Cook with pinki

Cook with pinki Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cook with pinki, Matara.

ළමා,මහලු,වැඩිහිටි  සියලුම දෙනාම කැමති රසම රස එලවලු බතක් නිවසේදිම සාදාගන්නා ආකාරය.අවශ්‍ය දේ• සූදුරු සම්බා 250g• තම්බා ගත්...
28/08/2021

ළමා,මහලු,වැඩිහිටි සියලුම දෙනාම කැමති රසම රස එලවලු බතක් නිවසේදිම සාදාගන්නා ආකාරය.

අවශ්‍ය දේ
• සූදුරු සම්බා 250g
• තම්බා ගත් හෝ අමු ඉස්සන් 500g
• කැරට් අල 250g
• ගෝවා 250g
• රටලූණු ගෙඩි 2ක්
• කොත්තමල්ලි කුඩා අතු 7,8ක්
• අමු ඉගුරු කැබැල්ලක්
• සුදුලූණු බික් 2,3ක්
• සුප් කැට 2ක්
• ලුණු,ගම්මිරිස් රස අනුව
• එළවලු තෙල් කෝප්ප ½ක්
• මුද්දරප්පලම් 100gක්
සාදන ක්‍රමය
• පළමුව හාල් ගරා සෝදා පසෙක තබන්න.
• බදුනක් ගෙන එයට තෙල් දමා එය රත්වූ පසු අමු ඉස්සන් දමා බැදගන්න.ඉන්පසු බැදගත් ඉස්සන් තාච්චියෙන් ඉවතට ගන්න.
• තලාගත් අමු ඉගුරු , සුදුලීණු දමා බැදෙන්න හරින්න.ඉන්පසු කොත්තමල්ලි කොළ දමා තරමක් බැදුනාට පසු ලියාගත් ගෝවා සහ මුද්දරප්පලම් තෙලට දමා තෙලේ තැම්බෙන්න හරින්න.
• දැන් කැරට්,ලීක්ස්,රතුලුණු සිහින්ව ලියන්න.එය තෙලට දමා බැදගන්න.මේ අවස්තාවේ සුප් කැට පොඩිකර එයට ලුණු ගම්මිරිස් දමා කලවම් කර ගන්න.හාල්වලොන් සාමන්‍ය ක්‍රමයට බත් පිසගත් පසු එය එලවලු මිශ්‍රණයට දමා මිශ්‍ර කරගන්න.
✍️ නවින් දර්ශන

25/08/2021

මේ නිවාඩු කාලයෙ ගෙදරට වෙලා ඉන්න බාල,මහලු,වැඩිහිටි සියලු දෙනාම කැමති පෝෂ්‍යදාය් ආහාරයක් ගෙදරදිම සාදාගමු.

පොලොස් කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

• ළපටි පොලොස් ගෙඩියක්
• තම්බපු අල 100g
• බැදගත් අල 100g
• හීනියට කපාගත් ලුනු 125g
• හීනියට කපාගත් අමුමිරිස් කරල් 2
• හීනියට කපාගත් කරපිංචා ටිකක්
• චොප් කරගත් ඉගුරු තේ හැදි ½
• චොප් කරගත් සුදුලූනු තේ හැදි ½
• කහකුඩු ස්වල්පයක්
• ගම්මිරිස් රස අනුව
• ලුණු රස අනුව
• දෙහි ගෙඩි බාගයක යුශ
• පාන්කුඩු
• ගැඹුරු තෙලෙ බැදිමට තෙල්
පිටි මිශ්‍රණය සදහා
• පාන්පිටි 100g
• වතුර ස්වල්පයක්
• ලුණු ස්වල්පයක්
• පාන්පිටිවලට ලුණු කලවම් කර,එයට වතුර ටික ටික දමමින් ඝනකම් බටර් එකක් සාදාගන්න.

සාදාගන්නා ආකාරය

• පොලොස් ගෙඩිය හොදින් සුද්ද කර කපා ලුණු සහ කහ මිශ්‍ර වතුරෙ තම්බා ගන්න

• තම්බාගත් පොලොස් භාජනයකට දමා හොදින් පොඩි කරගන්න.

• එයට ලුණු,ගම්මිරිස්,කහ,ලූනු

• අමුමිරිස්,කරපිංචා,ඉගුරු,සුදුලුනු,බැදගත් අල සහ තම්බාගත් අල දමා දෙහි යුශද එක්කර හොදින් කලවම් කරගන්න.

• මිශ්‍රණයෙනන් ටික ටික ගෙන බෝල සාදා අල්ලට තබා ටිකක් පැතලි කරගන්න.

• ඒවා සාදාගත් පිටි මිශ්‍රණයේ ගිල්වා බිස්කට කුඩුවල දවටා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගන්න.

✍️ නවින් දර්ශන

Address

Matara

Telephone

+94772879510

Website

Alerts

Be the first to know and let us send you an email when Cook with pinki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cook with pinki:

Shortcuts

Share