15/01/2026
🌞 සෞභාග්‍යයේ අස්වනු මංගල්‍යය, සුභ තෛපොංගල් දිනයක් වේවා! 🌾
ස්වභාවධර්මයත්, මිනිසාත් අතර ඇති නොවෙනස් බැඳීම සැමරීම මෙන්ම කෘතගුණ සැලකීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය අදයි. ලොව පුරා වෙසෙන හින්දු ජනතාව තම අස්වනු මංගල්‍යය හෙවත් තෛපොංගල් උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් අද සමරනු ලබයි.
✨ මොකක්ද මේ "පොංගල්" කියන්නේ?
දෙමළ බසින් "පොංගල්" යනු "උතුරා යාම" යන්නයි. අලුත් සහල්, කිරි සහ සක්කරා මුසු කොට පිසින කිරි බත උතුරා යාමෙන් එළඹෙන වසර පුරා අප සැමගේ නිවෙස්වලට සෞභාග්‍යය සහ සතුට ලැබෙන බව සංකේතවත් කරයි.
🍃 මෙහි ඇති සුවිශේෂීත්වය කුමක්ද?:
සූර්ය වන්දනාව : ගොවිතැනට ශක්තිය දෙන සූර්ය දෙවියන්ට පළමු අස්වන්න පූජා කරමින් ස්තුති කිරීම.
කෘතඥතාව: අස්වැන්න සරු කර ගැනීමට උදවු කළ ගවයන්ට සහ සොබාදහමට ගෞරව කිරීම.
අලුත් ආරම්භය: "තෛ මාසය උපදින විට මග පෑදේ" යන විශ්වාසය පෙරදැරිව නව බලාපොරොත්තු දල්වා ගැනීම.
එසේ නම්, ජාති, ආගම් භේදයකින් තොරව සහජීවනයේ පණිවිඩය ලොවට ගෙන යන මෙම උතුම් දිනයේ, ඔබ සැමට සාමය සතුට සහ සෞභාග්‍යය පිරුණු සුභ තෛපොංගල් උත්සවයක් වේවා...💐✨🛕
𝑪𝑷/𝑻𝑬𝑳/𝑼𝑫𝑰𝑺𝑷𝑨𝑻𝑯𝑻𝑯𝑼𝑾𝑬 𝑺𝑬𝑪𝑶𝑵𝑫𝑨𝑹𝒀 𝑺𝑪𝑯𝑶𝑶𝑳 𝑴𝑬𝑫𝑰𝑨 𝑼𝑵𝑰𝑻 ₊˚⊹𓆩𓆪✧༚⋆💫⊹✩⃝𝑼𝑺𝑺 𝑴𝑬𝑫𝑰𝑨 𝑼𝑵𝑰𝑻⋆˚