23/05/2025
"ගොඩක් TRADER ලා FAIL වෙන්නෙ ඇයි?"
ඇත්තටම බලද්දි, TRADERS ලා වැඩිම ප්‍රතිශතයක්ම – 80% වගේ – Long term Profit ලබාගන්නෙත් නෑ, Account Wash. ඒකට හේතු ගොඩක් තියෙනවා. මම ඔයාට සාමාන්‍යයෙන් Traders la කරන වැරදි දේවල් කිව්වොත්:
1. සටහන් නැතුව, සැලසුමක් නැතුව Trade කිරීම
"මම දන්නෙ මේක යන්නෙ ඉහළට" කියලා හැමෝම සිතාගෙන Trade කරනවා.
කට්ටියට නිවැරදි ENTRY, EXIT, STOP LOSS හෝ ලාභ ඉලක්ක (take profit) ගැන සැලසුමක් නැහැ.
2. සයිකොලොජිය (Poor Trading Psychology)
බිය, ලෝභය, ආවේගයෙන් Trade කිරීම – මේව හැම එකම Accounts අනාථ කරනවා.
Profit වෙන Trade ඉක්මනින් Close කරගෙන, Loss වෙන Trade තව තවත් අල්ලන් ඉන්නව. ඉදල ඒත් පොඩි Profit වලින් ගලවනව.
3. අධික රිස්ක් එකක් ගැනීම
අධික leverage එකක් යොදාගෙන, ඒකේ අවදානම වටහාගෙන නෑති කම.
අදිකව එක Trade එකකට Risk කිරීම. එක වැරදි Trade එකකට පුලුවන් මුලු Account එකම Wash කරන්න.
Stop-Loss නොදැමීම, Stop-Loss එක වැරදියට භාවිත කිරීම , Stop Loss එක Shift කිරීම.
4. හරියට ඉගෙන නොගැනීම
කට්ටිය charts, patterns, candlesticks ගැන හිතලා ඉගෙන ගන්නේ නෑති කම.
Demo ගිණුමෙන් පුරුදු වුනෙත් නැහැ. Backtest කලා කියන්නෙ නම් තවත් නෑ.
5. අතිශය බලාපොරොත්තු
"මට මුදල් ඕනෙ ඉක්මනට" කියන හැඟීම.
සුපිරි strategy එකක් ලැබෙයි කියලා හිතනව, ඒකෙන් ඔයාලා හැම trade එකක්ම දිනනවා කියලා හිතනව.
LOSS උනොත්හිත පට ගාලා අවුල් යනවා.(Losses Are Part Of the Game)
6. Indicators බහුලව විශ්වාස කිරීම
charts එක බලන්නකො – indicators 5-6ක් තියනවා.
එත් එකක්වත් වටින දෙයක් කරන්නෙ නෑ, උනත් price action එක, trend එක කියලා main දේවල් නොදැන හුඟක් indicators එකම විශ්වාස කරනවා.
(Pro Tip - INDICATORS Follow කරන්නෙත් Price එකමයි)
7. Market Structure එක නොදැනීම
Trend එකට එරෙහිව trade කරනවා, supply & demand zones නොදැන.
overall trend එකට අනිත් පැත්තට trade කරනව
8. Fundamentals අමතක කරනවා
News release වෙලා interest rates, inflation, unemployment කියන දේවල් market එක කැළඹුවත්, ඒවාට අවධානයක් නෑ.
News එකේ trade එකක් දාලා margin call එකක් අදින්නෙත් ඒකෙන්.
9. Strategy එකට පසුපස නොවීම
Strategy අද එකk හෙට තවත් වෙනමම එකක්.
සෑම trade එකකටම strategy එක වෙනස් වෙනවා. consistency එකක් නැහැ.
10. Backtest හෝ Journal එකක් නැහැ
අතීතයෙන් strategy එක හොඳද නරකද කියලා හොයලා බලන්නෙත් නැහැ.
ඔයා දිනනවාද, පරාජයද කියලා journal එකක ාඇත්තෙත් නෑ.
✅ ඔයා වෙන්න ඕනම නම්?
ඔයා කෙනෙක් වෙන්න අවශ්‍ය නම්:
නිවැරදි ක්‍රමවේදයක් හදන්න.
Risk එක හොඳට කළමනාකරණය කරන්න.
ඔබේම සයිකොලොජිය පාලනය කරන්න.
දිනපතා ඉගෙනගන්න, review කරන්න.