25/06/2024
" උපසම්පදා පෙරහැර "
උල්ලල මාස්මුල්ල ශ්‍රී විමලානන්ද යෝගාශ්‍රමාධිපති,
විශ්‍රාමලත් පරිවේණාධ්පති
මාතර පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක,රාජකීය පණ්ඩිත, මාපලානේ ඤාණධජ නායක හිමිපාණන් වහන්සේගේ
ප්‍රිය ශිෂ්‍ය නවෝපසම්පන්න පූජ්‍ය ඉමදූව ඤාණගවේසී ස්වාමීන් වහන්සේ අධිශීල සංඛ්‍යාත සුපරි ශුද්ධෝපසම්පදා සීලයෙහි පිහිටා ස්වකීය විහාරස්ථානයට පුද පෙරහැරින් වැඩම වීම,2024-06-30 වැනි දින සවස 2.30 ට උල්ලල වෑපිටිය අශෝකාරාම මෙහෙණි ආරාමය අසලින් ආරම්භ වී ජනශක්තිගම හරහා,උල්ලල මහා විද්‍යාලය අසලින් වඩමවාඒමට, ශ්‍රී විමලානන්ද යෝගාශ්‍රමස්ථ,දායක සභාව,සීල සමිතිය,සිරි පඤ්ඤාර ධර්ම විද්‍යාලය,කටයුතු යොදා තිබේ.
පෙරහැර නැරඹීමට,ප්‍රදේශවාසි ඔබ සැමට,බැති සිතින් ආරාධනා............................