Tangalle National Boys College

Tangalle National Boys College Tangalle National Boys' School was established in 1879 and is the oldest Christian missionary school

🌿🏆 තංගල්ල පිරිමි ජාතික පාසලට අභිමානවත් ජයග්‍රහණයක්! 🏆🌿ජනාධිපති පරිසර සම්මානය – 2025/2026 සඳහා තංගල්ල පිරිමි ජාතික පාසල ත...
23/09/2026

🌿🏆 තංගල්ල පිරිමි ජාතික පාසලට අභිමානවත් ජයග්‍රහණයක්! 🏆🌿
ජනාධිපති පරිසර සම්මානය – 2025/2026 සඳහා තංගල්ල පිරිමි ජාතික පාසල තේරී පත්වීම පිළිබඳව උණුසුම් සුබ පැතුම්! 🎉👏
පරිසරය ආරක්ෂා කිරීමේ හා පිරිසිදු හරිත පාසල් පරිසරයක් නිර්මාණය කිරීමේ මහඟු මෙහෙවර වෙනුවෙන් විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය ,අනධ්‍යන කාර්‍ය මණ්ලය සහ ආදරණීය දරුවන් දැක්වූ කැපවීම සැබවින්ම අගය කළ යුතුය. 🌱💚
මෙය තංගල්ල පිරිමි ජාතික පාසලට පමණක් නොව, තංගල්ලටම මහත් අභිමානයකි! ❤️
🌿 පරිසරය රැකීම – අපේ අනාගතය රැකීමයි! 🌿






#ජනාධිපතිපරිසරසම්මානය

🏆🔥 ලක්නව් අහස යට තංගල්ලේ අභිමානය! ජාත්‍යන්තරය දිනූ රන් කැටයන්! 🔥🏆ලෝක නාමයන් රැසක් නියෝජනය කරමින් ජාත්‍යන්තර කණ්ඩායම් 68ක...
25/08/2026

🏆🔥 ලක්නව් අහස යට තංගල්ලේ අභිමානය! ජාත්‍යන්තරය දිනූ රන් කැටයන්! 🔥🏆
ලෝක නාමයන් රැසක් නියෝජනය කරමින් ජාත්‍යන්තර කණ්ඩායම් 68ක් තරග වැදුණු ඉන්දියාවේ ලක්නව් නුවර පැවැත්වුණු "සෙලෙස්ටා ජාත්‍යන්තර තරගාවලියේ" විශිෂ්ටතම ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට තංගල්ල පිරිමි ජාතික පාසල් කණ්ඩායම සමත් විය! 🇱🇰✨
🥇 1 වන ස්ථානය - සමූහ වාදනය
🥈 2 වන ස්ථානය - මිශ්‍ර මාධ්‍ය චිත්‍ර නිර්මාණය (ඒකල තරගය)
🥉 3 වන ස්ථානය - යුගල ගායනය සහ වාදනය
අපේ මාතෘභූමියත්, තංගල්ල පිරිමි ජාතික පාසලත් ජාත්‍යන්තර තලයේ ඉහළින්ම ඔසවා තැබූ අපේ දක්ෂ සිසු කැළටත්, ඔවුන් පිටුපස සිටි නියමුවාණන් වන විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත් අපගේ උණුසුම් සුබ පැතුම්! 🎶🎨📸

🇱🇰✨ ඉන්දියාවේ ලක්නව් නුවරින් සුබ ආරංචියක්! ✨🇮🇳තංගල්ල පිරිමි ජාතික පාසලේ අභිමානය ජාත්‍යන්තරයට අරන් යන්න අපේ විදුහල්පතිතුම...
23/08/2026

🇱🇰✨ ඉන්දියාවේ ලක්නව් නුවරින් සුබ ආරංචියක්! ✨🇮🇳
තංගල්ල පිරිමි ජාතික පාසලේ අභිමානය ජාත්‍යන්තරයට අරන් යන්න අපේ විදුහල්පතිතුමන් (නියමුවාණන්) ඇතුළු ගුරු මණ්ඩලයේ ආදරණීය සාමාජිකයන් සහ දක්ෂතම සිසු කැළ ලක්නව් නුවරට සපැමිණියා! ✈️🎭
සංගීත, නර්තන, චිත්‍ර, වීඩියෝකරණ සහ ඡායාරූපකරණ යන ක්ෂේත්‍රයන්ගෙන් අපේ මාතෘභූමියටත්, පාසලටත් කීර්තියක් අත්කර දීමේ අරමුණින් පැවැත්වෙන මෙම දැවැන්ත ජාත්‍යන්තර තරගාවලියේ පළමු දිනය අදින් සාර්ථකව ආරම්භ විය. 🎨🎶📸
තරග බිමේ දක්ෂතා දක්වන අපේ රන් කැටයන්ට සහ ශක්තියක් වෙන විදුහල්පතිතුමා ඇතුළු සමස්ත කණ්ඩායමටම තංගල්ල ජාතික පාසල් පවුලේ හදපිරි සුබ පැතුම්! 🏆🔥

02/08/2026
🏆 තංගල්ල පිරිමි ජාතික පාසලට වොලිබෝල් පිටියෙන් විශිෂ්ට ජයක්! 🏆DSI සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගාවලියේ 11න් පහළ සහ 13න් පහළ ...
02/08/2026

🏆 තංගල්ල පිරිමි ජාතික පාසලට වොලිබෝල් පිටියෙන් විශිෂ්ට ජයක්! 🏆
DSI සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගාවලියේ 11න් පහළ සහ 13න් පහළ තරගවලින් අභිමානවත් ජයග්‍රහණ අත්කර ගැනීමට අප පාසලේ පුංචි ක්‍රීඩකයින් සමත් විය! 🏐🔥
අනාගතයේ අපගේ පාසලටත්, රටටත් අසීමිත කීර්තියක් ගෙන ඒමට වෙහෙසෙන අපගේ පුංචි වොලිබෝල් තරු කැට සියල්ලන්ටම අපගේ හදපිරි උණුසුම් සුබ පැතුම්! 👏✨
ඔබේ මෙම කැපවීම සහ දක්ෂතාව ඉදිරි තරග සඳහාද මහත් ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරමු! ❤️

🌿 "නංවමු අබිසෙස් සරසවි මංපෙත්"  2026🌿තංගල්ල පිරිමි ජාතික පාසලේ උසස් පෙළ දරුවන් උණුසුම් ලෙස පිළිගනිමින්, පසුගිය වසරේ විශ්...
24/07/2026

🌿 "නංවමු අබිසෙස් සරසවි මංපෙත්" 2026🌿

තංගල්ල පිරිමි ජාතික පාසලේ උසස් පෙළ දරුවන් උණුසුම් ලෙස පිළිගනිමින්, පසුගිය වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ දරු දැරියන් වෙත උපහාර පුද කළ "නංවමු අබිසෙස් සරසවි මංපෙත්" වැඩසටහන අභිමානවත් අයුරින් පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය, තංගල්ල පොලිස් ස්ථානාධිපතිතුමා, විදුහල්පතිතුමා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ ගෞරවනීය සහභාගිත්වය ලැබුණු අතර, දරුවන්ගේ අනාගත අධ්‍යාපන ගමනට ශක්තියක් සහ ආදර්ශයක් එක් කළ සුවිශේෂී මොහොතක් බවට එය පත්විය.

සියලුම උසස් පෙළ සිසු දරුවන්ටත්, විශ්වවිද්‍යාල වරම් දිනාගත් දූ දරුවන්ටත් අපගේ උණුසුම් සුබපැතුම්! 💙💛

තංගල්ල පිරිමි ජාතික පාසල
"දැනුමෙන් දිදුලන අනාගතයක් වෙත..." 🎓

Tangalle Adarsha Prathamika Vidyalaya
තංගල්ල - Tangalle
Tangalle National Boys School Old Boys Association
Tangalle Boys’ National School Cricket Association
H/Tangalle Model Primary - English Unit

📷Kasun Manula Rajakaruna












25/06/2026
🔅තංගල්ල පිරිමි ජාතික පාසලේ ශ්‍රී ගෞතම වන්දනා වර්ණවත් කරමින් දින දෙකක් පුරා සංගීත රසයෙන් සැමගේ සිත් සතුටින් පිරවූ අප පාසල...
02/06/2026

🔅තංගල්ල පිරිමි ජාතික පාසලේ ශ්‍රී ගෞතම වන්දනා වර්ණවත් කරමින් දින දෙකක් පුරා සංගීත රසයෙන් සැමගේ සිත් සතුටින් පිරවූ අප පාසලේ දක්ෂ පුංචි පුතණුවන්ට සහ පුරුදු පුහුණු කල විද්‍යාලීය සංගීත අංශයටත් අපගේ හෘදයාංගම ස්තූතිය සහ ගෞරවය පුද කරමු. ❤️

ඔබගේ කැපවීම, දක්ෂතාවය සහ උත්සාහය මෙම ආගමික උත්සවය තවත් අලංකාරවත් කිරීමට මහත් ශක්තියක් විය.

ඔබ සැමගේ අනාගතය තව තවත් දීප්තිමත් වේවායි ප්‍රාර්ථනා කරමු. 🌟

තංගල්ල - Tangalle

🌕🙏 ශ්‍රී ගෞතම වන්දනා 2026 🙏🌕
30/05/2026

🌕🙏 ශ්‍රී ගෞතම වන්දනා 2026 🙏🌕

🎖️️ Battle of the Sea Line🥇
06/05/2026

🎖️️ Battle of the Sea Line🥇

Address

Mahawela Road
Tangalle

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94472244045

Alerts

Be the first to know and let us send you an email when Tangalle National Boys College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tangalle National Boys College:

Shortcuts

Share

Category