Peeta api / පීඨ උපකාරක එකමුතුව

Peeta api / පීඨ උපකාරක එකමුතුව

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Peeta api / පීඨ උපකාරක එකමුතුව, kanthale, Trincomalee.

28/03/2022

ඔබගේ උසස් අධ්‍යාපන අපේක්ෂාවන් ඉටු කර ගැනිම සඳහා විවෘත විශ්වවිද්‍යාලය සමඟින් එකතු වන්න.🎓

විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨය විසින් පිරිනමනු ලබන ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය (3 වන මට්ටම) සඳහා ලියාපදිංචි වී ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න.👩‍🎓👨‍🎓

ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය වෙනුවෙන් 2022 මැයි 29 වන දින පවත්වනු ලබන තෝරා ගැනීමේ පරීක්ෂණයට මුහුණ දීම සඳහා නොපමාව ලියාපදිංචි වන්න.📚

වැඩි විස්තර සඳහා: https://ou.ac.lk/bedhonpe/

WhatsApp Official: https://lnkd.in/e9BEUUpn
💻 https://ou.ac.lk/
☎️ 011 288 1461
📞 071 636 8228


11/08/2021

රටේ යහපත් සාමාන්‍ය වාතාවරණයක් පැවතියේ නම් 40% කොටස සදහා දැනුම පරීක්ෂා කිරීමට විභාගයක් පැවැත්වීම උචිතය දැන් අර්බුදය පැන නැගී ඇත්තේ රටේ වාතාවරණය අයහපත් තත්වයක පැවතීම හේතු කොට ගෙන විභාගය කල් දැමීමට කටයුතු කිරීම නිසයි
බුලත් මල්ලට හෙන ගහපු වෙලාවෙ ඒක ඇතුලේ හුණු දුම්කොල සෙවීම මෝඩකමක් සේම මුග්ධ ක්‍රියාවකි ශික්ෂණ විද්‍ය ඩිප්ලෝමාව යනු වෘත්තීය පාඨමාලාවකි එයට අදාල ප්‍රායෝගික කටයුතු සපුරා තිබේනම් හා අභ්‍යන්තර පැවරුම් සම්පූර්ණ කර තිබේනම් පවතින වාතාවරණයද සලකා ඔවුනට සාධාරණය ඉටු කල යුතුය විභාගයක් අවශ්‍ය යැයි යන මානසිකත්වය බලධාරීන්ට තිබේනම් මාර්ගගතව බහුවරණ ප්‍රශ්ණ පත්‍ර මගින් දැනුම මැනිය හැකිය සිසුන් ගේ මේ අවශ්‍යතාවය වෙනුවෙන් මූලික විය යුත්තේ විද්‍යා පීඨ ආචාර්යවරුන්ය මක්නිසාදයත් මේ දක්වා විද්‍යා පීඨ තුල ශාස්ත්‍රීය සංගම් හැර සිසු අයිතීන් උදෙසා මැදිහත් විය හැකි ශිෂ්‍ය සංවිධාන බිහි කිරීමට ඔවුන්ට ඉඩ කඩ නොමැති නිසාය
පවතින ආපදාසම්පන්න තත්වය පිලිබඳව අවධානය යොමු කර ශික්ෂණ විද්‍ය ඩිප්ලෝමාවට අදාලව දැනට ඔවුන් නිමකර ඇති වැඩ කොටස පිලිබඳ සමාලෝචනයක් සිදු කර ඔවුනට අදාල ඩිප්ලෝමාව ප්‍රදානය කර හැකි ඉක්මනින් ඔවුන් ගුරු වෘත්තියට බදවා ගැනීම සුදුසු බවයි ගුණාත්මක භාවය පිළිබඳ තර්ක කරමින් තවදුරටත් කල් මරන්නේ නම් දැඩිලෙස කලකිරීමක් සහිතව ඔවුන් පද්ධතියට ඇතුලත් වනු ඇත එය අනාගත අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුද රැසක් හටගැනීමට හේතුවක් විය හැකිය මේ සදහා බලධාරීන්ගේ ඇස් කන් විවරවී සැබෑ තත්වය වටහා ගැනීමට ඤාණය පහල වේවා!!

Want your school to be the top-listed School/college in Trincomalee?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kanthale
Trincomalee