05/06/2026
🏆✨ නැගෙනහිරින් නැඟුණු රිද්මය සමස්ත ලංකාව ජයගන්න සැරසෙයි! ✨🏆
අපේ සංස්කෘතික අනන්‍යතාවය කරපින්නාගත්, දෑතේ සහ දෙපයේ රිද්මයෙන් වේදිකාව ඒකාලෝක කළ අපේ "පතුරු නැටුම්" කණ්ඩායම, සමස්ත ලංකා නර්තන තරගාවලියේ නැගෙනහිර පළාත් තරගවලින් ප්‍රථම ස්ථානය (1st Place) දිනා ගැනීමට සමත් විය! 🥇💃🕺
එලෙසම "සබරගමු පක්‍ෂි නර්තන" කණ්ඩායම ද තෙවන ස්ථානය (3rd Place) ලබා ගැනීමට සමත් විය. 🥉💃
කැපවීම, උත්සාහය සහ දක්ෂතාවය පෙරදැරි කරගෙන, අපේ පළාතට මහත් කීර්තියක් අත්කර දෙමින් සමස්ත ලංකා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ අපේ ආදරණීය දුවලා,පුතාලා හැමදෙනාටම මෙන්ම දිවා රෑ නොබලා පුහුණුවීම් කළ රුමේෂ් ගුරු මහතාට හා සහය දැක්වූ නිමන්ත සහෝදරයාට අපගේ හෘදයාංගම සුබපැතුම්! ❤️🎉
එමෙන්ම දරුවන්ට සහය වූ නයනා ගුරු මහත්මියට, තේනුකි ගුරු මෙනවියට හා දෙමාපියන්ට බෙහෙවින්ම ස්තූතියි.🙏🏻
"රිද්මයක ඇරඹුම පමණි... ඉදිරියටම යන්න, සමස්ත ලංකා වේදිකාවත් ජයගන්න ඔබට ශක්තිය ලැබේවා!" 🙏🏆
🌻🌻