H/Nadigamvila Junior College

H/Nadigamvila Junior College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H/Nadigamvila Junior College, School, H/Nedigamvila junior school, Gonagamuwa, Tissamaharama.

සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය - 2026 (කලාප මට්ටම)• සමූහ ගායනය ( විවෘත) - පිරිමි/ජන ගී/ශාන්තිකර්ම ගී - පහතරට - "ප්‍රථම ...
11/07/2026

සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය - 2026 (කලාප මට්ටම)

• සමූහ ගායනය ( විවෘත) - පිරිමි/ජන ගී/ශාන්තිකර්ම ගී - පහතරට - "ප්‍රථම ස්ථානය"

• සමූහ ගායනය (ගැහැණු)"හෝ ගා රැල්ල බිඳේ"(සුනිල් සාන්ත) - "තෙවන ස්ථානය"

හ/නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් හිමිකරගත් බව සතුටින් දැනුම් දෙමු..

මේ සඳහා දරුවන්ගේ නිරන්තර පුහුණුවීම් කටයුතු කරමින් නිවැරදිව ජයග්‍රහණය කරා දරුවන්ව රැඟෙන ගිය සංගීත විෂයභාර ආචාර්ය ශානිකා කුමුදිනී ගුරුමහත්මියටත්, පාසලට මෙවන් ජයග්‍රහණ දෙකක් ලබා දුන් ආදරණීය දරු දැරියන්ටත් පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේත්, සිසු දරු දැරියන්ගේත් හදපිරි ස්තූතිය..!

2026 ගණිත දැනුම මිනුම තරඟාවලියේ පළාත් සංචිතය සඳහා හම්බන්තොට කලාපය නියෝජනය කරමින් අප විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක් වන 6...
01/07/2026

2026 ගණිත දැනුම මිනුම තරඟාවලියේ පළාත් සංචිතය සඳහා හම්බන්තොට කලාපය නියෝජනය කරමින් අප විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක් වන 6 ශ්‍රේණියේ W.A.A. ශනුලි දිලෙන්යා දියණිය තේරී පත්වී ඇති බව ඉතා සතුටින් යුතුව දැනුම් දෙමු..

2026 පොසොන් මස පෙර පෝය වැඩසටහන හා 10 හා 11 ශ්‍රේණිවල දරුවන්ගේ සංවිධානයෙන් පැවති කුරක්කන් කැඳ දන්සල..
26/06/2026

2026 පොසොන් මස පෙර පෝය වැඩසටහන හා 10 හා 11 ශ්‍රේණිවල දරුවන්ගේ සංවිධානයෙන් පැවති කුරක්කන් කැඳ දන්සල..

පොසොන් පොහොය නිමිති කරගෙන අප පාසලේ 1 හා 2 ශ්‍රේණිවල සිසුන් හා දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවති මල් දන්සල..
26/06/2026

පොසොන් පොහොය නිමිති කරගෙන අප පාසලේ 1 හා 2 ශ්‍රේණිවල සිසුන් හා දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවති මල් දන්සල..

2025 (2026) වර්ෂයේ අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයෙන් හ/නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලය වන අප 89%ක විශිෂ්ඨ ප්‍රතිඵලයක් වාර්තා කර ...
20/06/2026

2025 (2026) වර්ෂයේ අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයෙන් හ/නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලය වන අප 89%ක විශිෂ්ඨ ප්‍රතිඵලයක් වාර්තා කර ඇති බව සතුටින් දැනුම් දෙමු..
මෙවර අ.පො.ස සා.පෙළ විභාගයේ විශිෂ්ඨ ජයක් වාර්තා කළ අපගේ දරු දැරියන් සියළුදෙනාට පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ හදපිරි සුභාශිංසන..!

අප පාසලේ වසර දෙකකට ආසන්න කාලයක් කෘෂිකර්මය විෂයභාරව හා නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කළ S.A. ඩග්ලස් මහතාගේ විශ්‍රාම ගැනී...
10/06/2026

අප පාසලේ වසර දෙකකට ආසන්න කාලයක් කෘෂිකර්මය විෂයභාරව හා නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කළ S.A. ඩග්ලස් මහතාගේ විශ්‍රාම ගැනීමේ උත්සවය ජුනි මස 2 වන දින පාසල් පරිශ්‍රයේදී පැවත්විය.

ආදරණීය ගුරුතුමනි ඔබට නිදුක් නීරෝගී විශ්‍රාම දිවියකට සුබ පැතුම්..!

වෙසක් පොහොය නිමිති කරගෙන හ/නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලයේ පැවති පිණ්ඩපාත වැඩසටහන. 29.05.2026
10/06/2026

වෙසක් පොහොය නිමිති කරගෙන හ/නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලයේ පැවති පිණ්ඩපාත වැඩසටහන.
29.05.2026

ඔබ සැමට ආරාධනා..
29/05/2026

ඔබ සැමට ආරාධනා..

අප්‍රේල් මස 30 වන දින නැදිගම්විල විද්‍යාලයේ පැවති සීල සමාදාන වැඩසටහන..
01/05/2026

අප්‍රේල් මස 30 වන දින නැදිගම්විල විද්‍යාලයේ පැවති සීල සමාදාන වැඩසටහන..

2026 වර්ෂයේ නැදිගම්විල විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ඉකුත් 12 වනදා අති උත්කර්ෂවත් ලෙස පැවතිණි. මෙවර ශූරතාවය ගැමු...
14/03/2026

2026 වර්ෂයේ නැදිගම්විල විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ඉකුත් 12 වනදා අති උත්කර්ෂවත් ලෙස පැවතිණි.
මෙවර ශූරතාවය ගැමුණු නිවාසයටත් , අනුශූරතාවය විජය නිවාසයටත් හිමි විය.
ක්‍රීඩාවට අති දක්ෂ දරුවන් බොහෝමයක් පාසල තුළ සිටියද ඔවුන්ට නිසි මග පෙන්වීමක් සිදු කිරීමට ක්‍රීඩා ගුරුවරයෙක් නොමැති අවස්ථාවක පවා මෙලෙස නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් අති සාර්ථක ලෙස පැවැත්වීමට හැකි වීම සම්බන්ධයෙන් අප ඉතාමත් නිහතමානී ලෙස ආඩම්බර වන්නෙමු..

2026 වසරේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය දුන් ඔබ සැමට නැදිගම්විල විද්‍යාලයීය ස්තූතිය..!

Address

H/Nedigamvila Junior School, Gonagamuwa
Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when H/Nadigamvila Junior College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category