් සුභාශිංසන! 🌸🏆2025 දහම්පාසල් සිසු නිපුණතා තරඟාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් ජයග්‍රහණ හිමිකරගෙන, සහතිකපත් හා ...
16/08/2026

🏆🌸 උණුසුම් සුභාශිංසන! 🌸🏆

2025 දහම්පාසල් සිසු නිපුණතා තරඟාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් ජයග්‍රහණ හිමිකරගෙන, සහතිකපත් හා ත්‍යාගයන්ගෙන් පිදුම් ලැබූ සියලුම දරු දැරියන්ට හෘදයාංගම සුභාශිංසන! 💐

ඔබ ලැබූ මෙම ජයග්‍රහණය ඔබගේ කැපවීම, උත්සාහය සහ දක්ෂතාවයේ අගනා ප්‍රතිඵලයකි. ✨
මෙම ජයග්‍රහණය ඔබගේ අනාගත ගමනට තවත් ශක්තියක් වී, දහම් දැනුමෙන් හා ගුණදහමින් පිරිපුන් දරුවන් ලෙස තව තවත් ජයග්‍රහණ ලබන්නට ආශිර්වාදයක් වේවා! 🌼🙏

ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම්! ❤️

තෙරුවන් සරණයි! 🙏

🌞 සූර්ය මංගල්‍යය 🌞 2026 අතීතයේ උරුමයත්, අනාගතයේ බලාපොරොත්තුත් එකට බැඳුණු දහම් සුවඳින් පිරි, අවුරුදු සිරිත් වලින් ලස්සන ව...
22/04/2026

🌞 සූර්ය මංගල්‍යය 🌞 2026

අතීතයේ උරුමයත්, අනාගතයේ බලාපොරොත්තුත් එකට බැඳුණු දහම් සුවඳින් පිරි, අවුරුදු සිරිත් වලින් ලස්සන වූ අපගේ දහම්පාසල් අවුරුදු උත්සවය

ශ්‍රී ප්‍රඥාසාර දහම්පාසල - වේයන්ගොඩ

ඔබ සැමට ආරාධනා....
05/04/2026

ඔබ සැමට ආරාධනා....

2025 සැප්තැම්බර් මස 14 වන දින දහම්පාසල් සිසුන්ගේ නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වූ...
17/09/2025

2025 සැප්තැම්බර් මස 14 වන දින දහම්පාසල් සිසුන්ගේ නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වූ සිසු නිපුණතා ඇගයීම් වෙනුවෙන් අප දහම්පාසලෙන් ඉදිරිපත් වූ සිසු දරු දැරියන් 07 දෙනෙකුට ජයග්‍රහණයන් හිමි වී ඇති බව සතුටින් දැනුම් දෙමු.

දහම් දැනුම
• 3 ශ්‍රේණිය - දෙවන ස්ථානය - සනුති සිතුම්සා
• ⁠7 ශ්‍රේණිය - සිව්වන ස්ථානය - නෙතුක ඕෂධ

ප්‍රායෝගික දැනුම
• 2 ශ්‍රේණිය - තුන්වන ස්ථානය - ෂෙන්ලි ත්‍රිහාෂි

මව්පිය ගුණ ගී ගායනා
• කණිෂ්ඨ අංශය - සිව්වන ස්ථානය - සිහින නිම්සර

කථික
• 8 ශ්‍රේණිය - පස්වන ස්ථානය - කොමල්කා වෙනූපමා

ගද්‍ය රචනා
• අවසාන ශ්‍රේණිය - තුන්වන ස්ථානය - සනෝලි නවමිණි
• ධර්මාචාර්ය ශ්‍රේණිය - පස්වන ස්ථානය - කෙත්මි අධීෂා

ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරාධිපති, ශ්‍රී ප්‍රඥාසාර දහම්පාසල් ප්‍රධානාචාර්ය, ගෞරවනීය පූජ්‍ය කුට්ටිවිල අනුරුද්ධ හිමිපාණන්ගේ මෙහෙයවීම යටතේ සිසු නිපුණතා ඇගයීම් මාලාව සාර්ථකව ජයග්‍රහණයන් කරා යාමට කැපවූ ශ්‍රී ප්‍රඥාසාර දහම්පාසල් ආචාර්ය මණ්ඩලයටත්, සියලුම දුවා දරුවන්ගේ දෙමාපියන්ටත්, විශේෂයෙන්ම සියලුම දරුවන්ටත් හද පිරි ස්තූතිය පුද කර සිටින අතර,
ජයග්‍රාහී සියලු දරුවන්ට අපගේ සුබ පැතුම් මෙයින් එක්කරන්නෙමු.
🙏🏼☸️

ශ්‍රී ප්‍රඥාසාර දහම් පාසල - වේයන්ගොඩ

10/08/2025

නිදුක් නීරෝගි සම්පත්ති හිමි දීර්ඝ ආයුෂ පිරි වාසනාවන්ත පිංබර ජීවිත කාලයක්ම උදා වන සුභම සුභ උපන්දිනයක්ම වේවා අපේ සෝමාලංකාර ස්වාමින් වහන්සේට..☸️🙏🏼

අත්තනගල්ල ලියෝ සමාජය සහ වේයන්ගොඩ ශ්‍රී ප්‍රඥාසාර දහම්පාසල් ඇඳුරු මඩුල්ල එකමුතුව සංවිධානය කරන, ශිෂ්‍යත්ව විභාගයට සෙත් පතා...
05/08/2025

අත්තනගල්ල ලියෝ සමාජය සහ වේයන්ගොඩ ශ්‍රී ප්‍රඥාසාර දහම්පාසල් ඇඳුරු මඩුල්ල එකමුතුව සංවිධානය කරන,
ශිෂ්‍යත්ව විභාගයට සෙත් පතා පවත්වන ආශිර්වාද බෝධි පූජා පින්කම සහ ගණදෙවි පූජාව මෙවරද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

📆 දිනය : අගෝස්තු මස 8 වන පොහෝ දින
🕧 වේලාව : සවස 6 සිට
📍 ස්ථානය : ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරස්ථානය, වේයන්ගොඩ

මේ ස‍ඳහා සහභාගී වීමට ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිමු.

•එදිනට පැමිණෙන ඔබ ගණදෙවියන් නෑවීම සඳහා එළකිරි සහ ගණදෙවියන්ට පූජා කිරීමට පූජා වට්ටිද රැගෙන පැමිණෙන්න.





🏳️🙏🏼☸️
28/12/2024

🏳️🙏🏼☸️

පන්සාලිස් වස් ජන්ම දිනය සැමරූ වේයන්ගොඩ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරාධිපති, ශ්‍රී ප්‍රඥාසාර දහම් පාසල් ප්‍රධානාචාර්ය කුට්ටි...
22/11/2024

පන්සාලිස් වස් ජන්ම දිනය සැමරූ වේයන්ගොඩ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරාධිපති, ශ්‍රී ප්‍රඥාසාර දහම් පාසල් ප්‍රධානාචාර්ය කුට්ටිවිල අනුරුද්ධ අපගේ නායක හිමිපාණන් වෙනුවෙන් අප දහම්පාසල් දරු දැරියන් සහ ගුරුභවතුන් විසින් සමරු තිළිණ ලබාදුන් අවස්ථාවයි..

🙏🏼♥️
25/10/2024

🙏🏼♥️

මිනිස් ජීවිතයක වටිනාකම හොඳින්ම දන්නා අප විසින්,
නීරෝගීමත් සමාජයක් ගොඩනැඟීමෙහිලා පවත්වනු ලබන,

මනුසත්කාර 2.1 👨‍⚕️💉

🏥 Manusathkara 2.1 Health Camp

🗓️ 27th OCTOBER
⏰ 9 AM onwards
📍 VEYANGODA, SRI NAGENDRARAMA VIHARAYA

What to Expect ✔️✔️✔️✔️

⭕️Free Health Screenings: Blood Pressure, BMI
⭕️Blood Donation Drive
⭕️Free Eye Checkups
⭕️Dental Clinic
⭕️Health Consultations with Professionals
⭕️Nutrition Workshops
⭕️Diabetic Chekups

Join us in our efforts to build a healthier society by uplifting the less fortunate. Your contribution can make a lasting difference.

•Flyer Credits : Leo Lion Keshan Jayaweera
•Caption Credits : Leo Umidu Dilshan

#මනුසත්කාර




දහම්පාසල් චාරිකාව 2024 • මහනුවර ශ්‍රී දළඳා මාලිගාව සහ ඇත්ගාල • දෙගල්දොරුව රජ මහා විහාරය • නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍...
08/10/2024

දහම්පාසල් චාරිකාව 2024

• මහනුවර ශ්‍රී දළඳා මාලිගාව සහ ඇත්ගාල
• දෙගල්දොරුව රජ මහා විහාරය
• නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
• අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය

ලෝක ළමා දිනය නිමිති කොටගෙන ශ්‍රී ප්‍රඥාසාර දහම් පාසලේ 2024/10/06 වන දිනයේ යන්නට යෙදුන දහම් පාසල් අධ්‍යාපන චාරිකාව කිසිදු අඩුපාඩුවකින් තොරව සිදු කරගැනීමට උදව් උපකාර කල සියලු දෙනාටම බෙහෙවින් ස්තූතිවන්ත වන අතරම විශේෂයෙන්ම පූර්ණ දායකත්වය අපවෙත ලබා දුන් ගෞරවණීය අපගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය කුට්ටිවිල අනුරුද්ධ අපගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පාද නමස්කාරපූර්වක ස්තූතිය මේ මොහොතේ පුද කර සිටිමු..

ඒවාගේම මෙහි සංවිධාන කටයුතු සිදුකල බිබිලේ සෝමාලංකාර අපේ හාමුදුරුවන් ඇතුලුව ගුරුමණ්ඩලයේ සියලූම දෙනාටත්, දරුවන්ගේ ආරක්ෂාව සඳහා චාරිකාවට සහභාගී වීමට පැමිණි සියලුම දෙමාපියන්ටත් ස්තූතිවන්ත වන අතර විශේෂ දායකත්වයක් දක්වපු Indika Phone Shop අධිපති ඉන්දික මහතාටත්, Nuwan Abeydeera මහතාටත්, චන්දික මහතාටත් අප පිලිබඳ විශ්වාසය තබා දරුවන් චාරිකාවට සම්බන්ධ කරන ලද සියලූම දෙමාපියන්ටත්, අපත් සමඟ අත්වැල් බැඳගත් Leo Club of Gampaha Circle හි සියලු සමාජිකයින්ටත් විශේෂ ස්තූතිය පුදකර සිටිනවා.

තෙරුවන් සරණයි සියලු දෙනාටම...
🙏🏼☸️

Address

Sri Pragnasara Daham Pasala, Sri Nagendraramaya, Negombo Road
Veyangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Pragnasara Daham Pasala - Veyangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share